Support Our Blog

Shop on Daraz & help us create more content!

මනුෂ්‍යත්වයට එරෙහි ඇමෙරිකානු හස්තය


මධ්‍යම බුද්ධි තොරතුරු කාර්යාංශය එනම් බොහෝදෙනා CIA නමින් දන්නා ආයතනය එක්සත් ජනපද රජයට අයත් විදේශීය බුද්ධි තොරතුරු සේවාවකි(ඇමෙරිකානු නීතියට අනුව CIA සංවිධානයට එක්සත් ජනපදය තුල මෙහෙයුම් කිරීමේ අවසරය නොමැත).2017 සැප්තැම්බර් මස 18 දා මෙම කාර්යාංශය සිය 70 වන උපන් දිනය සැමරීය.සී අයි ඒ සංවිධානය බිහිවන්නේ ඇමෙරිකාවේ හිටපු ජනපතිවරයෙක් වන හැරී එස්.ටෲමන් විසින් සිය අත්සන තැබීම හරහා ජාතික ආරක්ෂක පනත නීතියක් බවට පත් වීමත් සමගයි.ඊට පැවරී තිබෙන කාර්යයන් වන්නේ රටේ ආරක්ෂාවට බලපාන දෑ සම්බන්ධව තොරතුරු රැස් කිරීම,සැකසීම සහ විශේලේෂණය කිරීමයි.කෙසේවෙතත් පසුගිය දශක හතක කාලය තුල මෙම කාර්යාංශය දිගින් දිගටම ප්‍රචණ්ඩත්වය,ඝාතන,විප්ලව,කුමන්ත්‍රණ ආදිය සිදුකරමින් අපරාධකරුවෙක්ගේ භූමිකාව නිරූපණය කරමින් සිටියි.

හැරී එස්.ටෲමන් විසින් සිය අත්සන තැබූ ජාතික ආරක්ෂක පනතේ පිටපතක්

පසුගිය වසර 70 ක කාලය තුල මධ්‍යම බුද්ධි තොරතුරු කාර්යාංශය සිදුකල නරකම දෑ කිහිපයක් මෙම ලිපිය ඔස්සේ ඉදිරිපත් කෙරේ.

ආණ්ඩු පෙරළීම


ඔපරේෂන් ඒජැක්ස් පටන් (බ්‍රිතාන්‍ය ඔත්තු සේවය සමග එක්ව ,ප්‍රජාතන්ත්‍රිකව තේරී පත්වූ ඉරාන නායකයෙක් වූ මොහොමඩ් මොසාඩෙග් බලයෙන් පහ කිරීමේ මෙහෙයුම)සී අයි ඒ සංවිධානය එක්සත් ජනපදයේ දේශපාලනික සහ/හෝ ආර්ථික ඇලුම්කම් වලට පක්ෂපාතී නොවූ රජයන් බලයෙන් නෙරපා හැරීමේ කාර්යය දිගින් දිගටම සිදුකරන ලදි.එවැනි කුමන්ත්‍රණවලින් පසුව එම රටවල බලයට පැමිණියේ දුෂ්ඨ ඒකාධිපති පාලකයන්ය.

පහත දැක්වෙන්නේ දෙවන ලෝක යුද්ධයේ පටන් එක්සත් ජනපදය විසින් පෙරළා දැමූ හෝ පෙරළා දැමීමට උත්සාහ කල විදෙස් රටවල රජයන් ලැයිස්තුවයි.(* ලකුණෙන් පෙන්වා තිබෙන්නේ සාර්ථකව පෙරළා දැමූ රජයන්ය)

චීනය 1949 සිට 1960 දශකය දක්වා

ඇල්බේනියාව 1949-1953

ඉරානය 1953*

ග්වාතමාලා 1954*

කොස්ටරිකා 1950 දශකයේ මැද භාගය

සිරියාව 1956-1957

ඊජිප්තුව 1957

ඉන්දුනීසියාව 1957-1958

බ්‍රිතාන්‍ය ගයානාව 1953-1964*

ඉරාකය 1963*

උතුරු වියට්නාමය 1945-1973

කාම්බෝජය 1955-1970*

ලාඕසය 1958*,1959*,1960*

ඉක්වදෝරය 1960-1963*

කොන්ගෝව 1960*

ප්‍රංශය 1965

බ්‍රසීලය 1962-1964*

ඩොමිනිකන් ජනරජය 1963*

කියුබාව 1959 සිට වර්තමානය දක්වා

බොලිවියාව 1964*

ඉන්දුනීසියාව 1965*

ඝානාව 1966*

චිලී 1964-1973*

ග්‍රීසිය 1967*

කොස්ටරිකා 1970-1971

බොලිවියාව 1971*

ඕස්ට්‍රේලියාව 1973-1975*

ඇංගෝලාව 1975,1980 දශකය

සයරය 1975

පෘතුගාලය 1974-1976*

ජැමෙයිකාව 1976-1980*

සීෂෙල්ස් 1979-1981

චැඩ් 1981-1982*

ග්‍රෙනේඩා 1983*

දකුණු යේමනය 1982-1984

සුරිනාම් 1982-1984

ෆීජි 1987*

ලිබියාව 1980 දශකය

නිකරගුවා 1981-1990*

පැනමා 1989*

බල්ගේරියා 1990*

ඇල්බේනියාව 1991*

ඉරාකය 1991

ඇෆ්ගනිස්ථානය 1980 දශකය*

සෝමාලියාව 1993

යුගෝස්ලෝවියාව 1999-2000*

ඉක්වදෝරය 2000*

වෙනිසිවුලාව 2002*

ඉරාකය 2003*

හයිටි 2004*

සෝමාලියාව 2007 සිට

හොන්ඩුරාස් 2009

ලිබියාව 2011*

සිරියාව 2012

යුක්‍රේනය 2014*


විප්ලව මුවාවෙන් රජයන් පෙරළීමේ අනාවරණය නොවූ තවත් සිද්ධීන් ඕනෑ තරම් තිබිය හැකිය.2014 වර්ෂයේදී යුක්‍රේනයේ සිදුවූ කුමන්ත්‍රණය සම්බන්ධව සැක කරන්නේද සී අයි ඒ සංවිධානයයි.

කෙසේවෙතත් ලොව වඩාත් කුප්‍රකටම සී අයි ඒ කුමන්ත්‍රණය සිදුවූයේ චිලී රාජ්‍යයේය.එය සිදුවූයේ 1973 සැප්තැම්බර් මාසයේදීය.වාමාංශික ප්‍රතිසංස්කරණවාදියෙක් වූ සැල්වඩෝර් ඇලෙන්ඩේ 1970 වර්ෂයේදී චිලී රාජ්‍යයේ ජනාධිපතිවරයා ලෙස තේරී පත්විය.එවකට එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම්ව සිටි හෙන්රි කිසිංගර්ගේ ආඥාව පරිදි සී අයි ඒ සංවිධානය ජනපති ඇලෙන්ඩේ බලයෙන් පහ කිරීමට කුමන්ත්‍රණයක් සැලසුම් කලේය.

ඇලෙන්ඩේ සහ ක්‍රැස්ත්‍රෝ

කුමන්ත්‍රණය 1973 සැප්තැම්බර් 11දා ක්‍රියාවට නංවන ලදි.අවසානයේ ඇලෙන්ඩේ මරා දමා ඇමෙරිකානු රූකඩ පාලකයා ලෙස එරට හමුදාවේ ජෙනරල්වරයෙක් වූ ඔගොස්ටෝ පිනොචෙට් පත් විය.ඔහුගේ පාලනය සමය වසර 26ක් තරම් දීර්ඝ එකක් විය.මෙම හමුදා ආඥාදායකයා තම පාලන කාලය තුල සිවිල් වැසියන් 30,000-50,000 අතර සංඛ්‍යාවක් මරා දමන ලදි.ඔහු යටතේ චිලී රාජ්‍යය දරුණු ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නේය.

සී අයි ඒ සංවිධානය සහ කිසිංගර්ට එරෙහිව අපරාධ සහ සිවිල් නඩු පැවරීම එක්සත් ජනපද අධිකරණ විසින් ස්ථිරවම වළක්වාලන ලදි.



කැරලිකරුවන් සන්නද්ධ කිරීම


විදෙස් රටවල තමන් නුරුස්සන රජයන් පෙරළීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම උදෙසා සී අයි ඒ සංවිධානය අන්තවාදී,විප්ලවාදී කණ්ඩායම් ආයුද සන්නද්ධ කල බව ඉතිහාසය දෙස බැලීමේදී පෙනී යන කරුණකි.සෝවියට් දේශයේ සහාය හිමිවූ ඇෆ්ගන් රජයට එරෙහිව 1979 වර්ෂයේ පටන් මුජහිදීන් කැරලිකරුන් මූල්‍යමය සහ හමුදාමය වශයෙන් ශක්තිමත් කිරීමට සී අයි ඒ සංවිධානය ක්‍රියා කලේය.එහි අරමුණ වූයේ ඇෆ්ගන් රජයේ සහාය පිණිස සෝවියට් රතු හමුදාව ඇෆ්ගනිස්ථානයට ගෙන්වා සෝවියට් දේශයට ඇෆ්ගනිස්ථානය වියට්නාමයක් බවට පත් කිරීමයි.

බොහෝ විමර්ශකයන්ට අනුව සී අයි ඒ සංවිධානය සෘජුවම අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩන් හට සිය සහාය ලබාදී තිබේ.එම චෝදනාව ඔප්පු කිරීමට තීරණාත්මක සාක්ෂි තිබුණත් ඒවා නිල වශයෙන් පිළිගැනෙන්නේ නැත.


එම කාල සීමාවේදී බින් ලාඩන් බටහිර මාධ්‍ය වල ප්‍රශංසාවට ලක්වූ චරිතයකි.ඔහුගේ ත්‍රස්තවාදී සංවිධානය ඉස්මතු වන්නේ 1989 වර්ෂයේදී සෝවියට් හමුදා ඇෆ්ගනිස්ථානයෙන් ඉවත්ව යෑමත් සමගයි.සී අයි ඒ සංවිධානය සපයා දුන් සටන්කරුවන්,මූල්‍යමය මූලාශ්‍ර,පුහුණුව සහ බදවා ගැනීමේ ව්‍යුහය ඉන්පසු බින් ලාඩන් සතු විය.

ඉතිහාසයෙන් පාඩම් ඉගෙන නොගත් සී අයි ඒ සංවිධානය එදා ඔවුන් ඇෆ්ගනිස්ථානයේ සිදුකල කාර්යයම සිරියාව තුලත් ක්‍රියාත්මක කරයි.මධ්‍යස්ථ කැරලිකරුවන් ලෙස හඳුන්වන සිරියානු රාජ්‍ය විරෝධී පෙරමුණ ඇමෙරිකාවේ මූලිකත්වයෙන් නිර්මාණය වූවක් බවට සාක්ෂී ඕනෑ තරම් තිබේ.අදටත් ඇමෙරිකාව එළිපිට ඔවුන්ට යුදමය වශයෙන් ආධාර සපයයි.



ජනමාධ්‍ය තුලට කාන්දු වීම


ඇමෙරිකානු හිතවාදී සහ සෝවියට් විරෝධී පුවත් ව්‍යාප්ත කිරීම සඳහා එක්සත් ජනපදය සහ යුරෝපයේ ප්‍රධාන පෙලේ පුවත් ආයතන තුලට රිංගා ජනමාධ්‍යවේදීන් බදවා ගැනීමේ වැඩසටහනක් සී අයි ඒ සංවිධානය විසින් සීතල යුද සමයේදී ක්‍රියාවට නංවන ලදි.එය 'මොකින්බර්ඩ් මෙහෙයුම' නමින් හැඳින්වීය.


කීර්තිමත් විමර්ශන මාධ්‍යවේදියෙක් වන කාල් බෙන්ස්ටින් විසින් 1977 වර්ෂයේදී මේ සම්බන්ධව ලෝකය දැනුවත් කල අතර ඔහුගේ අනාවරණයට අනුව එම කාලය තුල ඇමෙරිකානු මාධ්‍යවේදීන් 400කට වැඩි ගණනක් සී අයි ඒ සංවිධානය වෙනුවෙන් පැවරුම් සිදුකර දී තිබේ.නමුත් මෙවැනි හෙළිදරව් කිරීම් වලින් පවා සී අයි ඒ සංවිධානය නවතාලීම සිදුකල නොහැකි විය.

ඔවුන්ගේ මැදිහත් වීම තිබෙන්නේ පුවත් වාර්තාකරණය ඉලක්ක කරගෙන පමණක් නොවේ.ස්වාධීන පර්යේෂකයන් වන ටොම් සෙකර් සහ මැතිව් ඇල්ෆෝඩ් අනුව චිත්‍රපට සහ රූපවාහිනී වැඩසටහන්/නාට්‍ය 1800කට වැඩි ගණනක් නිෂ්පාදනය කිරීමට සී අයි ඒ සංවිධානයේ උදව් ලැබී තිබේ.



මානව අත්හදා බැලීම්


පසුගිය වසර 70ක කාලය තුල මධ්‍යම බුද්ධි තොරතුරු කාර්යාංශය විසින් මිනිසුන් යොදාගෙන පර්යේෂණ ගණනාවක් සිදු කර තිබේ.ඉන් වඩාත් කුප්‍රකටම ව්‍යාපෘතිය Project MKUltra නමින් හඳුන්වයි.ප්‍රොජෙක්ට් පේපර්ක්ලිප් නම් ව්‍යාපෘතිය යටතේ ජර්මනියෙන් ඇමෙරිකාවට රැගෙන ආ නාසි විද්‍යාඥයින්ගේ උදව් ඇතිව සී අයි ඒ සංවිධානයේ වෛද්‍යවරු සහ රසායන විද්‍යාඥයින් පුළුල් පරාසයක නීතිවිරෝධි ක්‍රියාකාරකම් අත්හදා බලන ලදි.ඖෂධ,මෝහනය,සංවේදක ඉන්ද්‍රියන් අහිමි කිරීම,හුදකලා කිරීම,කථනය සහ ලිංගික බලහත්කාරකම් ආදී ක්‍රම ඔස්සේ මානසික බලයෙන් වස්තූන් සහ මොළයේ ක්‍රියාවන් මෙහෙයවීම ඉන් කිහිපයකි.ඊට අමතරව වද දීමේ විවිධ ක්‍රමවේද අනුගමනය කර තිබේ.

ඖෂධ යොදාගෙන තවත් මානව අත්හදා බැලීම් සිදුකර තිබේ.බහුලව භාවිතා කරන්නේ LSD-Lysergic acid diethylamide නම් අධි චිත්තවේගී ඖෂධයයි.එහිදී පෙර දැනුම්දීමකින් තොරව මානසික රෝගීන්,සිරකරුවන්,මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට සහ ගණිකාවන්ට(එක් සී අයි ඒ නියෝජිතයෙකුට අනුව ඔවුන් පෙරා සටන් කල නොහැකි පුද්ගලයන් නිසා මෙවැනි අත්හදා බැලීම් සඳහා යොදාගෙන තිබේ) ඖෂධ ලබාදී ඔවුන්ගේ ප්‍රතික්‍රියා අධ්‍යයනය කර ඇත.


මෙම අත්හදා බැලීම් නිසා මරණ කිහිපයක්ද සිදුව තිබේ යැ‍යි වාර්තා වී ඇත.ඉන් වඩාත් කුප්‍රකටම සිද්ධිය වන්නේ හමුදා විද්‍යාඥයෙක් වන ෆ්‍රෑන්ක් ඔල්සන් නොදැනුවත්ව මාත්‍රාවක් ලබාගෙන ගැඹුරු විෂාදයකට ලක් වී නිව්යෝර්ක් නගරයේ තට්ටු 13ක් උස හෝටලයකින් බිමට පැන මරණයට පත් වීමයි.


LSD ඖෂධ පාවිච්චි කිරීම දැන් තහනම්ය.නමුත් ඒවා මෙහෙයුමකදී සතුරෙක්ට ලබාදෙන්නට සී අයි ඒ නියෝජිතයෝ කිසිවිටෙක පැකිලෙන්නේ නැති බව නම් සහතිකය.



Source:sputniknews.com


මනුෂ්‍යත්වයට එරෙහි ඇමෙරිකානු හස්තය මනුෂ්‍යත්වයට එරෙහි ඇමෙරිකානු හස්තය Reviewed by HarshaLulzSec on April 07, 2018 Rating: 5

No comments:

Powered by Blogger.