Support Our Blog

Shop on Daraz & help us create more content!

Results for Space warfare

ඉරාන අභ්‍යාවකාශ වැඩසටහන අලුත් පරිච්ඡේදයකට පිවිසෙයි:පළමු හමුදා චන්ද්‍රිකාව උඩුගුවනට

May 16, 2020
new-chapter-in-irans-defence-power-media-offer-insight-into-nations-new-military-satellite

ඉරානය සිය පළමු හමුදා චන්ද්‍රිකාව 2020 අප්‍රේල් 22දා දියත් කලේය.මෙම චන්ද්‍රිකාව එරට ඉස්ලාමීය විප්ලවකාරී ආරක්ෂක හමුදාව විසින් සංවර්ධනය කල අතර එය කක්ෂ ගත කිරීම හරහා ටෙහෙරාන් රජය සිය යුද ශක්තිය සැලකිය යුතු ලෙස පුළුල් කර ගැනීම අපේක්ෂා කලේය.
ඉරාන අභ්‍යාවකාශ වැඩසටහන අලුත් පරිච්ඡේදයකට පිවිසෙයි:පළමු හමුදා චන්ද්‍රිකාව උඩුගුවනට ඉරාන අභ්‍යාවකාශ වැඩසටහන අලුත් පරිච්ඡේදයකට පිවිසෙයි:පළමු හමුදා චන්ද්‍රිකාව උඩුගුවනට Reviewed by HarshaLulzSec on May 16, 2020 Rating: 5

සෝවියට් දේශයේ අභ්‍යාවකාශ අවිය

April 02, 2018

සීතල යුද්ධය නිමවී ශත වර්ෂ කාලකට පමණ පසුව අභ්‍යාවකාශයේදී වෙඩි තැබූ එකම තුවක්කුව කරළියට පැමිණියේය.1970 දශකයේදී අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ ස්ථාපනය කල ආර්-23එම් කාර්ටෙච්(R-23M Kartech) නම් අවිය බලවත් ගුවන් යානා අවියක ව්‍යුත්පන්නයකි.මි.මී.23හි මුල් අවිය නිපද වූයේ ටීයූ-22 බ්ලයින්ඩර් (Tu-22 Blinder) සූපර්සොනික් බෝම්බ හෙළන යානය වෙනුවෙන් ඇරොන් රික්ටර් විසින්ය.එම අවිය ලෝකයම දන්නා එකක් වුවද එහි අභ්‍යාවකාශ මූලික මොඩලය ගැන ලෝකය නොදැන සිටි තරම්ය.

Tu-22 Blinder යානය

Tu-22 Blinder යානයේ පසුපස කොටසේ සවිකර තිබෙන R-23 අවියක්

2015 වසරේ රුසියානු රූපවාහිනී වැඩසටහනකදී ප්‍රථම වරට මෙම R-23M අභ්‍යාවකාශ අවිය දැක ගැනීමේ අවස්ථාව උදාවිය.වැඩසටහනේ දැක්වෙන අවියට සමාන, පරිගණක වැඩසටහනකින් නිර්මාණය කල අවියක් පහත රූපවලින් දක්වා තිබේ.

අවියේ 3D මොඩලයක්

දේශය එකිනෙකා කෙරෙහි සැකයෙන් පසුවිය.යම් දිනෙක ඇමෙරිකාව සිය චන්ද්‍රිකාවලට පහරදේවි යන බියෙන් සෝවියට් දේශය පසුවිය.මෙම බිය ඇමෙරිකාවටද තිබිණි.ඔවුන් ප්‍රති-චන්ද්‍රිකා අවි නිපදවන්නට උත්සුක වන්නේ මේ නිසාය.1960 දශකය වන විට ශීතල යුද්ධය එහි උච්චතම අවස්ථාවට පත්ව තිබිණි.එවැනි තත්ත්වයක් හමුවේ මිනිසුන් සහිත අභ්‍යාවකාශ යානාවලට ආත්මාරක්ෂාව උදෙසා අවි අවශ්‍ය වීම තර්කානුකූල විය.

මුල් කාලීන සෝවියට් අභ්‍යාවකාශ මධ්‍යස්ථාන ව්‍යාපෘතියක් වූ ඇල්මාස්(Almaz - අරුත දියමන්තිය-diamond) යන කේත නාමයෙන් හැඳින්වූ මධ්‍යස්ථානය, පළමු ආරක්ෂක අභ්‍යාවකාශ අවියේ ඉල්ලුම්කරුවා බවටත් පත්විය.මෙම වාසයට සුදුසු මධ්‍යස්ථානය හමුදාමය අභිප්‍රායක් එනම් ඔත්තු බැලීමේ මුරපොළක් ලෙස භාවිතා කරන්නට සැලසුම් කර තිබිණි.ඔත්තු බැලීමේ උපාංග වන කැමරා සහ රේඩාර් ආදිය සමග ඇල්මාස් මධ්‍යස්ථානය විසින් මැෂින් තුවක්කුවක්ද අභ්‍යාවකාශයට රැගෙන යන ලදි.

අවියේ 3D මොඩලයක්

දෙවන ලෝක යුද්ධ සමයේ පටන් ගුවන් යානා නිෂ්පාදන ක්ෂේත්‍රයට නවතම අවි මොඩල හඳුන්වා දුන් ඇලෙක්සැන්ඩර් නියුඩල්මන් විසින් මෙහෙයවූ කේබී ටොක්මාෂ් සැලසුම් කාර්යාංශයට මෙම විශේෂිත අවිය නිෂ්පාදනය කිරීම භාර කෙරිණි.එහිදී නියුඩල්මන්ගේ කණ්ඩායම මි.මී.14.5 අති සීඝ්‍රයෙන් සැතපුම් දෙකක් දුරට වෙඩි තැබිය හැකි අවියක් නිපදවන ලදි.රාත්තල් 37ක් බර මෙම අවියට මිනිත්තුවකට උණ්ඩ 950-5000ක් අතර ප්‍රමාණයක් නිකුත් කල හැකිය(පැයට සැතපුම් 1500ක වේගයෙන්).ඉන් නිකුත් වන උණ්ඩයක බර ග්‍රෑම් 200ක් වූ බව සඳහන් වේ.ව්‍යාපෘතියේ සේවය කල අයෙකුට අනුව අවිය පෘථිවියේදී පරීක්ෂාවට ලක් කිරීමේදී සැතපුමක් දුරින් තිබූ ගැසලීන් සහිත ලෝහ භාජනයක් පසාරු කරගෙන යාමට සමත්ව තිබේ.

අභ්‍යාවකාශ ගාමීන් ඔවුන්ට සිය නියමු කුටියේ සිට පෙනෙන දර්ශනය අනුව වෙඩි තැබීම සිදුකල යුතුවේ.තවද වෙඩි තැබීම සඳහා ඔවුන් ටොන් 20ක් පමණ බර අභ්‍යාවකාශ මධ්‍යස්ථානයම සිය ඉලක්කය දෙසට හැරවිය යුතුවේ.

ලොව ප්‍රථම අභ්‍යාවකාශ මධ්‍යස්ථානය-සැලියුට්1

R-23M අවිය 1960 දශකයේ මැද භාගයේ පටන් සංවර්ධනය කරමින් තිබිණි.ව්‍යාපෘතියේ කටයුතු වල කාලසටහන ඊට පිටුපසින් යොදාගෙන තිබිණි.ඊට අවශ්‍ය කර තිබූ සංවේදක උපාංග සහ අනෙකුත් දෑ නිර්මාණය කිරීමට අපේක්ෂා කලාටත් වඩා කාලයක් ගත වූ නිසා සෝවියට් හමුදාවෙන් ඊට ලැබුණු සහාය ඇල් මැරුණු ස්වභාවයක් ගන්නා ලදි.ඊට තවත් හේතුවක් වූයේ ඔවුන්ගේ සියලුම අභ්‍යාවකාශ අවශ්‍යතා සඳහා මිනිසුන් රහිත යානා මත විශ්වාසය තැබීම වර්ධනය වීමයි.නාසා ආයතනය සිය ප්‍රථම අභ්‍යාවකාශ මධ්‍යස්ථානය ගුවන් ගත කිරීම යොදාගෙන තිබුණේ 1973 වර්ෂයටයි.එය ස්කයිලැබ් නමින් හැඳින්විය.ඇමෙරිකානු උත්සාහ සාර්ථක වූවහොත් පළමුවරට අභ්‍යාවකාශ මධ්‍යස්ථානයක් කක්ෂගත කල රට වීමේ සෝවියට් සිහිනය බිද වැටේ.ඒ නිසා සෝයුස් අභ්‍යාවකාශ යානයේ කොටස් සහ දැනට තිබෙන ඇල්මාස් දෘඪාංග යොදාගෙන කුඩා ප්‍රමාණයේ සිවිල් අභ්‍යාවකාශ වාසස්ථානයක් නිර්මාණය කරන්නට සෝවියට් රජය වහා ක්‍රියා කලේය.එය සැලියුට් යන නමින් 1971 වර්ෂයේදී සාර්ථකව අභ්‍යාවකාශයේ රදවන ලදි.

සැලියුට්-3 අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ දළ සටහනක්

පළමු අභ්‍යාවකාශ මධ්‍යස්ථානය දියත් කිරීම හරහා ලකුණු දමාගත් පසු ඇල්මාස් ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යාමට ක්‍රෙම්ලිනයේ අවසරය ලැබිණි.නමුත් එය සිවිල් අභ්‍යාවකාශ නැවතුම් පොළක් ලෙස ලෝකය ඉදිරියේ වෙස් ගන්වා තිබිණි.1982 වර්ෂය වන තෙක් සෝවියට් දේශය සැලියුට් යන නමින් අභ්‍යාවකාශ නැවතුම් පොළවල් 7ක් කක්ෂ ගත කරන ලදි.නමුත් ඒවායින් තුනක් ඔත්තු බැලීමේ මධ්‍යස්ථාන ලෙස ක්‍රියාත්මක විය.කෙසේවෙතත් බටහිර ඔත්තු සේවා සහ ස්වාධීන නීරීක්ෂකයින් විසින් ඒ බව දැනගන්නා ලදි.සීතල යුද්ධය අවසන් වන තෙක් ඇල්මාස් වැඩසටහන නිල වශයෙන් රහසක්ව තබාගන්නා ලදි.

සැලියුට්-3

අභ්‍යාවකාශ අවිය කක්ෂගත කිරීමෙන් පසුව එය අභ්‍යාවකාශයේදී අත්හදා බැලූ බව සෝවියට් දේශය බිද වැටීමෙන් පසුව රුසියානු මූලාශ්‍ර ඔස්සේ එළිදරවු කරන ලදි.අත්හදා බැලීම සිදුවූයේ 1975 ජනවාරි 24 දා සැලියුට්-3 අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේදීය.වෙඩි තැබීම ඔස්සේ මධ්‍යස්ථානයට එල්ල වන බලපෑම නිසා එය සිදුකරන ලද්දේ මධ්‍යස්ථානය සිය කක්ෂයෙන් ඉවත්වීමට පැය ගණනකට පෙර සහ 1974 ජූලි 19දා මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය ඉන් ඉවත්ව යෑමෙන් පසුවයි.තුවක්කුව ක්‍රියාත්මක වීමට සමකාලීනව මධ්‍යස්ථානයේ ජෙට් ප්‍රචාලන යන්ත්‍රද ක්‍රියාත්මක වූයේ තුවක්කුවෙන් උණ්ඩ නික්මෙන විට ඇතිකරන වාංගුවීම නිෂ්ක්‍රීය කිරීමටය.මූලාශ්‍රවලට අනුව එය 3 වරක් ක්‍රියාත්මක කර වූ අතර උණ්ඩ 20ක් නිකුත් කර තිබේ.ඒ සියල්ල වායුගෝලයේදී ගිනි ගෙන දැවී ගොස් තිබේ.

මෙම අත්හදා බැලීමේ ප්‍රතිඵල නම් තවමත් රහසිගත බවයි කියවෙන්නේ.ඊළඟට ගුවන් ගත කරන්නට තිබූ ඇල්මාස් මධ්‍යස්ථානය තුවක්කුවක් වෙනුවට මිසයිල දෙකකින් සන්නද්ධ කර තිබූ බව කියවේ.නමුත් 1978 දියත් කරන්නට දින යොදාගෙන තිබූ එම මධ්‍යස්ථානය පසුව නවතා දමන ලදි.

සැබෑ අවිය යැයි සැලකෙන ඡායාරූපයක්


ඒ අතරතුර කාලයේදී අවියේ එක් ඡායාරූපයක් පමණක් ප්‍රසිද්ධ කරන ලදි.එය ගුවන් යානා මූලික කරගත් R-23 අවියක් හෝ අභ්‍යාවකාශ මූලික අවියේ මුල් කාලීන මොඩලයක් යැයි කිව හැකිය.


2015 වසරේ ඔක්තෝම්බර් මාසයේදී Zvezda නම් රූපවාහිනී චැනලය ඔස්සේ විකාශනය කල Voennaya Priemka නමින් හැඳින්වූ හමුදාමය වැඩසටහනේදී මෙම සුවිශේෂී අභ්‍යාවකාශ අවිය දර්ශන විකාශනය කලේය.වැඩසටහනේ අදාල කොටස KB Tochmash කෞතුකාගාරයේදී රූගත කර තිබේ.වාසනාවකට කැමරා ශිල්පියා අවිය වටා යමින් එය රූපගත කල නිසා එම වීඩියෝ පටයේ සඳහන් පරිදි අවිය ත්‍රිමාන අයුරින් පරිගණක ආධාරයෙන් ප්‍රති නිර්මාණය කරන්නට හැකිව තිබේ



Source:popularmechanics.com

සෝවියට් දේශයේ අභ්‍යාවකාශ අවිය සෝවියට් දේශයේ අභ්‍යාවකාශ අවිය Reviewed by HarshaLulzSec on April 02, 2018 Rating: 5
Powered by Blogger.