Support Our Blog

Shop on Daraz & help us create more content!

සිරියානු යුද වාර්තාව - 2018 සැප්තැම්බර් 20

සැප්තැම්බර් මස 17දා රුසියානු ඉලියුෂන්-20 ගුවන් යානය බිම හෙළීම සම්බන්ධවූ සිරියාවේ ලටාකියා පළාතේ සිටි සිරියානු අරාබි හමුදාවට අයත් 44වන බ්‍රිගේඩයට අයත් සෙබලුන් සහ නිලධාරීන් සියලුදෙනා රුසියානු හමුදා පොලිසිය විසින් අත් අඩංගුවට ගත්තේ යැයි සැප්තැම්බර් මස 19දා අරාබි,බටහිර සහ රුසියානු මාධ්‍ය වාර්තා පළවී තිබිණි.අත්අඩංගුවට ගත් හමුදා සාමාජිකයෝ මෙයිමිම් ගුවන් හමුදා කඳවුරේ රඳවා තබාගෙන ඇතැයි එම වාර්තාවල සඳහන් විය.

මෙම වාර්තා සඳහා තොරතුරු ලබාගත් ප්‍රධානම මූලාශ්‍රයක් වන්නේ අල්-ටන්ෆ් හි සිටින සටන්කාමී කණ්ඩායම්වලට සහ එක්සත් ජනපදය ප්‍රමුඛ මිත්‍ර සන්ධානයට සම්බන්ධ Hammurabi's Justice News නම් බ්ලොග් අඩවියයි.ඔවුන්ගේ මතය සනාථ කිරීම අවශ්‍ය කිසිදු සාක්ෂියක් එම බ්ලොග් අඩවිය සපයා නැත.සිරියානු ගුවන් ආරක්ෂක බලකා වලට අනුව හමුදාවේ 44 වන බ්‍රිගේඩයක්ද නොමැත.

එදිනම රුසියානු හමුදා නැගෙනහිර මධ්‍යධරණී මුහුදු කලාපයේ යුද අභ්‍යාසයක් ආරම්භ කලේය.එය සැප්තැම්බර් මස 26 දා තෙක් පැවැත්වීමට නියමිතය.ඉලියුෂන්-20 යානය බිම හෙළීමට හේතුවූ ඊශ්‍රායල ක්‍රියා කලාපය පිළිගත නොහැකි බව පැවසූ රුසියානු බලධාරීන්,ඊශ්‍රායලයට අනතුර ඇඟවීමට හෝ සිය ශක්තිය පෙන්වීමට  මෙම යුද අභ්‍යාසය සංවිධානය කලේ යැ‍යි සමහරක් විශේෂඥයෝ පවසති.

ඉඩ්ලිබ් හි යුද මුක්ත කලාපය සම්බන්ධ තුර්කි-රුසියා ගිවිසුම කඩාකප්පල් කිරීම ඊශ්‍රායල ප්‍රහාරයේ අරමුණ වන්නට ඇතැයි තුර්කි ජනපතිගේ උපදේශකයෙක් වන යසින් අක්ටායි පැවසීය.

ඒ අතරතුර ඩීර් එසෝර් පළාතේ අල්-බුගුස් අල්-ෆව්කානි ජනාවාසයේ සිටින සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා වෙත එල්ල වූ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයක් ව්‍යර්ථ කරන්නට එම හමුදා සමත්විය.එහිදී ත්‍රස්තවාදීන්ට අයත් මරාගෙන මැරෙන බෝම්බකරුවන් පැදවූ බෝම්බ සවි කල රථ 2ක් විනාශ කරන ලදි.ඉන්පසුව ත්‍රස්තවාදීන් රැදි සිටින අල්-ෂාඩ්ඩාහ්  සහ අල්-කස්‍රාහ් වෙත ප්‍රහාර එල්ල කරන ලදි.

දැන් සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා අල්-සුසාහ් ප්‍රදේශය දෙසට ගමන් කරමින් සිටිති.

රුසියානු හමුදාව සිරියාවේ සිය හමුදා කඳවුරු වල ආරක්ෂාව දැඩි කිරීමටත්,වැඩි දියුණු කල ආරක්ෂක පද්ධති පිහිටුවීමටත් අවදානය යොමු කර ඇතැයි එරට උප අගමැති යූරි බොරිසොව් සැප්තැම්බර් මස 19දා මාධ්‍ය වෙත පැවසීය.සිරියාව තුල සිටින රුසියානු සෙබලුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට දැඩි පියවර ගන්නේ යැයි ජනපති පුටීන් මීට පෙර ප්‍රකාශ කර තිබිණි.




 source:southfront.org

සිරියානු යුද වාර්තාව - 2018 සැප්තැම්බර් 20 සිරියානු යුද වාර්තාව - 2018 සැප්තැම්බර් 20 Reviewed by HarshaLulzSec on September 21, 2018 Rating: 5

No comments:

Powered by Blogger.