වයඹදිග සිරියාවේ සිටින විශාලතම නිදහස් සිරියානු හමුදා සටන්කාමීන් කණ්ඩායමක් වන ජයිස් අල්-ඊසා,ඉඩ්ලිබ් හි නවතම යුද මුක්ත කලාපය ක්‍රියාවට නැංවීමට සිය කැමැත්ත ප්‍රකාශ කරන ලදි.සැප්තැම්බර් මස මුල් භාගයේදී තුර්කිය සහ රුසියාව විසින් ඇති කර ගත් මෙම එකඟතාවයට ජයිස් අල්-ඊසා කණ්ඩායම සහාය දෙන බව විරුද්ධ පක්ෂයේ ඉනාබ් බලාඩි නම් මාධ්‍ය විසින් පසුගිය 20දා වාර්තා කර තිබිණි.
ඉඩ්ලිබ් සහ අවට ප්‍රදේශ ඉලක්ක කරගෙන දියත් කිරීමට ගිය සිරියානු අරාබි හමුදා ප්‍රමුඛ රජයේ හමුදාවල යුද මෙහෙයුම වළක්වාලීමට ක්‍රියා කිරීම සම්බන්ධව ජයිස් අල්-ඊසා සටන්කාමීන් නිකුත් කල ප්‍රකාශනයෙන් තුර්කියට ස්තුති කර තිබේ.
ජයිස් අල්-ඊසා යනු වයඹදිග සහ උතුරු හමා ප්‍රදේශවල ක්‍රියාත්මක සටන්කාමීන් කණ්ඩායමකි.ඔවුන් හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායමේ සමීපතම මිත්‍රයෙකි.මෙම සිදුවීමෙන් පෙනෙන්නේ ඔක්තෝම්බර් මස 20දා පටන් ක්‍රියාත්මක කිරීමට නියමිත යුද මුක්ත කලාප එකඟතාවයට ප්‍රදේශයේ සටන්කාමීන් කණ්ඩායම් එකඟ කරවා ගැනීමට සඳහා අවශ්‍ය බලපෑම් කිරීමේ හැකියාව සහ බලය තුර්කිය සතු බවයි.කෙසේවෙතත් තත්ත්වය තවමත් ව්‍යාකූලය.
ඉඩ්ලිබ් හි රසායනික අවි ප්‍රහාරයක් රඟදැක්වීමේ හැකියාව තවමත් පහව ගොස් නැතැයි රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මරියා සහරොවා සැප්තැම්බර් මස 20දා මාධ්‍ය හමුවකදී පැවසීය.ඇයට අනුව හයාට් ටරිර් අල්-ෂාම් ත්‍රස්තවාදීන් මෙම කාර්යය සඳහා අවශ්‍ය රසායනික විෂ අනෙකුත් මිත්‍ර සටන්කාමී කණ්ඩායම් වෙත සපයමින් සිටියි.
ඇමෙරිකානු සහාය ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා යුප්‍රටීස් නිම්නයේ ඉදිරියට ගමන් කරද්දී බාගුස් අල්-ෆව්කානි සහ හජින් ආසන්නයේදී ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් 31 දෙනෙක් මරා දමා වාහන දෙකක්,මෝටාර් අවි කිහිපයක් සහ බෝම්බ සවි කල වාහන 5ක් විනාශ කරන්නට සමත් විය.
නොබෝදා ,එම හමුදාවන් විසින් බාගුස් හි සම්පුර්ණ පාලනය සියතට ගත් අතර ත්‍රස්තවාදී සතු අල්-ෆව්කානි අල්-සුසා ගම්මානය දෙසට ගමන් කිරීම ආරම්භ කලේය.
ඊශ්‍රායලය සිරියාවට එල්ල කරන ප්‍රහාරවල එක් අරමුණක් වන්නේ සිරියානු හමුදාව ඔවුන්ගේ මිසයිල ප්‍රහාරක හැකියාව ඉහළ නංවා ගැනීම වැළැක්වීම යැයි හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලාහ් සැප්තැම්බර් මස 19දා පැවසීය.
"ප්‍රහාරයේ අරමුණ හිස්බුල්ලා සංවිධානයේ අවි යැයි කීම ඊශ්‍රායලයේ මුසාවකි.සිරියාව කෙරෙහි ඊශ්‍රායලයේ ආක්‍රමණශීලීත්වය තවදුරටත් ඉවසිය නොහැකි සේම වහාම නවතා දැමිය යුතුය." - හසාන් නසරල්ලාහ්
අපිට සිරියාවෙන් ඉවත් වෙන්න යැයි කිසිවෙකුට බල කල නොහැකිය.ඩැමැස්කස් රජයේ ඉල්ලීමක් ඉදිරිපත් වුවහොත් පමණක් තම සංවිධානය සිරියාවෙන් ඉවත් වන බවත් ඔහු පැවසීය.
source:southfront.org

සිරියානු යුද වාර්තාව - 2018 සැප්තැම්බර් 21
Reviewed by HarshaLulzSec
on
September 22, 2018
Rating:
Reviewed by HarshaLulzSec
on
September 22, 2018
Rating:

No comments: