Support Our Blog

Shop on Daraz & help us create more content!

රුසියානු සුකොයි-57 ෆයිටර් ජෙට් යානය ගුවන් හමුදාවේ සේවය එක් වෙයි

first-serial-production-su-57-felon-delivered-to-the-russian-aerospace-forces

පස්වන පරම්පරාවේ සුකොයි-57 ෆයිටර් ජෙට් යානය රුසියානු ගුවන් හමුදාවේ සේවයට එක් වූ බව ටාස් පුවත් සේවය පසුගිය දෙසැම්බර් මාසයේදී වාර්තා කර තිබුණේ රුසියානු හමුදා-යුදෝපකරන නිෂ්පාදන ක්ෂේත්‍රයේ නිර්නාමික මූලාශ්‍රයක් මත පදනම්වයි.නමුත් මේ දක්වා එම පුවත රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය නිල වශයෙන් තහවුරු කර නොමැත.

කෙසේවෙතත්,මහා පරිමාණයෙන් නිෂ්පාදනයට පිවිසීමෙන් පසුව නිපදවූ පළමු සුකොයි-57 ෆෙලන් යානය රුසියානු ගුවන් හමුදාව වෙත ලැබී තිබුණේ 2020 දෙසැම්බර් 25දා යැ‍යි වාර්තාවේ.එය ලැබී තිබුණේ රුසියාවේ දකුණු හමුදා දිස්ත්‍රික්කයේ ගුවන් හමුදා රෙජිමේන්තුවකටයි.2021 වර්ෂයේදී තවත් යානා හතරක් ලැබීමට නියමිතය.මෙම යානා 2021 පෙබරවාරි මාසයේ සිට සංග්‍රාමික මෙහෙයුම් සඳහා සූදානම් යැ‍යි ද සඳහන් වේ.

මෙම යානය කොම්සොමොල්ස්කි-ඕන්-අමූර් ගුවන් යානා සමාගමේ සිට මොස්කව් හි ෂුකොව්ස්කි ගුවන් තොටුපොල කරා එන ගමනේදී නොවොසිබිර්ස්ක් හි නවතා තිබූ කාලයේදී ලබා ගත් ඡායාරූප සහ වීඩියෝපටයක් සමාජ ජාල තුල සංසරණය වේ.









සුකොයි-57 යානය නිමවා තිබෙන්නේ සියලුම ආකාරවල ගුවන්,ගොඩබිම් ඉලක්ක විනාශ කිරීමට හැකි අයුරිනි.ස්ටෙල්ත් තාක්ෂණය සහිත පළමු රුසියානු ගුවන් යානය ලෙසද මෙය සැලකේ.මෙම යානය කෘත්‍රිම බුද්ධි තාක්ෂණය යටතේ මිනිසෙක් රහිතව දිගු දුරක සිට පාලනය කල හැකිය.




සුකොයි-57 යානා එකලස් කිරීමේදී රුසියානුවන් Augmented reality(AR) නම් තාක්ෂණය යොදා ගන්නා ආකාරය දැක්වෙන වීඩියෝපටයක් පසුගිය වසරේදී නිකුත් කර තිබිණි.ක්ෂණික ප්‍රතිචාර කේත සඳහන් සුකොයි-57 යානයේ කොටස් සමග කටයුතු කල හැකි මෙම තාක්ෂණයේදී,විශේෂඥයින්ට සැබෑ ලෝකය සහ පරිගණක මගින් නිර්මාණය කරන සමාකරණ වස්තූන් සංකලනයක් සමග වැඩ කිරීමට අවස්ථාව ලබා දෙයි.


2018 ආමි - ජාත්‍යන්තර හමුදා තාක්ෂණික ප්‍රදර්ශනයේදී(2018 අගෝස්තු )පළමු අධියරයේ එන්ජින් සමග සුකොයි-57 යානා දෙකක් රුසියානු හමුදාවට ලබා දෙන්නට රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සහ සුකොයි සමාගම අතර ගිවිසුමක් ඇති කරගත්තේය.ඒ අනුව පළමු සුකොයි-57 යානය ආරක්ෂක අමාත්‍යාංශය ලැබීමට නියමිතව තිබුණේ 2019 වර්ෂය අවාසනයේදීය.











නමුත් පළමු සුකොයි-57 යානය අත්හදා බැලීම් අතරතුර කබරොව්ස්ක් ආසන්නයේදී කඩා වැටෙන්නේ 2019 දෙසැම්බර් 24දාය.අනතුර හේතුවෙන් යානය සේවයට එක් වීම ප්‍රමාද විය.මෙම අනතුරට හේතුව ලෙස අනුමාන කල හැක්කේ පාලන පද්ධතියේ දෝෂයකි.




source:southfront.org


රුසියානු සුකොයි-57 ෆයිටර් ජෙට් යානය ගුවන් හමුදාවේ සේවය එක් වෙයි රුසියානු සුකොයි-57 ෆයිටර් ජෙට් යානය ගුවන් හමුදාවේ සේවය එක් වෙයි Reviewed by HarshaLulzSec on January 11, 2021 Rating: 5

No comments:

Powered by Blogger.