Support Our Blog

Shop on Daraz & help us create more content!

සිරියාව තුල 2021 වසරේ පළමු ඊශ්‍රායල සහ රුසියානු ගුවන් ප්‍රහාර

russian-warplanes-deliver-first-airstrikes-idlib-israeli-warplanes-bomb-syrian-capital

 2021 වර්ෂය තුල ඊශ්‍රායල ගුවන් හමුදාව සිරියාව තුල සිය පළමු ප්‍රහාරය දියත් කරන්නේ ජනවාරි මස 6දා රාත්‍රියත් 7වෙනිදා අලුයම් කාලයත් අතරතුරයි.ඊශ්‍රායල ජෙට් යානා සිරියාවේ රිෆ් ඩිමැෂ්ක් පළාතේ අල්-කිස්වා ප්‍රදේශයට මිසයිල ප්‍රහාරයක් එල්ල කලහ.
 
ප්‍රහාර ව්‍යර්ථ කිරීමට සිරියානු අරාබි හමුදාව සිය ගුවන් ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක කලේය.ඔවුන් මිසයිල කිහිපයක් බිම හෙළීමට සමත් වුවද,හිස්බුල්ලා සංවිධානයේ කඳවුරුවලට ප්‍රහාර එල්ල විය.

 බටහිර අල්-සුවෙයිඩා හි අල්-ඩවුර් නගරය ආසන්නයේ තිබූ රේඩාර් මධ්‍යස්ථානයක්ද ප්‍රහාරවල ඉලක්කයක් වූ බව ප්‍රාදේශීය මූලාශ්‍රයක් වාර්තා කලේය.බටහිර ඩාරා හි කොවායා නගරයේ තවත් රේඩාර් මධ්‍යස්ථානයකට මිසයිල ප්‍රහාර එල්ල වූයේ යැ‍යි සටන්කාමීන් කණ්ඩායමක් පැවසුවේය.
 

ප්‍රහාරවලින් සිදු වූ හානිය ඉදිරි දිනවලදී ඊශ්‍රායල චන්ද්‍රිකා ඡායාරූපවලින් අනාවරණය කරනු ඇතැයි විශ්වාස කල හැකිය.
 
 
 
  ඉඩ්ලිබ් මුදා නොගත් කලාපය ඉලක්ක කරගෙන මේ වර්ෂයේ සිය පළමු ප්‍රහාරය රුසියාව එල්ල කරන්නේ ජනවාරි 9දාය.ප්‍රහාරයේ ඉලක්කය වූයේ උතුරු ලටාකියා හි සටන්කාමීන් රැදී සිටින ස්ථානයි.
 




කබානි නගරයෙන් පිටත කඳු මුදුන් වලට මෙම ප්‍රහාර එල්ල විය.මෙම නගරය හයාට් ටරිර් අල්-ෂාම්,ඉස්ලාමීය තුර්කිස්ථාන පක්ෂය සහ අජ්නාඩ් අල්-කවුකාස් යන අල්කයිඩා  සංවිධානයේ අතුරු ශාඛා හි බලකොටුවක් වශයෙන් හඳුන්වයි.

ප්‍රහාර සඳහා රුසියාව භාවිතා කර තිබුණේ සුකොයි-24එම් ප්‍රහාරක ජෙට් යානයකි.
 
 
 මෙම ගුවන් ප්‍රහාරයට පෙර අල්-ෆටේ අල්-මුබීන් මෙහෙයුම් මැදිරිය විසින් උතුරු ලටාකියාහි සිරියානු හමුදාවේ ස්ථාන වෙත ප්‍රහාර එල්ල කලේය.එහිදී සිරියානු සෙබලුන් ගණනාවක් සහ රුසියානු නිලධාරියෙක් තුවාල ලැබූ බවයි.ඊට ප්‍රතිචාර වශයෙන් පසුදා ගුවන් ප්‍රහාරය එල්ල කර තිබේ.
 
 
 
 
 source:southfront.org
 
 
සිරියාව තුල 2021 වසරේ පළමු ඊශ්‍රායල සහ රුසියානු ගුවන් ප්‍රහාර සිරියාව තුල 2021 වසරේ පළමු ඊශ්‍රායල සහ රුසියානු  ගුවන් ප්‍රහාර Reviewed by HarshaLulzSec on January 10, 2021 Rating: 5

No comments:

Powered by Blogger.