Support Our Blog

Shop on Daraz & help us create more content!

Results for Drone Warfare

ඉරානයේ දැවැන්ත ඩ්‍රෝන් යුද අභ්‍යාසයේ දෙවන දිනය:මරාගෙන මැරෙන ඩ්‍රෝන් යානා

January 07, 2021
දින දෙකක් තිස්සේ පැවැත්වුණු ඉරාන ඉතිහාසයේ දැවැන්තම යුද අභ්‍යාස මාලාව එරට සෙම්නන් පළාතේ සහ වෙරළාශ්‍රිත මුහුදු ප්‍රදේශයේදී ආරම්භ වූයේ ජනවාරි 5දාය.ඒ සඳහා දේශීයව නිෂ්පාදනය කල ඩ්‍රෝන් යානා සිය ගණනක් සහ මරාගෙන මැරෙන ඩ්‍රෝන් යානාද සහභාගී විය.
ඉරානයේ දැවැන්ත ඩ්‍රෝන් යුද අභ්‍යාසයේ දෙවන දිනය:මරාගෙන මැරෙන ඩ්‍රෝන් යානා ඉරානයේ දැවැන්ත ඩ්‍රෝන් යුද අභ්‍යාසයේ දෙවන දිනය:මරාගෙන මැරෙන ඩ්‍රෝන් යානා Reviewed by HarshaLulzSec on January 07, 2021 Rating: 5

ආර්මේනියානු එස්-300 මිසයිල පද්ධතියක් විනාශ කරන අසර්බයිජානයේ මරාගෙන මැරෙන ඩ්‍රෝන් යානය

January 07, 2021
 පසුගිය වසරේ නගෝර්නෝ-කරබැක් නම් මතභේදාත්මක කලාපය මුල් කරගෙන අසර්බයිජානය දියත් කල යුද මෙහෙයුමේදී ආර්මේනියාවට අයත් එස්-300 මිසයිල පද්ධතියක මිසයිල රැගෙන යන රථයක් ඉලක්ක කරගෙන අසර්බයිජානයේ මරාගෙන මැරෙන ඩ්‍රෝන් යානයක් කඩා වදින ආකාරය රැගත් වීඩියෝ පටයක් ජනවාරි 6දා ප්‍රසිද්ධ කර තිබිණි.
 
ආර්මේනියානු එස්-300 මිසයිල පද්ධතියක් විනාශ කරන අසර්බයිජානයේ මරාගෙන මැරෙන ඩ්‍රෝන් යානය ආර්මේනියානු එස්-300 මිසයිල පද්ධතියක් විනාශ කරන අසර්බයිජානයේ මරාගෙන මැරෙන ඩ්‍රෝන් යානය Reviewed by HarshaLulzSec on January 07, 2021 Rating: 5

ඉරානය මහා පරිමාණ ඩ්‍රෝන් යුද අභ්‍යාසයක

January 05, 2021
 iran-begins-large-scale-drone-drill-as-uss-nimitz-remains-in-persian-gulf
 
ඉරානය සිය හමුදාවේ අංශ කිහිපයක සහභාගීත්වයෙන් ඒකාබද්ධ සහ මහා පරිමාණ ඩ්‍රෝන් යුද අභ්‍යාසයක් ජනවාරි 5 වෙනිදා ආරම්භ කලේය.එය මධ්‍යම ඉරානයේ පැවැත්වෙනු ඇතැයි වාර්තා වේ.
ඉරානය මහා පරිමාණ ඩ්‍රෝන් යුද අභ්‍යාසයක ඉරානය මහා පරිමාණ ඩ්‍රෝන් යුද අභ්‍යාසයක Reviewed by HarshaLulzSec on January 05, 2021 Rating: 5

ඩ්‍රෝන් සංග්‍රාමය:2020 වර්ෂයේ විශේෂ සිදුවීම්

January 05, 2021
පසුගිය වර්ෂයේදී නේටෝ රටවල් සහ බටහිර කඳවුරේ රටවල් ඩ්‍රෝන් යානා සංවර්ධනයේදී අත් කර ගත් ජයග්‍රහණ සහ වීශේෂ අවස්ථා කිහිපයක් මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.
ඩ්‍රෝන් සංග්‍රාමය:2020 වර්ෂයේ විශේෂ සිදුවීම්  ඩ්‍රෝන් සංග්‍රාමය:2020 වර්ෂයේ විශේෂ සිදුවීම් Reviewed by HarshaLulzSec on January 05, 2021 Rating: 5

රුසියාවේ පළමු ප්‍රහාරක ඩ්‍රෝන් යානය රැගත් ආරක්ෂක අමාත්‍යාංශයේ වර්ෂ 2021 දින දර්ශනය

January 01, 2021
 russian-militarys-2021-calendar-showcases-orion-combat-drone-armed-with-guided-weapons
 
පසුගිය වර්ෂයේ දෙසැම්බර් මස 28දා රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය 2021 වසර වෙනුවෙන් දින දර්ශන දෙකක් නිකුත් කලේය.එක් දින දර්ශනයක මැයි මාසය වෙනුවෙන් වෙන්වූ පිටුවේ  දැක ගන්නට ලැබුණේ "ඔරියන්" නම් ඩ්‍රෝන් යානයයි.මෙම යානය ප්‍රහාරක සහ ඔත්තු බැලීමේ මෙහෙයුම් සඳහා සැලසුම් කල එකකි.දින දර්ශනයේ තිබෙන ඔරියන් ඩ්‍රෝන් යානය KAB-20/50 නම් කුඩා ප්‍රමාණයේ නියාමක බෝම්බවලින් සන්නද්ධය.ඔරියන් යානය රුසියානු හමුදාවේ සේවයට එක් වූයේ 2020 වර්ෂයේදීය.
රුසියාවේ පළමු ප්‍රහාරක ඩ්‍රෝන් යානය රැගත් ආරක්ෂක අමාත්‍යාංශයේ වර්ෂ 2021 දින දර්ශනය රුසියාවේ පළමු ප්‍රහාරක ඩ්‍රෝන් යානය රැගත් ආරක්ෂක අමාත්‍යාංශයේ වර්ෂ 2021 දින දර්ශනය Reviewed by HarshaLulzSec on January 01, 2021 Rating: 5

ඩ්‍රෝන් සංග්‍රාමය - වැරදුණු ඇමෙරිකානු ඩ්‍රෝන් ප්‍රහාරය

January 01, 2021
 අල්කයිඩා ත්‍රස්තවාදී සංවිධානය සමග සබදතා පවත්වන සිරියාවේ ඉඩ්ලිබ් පළාතේ ත්‍රස්ත කණ්ඩායම් ඉලක්ක කර 2020 දෙසැම්බර් 30දා ඇමෙරිකානු ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල විය.ප්‍රහාරයේ ඉලක්ක වී තිබුණේ උතුරු ඉඩ්ලිබ් හි සල්කින් සහ ඉස්කට් නගර අතර මාර්ගයේ ධාවනය වෙමින් තිබූ කුඩා ට්‍රක් රථයකි.මෙම නගර දෙක තුර්කි දේශසීමාවේ සිට කිලෝමීටර් කිහිපයක් දුරින් පිහිටා ඇත.
ඩ්‍රෝන් සංග්‍රාමය - වැරදුණු ඇමෙරිකානු ඩ්‍රෝන් ප්‍රහාරය ඩ්‍රෝන් සංග්‍රාමය - වැරදුණු ඇමෙරිකානු ඩ්‍රෝන් ප්‍රහාරය Reviewed by HarshaLulzSec on January 01, 2021 Rating: 5

සෞදි ඩ්‍රෝන් යානා බිම හෙළමින් නත්තල සමරන හවුති සටන්කාමීන්

December 24, 2020
 houthis-celebrate-christmas
 මධ්‍යම යේමනයේ ඉතිරිව තිබෙන බලයත් සෙමින් අහිමි වෙද්දී,සෞදිය ප්‍රමුඛ සන්ධානයට 2020 වර්ෂයේ අවසන් සති කිහිපය එතරම් සන්තෝෂයක් ගෙන දුන්නේ නැත.
සෞදි ඩ්‍රෝන් යානා බිම හෙළමින් නත්තල සමරන හවුති සටන්කාමීන් සෞදි ඩ්‍රෝන් යානා බිම හෙළමින් නත්තල සමරන හවුති සටන්කාමීන් Reviewed by HarshaLulzSec on December 24, 2020 Rating: 5

ඊශ්‍රායලයේ ඝාතක රොබෝවන්

December 03, 2020

Israels-arsenal-robot-weaponry

දුරස්ථපාලක මෝටර් රථ,බෝට්ටු ආදිය ඩ්‍රෝන් තාක්ෂණය සමග සංග්‍රාම භූමිය තුල ප්‍රමුඛව භාවිතා කරන රාජ්‍යයක් වන්නේ ඊශ්‍රායලයයි.ඊශ්‍රායල ආරක්ෂක හමුදා මෙම තාක්ෂණය 2000 දශකයේ මැද භාගයේ පටන් භාවිතා කරන අතර,එය බහුලව යොදා ගන්නේ ගාසා තීරයේ සීමාව ඔස්සේ මුර සංචාර සඳහාය.

මෙම යාත්‍රා,යානා සහ වාහන බොහොමයක් අවිවලින් සන්නද්ධ නොවුවද,අවශ්‍ය නම් මැෂින් තුවක්කු සහ මිසයිලවලින් සන්නද්ධ කර දුරස්ථ මෙහෙයුම් සඳහා භාවිතා කල හැකිය.

ඩ්‍රෝන් තාක්ෂණය අපනයනය කරන රාජ්‍යයන් අතර ප්‍රමුඛ ස්ථානය හිමිවන්නේ ඊශ්‍රායලයටයි.2013 වර්ෂයේදී එරට විසින් අලෙවි කල ඩ්‍රෝන් යානාවල වටිනාකම ඇ.ඩො.බිලියන 4.6කි.ගැනුම්කරුවන් වැඩි පිරිසක් ආසියානු සහ යුරෝපා මහද්වීපවල රාජ්‍යයන්ය.

ඉරාන න්‍යෂ්ඨික වැඩසටහනේ පියා ලෙස සැලකූ ඝාතනය කිරීමට,පික් අප් ට්‍රක් රථයක සවි කල,චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ පාලනය කල හැකි අවියක් භාවිත කර ඇති බව ඉරාන බලධාරීන් පැවසීය.ඝාතනය ඊශ්‍රායලය විසින් සිදු කලේ යැයි ඔවුන් චෝදනා එල්ල කරති.මීට ඉහතදීත් ඉරාන විද්‍යාඥයින් ගණනාවක් ඝාතනයට ලක් විය.ඉරානයේ අංක එකේ සතුරා වන ඊශ්‍රායලය ඒවාහි චූදිතයා වීමට එක් හේතුවක් වන්නේ මොසාඩ් සංවිධානයයි.සෘජු සාක්ෂි නොතිබුණද එම සංවිධානය මෙවැනි රහසිගත මෙහෙයුම් සඳහා නම් දරා ඇත.


දුරස්ථපාලක අවියකින් සන්නද්ධ මෝටර් රථය


ඊශ්‍රායල ආරක්ෂක හමුදා මෙම තාක්ෂණය එළිදක්වන්නේ 2016 වර්ෂයේදීය.මේ සඳහා ඔවුන් භාවිතා කර තිබුණේ ෆෝර්ඩ් එෆ්-350 පික් අප් ට්‍රක් රථයයකි.එය දේශසීමා ඔස්සේ මුර සංචාර කිරීම සඳහා විශේෂයෙන් සැලසුම් කර තිබේ.
 

ට්‍රක් රථය දේශසීමා ආරක්ෂක මිනිසුන් රහිත ගොඩබිම් රථය ලෙස නම් කර ඇත.එය විවිධ සංවේදක සහ කැමරා වලින් සමන්විතය.ඒවා මගින් ලැබෙන තොරතුරු අනුව පුද්ගලයන්ට රථය දුරස්ථව පාලනය කල හැකිය.මේ වෙද්දී ඔවුන් මේ තාක්ෂණය මිනිසෙක්ගේ මැදිහත් වීමකින් තොරව මුර සංචාර සිදු කල හැකි ලෙස වැඩි දියුණු කර ඇති බවට සැකයක් නොමැත.

මෙම ඡායාරූපයේ තිබෙන පරිදි රථය ඒ වෙද්දී අවි පද්ධතියක් සන්නද්ධ කර නොතිබිණි.2017 වර්ෂයේ මුල් භාගයේදී රථය සන්නද්ධ කිරීමට ඊශ්‍රායල හමුදා අපේක්ෂාවෙන් පසු වූ බවට වාර්තා පළ විය.



දුරස්ථව පාලනය කල හැකි බෝට්ටුව


ඊශ්‍රායලයේ රෆාලේ ඇඩ්වාන්ඩ් ඩිෆෙන්ස් සිස්ටම් සමාගම විසින් නිර්මාණය කල ප්‍රොටෙක්ටර් නම් බෝට්ටුව සේවයට එක් කර ගන්නේ 2005 වර්ෂයේදීය.මිනිසුන් රහිත,නිරායුද මෙම බෝට්ටුව මුල් කාලයේදී භාවිතා කලේ නාවිකයන්ගේ ජීවිත අවධානමේ නොහෙළමින් ඔත්තු බැලීමේ මෙහෙයුම් සිදු කිරීම සඳහාය.
 

පසුකාලීනව මෙම බෝට්ටු රොකට් ප්‍රහාර එල්ල කිරීම සඳහා භාවිතා කරන ලදි.2018 වර්ෂයේදී ඊශ්‍රායල නාවික හමුදාව බෝට්ටුවේ සවි කල අවි සාර්ථකව අත්හදා බැලුවේය.එහි සවි කිරීම සඳහා මිනි ටයිපූන් නම් දුරස්ථපාලක අවි පද්ධති නිර්මාණය කර තිබේ.



ස්වයක්‍රීය ධාවනයක් සහිත ප්‍රහාරක රථය


ඇවන්ට්ගාඩ් නමින් හඳුන්වන ගොඩබිම් සංග්‍රාමික රථය ඊශ්‍රායලයේ G-NIUS systems නම් සමාගම විසින් නිර්මාණය කල අතර එය හමුදාවේ සේවයට එක් කර ගැනෙන්නේ 2010 වර්ෂයේදීය.මෙම රථය මූලිකවම සැලසුම් කර තිබෙන්නේ ඔත්තු බැලීම,මුර සංචාර සිදු කිරීමටයි.ඊට අමතරව මර උගුල් හඳුනා ගැනීමටත්,විනාශ කිරීමටත් එය සමත්කම් දක්වයි.
 

පිපිරුම් උපකරණ හඳුනා ගැනීමට අවශ්‍ය ගොඩබිම විනිවිද යා හැකි රේඩාර් පද්ධතියකින් සහ දුරස්ථව පුපුරවා හරින මර උගුල්වලට ලැබෙන ගුවන් විදුලි සංඥා අවහිර කල හැකි උපංගයකින් මෙම රථය සමන්විතය.

රථය මත සවි කල මි.මී. 7.62 මැෂින් තුවක්කුව දුරස්ථව  පාලනය කල හැකිය.



ඔත්තු බැලිමේ මිනිසුන් රහිත රථය


ගාර්ඩියම් නමින් හඳුන්වන මෙම රොබෝව ඊශ්‍රායල අවි ලැයිස්තුවේ තිබෙන පැරණිතම රොබෝවන් ගෙන් එකකි.G-NIUS සමාගම විසින් නිර්මාණය කල මෙය 2008 වර්ෂයේදී සේවයට එක් කර ගැනේ.

සෙබලුන්ගේ ජීවිත අනතුරට ලක් විය හැකි දේශසීමා මුර සංචාර සහ ඔත්තු බැලීමේ මෙහෙයුම් සිදු කිරීමට විශේෂයෙන් නිර්මාණය කල කුඩා ප්‍රමාණයේ,මිනිසුන් රහිත සහ නිරායුද රථයකි.
 

මෙම රථ අධෝරක්ත කැමරා,රේඩාර්,අධි සංවේදී මයික්‍රෝෆෝන්,කැමරා වලින් සමන්විතය.සතුරන් විසින් ප්‍රහාර එල්ල කලහොත් ප්‍රහාරවල මූලාශ්‍රය සොයා ගැනීමට අවශ්‍ය තාක්ෂණයත් ඒවා සතුය.

සැහැල්ලු මැෂින් තුවක්කු ඇතුලුව අවශ්‍ය නම් මාරක හෝ මාරක නොවන අවිවලින් මේ රථ සන්නද්ධ කල හැකිය.



ගමන් මල්ලේ ගෙන යා හැකි ඩ්‍රෝන් යානය


ගමන් මල්ලක ගෙන යා හැකි තරම් කුඩා,කිලෝ ග්‍රෑම් 10කට නොවැඩි බරකින් යුක්ත මෙම ඩ්‍රෝන් යානය අතින් දියත් කරන එකකි.එල්බිට් ස්කයිලාර්ක් නමින් හඳුන්වන මෙම ඩ්‍රෝන් යානය 2008 වර්ෂයේ පටන් සේවයේ යොදවා තිබේ.

ඊශ්‍රායලයේ එල්බිට් සිස්ටම්ස් සමාගම විසින් නිපදවන මෙම ඩ්‍රෝන් යානය ප්‍රංශ විශේෂ බලකාය මෙන්ම නෙදර්ලන්තය,දකුණු කොරියාව ආදී රටවල් ගණනාවක් භාවිතා කරයි.
 

ස්කයිලාර්ක් යානය අවි පද්ධති ගෙන යාමට නොහැකි තරම් කුඩාය.නමුත් රූපවාහිනී සහ අධෝරක්ත කැමරාවලින් සන්නද්ධ නිසා සෙබලුන්ට සංග්‍රාම භූමියේ පැහැදිලි චිත්‍රයක් ලබා දීමටත්,ගුවන් ප්‍රහාරවලට අවශ්‍ය ඉලක්ක ප්‍රතිග්‍රහණය ආදී කටයුතුවලදී වැදගත් වේ.

2014 වර්ෂයේ ගාසා තීරයේ සිදු කල ඔපරේෂන් ප්‍රොටෙක්ටිව් ඒඩ්ජ් මෙහෙයුමේදී ඊශ්‍රායලය මෙම ඩ්‍රෝන් යානය සක්‍රීයව භාවිතා කල අතර ඇෆ්ගනිස්ථානය සහ ඉරාකය යන රටවල මෙහෙයුම්වලදී මිත්‍ර සන්ධාන හමුදා යොදා ගත්හ.



ප්‍රහාරක ඩ්‍රෝන් යානය


ඊශ්‍රායලයේ එල්බිට් සිස්ටම්ස් සමාගම විසින් නිෂ්පාදනය කරන හර්මීස් 450 ඩ්‍රෝන් යානයේ මූලික කාර්යය වන්නේ ඔත්තු බැලීම වුවද,එය මිසයිලවලින්ද සන්නද්ධ කල හැකිය.දිවා සහ රාත්‍රී කාලවල මෙහෙයුම් කිරීමට උපකාරී වන රූපවාහිනී කැමරා සහ අධෝරක්ත කැමරාවලින් හර්මීස් 450 යානය සමන්විතය.ගුවන් ප්‍රහාර සඳහා ඉලක්ක සලකුණු කිරීමේදී යොදා ගන්නා ලේසර් කිරණ නිකුත් කරන උපාංගද එය සතුය.
 
 
අවශ්‍ය නම් මෙම ඩ්‍රෝන් යානයට ස්පයික් හෝ හෙල්ෆයිර් මිසයිල දෙකක් රැගෙන යා හැකිය.එනමුත් සිය ඩ්‍රෝන් යානා ප්‍රහාරක හැකියාවෙන් යුක්ත බව ඊශ්‍රායලය පිළිගෙන හෝ ප්‍රතික්ෂේප කර නොමැත.ඊශ්‍රායලය මෙම ඩ්‍රෝන් යානා සඳහා කෘත්‍රීම බුද්ධි තාක්ෂණය කාලයක පටන් භාවිතා කරන නිසා,ඒවාට මිනිස් මැදිහත් වීමකින් තොරව ගුවන් ගත වීම,පියාසර කිරීම සහ ගොඩබැසීම යන කාර්යයන් සිදු කිරීමට පුලුවනි.




source:dailymail


ඊශ්‍රායලයේ ඝාතක රොබෝවන් ඊශ්‍රායලයේ ඝාතක රොබෝවන් Reviewed by HarshaLulzSec on December 03, 2020 Rating: 5

ඩ්‍රෝන් යානා සංග්‍රාමය මුළුමනින්ම වෙනස් කරන හැටි

November 20, 2020

How-Drones-Are-Completely-Changing-Warfare

විසි එක්වන සියවස ආරම්භයත් සමග සංග්‍රාම භූමියට මාරක අවියක් රැගෙන එන්නට ඇමෙරිකා එක්සත් ජනපදය ක්‍රියා කලේය.2000 දශකය තුල එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ඩ්‍රෝන් බලවතුන් ලෙස ඉස්මතු වූහ.නමුත් ඊළඟ දශකය වෙද්දී ඩ්‍රෝන් යානා ත්‍රස්තවාදීන්ගේ අවි ලැයිස්තුවට එක් වේවි යැ‍යි කිසිවෙක් නොසිතන්නට ඇති.අනාගත යුද අවි,ස්ටෙල්ත් තාක්ෂණය,ගුවන් ආරක්ෂාව,හයිපර්සොනික් අවි ගැන අපි කතා කර ඇත්තෙමු.නමුත් මේවා මේ වෙද්දී මුලිකවම වෙනස් වෙමින් පවතියි.වැදගත් කොටස වන්නේ ස්ටෙල්ත්,හයිපර්සොනික් සහ අනෙකුත් නවීන අවි මෙන් නොව ඩ්‍රෝන් යානා,විශාල ආරක්ෂක වියදමක් දරන සුපිරි බලවතුන්ට පමණක් සීමා නොවීමයි.ඕනෑම රටකට ඒවා මිලදී ගැනීමට හැකියාව තිබෙන අතර සාමාන්‍යය ෆයිටර් ජෙට් යානා වලට වඩා වැඩි ගණනක් සිය ගුවන් හමුදාවල සේවයේ යෙදවිය හැකිය.අනෙක් සැලකිය යුතුම කාරණය වන්නේ,රාජ්‍ය නොවන කණ්ඩායම්/කැරලිකරුවන්/ත්‍රස්තවාදීන් යන කොටස්වලට පවා ඩ්‍රෝන් යානාවලින් සන්නද්ධ වීමේ හැකියාව ලැබී තිබීමයි.ඩ්‍රෝන් යානා ඕනෑම අයවැයකට ගැලපෙන අයුරින් ලබා ගත හැකිවීම ඊට හේතුවයි.
ඩ්‍රෝන් යානා සංග්‍රාමය මුළුමනින්ම වෙනස් කරන හැටි ඩ්‍රෝන් යානා සංග්‍රාමය මුළුමනින්ම වෙනස් කරන හැටි Reviewed by HarshaLulzSec on November 20, 2020 Rating: 5

අසර්බයිජානය සතු ඊශ්‍රායල ඩ්‍රෝන් යානා

November 16, 2020

ඊශ්‍රායලය සහ අසර්බයිජානය අතර හමුදාමය සහයෝගීතාවය ගැඹුරින් මුල් බැස ගත් එකකි.මෙම සහයෝගීතාවයේ වඩාත් සිත්ගන්නා සුළු අංගය වන්නේ අසර්බයිජාන හමුදාව වෙනුවෙන් බාකු රජය ඩ්‍රෝන් පද්ධති මිලදී ගැනීමයි.දෙරට අතර සහයෝගීතාවය පෙරනොවූවිරූ ලෙස 2012 වර්ෂයෙ සිට ඉහළ යන්නේ බාකු රජය ඇ.ඩොලර් බිලියන 1.6 පමණ වටිනා ඩ්‍රෝන් යානා,රේඩාර් පද්ධති සහ ගුවන් ආරක්ෂක මිසයිල ඊශ්‍රායල රජය හිමිකම් කියන ඊශ්‍රායෙල් ඇරෝස්පේස් ඉන්ඩස් ට්‍රීස් නම් සමගාමෙන් මිලදී ගැනීම සහ එම සමාගම සතු ඔත්තු බැලීමේ චන්ද්‍රිකා මිලදී ගැනීමට හෝ කුලියට කතිකා කිරීමත් සමගයි.

අසර්බයිජානය සතු ඊශ්‍රායල ඩ්‍රෝන් යානා අසර්බයිජානය සතු ඊශ්‍රායල ඩ්‍රෝන් යානා Reviewed by HarshaLulzSec on November 16, 2020 Rating: 5

ඇමෙරිකානු ප්‍රහාරක ඩ්‍රෝන් යානයක් සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රදේශයට කඩා වැටෙයි

August 19, 2020

අගෝස්තු මස 18දා එක්සත් ජනපදයට අයත් MQ-9 රීපර් වර්ගයේ සංග්‍රාමික ඩ්‍රෝන් යානයක් සිරියාවේ ඉඩ්ලිබ් පළාතට කඩා වැටිණි.මුලදී සටන්කාමීන්ට පක්ෂපාතී මුලාශ්‍ර පැවසුවේ ඔවුන් රුසියානු ගුවන් හමුදාවට අයත් ඩ්‍රෝන් යානයක් බිම හෙළු බවයි.එනමුත් බිම් මට්ටමින් ලැබෙන වීඩියෝ සහ ඡායාරූපවලින් පැහැදිලිව පෙනෙන කරුණ වන්නේ ඔවුන් බිම හෙළා තිබෙන්නේ MQ-9 රීපර් වර්ගයේ ඩ්‍රෝන් යානයක් බවයි.
ඇමෙරිකානු ප්‍රහාරක ඩ්‍රෝන් යානයක් සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රදේශයට කඩා වැටෙයි ඇමෙරිකානු ප්‍රහාරක ඩ්‍රෝන් යානයක් සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රදේශයට කඩා වැටෙයි Reviewed by HarshaLulzSec on August 19, 2020 Rating: 5

සර්බියානු ගුවන් හමුදාවට ලැබුණු චීන සංග්‍රාමික ඩ්‍රෝන් යානා

July 26, 2020
serbia_receives_chinese-made_ch-92a_reconnaissance_and_attack_drones

පසුගිය ජූලි මස 6දා සර්බියාවේ බෙල්ග්‍රේඩ් නගරයේ බැටජ්නිකා ගුවන් ගුවන් හමුදා කඳවුරේදී එරට ජනපති ඇලෙක්සැන්ඩර් වුචිච්ගේ සහභාගීත්වයෙන් පැවති ඉසව්වකදී,චීනයෙන් මිලදී CH-92A වර්ගයේ ප්‍රහාරක ඩ්‍රෝන් යානා කිහිපයක් ප්‍රදර්ශනය කරන ලදි.මෙම ඩ්‍රෝන් යානයට ලේසර් නියාමක මිසයිල යොදාගෙන ගොඩබිම් ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කල හැකිය.ඉසව්ව සඳහා එක්වූ සර්බියානු සන්නද්ධ හමුදා හි ප්‍රධානි මිලාන් මොජ්සිලොවිච් පැවසුවේ චීන ඩ්‍රෝන් යානා මගින් සිය හමුදාවේ ගුවන් පෙරික්සුම් හැකියාව සැලකිය යුතු ලෙස ඉහල දමන බවයි.
සර්බියානු ගුවන් හමුදාවට ලැබුණු චීන සංග්‍රාමික ඩ්‍රෝන් යානා සර්බියානු ගුවන් හමුදාවට ලැබුණු චීන සංග්‍රාමික ඩ්‍රෝන් යානා Reviewed by HarshaLulzSec on July 26, 2020 Rating: 5

[18+]ඇමෙරිකානු නින්ජා මිසයිලය නැවත වරක් සිරියාවේදී ක්‍රියාත්මක වේ

July 22, 2020
americas-secretive-ninja-missile-used-again-in-syria

ඇමෙරිකා එක්සත් ජනපදය සිය ඩ්‍රෝන් බල ඇණියේ මාරාන්තික බව ක්‍රමයෙන් තීව්‍ර කරමින් නවතම අවි අත්හදා බලයි.ඉන් එකක් වන්නේ හෙල්ෆයර් R9-X හෙවත් නින්ජා මිසයිලයයි.මෙම මිසයිලය නැවත වරක් සිරියාවේ ප්‍රහාරයක් සඳහා භාවිතා කල බවට පුවත් වාර්තා සඳහන් කරති.
[18+]ඇමෙරිකානු නින්ජා මිසයිලය නැවත වරක් සිරියාවේදී ක්‍රියාත්මක වේ [18+]ඇමෙරිකානු නින්ජා මිසයිලය නැවත වරක් සිරියාවේදී ක්‍රියාත්මක වේ Reviewed by HarshaLulzSec on July 22, 2020 Rating: 5

සිරියානු අර්බුදයේ අලුත් අවධියක් විවෘත කරන ඩ්‍රෝන් යුද්ධ

July 21, 2020
new-phase-of-conflict-in-syria

ජූලි මස 20දා පෙරවරුවේ ඉඩ්ලිබ් යුද මුක්ත කලාපයේ දකුණු කොටසේ ෆුරු,බහාසා සහ බෙයිට් හස්නෝ ගම්මානවල සිරියානු හමුදාවේ ස්ථාන ඉලක්ක කර සටන්කාමීන් කාලතුවක්කු ප්‍රහාර එල්ල කලහ.ඊට ප්‍රතිචාර වශයෙන් රජයේ හමුදා කන්සෆ්‍රරා ආසන්නයේ සහ ඒ අවට ප්‍රදේශවල හයාට් ටරිර් අල්-ෂාම් ත්‍රස්තවාදීන්ගේ ස්ථාන වෙත ප්‍රහාර එල්ල කරන ලදි.
සිරියානු අර්බුදයේ අලුත් අවධියක් විවෘත කරන ඩ්‍රෝන් යුද්ධ සිරියානු අර්බුදයේ අලුත් අවධියක් විවෘත කරන ඩ්‍රෝන් යුද්ධ Reviewed by HarshaLulzSec on July 21, 2020 Rating: 5

ඉරාන ඩ්‍රෝන් කර්මාන්තය - දුර්වලතා සහ හැකියාවන්

July 06, 2020
Iranian-drone-industry-weaknesses-and-strengths

මැදපෙරදිග මුස්ලිම් රාජ්‍යයන් අතරින් ඩ්‍රෝන් යානා නිෂ්පාදන ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින රාජ්‍යයක් වන්නේ ඉරානයයි.බටහිර රටවල් පැනවූ සම්බාධක ඇතුලුව අධෛර්යමත් කිරීම් හමුවේ දේශීය ඩ්‍රෝන් යානා කර්මාන්තයක් ගොඩනංවා ගන්නට එරට සමත් වීම සමහර විට පුදුමයට කරුණක් වනු ඇත.ඉරානයේ මෙම කර්මාන්තය සම්බන්ධව,ඔවුන්ගේ දේශපාලනික සහ අන්තවාදී ක්‍රියාකලාපය නොසලකා හැර සලකා බලමු.
ඉරාන ඩ්‍රෝන් කර්මාන්තය - දුර්වලතා සහ හැකියාවන් ඉරාන ඩ්‍රෝන් කර්මාන්තය - දුර්වලතා සහ හැකියාවන් Reviewed by HarshaLulzSec on July 06, 2020 Rating: 5

යේමනය:සෞදියේ සහාය ලබන හමුදා හවුති ඩ්‍රෝන් යානයක් බිම හෙළයි

June 01, 2020
සෞදිය ප්‍රමුඛ සන්ධානයේ සහාය හිමි යේමන ජාතික හමුදාව මැයි 30දා හවුති ඩ්‍රෝන් යානයක් බිම හෙළුවේය.
යේමනය:සෞදියේ සහාය ලබන හමුදා හවුති ඩ්‍රෝන් යානයක් බිම හෙළයි යේමනය:සෞදියේ සහාය ලබන හමුදා හවුති ඩ්‍රෝන් යානයක් බිම හෙළයි Reviewed by HarshaLulzSec on June 01, 2020 Rating: 5

ලිබියානු ජාතික හමුදාව බිම හෙළුවේ තමන්ගේම ඩ්‍රෝන් යානයක්ද?

May 31, 2020
තම ගුවන් ආරක්ෂක ඒකක තුර්කි ප්‍රහාරක ඩ්‍රෝන් යානයක් බිම හෙළුවේ යැ‍යි ලිබියානු ජාතික හමුදාව මැයි 23දා නිවේදනය කලේය.
ලිබියානු ජාතික හමුදාව බිම හෙළුවේ තමන්ගේම ඩ්‍රෝන් යානයක්ද? ලිබියානු ජාතික හමුදාව බිම හෙළුවේ තමන්ගේම ඩ්‍රෝන් යානයක්ද? Reviewed by HarshaLulzSec on May 31, 2020 Rating: 5

ලිබියානු අහසේ ඩ්‍රෝන් යානා දඩයම

May 30, 2020
සිය ගුවන් ආරක්ෂක බලකා ලිබියාවේ විවිධ ප්‍රදේශවලදී තුර්කි ඩ්‍රෝන් යානා හතරක් බිම හෙළු බව ලිබියානු ජාතික හමුදාව මැයි 22දා ප්‍රකාශ කලේය.
ලිබියානු අහසේ ඩ්‍රෝන් යානා දඩයම ලිබියානු අහසේ ඩ්‍රෝන් යානා දඩයම Reviewed by HarshaLulzSec on May 30, 2020 Rating: 5

ලිබියාවේ පැන්ට්සියර් ගුවන් ආරක්ෂක පද්ධති දඩයම් කරන තුර්කි ඩ්‍රෝන් යානා

May 28, 2020
turkish-drones-libyan-army

තුර්කි හමුදාවේ සෘජු සහාය සහිත සිරියානු සටන්කාමීන් සහ ජාතික සම්මුති රජයේ හමුදා පසුගිය සතියේදී උතුරු ලිබියාවේ ලිබියානු ජාතික හමුදාවට එරෙහිව වැදගත් ජයග්‍රහණයක් අත්පත් කර ගත්හ.
ලිබියාවේ පැන්ට්සියර් ගුවන් ආරක්ෂක පද්ධති දඩයම් කරන තුර්කි ඩ්‍රෝන් යානා ලිබියාවේ පැන්ට්සියර් ගුවන් ආරක්ෂක පද්ධති දඩයම් කරන තුර්කි ඩ්‍රෝන් යානා Reviewed by HarshaLulzSec on May 28, 2020 Rating: 5

තුර්කි මරාගෙන මැරෙන ඩ්‍රෝන් යානා ලිබියාවට

May 28, 2020
ලිබියාවේ ට්‍රිපොලි නගරය ආසන්නයේදී ලිබියානු ජාතික හමුදාවේ සෙබලුන් ඉලක්ක කර එවූ තුර්කියේ නිෂ්පාදිත STM KARGU නම් මරාගෙන මැරෙන ඩ්‍රෝන් යානයක සුන්බුන්වල ඡායාරූප පෙළක් මැයි 27දා සමාජ ජාල මාධ්‍ය වෙබ් අඩවිවල පළවී තිබිණි.
තුර්කි මරාගෙන මැරෙන ඩ්‍රෝන් යානා ලිබියාවට තුර්කි මරාගෙන මැරෙන ඩ්‍රෝන් යානා ලිබියාවට Reviewed by HarshaLulzSec on May 28, 2020 Rating: 5
Powered by Blogger.