Support Our Blog

Shop on Daraz & help us create more content!

බෙලිකපන්නන්ගේ දිනපොත:සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර- 2020 වසරේ සාරාංශය

isis-releases-summary-of-its-attacks-in-syria-in-2020

 පසුගිය වසරේ සිරියාව තුල සිදු කල සිය මෙහෙයුම්වල සාරාංශයක් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්  2021 ජනවාරි මස 6දා අමාක් පුවත් සේවය හරහා ප්‍රසිද්ධ කර තිබිණි.එම වාර්තාවට අනුව ත්‍රස්තවාදීන් ගිය වසරේදී සිරියාවේ පළාත් හතක් ඇතුලත මෙහෙයුම් 593ක් සිදු කර ඇත.පහත ලැයිස්තු ගත කර තිබෙන්නේ ඒවාය.
 

  • ඩීර් එසෝර් - ප්‍රහාර 389ක්
  • රක්කා - ප්‍රහාර 59ක්
  • අල්-හසකා - ප්‍රහාර 38ක්
  • හෝම්ස් - ප්‍රහාර 38ක්
  • ඇලෙපෝ - ප්‍රහාර 36ක්
  • ඩාරා - ප්‍රහාර 29ක්
  • හමා - ප්‍රහාර 3ක්

අමාක් පුවත් සේවයට අනුව මෙම ප්‍රහාරවලින් 256ක් සඳහා යොදාගෙන තිබෙන්නේ මර උගුල්ය.ප්‍රහාර 123ක් ප්‍රහාරක මෙහෙයුම්ද ,191ක් ඝාතනද ලෙස දක්වා ඇත.

ත්‍රස්තවාදීන් පවසන පරිදි සියලු ප්‍රහාරවලින් මිය ගණන පහත දැක්වේ.

  • කුර්දි ප්‍රමුඛ සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාවේ සාමාජිකයෝ 901ක්
  • සිරියානු හමුදාවේ සෙබලුන් 407ක්
  • නිදහස් සිරියානු හමුදාවේ සටන්කරුවන් 19ක්

විනාශ කල වාහන ගණන 292කි. ඉන් 148ක් පික් අප් රථද,13ක් සන්නාහ සන්නද්ධ රථ වේ.

වැඩිම පිරිසක්,එනම් 764ක් පමණ මරා දමා තිබෙන්නේ ඩීර් එසෝර් හිදීය.එම පළාතේ නැගෙනහිර කොටස පාලනය කරන්නේ කුර්දි ප්‍රමුඛ සිරියානු ප්‍රජාතන්ත්‍රක හමුදා විසින්ය.නැගෙනහිර කොටස සිරියානු රජයේ පාලනය යටතේ තිබේ.

මෙම ප්‍රහාර එල්ල කිරීමේදී සහ රජයේ හමුදාවන්හි මෙහෙයුම් හමුවේ ත්‍රස්තවාදීන්ටද හානි සිදු වී ඇති මුත්,මෙවැනි වාර්තා හරහා ඔවුන් උත්සාහ දරන්නේ තම ආධාරකරුවන්ගේ චිත්ත ධෛර්යය වර්ධනය කිරීමටයි.

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත සංවිධානය නැවත නැගිටීමක් ඇතිවීමට ඉඩ තිබෙන්නේ ඩීර් එසෝර් සහ ඩාරා යන පළාත්වලයි.මෙම පළාත්වල සිරියානු රජය පාර්ශ්වයේ පිරිස් ඉලක්ක කර එල්ල වන ප්‍රහාර මෑත කාලීනව සිඝ්‍රයෙන් වර්ධනය විය.
 
 2020 වර්ෂයේ මධ්‍යම සිරියාවේ ත්‍රස්ත ප්‍රහාර එල්ල වූ ස්ථාන සිතියම් ගත කිරීම
 
 
 
 
 
 source:southfront.org
 
 
බෙලිකපන්නන්ගේ දිනපොත:සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර- 2020 වසරේ සාරාංශය බෙලිකපන්නන්ගේ දිනපොත:සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර- 2020 වසරේ සාරාංශය Reviewed by HarshaLulzSec on January 10, 2021 Rating: 5

No comments:

Powered by Blogger.