Support Our Blog

Shop on Daraz & help us create more content!

Results for Ukraine

යුක්‍රේනය:කියෙව් රෙජිමයේ හමුදාවල ප්‍රහාරවලින් නැගෙනහිර යුක්‍රේනයේ දරුවන් තුවාල

May 09, 2020
මැයි මස 7දා යුක්‍රේන සන්නද්ධ හමුදා ඩොනෙස්ක් මහජන සමූහාණ්ඩුවේ සකන්කා ගම්මානයට කාලතුවක්කු ප්‍රහාර එල්ල කලහ.
යුක්‍රේනය:කියෙව් රෙජිමයේ හමුදාවල ප්‍රහාරවලින් නැගෙනහිර යුක්‍රේනයේ දරුවන් තුවාල යුක්‍රේනය:කියෙව් රෙජිමයේ හමුදාවල ප්‍රහාරවලින් නැගෙනහිර යුක්‍රේනයේ දරුවන් තුවාල Reviewed by HarshaLulzSec on May 09, 2020 Rating: 5

ඡායාරූප වාර්තාව:යුක්‍රේන නාවික හමුදාවේ වඩාත් බලවත්ම යුද නෞකාව

July 28, 2019
zelensky-tours-most-powerful-warship-of-ukrainian-navy

පසුගියදා යුක්‍රේනයේ ජනපති වොලොඩිමියර් සෙලෙන්ස්කි,න්‍යායාත්මකව යුක්‍රේන හමුදාව සතු බලවත්ම යුද නෞකාව යැයි කියන කෲසර් වර්ගයේ යුක්‍රයිනා නම් නෞකාවේ සංචාරයක නියැලිණි.
ඡායාරූප වාර්තාව:යුක්‍රේන නාවික හමුදාවේ වඩාත් බලවත්ම යුද නෞකාව ඡායාරූප වාර්තාව:යුක්‍රේන නාවික හමුදාවේ වඩාත් බලවත්ම යුද නෞකාව Reviewed by HarshaLulzSec on July 28, 2019 Rating: 5

සිරියාවේදී සහ යුක්‍රේනයේදී කඩා වැටෙන රුසියානු ඔර්ලන්-10 ඩ්‍රෝන් යානා

July 21, 2019
Overview-of-Orlan-10-crashes-from-Syria-to-Ukraine

උතුරු ඇලපෝ ප්‍රදේශයට ඉහළ අහසේ බිම හෙළුයේ යැ‍යි සැක කෙරෙන රුසියාවට අයත්  ඔර්ලන්-10  ඩ්‍රෝන් යානයක සුන්බුන් සහිත ඡායාරූප කිහිපයක් ජාතික සිරියානු හමුදාව නම් තුර්කි ප්‍රොක්සි හමුදා කණ්ඩායම විසින් ජූලි මස 9 වනදා නිකුත් කර තිබිණි.
සිරියාවේදී සහ යුක්‍රේනයේදී කඩා වැටෙන රුසියානු ඔර්ලන්-10 ඩ්‍රෝන් යානා සිරියාවේදී සහ යුක්‍රේනයේදී කඩා වැටෙන රුසියානු ඔර්ලන්-10 ඩ්‍රෝන් යානා Reviewed by HarshaLulzSec on July 21, 2019 Rating: 5

යුක්‍රේන අර්බුදය:සතුරු ආරක්ෂක විධිවිධාන සහ පිරිස් බලය විනාශ කිරිමේ නවතම උපක්‍රමය

April 04, 2019
ukrainian-army-uses-new-approaches-to-eliminate-fortifications-and-manpower-of-enemies

නැගෙනහිර යුක්‍රේනයේ ඩොන්බාස් කලාපයේ අර්බුදය 2014 වර්ෂයේ පටන් යුක්‍රේන රජයත් ස්වාධීනත්වය ප්‍රකාශ කල ඩොනෙක්ස්  සහ ලුගාන්ස්ක් මහජන සමූහාණ්ඩු අතර පවතින එකකි.අර්බුදයේ උණුසුම් අධියරය 2015 වර්ෂයේදී අවසන් වූයේ සටනේදී යුක්‍රේන හමුදාවට බරපතල පරාජයක් අත්කර දෙමින්ය.
යුක්‍රේන අර්බුදය:සතුරු ආරක්ෂක විධිවිධාන සහ පිරිස් බලය විනාශ කිරිමේ නවතම උපක්‍රමය යුක්‍රේන අර්බුදය:සතුරු ආරක්ෂක විධිවිධාන සහ පිරිස් බලය විනාශ කිරිමේ නවතම උපක්‍රමය Reviewed by HarshaLulzSec on April 04, 2019 Rating: 5

යුක්‍රේනය:ඩොනෙස්ක් මහජන සමූහාණ්ඩුවේ නායකයාගේ ඝාතනය

December 07, 2018
dpr-head-is-assasinated

ඩොනෙක්ස් මහජන සමූහාණ්ඩුවේ ප්‍රධානියා ලෙස කටයුතු කල ඇලෙසැන්ඩර් සකාර්චෙන්කොව් එරට අගනුවර වන ඩොනෙක්ස් නගරයේ සිදුවූ බෝම්බ පිපිරීමකින් තුවාල ලබා අගෝස්තු මස 31දා මරණයට පත් විය.ආපන ශාලාවක සිදු වූ මෙම පිපිරීමෙන් එරට මුදල් අමාත්‍යවරයා ඇතුලුව තිදෙනෙක් පමණ තුවාල ලැබීය.

ඩොන්බාස් අර්බුදයට සාමකාමී දේශපාලන විසදුමක් ලබා ගැනීමේ ක්‍රියාවලිය සහ මින්ස්ක් ගිවිසුම් ක්‍රියාවට නැංවීම කඩාකප්පල් කිරීම අරමුණු කරගෙන මෙම ත්‍රස්ත ප්‍රහාරය දියත් කරන්නට ඇතැයි රුසියානු විදේශ අමාත්‍යාංශය පැවසීය.යුක්‍රේනයේ අභ්‍යන්තරික ප්‍රශ්න විසඳීම සඳහා ත්‍රස්තවාදය මත යැපීම නවත්වන්න යැ‍යි එම අමාත්‍යාංශය යුක්‍රේන රජය දන්වා සිටියේය.

ඇලෙසැන්ඩර් සකාර්චෙන්කොව් බෝම්බ පිපිරීමට ගොදුරු වන අයුරු දැක්වෙන විඩියෝපටය


ප්‍රහාරය පිටුපස සිටින්නේ යුක්‍රේන රජයට බවට ඩොනෙස්ක් මහජන සමූහාණ්ඩුවේ බලධාරීන් චෝදනා එල්ල කලහ.සිදුවීම සම්බන්ධව තමන් දැනුවත් වූ බවත් සකාර්චෙන්කොව්ගේ මරණයට හේතුව ඩොනෙස්ක් රජය අභ්‍යන්තරයේ ඇති වූ අර්බුදයක් යැ‍යි යුක්‍රේන ආරක්ෂක සේවය පවසා තිබිණි.

Alexander Zakharchenko
ඇලෙසැන්ඩර් සකාර්චෙන්කොව්

ඝාතනයෙන් පසුව එරට වැඩ බලන ප්‍රධානියා ලෙස පත් වූයේ ඩිමිත්‍ර ට්‍රැපෙස්නිකොව්ය.ඉන්පසුව මෑතක් වනතුරුම ඩොනෙස්ක් මහජන සමූහාණ්ඩුවේ වැඩ බලන ප්‍රධානියා ලෙස කටයුතු කලේ ඩැනිස් පුෂිලින්ය.

හිටපු ප්‍රධානියා සහ අගමැතිවරයා ලෙස කටයුතු කල ඇලෙසැන්ඩර් සකාර්චෙන්කොව්ගේ ඝාතනයෙන් පසුව යුක්‍රේන හමුදා දේශසීමා ආසන්නයේ සිය හමුදා තර කල බව ඩොනෙස්ක් මහජන සමූහාණ්ඩුවේ හමුදා ප්‍රකාශක එඩ්වර්ඩ් බසුරින් පැවසීය.

ඇලෙසැන්ඩර් සකාර්චෙන්කොව්ගේ අවමංගල උත්සවය


පසුගිය වසර කිහිපය තුල ඩොනෙස්ක් සහ ලුගාන්ස්ක් මහජන සමූහාණ්ඩු දෙක තුල ත්‍රස්තවාදී ප්‍රහාර සහ ඝාතන ගණනාවක් සිදු විය.ඩොනෙස්ක් සහ ලුගාන්ස්ක් රාජ්‍යයන්ගේ මූලාශ්‍රවලට අනුව සියලු ප්‍රහාර සහ ඝාතන සිදු කර තිබෙන්නේ යුක්‍රේන බුද්ධි අංශය සහ එහි නියෝජිතයන් විසින්ය.කෙසේවෙතත් සමහර මූලාශ්‍රවල සඳහන් කරන්නේ මෙම සිදුවිම්වලින් යම් ප්‍රමාණයකට ඩොනෙස්ක් සහ ලුගාන්ස්ක් රජයන් අතර මත ගැටුම්ද බලපාන්නට ඇති බවයි.තවද ප්‍රාදේශීය මූලාශ්‍රවලට අනුව මෙම ඩොනෙස්ක් සමූහාණ්ඩුවේ ආරක්ෂක හමුදාවල ආරක්ෂාව ප්‍රමාණවත් මට්ටමක නොමැත.
ලුගන්ස්ක් මහජන සමූහාණ්ඩු හමුදාවේ අණදෙන නිලධාරියෙක් ලෙස කටයුතු කල ඇලෙක්සි මොස්ගොවොයි ඝාතනයට ලක් වූයේ 2015 මැයි 23දා ලුගාන්ස්ක් සහ ඇල්චෙව්ස්ක් නගර අතරදී ඔහු ගමන් කල රථයට එල්ල වූ ප්‍රහාරයකිනි.

Aleksey Mozgovoy
ඇලෙක්සි මොස්ගොවොයි

ඩොනෙස්ක් මහජන සමූහාණ්ඩු හමුදාවේ ලුතිනන් කර්නල්වරයෙක් ලෙස සේවය කල මෝටොරොලා යන අන්වර්ථ නාමයෙන් හැදින් වූ අර්සෙන් පැව්ලොව් 2016 ඔක්තෝම්බර් මස 16දා සිය නවාතැන් පොලේ සෝපානයේ සිදුවූ පිපිරීමකින් මරණයට පත් විය.

Arsen (Arseny) Sergeyevich Pavlov
අර්සෙන් පැව්ලොව්
යුක්‍රේනයත් ඩොනෙස්ක් සහ ලූගන්ස්ක් සමූහාණ්ඩු හමුදා අතරත් සටන් විරාමයක් සඳහා 2015 වර්ෂයේ මින්ස්ක් 2 ගිවිසුම් සඳහා අත්සන් කලේ ඝාතනයට ලක් වූ සකාර්චෙන්කොව් බව මෙහිදී සිහිපත් කල යුතුය.දැන් සකාර්චෙන්කොව් මිය ගොස් තිබෙන නිසා යුක්‍රේනයට ගිවිසුම් උල්ලංඝනය කිරීමට සාධාරණීකරණයක් ලෙස එය යොදා ගත හැකිය.

මේ හරහා නැගෙනහිර යුක්‍රේනයේ අර්බුදය සාමකාමීව විසඳා ගැනීමට තිබෙන ප්‍රස්තාව ක්‍රමයෙන් පිරිහී යයි.




source:southfront.org


යුක්‍රේනය:ඩොනෙස්ක් මහජන සමූහාණ්ඩුවේ නායකයාගේ ඝාතනය යුක්‍රේනය:ඩොනෙස්ක් මහජන සමූහාණ්ඩුවේ නායකයාගේ ඝාතනය Reviewed by HarshaLulzSec on December 07, 2018 Rating: 5

කළු මුහුදේ අර්බුදය:රුසියාව නෞකා නාශක මිසයිල ස්ථානගත කරයි

November 29, 2018
black-sea-crisis-russia-deploys-anti-ship-missiles-ukraine-says-russian-warplane-attacks-its-ships/
රුසියාව නොවැම්බර් මස 27දා කර්ච් සමුද්‍ර සන්ධිය ආසන්නයේ "බල් - Bal" නම් වෙරළාශ්‍රිත මිසයිල පද්ධති ස්ථාපනය කරන්නට පටන් ගත්තේය.මෙම ක්‍රියා මාර්ගයට හේතු වූයේ නොවැම්බර් මස 25දා යුක්‍රේනයේ ගුර්සා පන්තියේ සන්නද්ධ බෝට්ටු දෙකක් සහ ටග් යාත්‍රාවක් රුසියාවට අයත් මුහුදු තීරයට අනවසරයෙන් ඇතුල්වීමත් සමග ඔවුන් සහ රුසියානු වෙරළාරක්ෂක හමුදාවත් අතර ඇති වූ ගැටුමයි.

 Bal මිසයිල පද්ධති රැගත් රථ පෙළ කර්ච් නගරයට දෙසට ගමන් කරන අයුරු


බල් වෙරළාශ්‍රිත මිසයිල පද්ධතියක මිසයිල දියත් කරන රථයක කේ එච්-35 වර්ගයේ නෞකා නාශක කෲස් මිසයිල 8ක් අඩංගු වේ.මෙම මිසයිලයක කිලෝ ග්‍රෑම් 145ක පුපුරණද්‍රව්‍ය ඇතුලත්ය.කේ එච්-35 මිසයිලය ප්‍රහාරක පරාසය කිලෝ මීටර් 130-260 අතර වේ.මිසයිල මොඩලයේ සංස්කරණය අනුව මෙම දුර ප්‍රමාණය වෙනස් වේ.මෙම මිසයිලයකට උපරිමව ටොන් 5000 ජල පරිමාවක් විස්ථාපනය කරන නෞකාවක් වුවද විනාශ කල හැකිය.

BAL-E වෙරළාශ්‍රිත මිසයිල පද්ධතිය සමග Kh-35E (3M-24E)නෞකා නාශක මිසයිල


 
ජංගම වෙරළාශ්‍රිත මිසයිල පද්ධතිය සැලසුම් කර තිබෙන්නේ:

  • සමූද්‍ර සන්ධි සහ භෞමික ජල තලයන් පාලනය කිරීමට
  • නාවුක හමුදා කඳවුරු,අනෙකුත් වෙරළාශ්‍රිත පිහිටුවීම් සහ යටිතල ව්‍යුහයන් ආරක්ෂා කිරීමට
  • ගොඩබැසීම් සිදු කරන ප්‍රදේශවල මුහුදු තීර ආරක්ෂා කිරීමටය.

දහවල් සහ රාත්‍රී කාලයේ මෙන්ම සතුරු ප්‍රහාර සහ ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික උපක්‍රම හමුවේ සහ ඕනෑම කාලගුණික තත්ත්වයක් යටතේ සංග්‍රාමික ක්‍රියාමාර්ග ගැනීමටත්,මිසයිල මුදා හැරීමෙන් පසුව පුර්ණ ස්වයංක්‍රීයව ඉලක්කය කරා ගමන් කිරීමටත් මෙම මිසයිල පද්ධතියට පුලුවනි.

MAZ 7930 චැසිය මත පදනම්ව නිර්මාණය කර තිබෙන Bal-E ජංගම මිසයිල පද්ධතියේ අන්තර්ගතය

1.ස්වබලයෙන් ක්‍රියාත්මක පාලන සහ සන්නිවේදන රථ(C3) දෙකක් දක්වාද

2.Kh-35E (3M-24E) නෞකා නාශක මිසයිල සහිත ස්වබලයෙන් ක්‍රියාත්මක දියත් කිරිමේ රථ හතරක් දක්වාද

3.මිසයිල ප්‍රවාහන සහ නැවත පැටවීම් රථ 4ක් දක්වාද එක් මිසයිල පද්ධතියක් සඳහා යොදා ගත හැකිය.


අත්අඩංගුවට ගත් යුක්‍රේන නාවික හමුදා යාත්‍රා මේ වන විට කර්ච් වරායේ නැංගූරම් ලා තිබේ.රුසියානු රැදවුම් භාරයේ පසුවන බුද්ධි අංශ නිලධාරීන් කිහිපදෙනෙක් ඇතුලුව යුක්‍රේන නැවියන් 24 දෙනෙකුට එරෙහිව එහිදී අධිකරණ ක්‍රියාමාර්ග ගනු ඇත.මේ දක්වා ඔවුන්ට රුසියානු දේශසීමාව උල්ලංඝනය කිරීම යටතේ චෝදන ගොනු කර තිබේ.
Arrested-Ukrainian-servicemen
අත්අඩංගුවට ගත් යුක්‍රේන නැවියන්

රුසියාව,බෙලරුසියාව සහ ඩිනියෙස්ටර් සමූහාණ්ඩුව(එක්සත් ජාතීන්ගේ සංවිධානය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිනොගනියි)යන රටවල දේශසීමාවලට මුහුණලා ඇති යුක්‍රේනයේ පළාත් 10කට නොවැම්බර් මස 28 දා සිට යුද නීතිය ක්‍රියාවට නැංවිණි.

රුසියානු වෙරළාරක්ෂක හමුදාව භාරයට පත් වූ යුක්‍රේන නෞකා කර්ච් වරාය වෙත රැගෙන එන අයුරු


යුද නීතියට මුවා වී පොරොෂෙන්කොව් රජය යුක්‍රේනයේ විපක්ෂ දේශපාලනඥයින්,මාධ්‍යවේදීන් සහ බ්ලොග්කරුවන් දැවැන්ත මර්ධනයකට ලක් කරාවි යැ‍යි ප්‍රාදේශීය මූලාශ්‍ර බිය පල කරයි.පසුගිය වසර කිහිපය තුලදී විපක්ෂ දේශපාලන සහ සිවිල් ප්‍රජාව මෙන්ම තම රජයට පක්ෂපාතී නොවන මාධ්‍ය මර්ධනය කිරීම සම්බන්ධව වර්තමාන යුක්‍රේන රජය පුළුල් ප්‍රසිද්ධියක් ලබා තිබේ.

ගැටුමක් ඇති කර ගැනීමේ නිරර්ථකත්වය කොතරම්ද යත් බලසම්පන්න යුක්‍රේන නාවික හමුදාවත්,රුසියානු ආක්‍රමණශීලීත්වයත් සම්බන්ධව නවතම ප්‍රබන්ධ කතාවක් සමග යුක්‍රේන සන්නද්ධ හමුදාහි ජෙනරල්වරුන්ගේ  ප්‍රධානී ජෙනරල් වික්ටර් මූෂෙන්කෝ කරලියට පැමිණියේය.ඔහුගේ ප්‍රකාශයට අනුව නොවැම්බර් 25 දා සිදුවීමේදී රුසියානු සුකොයි-30 ෆයිටර් ජෙට් යානයක් යුක්‍රේන නෞකා දෙසට මිසයිල ප්‍රහාර දෙකක් එල්ල කර තිබේ.

යුක්‍රේනයේ ගුර්සා පන්තියේ බෝට්ටු සහ ටග් යාත්‍රාව මෙම මිසයිල ප්‍රහාරවලින් බේරුණේ කෙසේද හෝ ප්‍රහාර හමුවේ එකදු නෞකාවක් හෝ ගිලී නොගියේ කෙසේද යන්නට මේ දක්වා පැහැදිලි කිරීමක් නොමැත.




source:southfront.org


කළු මුහුදේ අර්බුදය:රුසියාව නෞකා නාශක මිසයිල ස්ථානගත කරයි කළු මුහුදේ අර්බුදය:රුසියාව නෞකා නාශක මිසයිල ස්ථානගත කරයි Reviewed by HarshaLulzSec on November 29, 2018 Rating: 5

කළු මුහුදේ රුසියා-යුක්‍රේන නාවික අර්බුදය

November 27, 2018
නොවැම්බර් මස 25දා කලු මුහුදේ ක්‍රිමියාව අවට රුසියාවට අයටත් ප්‍රදේශයට ඇතුල් වූ යුක්‍රේන යුද නෞකා කිහිපයක් වෙත රුසියානු ෆෙඩරල් ආරක්ෂක සේවය විසින් වෙඩි තබා ඇත.

කෙටි වෙඩි හුවමාරුවෙන් පසුව යුක්‍රේන නෞකා දෙකක් ඇදගෙන යමින්ද අනෙක් නෞකාව රුසියානු හමුදාවල ආරක්ෂාව යටතේ රුසියාවට අයත් කර්ච් වරායට ගෙන යන ලදි.යුක්‍රේන පාර්ශ්වය පැවසුවේ ඔවුන්ගේ නැවියන් 6 දෙනෙක් තුවාල ලැබූ බවයි.රුසියාව පාර්ශ්වය කියා සිටියේ තුවාල ලැබූ යුක්‍රේන ජාතිකයෝ ගණන 3ක් බවයි.ඔවුන්ට වෛද්‍යාධාර සැපයූ බවත්,එම පිරිසට ජිවිත අවධානමක් නොමැති බවද රුසියාව පැවසීය.

කළු මුහුදේ රුසියා-යුක්‍රේන නාවික අර්බුදය කළු මුහුදේ රුසියා-යුක්‍රේන නාවික අර්බුදය Reviewed by HarshaLulzSec on November 27, 2018 Rating: 5

නැගෙනහිර යුක්‍රේනයේ ගැටුම් උත්සන්න වේ

May 26, 2018
කියෙව් රජයට පක්ෂපාතී හමුදා ඩොනෙස්ක් මහජන සමූහාණ්ඩුවේ ආරක්ෂක හමුදා යටතේ තිබෙන ගොර්ලොව්කා නගරය දෙසට ගමන් කිරීමත් සමග මේ සතියේ නැගෙනහිර යුක්‍රේනයේ තත්ත්වය නරක අතට හැරිණි.

ගොර්ලොව්කා යනු ඩොනෙස්ක් මහජන සමූහාණ්ඩුවේ පාලනය යටතේ තිබෙන නගරයකි.එය එරට අගනුවර වන ඩොනෙක්ස් නගරයට උතුරු දෙසින් පිහිටා තිබේ.යුද්ධයට පෙර එහි ජනගහනය දෙලක්ෂ පනස් හයදහසක් පමණ විය.

මැයි මස 21දා කියෙව් රජයට(යුක්‍රේනය)පක්ෂපාතී හමුදා කාලතුවක්කු සහ මැෂින් තුවක්කු ප්‍රහාරවල සහාය ඇතිව ගොර්ලොව්කා හි උතුරු දෙසින් පිහිටි ගොල්මොව්ස්කි ජනාවාසයේ රැඳී සිටින ඩොනෙස්ක් රජයේ හමුදා වෙත කඩා වැදිණි.ඔවුන් ඩොනෙක්ස් රජයේ හමුදාවේ ආරක්ෂක වලලු ඉක්මවා යෑමට අසමත් වූ නමුත් ඩොනෙක්ස් රජයේ සෙබලෙක් මරා දමා තිදෙනෙක් අල්ලා ගැනීමට සමත් ව තිබේ.අවම වශයෙන් කියෙව් රජයේ හමුදා සෙබලුන් 10දෙනෙක් මියගොස් 4 දෙනෙක් මිය ගිය බව ඩොනෙක්ස් රජය පාර්ශ්වය සඳහන් කරයි.

මැයි මස 22දා කියෙව් රජයේ හමුදා සෙබලුන් කණ්ඩායමක්,යුද ටැංකි සහ බීඑම්පී සන්නද්ධ රථවල සහාය ඇතිව ගොර්ලොව්කා හි වයඹ දෙසින් පිහිටා තිබෙන චිගරි ජනාවාසය දෙසට ඇදිණි.සට්සෙවො ජනාවාසයේ සහ දකුණුදිග පතල් ආශ්‍රිතව වෙඩි හුවමාරු සිදුවිය.වාර්තාවලට අනුව සටන්වලදී කියෙව් රජයට පක්ෂපාතී සෙබලුන් දෙදෙනෙක් මියගොස් සිව්දෙනෙක් තුවාල ලබා ඇත.

මැයි මස 23දා ගොර්ලොව්කා හි කඩින් කඩ සටන් පැවතිණි.මෙම සටන් වලදී අවම වශයෙන් කියෙව් රජයට පක්ෂපාතී හමුදාවේ සෙබලුන් 31 දෙනෙක් මියගොස් 40 දෙනෙක් තුවාල ලබා ඇතැයි සඳහන් වේ.


මෙම සතිය ආරම්භයේ පටන් යුක්‍රේන සන්නද්ධ හමුදාවල කාලතුවක්කු ඒකක ගොර්ලොව්කා සහ ආසන්න ජනාවාස වලට එල්ල කරන ප්‍රහාර ඉහළ දැමීය.කාලතුවක්කු ප්‍රහාර හමුවේ සිවිල් වැසියන්ට සහ ඔවුන්ගේ නිවාස වලට හානි සිදුව තිබේ.

යුක්‍රේන නිලධාරීන්ට අනුව කියෙව් රජයට පක්ෂපාතී හමුදා දියත් කල මෙහෙයුම්වල අරමුණු වන්නේ,

  • ගොර්ලොව්කා අවට උස් බිම්වල පාලනය සියතට ගැනීම.
  • උස්බිම්වල පාලනය ලබා ගැනීම හරහා නගරය හුදකලා කිරීම සහ ඩොනෙක්ස් රජයේ හමුදාවලට ප්‍රදේශයෙන් පසුබැස යෑමට බලකිරීම.
  • අල්ලා ගත් ප්‍රදේශ පාවිච්චි කර එනැකියෙව් සහ ඩිබල්ට්සියෙව්න් යන ප්‍රදේශවල සිටින ඩොනෙක්ස් රජයේ හමුදාවලට එරෙහිව මෙහෙයුම් සිදු කිරීම.

ඩොනෙක්ස් මහජන සමූහාණ්ඩුවත් ලුගාන්ස්ක් මහජන සමූහාණ්ඩුවත් අතර පිහිටා ඇති ප්‍රධානතම කාර්ය සංවිධානය සහ හමුදා මෙහෙයුම් මධ්‍යස්ථානයක් වන්නේ ඩිබල්ට්සියෙව්න් නගරයයි.2015 වර්ෂයේ පැවති සටනේදී කියෙව් රජයේ හමුදාවන්ට දරුණු පරාජයක් හිමිවිය.සටනේදී සෙබලුන් සියගණනක් මිය ගොස්,විශාල පිරිසක් තුවාල ලැබීය.තවත් පිරිසක් ඩොනෙක්ස් සහ ලුගාන්ස්ක් රජයන්ගේ හමුදාවල සිරකරුවන් බවට පත් විය.යුක්‍රේනයේ සැලසුම වූයේ ඩොනෙක්ස් සහ ලුගාන්ස්ක් සමූහාණ්ඩු එකිනෙක වෙන් කිරීම වුවද එය අසාර්ථක විය.

කෙසේවෙතත් මෙම ළදරු රාජ්‍යයන් දෙක අතර ගමනාගමන අඩාල කිරීමට යුක්‍රේන නායකත්වය දරන උත්සාහයන් අතහැර දමා නැත.දැනට ඔවුන් කඩාකප්පල්කාරී කණ්ඩායම් එම අරමුණ ඉෂ්ඨ කර ගැනීම සඳහා යොදවා තිබේ.මැයි 21දා ඉවැනොව්කා ප්‍රදේශයේ පාලමක් පුපුරවා හරිමින් යුක්‍රේනයේ කඩාකප්පල්කාරීන් කණ්ඩායමක් ලුගන්ස්ක් සහ ක්‍රස්නිය ලච් අතර සෘජු සැපයුම් මාර්ගය ඛණ්ඩනය කලේය.

ක්‍රස්නිය ලච් ප්‍රසිද්ධියක් උසුලන්නේ ලුන්ගන්ස්ක් රජයේ හමුදාවලට අයත් අවි ගබඩා ස්ථානගත කර තිබෙන ප්‍රදේශයක් ලෙසයි.

ප්‍රාදේශීය මූලාශ්‍රවලට අනුව යුක්‍රේන හමුදා ස්ටැනිට්සියා ලුගන්ස්කියා ප්‍රදේශයේ සැලකිය යුතු සෙබලුන් ප්‍රමාණයක් සහ යුද ටැංකි ඇතුලුව යුදෝපකරණ රැසක් ඒකරාශි කර තිබේ.

නොබෝදා ඇතිවූ ගැටුම් සම්බන්ධව යුරෝපයේ ආරක්ෂාව සහ සහයෝගීතාවය සඳහා වූ සංවිධානය දෙපාර්ශවයටම චෝදනා කල අතර ඔවුනොවුන් කලින් පොරොන්දු වූ පරිදි කටයුතු කල යුතු යැ‍යි කියා සිටියද යුක්‍රේන හමුදාවල ආක්‍රමණකාරී ක්‍රියාමාර්ග විවේචනය නොකලේය.

මෙම වසරේ මැයි-ජූනි අතර කාලයේදී නැගෙනහිර යුක්‍රේනයේ බරපතල ගැටුමක් සිදු විය හැකි යැ‍යි කලින් අනතුරු අඟවා තිබිණි.පසුගිය දින කිහිපය තුල වාර්තා වූයේ එහි පළමු අධියරයයි.රුසියාවේ පැවැත්වීමට නියමිත පාපන්දු ලෝක කුසලාන තරඟවලියේ ආරම්භයත් සමග යුක්‍රේන හමුදා නැගෙනහිර යුක්‍රේනය ඉලක්ක කරගෙන ආක්‍රමණයක් දියත් කරාවි යැ‍යි අනුමාන කල හැකිය.ජාත්‍යන්තර නිරික්ෂකයෝ සහ යුක්‍රේනයේ පාර්ශ්වකරුවෝ ,යුක්‍රේන රජයේ ආක්‍රමණකාරී ක්‍රියා කලාපය නවත්වන්නට බල නොකල හොත් 2018 වර්ෂයේ ග්‍රීෂ්ම සෘතුවේ නැගෙනහිර යුක්‍රේනය තුල අලුත් සංග්‍රාමයක් ආරම්භ වේවි.





source:southfront.org


නැගෙනහිර යුක්‍රේනයේ ගැටුම් උත්සන්න වේ නැගෙනහිර යුක්‍රේනයේ ගැටුම් උත්සන්න වේ Reviewed by HarshaLulzSec on May 26, 2018 Rating: 5
Powered by Blogger.