Support Our Blog

Shop on Daraz & help us create more content!

Results for Special Forces

සිරියාව:රුසියානු විශේෂ මෙහෙයුම් බලකා,සටන්කාමීන්ට කාලතුවක්කු ප්‍රහාර එල්ල කරන අයුරු

July 21, 2020
සිරියාවේ ඉඩ්ලිබ් කලාපයේ සටන්කාමීන්ගේ ස්ථානවලට රුසියානු විශේෂ මෙහෙයුම් බලකා විසින් ප්‍රහාර එල්ල කරන අයුරු දැක්වෙන ඡායාරූප පෙළක්,යුද වාර්තාකරුවෙක් ලෙස සිරියාවේ කටයුතු කරන ඔලෙග් බ්ලොකින් විසින් ජූලි මස 16දා ප්‍රසිද්ධියට පත් කර තිබිණි.
සිරියාව:රුසියානු විශේෂ මෙහෙයුම් බලකා,සටන්කාමීන්ට කාලතුවක්කු ප්‍රහාර එල්ල කරන අයුරු සිරියාව:රුසියානු විශේෂ මෙහෙයුම් බලකා,සටන්කාමීන්ට කාලතුවක්කු ප්‍රහාර එල්ල කරන අයුරු Reviewed by HarshaLulzSec on July 21, 2020 Rating: 5

රුසියානු විශේෂ බලකා මෙහෙයුම්වල දුර්ලභ දර්ශන

March 24, 2020
Russian-special-forces-tear-gangs-of-militants-to-shreds-unique shots

රුසියානු විශේෂ බලකා ත්‍රස්තවාදීන්ට එරෙහිව සිදු කල මෙහෙයුම්වල දර්ශන ඇතුලත් කෙටි වීඩියෝපටයක් එරට ආරක්ෂක අමාත්‍යාංශය පෙබරවාරි මාසයේදී නිකුත් කර තිබිණි.
රුසියානු විශේෂ බලකා මෙහෙයුම්වල දුර්ලභ දර්ශන රුසියානු විශේෂ බලකා මෙහෙයුම්වල දුර්ලභ දර්ශන Reviewed by HarshaLulzSec on March 24, 2020 Rating: 5

සිරියානු යුද වාර්තාව - 2019 ඔක්තෝම්බර් 28

November 01, 2019
syrian-war-report-october-28-2019-us-forces-kill-al-baghdadi-in-stronghold-of-moderate-opposition

ඇමෙරිකානු විශේෂ මෙහෙයුම් බලකා ඔක්තෝම්බර් මස 26දා රාත්‍රී කාලයේ වයඹදිග සිරියාවේ සිදු කල මෙහෙයුමකදී ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයේ නායක අබු බකර් අල්-බැග්ඩාඩි ඝාතනය කිරීමට සමත් වූ බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කලේය.ඔහු පැවසූ පරිදි බැග්ඩාඩි මිය යන්නේ තම දරුවන් තිදෙනාද සමග මරාගෙන මැරෙන ඇදුම් කට්ටලය ක්‍රියාත්මක කර ගැනීමෙන්ය.පිපිරීමෙන් ඔහුගේ ශරීරය කැබලිවලට වෙන් වී ගිය බව සඳහන්වේ.කෙසේවෙතත්,ශරීර කොටස් පරීක්ෂාවෙන් නිශ්චිත සහ ධනාත්මක ප්‍රතිඵල ලබා දුන්නේ යැයි ට්‍රම්ප් පැවසුවේය.
සිරියානු යුද වාර්තාව - 2019 ඔක්තෝම්බර් 28 සිරියානු යුද වාර්තාව - 2019 ඔක්තෝම්බර් 28 Reviewed by HarshaLulzSec on November 01, 2019 Rating: 5

ඇමෙරිකානු විශේෂ මෙහෙයුම් බලකා:නාවික විශේෂ සංග්‍රාමික යාත්‍රා ජපානයෙන් මතුවේ

August 17, 2019
එක්සත් ජනපද විශේෂ මෙහෙයුම් ආඥාව සතු ස්ටෙල්ත් බෝට්ටු දෙකක් අගෝස්තු මාසයේ දෙවන සතියේදී ජපාන වරායක දැකගත හැකි විය.එම බෝට්ටු නෞකාවකින් ගොඩබාන අයුරු දැක්වෙන ඡායාරූප කිහිපයක් සමාජ ජාල වෙබ් අඩවිවල පළ කර තිබිණි.
ඇමෙරිකානු විශේෂ මෙහෙයුම් බලකා:නාවික විශේෂ සංග්‍රාමික යාත්‍රා ජපානයෙන් මතුවේ ඇමෙරිකානු විශේෂ මෙහෙයුම් බලකා:නාවික විශේෂ සංග්‍රාමික යාත්‍රා ජපානයෙන් මතුවේ Reviewed by HarshaLulzSec on August 17, 2019 Rating: 5

වීඩියෝ වාර්තාව:රුසියානු විශේෂ බලකා පුහුණු වන අයුරු

July 19, 2019
inside-look-at-training-of-russian-task-forces

රස්වෙඩොස් නම් අන්වර්ථ නාමයෙන් හඳුන්වන විශ්‍රාමික රුසියානු විශේෂ බලකා නිලධාරියෙක් විසින් නිකුත් කරන ලද සිත්ගන්නා සුළු වීඩියෝ පටයක් පහත දැක්වේ.ඔහු යූටියුබ් වෙබ් අඩවියේ පවත්වාගෙන යන වීඩියෝ චැනලයේ සාකච්ඡාවට ලක් කරන්නේ නූතන සංග්‍රාමයන්හි භාවිතා කරන විවිධ උපකරණ සහ උපාය හා උපක්‍රම සම්බන්ධවයි.
වීඩියෝ වාර්තාව:රුසියානු විශේෂ බලකා පුහුණු වන අයුරු වීඩියෝ වාර්තාව:රුසියානු විශේෂ බලකා පුහුණු වන අයුරු Reviewed by HarshaLulzSec on July 19, 2019 Rating: 5

ටයිගර් බලකා ප්‍රධානියා සහ රුසියානු විශේෂ බලකා

January 23, 2019

සිරියානු අරාබි හමුදාවේ ටයිගර් බලකා හි අණදෙන නිලධාරී බ්‍රිගේඩියර් ජෙනරල් සුහෙයිල් අල්-හසන් වයඹදිග හමා සහ දකුණුදිග ඉඩ්ලිබ් හි ඉදිරි ආරක්ෂක වළලුවල සංචාරයක නිරත වන අයුරු දැක්වෙන ඡායාරූප සහ විඩියෝපට කිහිපයක් අන්තර්ජාලයට මුදා හැර තිබේ.

පසුගිය සතියේ ටයිගර් බලකා හි ඒකක කිහිපයක් වයඹදිග හමා ප්‍රදේශයට යැවීය.සිරියානු හමුදාවේ මූලාශ්‍රයක් පවසා තිබුණේ ජනරජ ආරක්ෂක හමුදා සහ රජයට පක්ෂපාතී අනෙකුත් සන්නද්ධ කණ්ඩායම්ද එම ප්‍රදේශයට යවා තිබේ.




සුහෙයිල් අල්-හසන් යනු සිරියානු ටයිගර් බලකා හි අණදෙන නිලධාරියා වන අතර සිරියානු යුද්ධයේ වඩාත් කැපී පෙනෙන සිරියානු හමුදාවේ නායකයෙකි.2015 වර්ෂයේදී සිරියානු යුද්ධයට රුසියාව මැදිහත් වීමත් සමග රුසියානුවන්ගේ සහාය  හිමිවූ රජයට පක්ෂපාතී ප්‍රධානතම හමුදා කණ්ඩායම් අතර 5 වන ප්‍රහාරක හමුදාව සහ ටයිගර් බලකාය ප්‍රධාන වේ.අල්-හුසෙන් ජෙනරල්වරයා ඉදිරි ආරක්ෂක වළලුවල සංචාරය කරද්දී ඔහුගේ ආරක්ෂාව සඳහා රුසියානු විශේෂ මෙහෙයුම් බලකා සෙබලුන් යොදවා සිටින අයුරු සුලභ දසුනකි.













source:southfront.org


ටයිගර් බලකා ප්‍රධානියා සහ රුසියානු විශේෂ බලකා ටයිගර් බලකා ප්‍රධානියා සහ රුසියානු විශේෂ බලකා Reviewed by HarshaLulzSec on January 23, 2019 Rating: 5

ගාසා තීරය:අසාර්ථක වූ ඊශ්‍රායල බුද්ධි අංශ මෙහෙයුම-හමාස් සංවිධානයේ හෙළිදරව්ව

January 15, 2019
hamas-reveals-details-of-failed-israeli-intelligence-operation-in-gaza-video-photos

ඊශ්‍රායල බුද්ධි අංශ විසින් 2018 වර්ෂයේ නොවැම්බර් මාසයේදී ගාසා තීරය ඉලක්ක කරගෙන දියත් කල අසාර්ථක මෙහෙයුම සම්බන්ධ අලුත් තොරතුරු රැසක් පලස්තීනයේ හමාස් සංවිධානය විසින් ජනවාරි මස 12දා හෙළි කරන ලදි.මෙම මෙහෙයුමෙන් පසුව දෙපාර්ශ්වය අතර ගැටුම් ඇවිලී ගියහ.
ගාසා තීරය:අසාර්ථක වූ ඊශ්‍රායල බුද්ධි අංශ මෙහෙයුම-හමාස් සංවිධානයේ හෙළිදරව්ව ගාසා තීරය:අසාර්ථක වූ ඊශ්‍රායල බුද්ධි අංශ මෙහෙයුම-හමාස් සංවිධානයේ හෙළිදරව්ව Reviewed by HarshaLulzSec on January 15, 2019 Rating: 5

රුසියානු විශේෂ මෙහෙයුම් බලකා

December 19, 2018
RUSSIAN SPECIAL OPERATIONS FORCES

රුසියානු විශේෂ මෙහෙයුම් ඒකක(ස්පෙට්ස්නාස්)ස්පාඤ්ඤ සිවිල් යුද්ධය තරම් ඈතට දිව යන ඉතිහාසයකට උරුමකම් කියයි.මෑතක් වනතුරු ඔවුන්ගේ භූමිකාව වූයේ ප්‍රධාන වශයෙන්ම බුද්ධි තොරතුරු රැස් කිරීමත්,සතුරන්ගේ පසුභාගයේ තිබෙන වැදගත් මර්මස්ථාන විනාශ කිරීමත් හරහා පාබල හමුදාවලට සහාය ලබා දීමයි.

සීතල යුද්ධයේ අවසානයත් සමග විශාල හමුදා සම්බන්ධ වන දීර්ඝ ගොඩබිම් සංග්‍රාම ඇති වීමේ සම්භාවිතාවය හීන වී ගියේය.වනුයේ සුපිරි බලවතුන් තම සන්නද්ධ හමුදා අනෙකුත් ප්‍රධාන බලවතුන්ගේ හමුදා සමග ගැටෙන අර්බුද වලට නොයන්නේ න්‍යෂ්ඨික යුද්ධයක අන්තරාය නිසා වෙනි.පශ්චාත්-සීතල යුද ගෝලීයකරණ ලෝක ආඥාව ක්ෂය වී යෑම හමුවේ අනෙකුත් රටවල් අසාර්ථක වීමත්,ත්‍රස්තවාදය සහ අනෙකුත් ගරිල්ලා සංග්‍රාමික ක්‍රමවේද භාවිතා කරන අන්තවාදී රාජ්‍ය නොවන කොටස්වල ගොදුරු බවට පත් වීමත් ආරම්භ විය.මහා පරිමාණ ගොඩබිම් හමුදාවක් සංග්‍රාමික සූදානමේ තැබීම වෙනුවට ගුවන් ප්‍රහාරක ශක්තිය හමුදා සහ දේශපාලන උපාංගයක් බවට පත් විය.එක්සත් ජනපදයට සහ නේටෝ සංවිධානයට අනුව ගුවන් ප්‍රහාර ඔස්සේ ඉලක්ක කරන රාජ්‍යයේ ස්වාධිපත්‍යය උල්ලංඝනය නොවේ.

ඉහත සඳහන් කල ප්‍රවණතා හමුවේ ලොව පුරා මෙන්ම රුසියාව තුලත් විශේෂ මෙහෙයුම් බලකාවල වැදගත්කම වර්ධනය කරන ලදි.රහසිගත මෙහෙයුම් සිදු කිරීමේ නොහැකියාව,දේශපාලන සහ යුදමය අර්බුද නිර්මාණය වීමේ අවදානම විශේෂ මෙහෙයුම් බලකා ආකර්ෂණීය තෝරා ගැනීමක් බවට පත් විය.රුසියානු විශේෂ මෙහෙයුම් බලකා සෙබලුන් ඔවුන්ගේ වෘත්තීයමයභාවය සහ හැකියාව පෙන්වූ එක් අවස්ථාවක් වන්නේ ක්‍රිමියාව ඈදා ගැනීමේ සිදුවීමයි.ඔවුහු ක්‍රිමියා අර්ධද්වීපය අවම ජීවිත හානි සහිතව යුක්‍රේන හමුදාවලින් ඩැහැ ගත්තේ ලෝකය පුදුමයට පත් කරමින්ය.


ජාත්‍යන්තර ත්‍රස්තවාදයේ නැගීමත් සමග රුසියානු විශේෂ මෙහෙයුම් බලකා 1990 දශකයේ පටන් කාර්යබහුලය.ඔවුන්ට වැඩි වැඩ කොටසක් කිරීමට සිදුවූයේ චෙච්නියාවේ සහ ඩගෙස්තානයේය.එහිදී ලබා ගත් වටිනා ත්‍රස්ත මර්ධන අත්දැකීම් යොදාගෙන රුසියානු සමූහාණ්ඩුවට හෝ එහි මිත්‍ර රාජ්‍යයන් තුලට රිංගාගෙන සිටින ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් ඵලදායි අයුරින් මර්ධනය කරන්නට හැකිව තිබේ.රුසියාවේ කොකේසස් කලාපය තුල මෙවැනි ත්‍රස්ත මර්ධන මෙහෙයුම් බහුලව සිදු කෙරේ.ඒ නිසා එරට තුල ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී මෙහෙයුම් ඒවාහි අංකුර අවධියේම කඩා දමන්නට අවස්ථාව ලැබී ඇත්තේය.

 රුසියානු විශේෂ මෙහෙයුම් බලකා සෙබලුන් පැල්මයිරා ආසන්නයේ මෙහෙයුම් සිදු කරන අවස්ථාවක්








රුසියානු විශේෂ මෙහෙයුම් බලකා සිරියාවේ රුසියානු ගුවන් ප්‍රහාරක ශක්තියේ ඵලදායිතාවය උපරිම කිරීම පිණිස සැලකිය යුතු දායකත්වයක් ලබා දුන්හ.එහිදී ඔවුන් ත්‍රස්තවාදීන්ගේ ඉලක්ක හඳුනාගෙන ඒවා සලකුණු කර,එම ඉලක්ක කරා යුද ගුවන් යානා මෙහෙයවා සතුරන්ට බරපතල හානි ගෙන දුන්නෝය.සංග්‍රාමි භූමිය තුලට ගොස් ප්‍රහාරක ගුවන් යානා සඳහා ඉලක්ක සලකුණු කල විශේෂ මෙහෙයුම් නිලධාරියෙක් වූ ඇලෙක්සැන්ඩර් ප්‍රොකොරෙන්කොව්ගේ මරණය මෙවැනි මෙහෙයුම්වල වැදගත්කම මෙන්ම එහි තිබෙන අන්තරායත් මොනවට පැහැදිලි කල සිදුවීමකි.

2016 මාර්තු 17 දා ලුතිනන් ඇලෙක්සැන්ඩර් ප්‍රොකොරෙන්කොව් සිරියාවේ පැල්මයිරා නගරය ආසන්නේදී ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් විසින් වටලන ලද්දේ ඔහු රුසියානු ගුවන් ප්‍රහාර සඳහා ඉලක්ක හඳුනාගෙන දැනුම් දීමේ මෙහෙයුමක නිරතව සිටියදීය.ඔහු මිය යන්නේ තමන් සිටි ස්ථානයට ගුවන් ප්‍රහාරයක් එල්ල කරන්නට නියෝග කිරීමෙන් පසුවයි.මරණයෙන් මෙම ස්පෙට්ස්නාස් නිලධාරියාට රුසියාවේ වීරයෙක් යන ගෞරව නාමය පුදන ලද්දේ රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටීන් විසිනි.

Aleksandr Prokhorenko
ඇලෙක්සැන්ඩර් ප්‍රොකොරෙන්කොව්
මේ සියලු මෙහෙයුම් සිදු කරන්නේ රුසියානු මාණ්ඩලික ප්‍රධානීගේ ප්‍රධාන බුද්ධි අධ්‍යක්ෂක මණ්ඩලය(GRU) විසිනි.අනාගත සංග්‍රාමවලදී විශේෂ මෙහෙයුම්වල වැදගත්කම සලකා බලා,රුසියානු සමූහාණ්ඩුව විශේෂ මෙහෙයුම් බලකා අණසක(KSSO) නිර්මාණය කරන ලදි.එහි මූලස්ථාන 2012 වර්ෂයේ පටන් ක්‍රියාත්මකය.   උපාය මාර්ගික මට්ටමේ මෙහෙයුම්,පුහුණු ප්‍රමිතීන් සැලසුම් කිරීම සඳහා සහභාගී වීමට නියමිත අත්දැකීම් සහිත නිලධාරීන් මණ්ඩලයක් ස්ථාපිත කරන්නටද  විශේෂ මෙහෙයුම් බලකා අණසක (KSSO) අදහස් කර තිබේ.

2016 වර්ෂයේ මුල් භාගයේදී KSSOහි පාලනය යටතේ ස්පෙට්ස්නාස් බ්‍රිගේඩ්ස් 7ක් තිබිණි.ඒ සැම එකකටම සෙබලුන් 1,000ක් දක්වා ඇතුලත් ඒකක 4-6 අතර ගණනක් ඇතුලත් විය.අමතර බ්‍රිගේඩ්ස් කිහිපයක් 2020 වර්ෂයේදී පමණ නිර්මාණය කිරීමට නියමිතය.එසේම හමුද දිස්ත්‍රික්ක සඳහා වෙන් කිරීමට නියමිත විශේෂ මෙහෙයුම් බලකා සෙබලුන් ගණනද ඉහළ දමනු ඇත.කෙසේවෙතත් KSSOහි පාලනය ජාතික ආරක්ෂක විශේෂ මෙහෙයුම් ඒකක හෝ විශේෂිත නාවික ස්පෙට්ස්නාස් ඒකක දක්වා පුළුල් නොකරාවි.

Tiger-M
ස්පෙට්ස්නාස් ඒකක භාවිතා කරන "ටයිගර්-එම්" රථයක්

ඔවුන්ගේ මෙහෙයුම් සඳහා තිබෙන අධික ඉල්ලුම නිසාවෙන්,ස්පෙට්ස්නාස් සෙබලුන් දීර්ඝ තෝරා ගැනීමේ සහ පුහුණු ක්‍රියාවලියකට භාජනය කෙරේ.මෙම සෙබලුන් පැරෂූට් පුහුණුව,ටයිගර් හෝ බීටිආර්-82ඒ,සැහැල්ලු උපයෝගීතා රථ සහ AVT(දුෂ්කර භූවිෂමත සහිත ප්‍රදේශවල ධාවනය සඳහා විශේෂයෙන් නිර්මාණය කල) වැනි රෝද සහිත සැහැල්ලු සන්නාහයක් උරුම රථ භාවිතය සම්බන්ධව පුහුණුව ලබා දෙයි.ඒ නිසා ස්පෙට්ස්නාස් ඒකක ඉහල උපායමාර්ගික සහ මෙහෙයුම් සචලතාවයක් සහිත මුත් ඔවුන්ට කාලතුවක්කු හෝ යුද ටැංකි වැනි බර අවිවල සහාය හිඟය.ඒ නිසා ස්පෙට්ස්නාස් ඒකකවලට මිත්‍ර කණ්ඩායම්වල හෝ හමුදාවල උදව් නොමැතිව දීර්ඝ සටනක් සිදු කිරීමට හැකියාව නොමැත.




source:southfront.org


රුසියානු විශේෂ මෙහෙයුම් බලකා රුසියානු විශේෂ මෙහෙයුම් බලකා Reviewed by HarshaLulzSec on December 19, 2018 Rating: 5

නාසි විශේෂ බලකා මෙහෙයුම්-මුසෝලිනී මුදාගැනීම

December 08, 2018
The Rescue of Mussolini

මුසෝලිනී මුදාගැනීම:1943 සැප්තැම්බර් මස 12 දා ඉතාලියේ පැසිස්ට් ඒකාධිපති බෙනීටෝ මුසෝලිනී නිවාස අඩස්සියේ සිටියදී මුදා ගැනීමට ජර්මන් කමාන්ඩෝ සෙබලුන් කණ්ඩායමක් සමත් විය.මෙම ලිපිය ඒ සිද්ධිය සම්බන්ධව ලියූවකි.
නාසි විශේෂ බලකා මෙහෙයුම්-මුසෝලිනී මුදාගැනීම නාසි විශේෂ බලකා මෙහෙයුම්-මුසෝලිනී මුදාගැනීම Reviewed by HarshaLulzSec on December 08, 2018 Rating: 5

මොස්කව් අහසේ විශේෂ මෙහෙයුම් බලකා පුහුණුව

November 25, 2018
Special Operators Fly Across Moscow Skyline On Tactical Platform Slung Below Mi-8 Helo
රුසියානු එම් අයි-8 හෙලිකොප්ටරයකට සවි කල අටපට්ටම් හැඩය සහිත දැලක් වැනි උපකරණයක සිට ගෙන යන මිනිසුන් පිරිසකගේ ඡායාරූප සහ විඩියෝ පසුගිය සිකුරාදා දිනයේදී රුසියාවෙන් මතුවන්නට විය.මෙම හෙලිකොප්ටරය සමග තවත් හෙලිකොප්ටරයක් ක්‍රෙම්ලිනයේ එලිමහන් බිමකට ගොඩ බස්සවන අයුරු විඩියෝවල දැකගත හැකිවිය.එසේ වුවත් හෙලිකොප්ටර් යනු මොස්කව් නගරය අමුත්තෙක් නොවේ.විශේෂයෙන් හෙලිකොප්ටර් ගොඩබැස්සවීමට නිර්මාණය කල විශාල වේදිකාවලින් සමන්විත ක්‍රෙම්ලිනය ආසන්නයේ ජනපති පුටීන්ගේ  Mi-8MTI හෙලිකොප්ටර් යානා නිතර දැක ගැනීමට පුලුවනි.නමුත් ඒවා ඉහත ආකාරයේ පිටතින් සවි කල වේදිකාවල මිනිසුන් රැගෙන යනවා මීට පෙර වාර්තා වී නැත.සැබවින්ම මොස්කව් වාසීන් දුටුවේ එරට ප්‍රති-ත්‍රස්තවාදී මෙහෙයුම් බලකා,AirTEP(Airborne Tactical Extraction Platform-වාසර උපායමාර්ගික නිශ්කර්ශන වේදිකාව) නම් කෙටි නමින් හඳුන්වන උපාංගය යොදාගෙන සිදු කල පුහුණු අභ්‍යාසයකි.
මොස්කව් අහසේ විශේෂ මෙහෙයුම් බලකා පුහුණුව මොස්කව් අහසේ විශේෂ මෙහෙයුම් බලකා පුහුණුව Reviewed by HarshaLulzSec on November 25, 2018 Rating: 5
Powered by Blogger.