ඊශ්‍රායලයේ න්‍යෂ්ඨික අවි වැඩසටහන-කෙටි සටහනක්
HarshaLulzSec
December 12, 2020
ඊශ්‍රායලය සතුව රහසිගත න්‍යෂ්ඨික අවි වැඩසටහනක් තිබෙන අතර එය මීට දශක ගණනාවකට පෙර ආරම්භ වූවකි.කෙසේවෙතත් එරට බලධාරීන්,ඊශ්‍රායලයේ න්‍යෂ්ඨික අවි තිබෙන බව පිළිගන්නේ හෝ ප්‍රතික්ෂේප කරන්නේ කලාතුරකින්ය.දැනට විශ්වාස කරන පරිදි ඔවුන් සිය පළමු න්‍යෂ්ඨික අවිය නිර්මාණය කරන්නේ 1960 දශකයේ අග භාගයේදීය.ඇස්තමේන්තු කරන පරිදි ඊශ්‍රාලය සතු න්‍යෂ්ඨික අවි ගණන 80-400 අතර වේ.ඊශ්‍රායලයට ඒවා ගොඩබිමින් සහ සබ්මැරීන මගින් දියත් කිරීමට හැකියාව තිබේ.ඒ සඳහා ඔවුන් ජෙරිකෝ නම් බැලස්ටික් මිසයිල වර්ගය භාවිතා කරති.ඊට අමතරව ගුවන් යානා මගින් ද මෙම න්‍යෂ්ඨික අවි දියත් කරන්නට පුලුවනි.
ඊශ්‍රායලයේ න්‍යෂ්ඨික අවි වැඩසටහන-කෙටි සටහනක්
Reviewed by HarshaLulzSec
on
December 12, 2020
Rating:
Reviewed by HarshaLulzSec
on
December 12, 2020
Rating:









