Support Our Blog

Shop on Daraz & help us create more content!

Results for World War 2

දෙවන ලෝක යුද්ධය ගැන ඔබ නොදත් දෑ -2

April 06, 2018
 
ඉදිරියෙන්ම පැමිණෙන්නේ හිරෝ ඔනොඩාය

හිරෝ ඔනොඩා නම් ජපාන සොල්දාදුවා දෙවන ලෝක යුද්ධය අවසන් වී අවුරුදු 29ක් එනම් 1974 වසර තෙක් යටත් නොවී සිටි බව කියවේ

1922 මාර්තු 19 දා ජපානයේ කයිසෝ දිස්ත්‍රික්කයේ කමෙකාවා නම් ගම්මානයේ උපන් ඔනොඩා පුරාණ සමුරායි සටන්කරුවන්ගේ පවුලකින් පැවතගෙන එන බවකියවේ.තම පියා 1943 දී චීනයේ සටනකින් මිය ගිය පසු ඔහුද හමුදාවට සම්බන්ධ විය(18 වියේදී).ජපාන අධිරාජ්‍යයේ පාබල හමුදාවේ බුද්ධි අංශ නිලධාරියෙක් ලෙස පුහුණුව ලැබූ ඔහු පිලිපීනයේ ලුබෑන්ග් දූපත වෙත යවන ලදි.ඔහුට පැවරුනේ දූපතේ ගුවන්පථය සහ ජැටිය විනාශ කර සතුරන්ගේ පැමිණීම වැලැක්වීමයි.එසේම ඔහුට දී තිබූ නියෝගවල සඳහන්ව තිබුණේ සතුරන්ට යටත් නොවන්න කියාය(යටත් වුව හොත් දිවිනසා ගන්නටය ).1945 පෙබරවාරි මස 28 දා දූපතට ඇමෙරිකානුවන් දූපතට කඩා වැදුණි.ඔනොඩා සහ තවත් සෙබලුන් කිහිපදෙනෙක් කඳුකරයට පලාගියහ.ඔහු සමග තවත් ජපන් සෙබලුන් තිදෙනෙක් සිටියහ.ඔවුන් කිහිප විටක්ම දූපතේ පොලිසිය සමග ගරිල්ලා සටන්වල යෙදී තිබේ.ඔවුන් 1945 ඔක්තෝම්බර් මාසයේදී පළමුවරට ජපානයේ යටත්වීම සම්බන්ධ පත්‍රිකාවක් දැක තිබේ.දූපත් වැසියන් මෙන්ම ගුවනින්ද හෙලූ පත්‍රිකා මගින් ජපානයේ යටත් වූ බව ඔවුන්ට දැන්වූවද ඔනොඩා එය පිළිගෙන නැත.1974 වසර තෙක් දූපතේ සැඟව සිටි ඔහු එම වසරේ දූපතේ සංචාරයකට පැමිණි නොරියෝ සුසුකි නම් ජපන් ජාතිකයාගේ මග පෙන්වීම මත ඔනොඩාගේ හිටපු අණදෙන නිලධාරියාවූ මේජර් යොෂිමි ටැනිගුචි දූපතට පැමිණ කරුණු පහදා දීමෙන් පසුව ඔහු තම යටත්වීම ප්‍රකාශ කරන ලදි.



1945 අගෝස්තු මස 6 වනදා හිරෝෂිමාවට හෙළු පරමාණු බෝම්බය පිපිරී ගිය අයුරු

සුටෝමි යමගුචි යනු දෙවන ලෝක යුද සමයේ ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගර දෙකට හෙළු පරමාණු බෝම්බ දෙකෙන්ම දිවිගලවා ගත් අයෙකි.



 
Avro Lancaster යානයක්

 ගුවන් සැරයන් නිකොලස් ඇල්කෙමේඩ් යනු Avro Lancaster බෝම්බ හෙළන ගුවන් යානයක පසුපස තුවක්කුකරුවෙක් වූ අතර ඔහු අඩි 18,000ක් පමණ ඉහළ සිට පැරෂූටයක් හෝ නොමැතිව බිමට වැටුණි.නමුත් ඉන් ඔහුට සිදුවූ හානිය කකුලක් උලුක්වීම පමණි.


 
1939 මාර්තු මාසයේ ජර්මනියේ බර්ලින්හි දී ජනපති හචා හිට්ලර් සහ ගෝරින් මුණ ගැසීම
එමිල් හචා යනු 1939 වසරේ චෙකස්ලෝවැකියාවේ ජනපතිවරයාය.තමන් සමග සහයෝගයෙන් ක්‍රියා නොකල හොත් රට ආක්‍රමණය කරන බවත් අගනගරයට බෝම්බ හෙළන බවත් කියමින් හිට්ලර් සහ ගොරීන් තර්ජනය කල විට ඔහුට හෘදයාබාධයක් ඇතිවිය.
 





 ස්පාඤ්ඤ ඩබල් ඒජන්තයෙක් වූ ජොආන් පුජොල් ගර්සිආ දෙවන ලෝක යුද සමයේ ජර්මනියේ Iron Cross (EK) පදක්කමට හිමිකම් කී අතර බ්‍රිතාන්‍යය විසින් Order of the British Empire යන පදක්කම ලබාදෙන ලදි.


 
ජපානයේ ප්‍රහාරවලින් USS Arizona (BB-39) නෞකාව ගිලී යන අයුරු

1941 වසරේ දෙසැම්බර් මස 7 වනදා ජපානය ඇමෙරිකා එක්සත් ජනපදය සතු හවායි දූපත්වල පිහිටි පර්ල් වරායට පහර දුන් පසු එක්සත් ජනපදයට පෙර ජපානයට එරෙහිව යුද ප්‍රකාශ කලේ කැනඩාවයි.
 





  දෙවන ලෝක යුද සමයේ ජපානය ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් ඇලස්කාවේ අලියුෂන් දූපත් අල්ලාගන්නා ලදි.මෙම දූපත් ජපානයෙන් මුදාගන්නට ඇමෙරිකානුවන්ට බලවත් පරිශ්‍රමයක් දරන්නට සිදුවිය.ජපානයේ කුඩා හමුදාවක් විසින් අලියුෂන් දුපත් දෙකක බලය තහවුරු කරගත්තේ 1942 ජූනි මාසයේදීය.නමුත් එම දූපත් මුදාගන්නට ඇමෙරිකානුවන්ට 1943 අගෝස්තු වන තෙක් සටන් වදින්නට සිදුවිය.






 පෝලන්ත හමුදාව සතුවූ සිරියානු දුඹුරු වලසෙක් වූ වොටෙක් හමුදාවේ කෝප්‍රල් තනතුරක් හෙබවීය.ඔහු ආචාර කරන්නට මෙන්ම මිනිසුන් හා මල්ල්වපොර සටන්වල නිරත වන්නටද උගත්තේය.බියර් පානයට මෙන්ම සිගරට් බීමටද පුරුදුව සිටි මෙම අපූරු වලසා යුද සමයේ සෙබලුන්ට උණ්ඩ තොග ගෙනයාමට උදව්කල බව කියවේ.






ඕලන්ද යුද නැවක් වූ ඒබ්‍රහම් ක්‍රිජිසෙන් ජපාන බෝම්බ ප්‍රහාරක ගුවන් යානාවලින් බේරෙන්නට දූපතක වෙස් ගන්නා ලදි.

 ඉන්දුනීසියාවේ සුරබයා දූපත 1941 වසරේදී ජපාන විසින් ආක්‍රමණය කරන ලදි.ජාවා මුහුදේ දී සහ සුන්ඩා සමූද්‍ර සන්ධියේදී ඇතිවූ සටන් වලදී මිත්‍ර පාර්ශ්වික හමුදා පරාජය විය.ඒ 1942 මාර්තු මස මුල් සමයේය.මිත්‍ර පාර්ශ්වික නෞකාවලට ඕස්ට්‍රේලියාවට පසුබසින්නට නියෝග ලැබුණි.Abraham Crijnssen නෞකාව සමග තවත් නෞකා 3ක් තිබූ නමුත් එය තනිවම යාත්‍රා කරන ලදි.ජපාන ගුවන් යානාවලින් වසන් වී යාත්‍රා කිරීම සඳහා Abraham Crijnssen නෞකාවේ නාවිකයන් අපූරු උපක්‍රමයක් භාවිතා කරන ලදි.ඒ සම්පුර්ණ නෞකාවම කැලෑවෙන් වැසුනු දූපත් බවට පත් කිරීමයි.දිවා කාලයේදී ඔවුන් වෙරළාසන්නයේ නැංගූරම් ලෑ අතර රාත්‍රියේ යාත්‍රා කෙරිණි.අවසානයේ ඔවුන් උපද්‍රවයකින් තොරව බටහිර ඕස්ට්‍රේලියාවේ Fremantle ප්‍රදේශයට සේන්දු විය.ඒ 1942 මාර්තු 20 දාය.ජාවා දූපතෙන් සාර්ථකව පලා ආ අවසන් නෞකාව මෙන්ම එම කලාපයේදී නොනැසී සිටි එම වර්ගයේ එකම නෞකාවද එයයි.


Source:Businessinsider.com


දෙවන ලෝක යුද්ධය ගැන ඔබ නොදත් දෑ -2 දෙවන ලෝක යුද්ධය ගැන ඔබ නොදත් දෑ -2 Reviewed by HarshaLulzSec on April 06, 2018 Rating: 5

නාසි ජර්මනියේ සුපිරි යුද අවි

April 06, 2018

දෙවන ලෝක යුද සමයේ විවිධ ක්ෂේත්‍ර තුල ජර්මනිය අවි තාක්ෂණය දියුණු කරන ලදි.එනම් පාබල සටන් සඳහා කාලතුවක්කු,යුද ටැංකි ආදියත් ගුවන් සටන් සඳහා මිසයිල සහ ගුවන් යානාත්,නාවුක සටන් වෙනුවෙන් සබ්මැරීන සහ නෞකාත් ඉන් ප්‍රධාන තැනක් ගනියි.ඔවුන් දෙවන ලෝක යුද්ධය ආරම්භ වීමට පෙර සහ දෙවන ලෝක යුද්ධය අවසානය වන තෙක් යුධෝපකරණ තාක්ෂණයන් සංවර්ධනය කරමින් සිටියෝය.ඔවුන්ගේ අවි මිත්‍ර පාර්ශ්විකයන් හැඳින්වූයේ 'ජර්මන් රහස්‍ය අවි' ලෙසයි.ජර්මානුවන් 'විස්මිත අවි' නමින් ඒවා හඳුන්වන ලදි.

ජර්මනියේ මෙම යුධෝපකරණ තාක්ෂණයේ විස්මිත දියුණුව එක වරම සිදුවූවක් නොවේ.එය පහත දැක්වෙන මූලික හේතූන් තුන නිසා ඇතිවූවකි.

  • ජර්මනිය යනු උසස්ම තාක්ෂණික දියුණුවක් අත්පත් කරගෙන තිබූ ජාතියකි.හමුදාමය නවීකරණය සම්බන්ධව ජර්මනියට හොඳ ඉතිහාසයක් තිබිණි.දෙවන ලෝක යුද්ධයට පෙර පටන් එහි විද්‍යා සහ තාක්ෂණික නායකත්වය ක්ෂේත්‍ර රැසක හින්පත්තටම ගොස් තිබිණි.

  • 1933 පටන් ඇඩොල්ෆ් හිට්ලර් ජර්මනියේ ඒකාධිපතියා ලෙස ක්‍රියා කල අතර යුද්ධයකට යාමේ අරමුණක් තිබෙන බව ඔහුගේ ක්‍රියාවලින් පැහැදිලිවම පෙනිනි.ඔහු ජාතික වශයෙන් ජර්මනිය මහා පරිමාණ යුද්ධයකට සූදානම් කරවීය.ජර්මන් යුද්ධෝපකරණ කර්මාන්තය එරට ක්ෂේත්‍ර රැසකට නායකත්වය දුන් අතර ඒවා සඳහා ජාතික සම්පත් විශාල ප්‍රමාණයක්ද අයවැයෙන් සැලකියයුතු ප්‍රතිශතයක්ද වෙන් කරන ලද්දේ ජර්මන් හමුදාව හැකිතරම් දියුණු යුද අවිවලින් සහ තාක්ෂණයෙන් බලගැන්වීමටයි.නමුත් දෙවන ලෝක යුද්ධයට පෙර සමයේ පැවති සාමකාමී පරිසරය නිසා බොහෝ මිත්‍ර පාර්ශ්වික රටවල් ඔවුන්ගේ යුද තාක්ෂණය දියුණු කරන්නට එතරම් පරිශ්‍රමයක් නොදැරීය.ඔවුන් අයවැයෙන් ආරක්ෂාව සඳහා වෙන් කලේ සුළු මුදල් ප්‍රමාණයකි.සමහර විට 1930 දශකය මුලදී ඇතිවූ ආර්ථික අවපාතය නිසා බොහෝ රටවල් ජර්මනියේ නැඟී එන තර්ජනය නොසලකා හැර සිය රටවල ආර්ථිකය යථාතත්ත්වයට පත් කරන්නට උනන්දුවන්නට ඇති.නමුත් රුසියාවේ තත්ත්වය අනෙක් මිත්‍ර පාර්ශ්වික රටවල් තරම් දුර්වල නොවීය.නුදුරේදිම යුද්ධයක් පැමිණෙන බව ජෝෂප් ස්ටාලීන් දැන සිටියා.ඔහු යුද්ධය සඳහා සෝවියට් දේශය සූදානම් කරවීය.නමුත් තාක්ෂණික දියුණුව අතින් ජර්මනියත් සෝවියට් දේශයත් අතර විශාල පරතරයක් තිබුණි.ස්ටාලින්ගේ කුරිරු පාලන තන්ත්‍රය නිදහස් නවීකරණයට වැට බැඳ තිබිණි.එනිසා 1933-139 සමයේ ජර්මනිය අනෙකුත් රාජ්‍යයන්ට වඩා යුධෝපකරණ තාක්ෂණයෙන් ගව් ගණනක් ඉදිරියෙන් සිටීම පුදුමයට කරුණක් නොවේ.

  • යුද්ධය ආරම්භ වූ පසු යුද්ධය ජයගත හැකිය යන හිට්ලර්ගේ අධික විශ්වාසය නිසා ජර්මනියේ යුධෝපකරණ සංවර්ධන වැඩසටහන් සඳහා යෙදවූ පරිවැය අවම කලා මෙන්ම මාස 18 තුල සංග්‍රාම භූමියේ සටන් වලට එක් කිරීමේ හැකියාවක් නොමැති ව්‍යාපෘති නවතා දමන්නටද නියෝග කරන ලදි.නමුත් යුද්ධයේ අවසානයට ළඟාවන විට ඔවුන්ගේ යුද අවි ප්‍රමාණවත් නොවු අතර එය පරාජයටද හේතුවක්ද විය.අවසන් සමයේ ඔවුන් බලාපොරොත්තු විරහිතව අති දියුණු අවි සංවර්ධනය කරන්නට ආයෝජනයන් කරන ලද අතර ඒවාහි ප්‍රතිඵල විස්මය දනවන සුලුවිය.නමුත් එම ව්‍යාපෘති වලින් උපන් අවි මහා පරිමාණයෙන් නිපදවන්නට විශාල වියදමක් දරන්නට අවශ්‍ය විය.නමුත් ජර්මනිය පරාජයෙන් ගලවා ගන්නට ඒවා ප්‍රමාණවත් නොවීය.

ජර්මන් රහස්‍ය අවි


ජෙට් සහ රොකට් බලයෙන් ක්‍රියා කරන ගුවන් යානා

Arado Ar 234


ඇරඩෝ 234 -ලොව පළමු ජෙට් බෝම්බ ප්‍රහාරක යානය.මෙය දියුණු තනි අසුනේ ස්වයංක්‍රීය නියමුවා සහිත,නියමු අසුන නික්ෂේපනය කල හැකි නියමු පාලනයට යටත් පිටුපස තුවක්කු දෙකක් සහිත එන්ජින් දෙකේ ජෙට් යානයකි.අනාකූල හැඩැති අධික වේගයෙන් ගමන් කල හැකි මෙම යානය බිම හෙළීම පහසු වූයේ නැත.

Arado Ar 234



Messerschmitt Me 262



මෙසර්ච්මිට් 262 - ලොව පළමු ජෙට් ප්‍රහාරක යානය.එම කාලයේ මිත්‍ර හමුදා සතුව තිබූ fighter වර්ගයේ ඕනෑම ගුවන් යානයකට වඩා මෙය වේගවත් විය.මෙය සැහැල්ලු බොම්බ හෙළන්නෙක්,පෙරික්සුම් යානයක් සහ පරීක්ෂණාත්මක රාත්‍රී සටන්කරුවෙක්ද(fighter) විය.

Messerschmitt Me 262



Messerschmitt 163


මෙසර්ච්මිට් 163 කොමෙට් -  රොකට් එන්ජිමකින් පණගැන්වූ ලොව ප්‍රථම ගුවන් සටන්කරුවාය(fighter).මෙයට පැයට සැතපුම් 700කට ආසන්න වේගයක් ලබා ගත හැකිය.

Messerschmitt 163



Heinkel 162


හයින්කල් 162 - ජෙට් එන්ජිමක් සහිත Fighter වර්ගයේ යානයකි.දෙවන ලෝක යුද්ධයේ අවසන් මාස කිහිපයේදී භාවිතා කල මෙය මහා පරිමාණයෙන් නිපදවන්නට නාසීන්ට නොහැකිවිය.

Heinkel 162



අනෙකුත් දියුණු ගනයේ ගුවන් යානා


Dornier 335


ඩොනියර් 335 - නියමු අසුන යානයෙන් ඉවතට විදීමට හැකි පළමු fighter වර්ගයේ ගුවන් යානයි.මෙම යානය ඇමෙරිකානු පී-51 යානයට වඩා වේගයෙන් ගමන් කල හැකිය.මෙහි ඉදිරිපස අවරපෙත්තට අමතරව පිටුපසද එකක් තිබිණි.

Dornier 335



Junkers 87 "Stuka"


ජන්කර් 87 - ගොඩබිම් ඉලක්ක වෙත ඉතා නිරවද්‍ය ප්‍රහාර එල්ල කල හැකි පළමු යානය මෙය බවයි සැලකෙන්නේ.බ්‍රිතාන්‍ය ආක්‍රමණයට මෙම යානය යොදාගෙන තිබේ.යුද්ධයේ මුල් භාගයෙදී ජර්මනියේ වේගවත් ජයග්‍රහණ රැසක ප්‍රධාන භූමිකාව මෙම යානය විසින් හොබන ලදි.

Junkers 87



හෙලිකොප්ටර් - ලොව ප්‍රථම ක්‍රියාකාරි හමුදා හෙලිකොප්ටරය වූයේ ෆ්ලැට්නර් 282යි.මෙම හෙලිකොප්ටරය යොදාගත්තේ මධ්‍යධරණී කලාපයේ පෙරික්සුම් කටයුතු සඳහාය.ෆොක් ආක්ජෙලිස් 223 හෙලිකොප්ටරයද ජර්මානුවන්ගේ නිර්මාණයකි.නමුත් ඒවා මහා පරිමාණයෙන් නිපද වූයේ නැත.

Flettner 282 & Achgelis 223



Guided Weapons - නියාමක අවි


Henschel Hs-293


හෙන්චල් එච් එස් 293 - ලොව ප්‍රථම සංග්‍රාමික නියාමක මිසයිලය මෙයයි.එය ප්‍රථම වරට යොදාගත්තේ බ්‍රිතාන්‍ය නෞකාවක් ගිල්වා දැමීමටය(1943 අගෝස්තු 27).මෙම මිසයිලය රේඩියෝ තරංගවලින් පාලනය වූ අතර කි.ග්‍රෑ. 500 බර පුපුරණ ද්‍රව්‍ය සහිත ශීර්ෂයක් රැගෙන ගියේය.Hs-293 මිසයිලය පාලනය කිරීම බෝම්බ හෙළන යානය විසින් සිදු කරන ලදි.යුද්ධය අවසන් වන තෙක් මෙම වර්ගයේ මිසයිල 2300ක් වත් නාසීන් විසින් විවිධ ඉලක්ක වෙත එල්ල කර තිබේ.

Henschel Hs-293



Ruhrstahl Fritz-X


රුස්ටල් ෆෙට්ස් එක්ස් - ලොව පළමු නියාමක බෝම්බය මෙයයි.පළමුවරට යොදාගත්තේ 1943 සැප්තැම්බර් 9වනදා ඉතාලි යුද නැවක් වූ රෝමා විනාශ කිරීමටය.මෙය නූතනයේ බංකර් නාශක බෝම්බයකට සමානය.රේඩියෝ සංඥා මගින් පාලනය කල මෙම බෝම්බය අඩු ගණකමක් සහිත සන්නාහයන් බිඳගෙන යාමට හැකි අයුරින් නිපදවා තිබිණි.

Fritz-X



V-1 මිසයිලය


වී-1 මිසයිලය - මෙය ලොව ප්‍රථම කෲස් මිසයිලයි.ජෙට් එන්ජිමකින් පණ ගැන්වූ එයට රාත්තල් 1875 ක පුපුරණ ද්‍රව්‍ය සැතපුම් 125ක් දුරට ගෙන යා හැකිය.බොහෝවිට මෙම මිසයිල නිකුත් කලේ ගොඩබිම සිටය.නමුත් බෝම්බ හෙළන යානාවලින්ද මෙම මිසයිල මුදා හැර තිබේ.මෙහි මිනිසෙක් ගමන් කල හැකි වර්ගයේ සංස්කරණයක්ද නිපදවා තිබුණද ප්‍රහාර සඳහා යොදාගත්තේ නැත.




V-2 මිසයිලය


වී-2 මිසයිලය - ලොව ප්‍රථම දිගු දුර බැලස්ටික් මිසයිලය මෙයයි.රොකට් එන්ජිමක් සහිත මෙම මිසයිලයට රාත්තල් 2150ක පුපුරණ ද්‍රව්‍ය සැතපුම් 200ක් දුරට ගෙන යා හැකිය.මෙම මිසයිල පැයට සැතපුම් 2500 වේගයෙන් ගමන් කල අතර ඒවා නිකුත් කල වේදිකා පහසුවෙන් තැනින් තැනට ගෙන යාහැකි සේ නිපදවා තිබූ නිසා මිත්‍ර හමුදාවල ගුවන් පිරික්සුම් යානාවලට හසුනොවීය.




Schrage Musik


ජර්මන් නිශාචර වර්ගයේ ගුවන් යානාවල භාවිතා කල ස්වයංක්‍රීයව වෙඩි තැබිය හැකි තුවක්කු විශේෂයක් වූ මෙය ප්‍රකාශ විද්‍යුත් සංවේදක සහිත වූ අතර බෝම්බ හෙළන යානාවලට යටින් ගමන් කරන විට එම යානාවල සෙවනැල්ල ග්‍රහණය කරගෙන ප්‍රහාර එල්ල කරන ලදි.මෙම අවිය ඉතා ඵලදායි එකක් වූ අතර සතුරා විශ්මයට පත් කල අවියක්ද විය.මෙම අවිය ගුවන් යානයට ඉහළින් ගමන් කල සතුරු යානාවලට පහරදීමට නිර්මාණය කර තිබිණි.




Sondergerate


මෙය ගොඩබිම් ප්‍රහාර සඳහා යොදාගත් ගුවන් යානාවල යටි පැත්තේ සවිකර තිබූ අතර යුද ටැංකි නාශක අවියකි.එයට ස්වයංක්‍රීයව වෙඩි තැබීමේ හැකියාව තිබිණි.





සබ්මැරීන


Type XXI submarine


මෙම සබ්මැරීනය සිය මුර සංචාරය අතරතුර සම්පුර්ණයෙන්ම ජලයේ ගිලී මෙහෙයුම් සිදුකල හැකි වර්ගයේ ලොව ප්‍රථම සබ්මැරීනයයි.එනම් මීට පෙර පැවති සබ්මැරීන නෞකාවකට හෝ වෙනත් ඉලක්කයකට ප්‍රහාර එල්ල කරන්නට ජලය මතුපිටට පැමිණිය යුතුව තිබිණි.ජර්මනියේ මුල් කාලීන යූ බෝට් සබ්මැරීන සියල්ලම පාහේ රංචු පිටින් සතුරු නෞකා හඹා ගොස් රාත්‍රී කාලයේදී නෞකාව වටකර ජලය මතුපිටට විත් ප්‍රහාර එල්ල කරන ලදි.නමුත් ඒ උපක්‍රමය පසුකාලයේදී සබ්මැරීන බොහොමයක විනාශයටද හේතුවිය.Type 21 සබ්මැරීනය ජලයේ සම්පුර්ණයෙන්ම ගිලී ගමන් කරන විට වේගවත් බව ඔප්පු කරන ලදි.මෙම සබ්මැරීනය බැටරි බලයෙන් මෙන්ම ඩීසල් බලයෙන්ද ක්‍රියාකල නිසා කි.මී.28,700ක් තරම් දුර ගමන් කල හැකිවිය.දියුණු තත්ත්වයේ සෝනාර් තාක්ෂණය භාවිතා කල ප්‍රථම සබ්මැරීනයද මෙයයි.මෙම පහසුකම නිසා සතුරු නෞකා නිරීක්ෂණය කිරීමට පරික්ෂකය යොදා ගැනීමට මුහුද මතුපිටට පැමිණීමට අවශ්‍ය නොවීය.එය සතුව ද්වීතීයික විද්‍යුත් මෝටරයක් තිබූ නිසා සටන් වලදී නිෂ්ශබ්දව ගමන් කල හැකිවිය.එසේම එය සතුව වායු සමීකරණ පහසුකම්,වේගවත් ටෝර්පිඩෝ දියත් කිරීමේ යාන්ත්‍රණයක් සහ තවත් දියුණු අංග කිහිපයක්ම අඩංගු විය.Type 21 සබ්මැරීන අධි තාක්ෂණික ප්‍රහාරක සබ්මැරීනයක් මෙන්ම සතුරු සබ්මැරීන නාශක, ගුවන් යානා සහ නෞකාවලට අනාවරණය කර ගත නොහැකි සාර්ථක සබ්මැරීනයක් ද විය.

Type XXI submarine



Type XXIII submarine


මෙය Type 21 සබ්මැරීනයේ කුඩා සොහොයුරාය.ඉතා කුඩා ප්‍රහාර සබ්මැරීනයක් වූ Type 23 ටොන් 250 පමණ බරින් යුක්ත එකකි.මෙය වෙරළාශ්‍රිතව ප්‍රහාර එල්ල කිරීමට සහ නොගැඹුරු ජලයට යාත්‍රා කර සතුරු නෞකාවලින් බේරීමට හැකි සබ්මැරීනයකි.මෙහි තිබූ තවත් විශේෂ හැකියාවක් වන්නේ හදිසි කිමිදීමක් තත්ත්පර 10කදි පමණ සිදුකල හැකිවීමයි.




Electric-powered torpedoes - විදුලි බලයෙන් ක්‍රියාත්මක ටෝර්පිඩෝ


විදුලි බලයෙන් ක්‍රියාත්මක ලොව පළමු ටෝර්පිඩෝවයි.මේවා ජර්මන් සබ්මැරීන මගින් මුදා හැරි අතර අනෙක් ටෝර්පිඩෝ මෙන් ඉලක්කය වෙත ගමන් කරන විට ජලයේ දිය බුබුළු ඇතිකලේ නැත.එම නිසා සබ්මැරීනය තිබෙන දිශාව නිශ්චය කරගැනිමට සතුරන්ට ඉඩ නොලැබිණි.




ස්ටෙල්ත් ආලේපය


ලොව පළමු ස්ටෙල්ත් වර්ගයේ ආලේපය ජර්මානුවන් විසින් තම සබ්මැරීනවලට යොදාගත්තේ රාත්‍රියේදී සතුරු ගුවන් යානාවල අධෝරක්ත පිරික්සුම් පහන්වලට අනාවරණ වීම වැළැක්වීමටය.මෙම ස්ටෙල්ත් තාක්ෂණය එම කාලයට වඩා දශක ගණනක් ඉදිරියෙන් සිතා නිර්මාණය කල එකක් වන්නේ රේඩාර් අන්තර්ග්‍රහණය කරගන්නා තාක්ෂණය පවා වර්තමාන යුද ගුවන් යානාවලට බහුලවම යොදා ගැනීම ඇරඹුණේ 20 වන සියවස අග භාගයේදි නිසාය.

ස්ටෙල්ත් වර්ගයේ පලමු ජර්මන් සබ්මැරීනය - U-480




අනෙකුත් අවි


Nerve Gas - ස්නායු වායුව


ස්නායු ගෑස් වර්ගය 3ක් ප්‍රථම වරට නිපදවූයේ ජර්මනියයි.ඒවා නම් ටැබන්(1936),සරීන්(1938),සොමන්(1944).මුල් කාලීන රසායනික අවිවලට වඩා මේවා මාරාන්තික විය.නමුත් ජර්මානුවන්ගේ මෙම රහස්‍ය අවි සම්බන්ධව මිත්‍ර පාර්ශ්විකයන් නොදැන සිටියහ.නමුත් ජර්මනිය සිතා සිටියේ ඔවුන් සතු රසායනික අවි වලට සමාන හෝ ඊටත් වඩා දියුණු රසායනික අවි මිත්‍ර පාර්ශ්විකයන් සතුව ඇතැයි කියාය.නමුත් සත්‍යය නම් එවැනි දියුණු මට්ටමේ රසායනික අවි ජර්මනියේ සතුරන් සතුව නොතිබුණු බවයි.එසේම ජර්මනිය රසායනික අවි භාවිතා කල හොත් පළිගැනීමක් ලෙස බ්‍රිතාන්‍යද තමන්ගේ රසායනි අවි සංචිත ඔවුන්ට එරෙහිව භාවිතා කරාවි යන සැකය නාසීන්ට තිබිණි.




Sturmgewehr 44


ලොව ප්‍රථම assault රයිෆලය මෙයයි.පසුකාලයේ නිපදවූ M-16,AK47 යනුද assault රයිෆල්ය.

Sturmgewehr 44



Synthetic Fuel - කෘත්‍රීම ඉන්ධන


ලොව ප්‍රථම කෘත්‍රීම ඉන්ධනය සොයාගැනීමේ ගෞරවයද හිමිවන්නේ ජර්මනියටයි.දෙවන ලෝක යුද්ධයට පෙර සහ අතරතුරදී ජර්මනිය විශාල නිෂ්පාදනාගාර ප්‍රමාණයක් ඇති කල අතර ඒවා බොහොමයක් යැපුනේ ආනයනික පෙට්ට්‍රෝලියම් ඉන්ධන මතයි.නමුත් ජර්මනිය ගල් අඟුරු යොදාගෙන නිපද වූ කෘත්‍රීම ඉන්ධන ඛනිජ තෙල් නිෂ්පාදනවලට වඩා මිල අධික විය.

1944 වසරේදී එක්සත් ජනපදය විසින් බෝම්බ හෙළා විනාශ කල ජර්මනියේ කෘත්‍රීම ඉන්ධන නිෂ්පාදනාගාරයක්



Radio Navigation - රේඩියෝ මගපෙන්වීම


දෙවන ලෝක යුද්ධ සමයේ ආරම්භයේ සිට ජර්මන් නිශාචර බෝම්බ හෙළන යානා සතුරු ඉලක්ක වෙත බෝම්බ හෙළීමේදී රේඩියෝ සම්ප්‍රේෂක සහ යානාවල සවිකල ප්‍රතිග්‍රාහක භාවිතා කලහ.මෙය වර්ථමානයේ GPS තාක්ෂණයට සමානය.නමුත් යුද්ධයේ පළමු වසර 2 1/2 කාලයේදී මිත්‍ර පාර්ශ්වික රටවල නිශාචර බෝම්බ හෙළන යානාවල එවැනි මඟපෙන්වන පද්ධතියක් නොතිබිණි.එම නිසා ඔවුන් එල්ල කල ප්‍රහාර නියමිත ඉලක්ක වෙත ගමන් කලේ නැත.


ඉහත ලැයිස්තුවේ සඳහන් කර තිබෙන්නේ ජර්මනිය සංග්‍රාම භූමියට ගෙන ආ යුධෝපකරණ පමණි.නමුත් දෙවන ලෝක යුද්ධය අවසන් වන්නට පෙර භාවිතා කරන්නට නොහැකිවූ අවි ව්‍යාපෘති සැලකිය යුතු ප්‍රමාණයක්ද ඔවුන් සතු විය.



Source:2worldwar2.com

නාසි ජර්මනියේ සුපිරි යුද අවි නාසි ජර්මනියේ සුපිරි යුද අවි Reviewed by HarshaLulzSec on April 06, 2018 Rating: 5

නාසීන්ගේ විශ්මිත නිමැවුම් - The Heavy Gustav

March 13, 2018

ඇඩොල්ෆ් හිට්ලර් යටතේ නාසීන් ලෝකයම පුදුමයට පත් කල නිර්මාණ රැසක් ලෝකයට දායාද කලහ.පසුකාලීනව වෙනත් ජාතීන් නාසීන්ගේ එම නිර්මාණ තම යුද ශක්තිය වැඩි කරගන්නට දායක කරගත්හ.නාසීන් නිර්මාණය කල විශ්මිත නිමැවුමක් වන්නේ Heavy Gustav නම් අවියයි.Heavy Gustav යනු ලොව මෙතෙක් නිපදවූ විශාලතම කාලතුක්කු අවිය වේ.ඉහත රූපයෙන් දැක්වෙන්නේ එම කාලතුක්කු අවිය හිට්ලර් සහ ඇල්බර්ට් ස්පීර්(පසුකාලීනව හිට්ලර්ගේ යුදායුධ පිලිබඳ ඇමතිවරයා විය.)ඉදිරියේ ප්‍රදර්ශනය කල අවස්ථාවකි.මෙම අවිය නිර්මාණය කිරීමේ කටයුතු 1940 වසරේ පසුභාගයේදී අවසන් කල අතර අවිය පරික්ෂා කිරීම 1941 වසරේ මුල් සමයේ රගන්වෙල්ඩ්(Rugenwalde) කාලතුක්කු පිටියේදී සිදුවිය.


Heavy Gustav අවියේ ප්‍රමාණය සාමාන්‍යය මිනිසෙක් සහ OTR-21 Tochka මිසයිල විදිනයක් සමග සංසන්දනය කල විට

 Gustav අවියේ බර ටොන් 1344ක් වූ බව කියවේ.එහි විශාලත්වය නිසා මහා මාර්ගයක ගෙනයාම පවා අසීරු නිසා අවිය තැනින් තැනට ගෙන යාමට සිදුවූයේ කැබලි ගලවා වන අතර ඒ සඳහා විශේෂයෙන් සැකසූ ද්විත්ව රේල් පාරක් පවා ඉදිකෙරිණි.කාලතුවක්කුව මීටර් 7ක්(අඩි 20ක්) පළල මීටර් 47ක්(අඩි 140ක්) දිග එකක් විය.Gustav අවිය භාරව සිටියේ මේජර් ජෙනරල්වරයෙක් වන අතර එහි සේවයට සෙබළුන් 500ක් පමණ යොදවා තිබිණි.අවිය සකසන්නට සහ වෙඩි තැබීම සඳහා සුදානම් කරන්නට සම්පුර්ණ දින තුනක් ගතවන බව සඳහන්ය.Gustav අවිය අංශක 48ක් දක්වා ඔසවා ටොන් 7ක් බර උණ්ඩ කිලෝ මීටර් 47ක් දුරට වෙඩි තැබිය හැකිය.අවියට සෑම මිනිත්තු 30-45 අතර එක් උණ්ඩයක් නිකුත් කල හැකිය.


 ප්‍රංශ-ජර්මන් සහ ප්‍රංශ-ඉතාලි දේශසීමා ඔස්සේ තිබූ ප්‍රංශ Maginot පෙරමුණ(Maginot line) කිලෝ මීටර් 1500ක් දිගු වූ යුද ටැංකි.කාලතුවක්කු සහ මැෂින් තුවක්කු ආදියෙන් සමන්විත ප්‍රබල ආරක්ෂක වැටකින් යුක්ත වූ අතර දෙවන ලෝක යුද්ධය ආරම්භයට පෙර ජර්මන් හමුදාවේ ඉහල බලාධිකාරයට මෙම බාධකය ඔස්සේ යා හැකි මගක අවශ්‍යතාවය පැන නැගිණි.නාසීන් මෙම පෙරමුණ හරහා බෙල්ජියම ඔස්සේ ලෙහෙසියන්ම ගමන් කිරීමට පෙර හිට්ලර් එය සම්පුර්ණයෙන්ම විනාශ කිරීමට වැඩසටහනක් සූදානම් කරන ලදි.මෙම විශේෂිත අවිය නිර්මාණය කරන්නට බලය පැවරුණේ වසර සියගණනක් පැරණි සහ අවි ආයුද සහ අනෙකුත් යුද්ධෝපකරණ නිෂ්පාදනය සම්බන්ධව විශාල දැනුමක් මෙන්ම එය ව්‍යාපාරයක් ලෙස කරගෙන ගිය Krupp නම් ජර්මන් පවුල වෙතයි.එහිදී ජර්මන් නායකත්වය මෙම අවියෙන් විශේෂයෙන්ම අපේක්ෂා කල අවශ්‍යතා වූයේ මීට පෙර නොඇසූවිරූ ඒවාය .එනම් අවියේ උණ්ඩයකට කිලෝ මීටර් 45ක් දුරින් වූ මිලි මීටර් 1000ක් ලෝහමය යුද සන්නාහයක් පසාරු කිරීමේ හැකියාව තිබීම,බල ගැන්වූ මීටර් 7ක් පළල කොන්ක්‍රීට් තට්ටුවක් සහ මීටර් 30 ක් ඝන පොළොව ඔස්සේ යෑමට හැකියාව තිබීම ආදියයි.සතුරු කාලතුවක්කු ප්‍රහාරවල පරාසයෙන් එපිට සිටි ප්‍රහාර එල්ල කිරීම එහි අරමුණයි.අවිය ගෙන යාම රේල් පාරක් ඔස්සේ සිදුවිය.ප්‍රහාරක භූමිය තුලදී කැබලි කිරීම සහ එකලස් කිරීමේ හැකියාවද ඊට තිබිය යුතු බව අවධාරණය කර තිබේ.


Gustav අවිය ක්‍රියාවේ යෙදවූයේ සුලු කාලයක් පමණි.සෙවස්ටොපොල්(Sevastopol) වටලෑම එහි පළමු සංග්‍රාමික අත්හදා බැලීම විය.අවිය පිළියෙල කිරීම ඇරඹෙන්නේ මැයි මස මුල් සමයේ වන අතර ජූනි මස 5 වනදා වන විට එය ප්‍රහාර එල්ල කිරීම සඳහා සූදානමින් පසුවිය.එය සෙවාස්ටොපොල් ඉලක්ක කරගෙන උණ්ඩ 300ක් එල්ල කල අතර තවත් උණ්ඩ 30ක් වෝර්සෝ නැඟිටීම(Warsaw Uprising) මැඩලීමට 1944 වසරේ එල්ල කලේ එය මිත්‍ර පාර්ශ්වික හමුදා අතට පත්වීමට පෙරය.

 ඩොරා(Dora) යනු Heavy Gustav වර්ගයේ දෙවන අවිය විය.එය කෙටි කාලයක් ස්ටාලින්ග්‍රාඩ්(Stalingrad) සටන සඳහා යෙදවු අතර අවිය නගරයේ බටහිර පැත්තේ සිට කිලෝ මිටර් 15ක් දුරින් රඳවන ලද්දේ 1942 වසරේ අගෝස්තු මාසයේ මැද කාලයේය.එය ප්‍රහාර එල්ල කිරීම සඳහා සූදානම් තත්ත්වයට ගෙන ආවේ සැප්තැම්බර් මස 13 දාය.නමුත් සෝවියට් හමුදාවල වටලෑමට බියෙන් ඩොරා අවිය ඉවත් කරගන්නා ලදි.නාසි හමුදාවල දිගු පසු බැස්ම ආරම්භ වීමත් සමඟම ඔවුන් ඩොරා අවිය ඔවුන් සමගම ගෙන යන ලදි.ඩොරා අවිය දෙවන ලෝක යුදය අවසන් වීමට පෙර කැබලිවලට වෙන් කරන ලද අතර එය Heavy Gustav අවිය සොයා ගැනීමෙන් කෙටි කාලයකට පසුව ජර්මනියේ බටහිර දෙසින් ඇමෙරිකානු සෙබළුන්ට අනාවරණය කරගන්නට හැකිවිය.

 අනෙකුත් සිත්ගන්නාසුලු දෑ


  •  මෙම අවියට ජර්මන් බසින් කියන්නේ Schwerer Gustav කියාය.එහි ඉංග්‍රීසි පරිවර්තනය Heavy Gustav හෝ Great Gustav නම් වේ.

  •  Heavy Gustav අවිය නිර්මාණය කිරීම අතිවිශාල මුදලක් සහ කාලයක් අපතේ හැරීමක් ලෙස බොහෝ අවස්ථාවලදී විස්තර කෙරේ.ඒ කෙසේවෙතත් Maginot පෙරමුණ බිද දැමීම සහ ජිබ්‍රොල්ටාව ඉලක්කයක් ලෙස තිබියදී අවිය ජර්මන් සංග්‍රාමයේදී ප්‍රබල භූමිකාවක් නිරූපණය කරන්නට ඇති.අවියට එහි අතිවිශාල වෙඩි බලය සතුරු ඉලක්ක වෙත පෙන්වන්නට සහ ඔප්පු කරන්නට කවදාවත් අවස්ථාවක් නොලැබිණි.මිනිස් ශ්‍රමය සහ නඩත්තුව වෙනුවෙන් වැය වු අතිවිශාල බරපැන සාධාරණිකරණය නොකල හැකි තරම් විය.එසේ නමුත් අවිය විශාල ප්‍රක්ෂිප්ත පියාසර කරවීම සහ කාලතුවක්කු පිළිබඳ ශාස්ත්‍රයේ සහ ප්‍රාක්ෂේප විද්‍යාවේ ඉදිරි සංවර්ධනයන් සඳහා විශිෂ්ඨ වු පර්යේෂණාගාරයක් ලබාදෙන ලදි.එය ඉංජිනේරු විද්‍යාවේ අග්‍රගන්‍ය කෘතියකි.

මි.මී.800 විෂ්කම්භයක් සහිත Heavy Gustav අවියට යොදන උණ්ඩයක් සමග මිනිසෙක්
  •  සෙවස්ටොපොල්(Sevastopol) හි සටන සඳහා අවිය භාවිතා කරන විට සතුරු ඉලක්කයේ පිහිටීම පෙන්වා දෙන්නට පිරික්සුම් යානයක් යොදාගන්නා ලදි.එහි පළමු ඉලක්කය වෙරළාසන්න කාලතුවක්කු පෙළක් වු අතර ප්‍රහාර 8කින් පසුව ඒවා විනාශ කරදමන්නට අවියට හැකිවිය.ප්‍රහාර 6ක් ස්ටාලින් කොටුව ඉලක්ක කරගෙන එල්ල කලේය.ප්‍රහාර 7ක් මොලොටොවා(Molotov) කොටුවට එල්ල කල අතර ඉන්පසු ප්‍රහාර 9ක් සවන්යා බොක්කට එල්ල කලේය.ඉන් එක් උණ්ඩයක් කොටුව තුල වූ වෙඩි උණ්ඩ ගබඩාවක් පසාරු කරගෙන ගොස් පිපිරී මුලු කොටුවම විනාශ කරන ලදි.මි.මි.800 යේ එක් උණ්ඩයක් පමණක් ඉලක්කය වැරදී සටන් පවතින ප්‍රදේශය හැරයාමට ප්‍රමාද වූ නෞකාවකට වැටුණු බව සඳහන් වේ.




Source:Rarehistoricalphotos.com



නාසීන්ගේ විශ්මිත නිමැවුම් - The Heavy Gustav නාසීන්ගේ විශ්මිත නිමැවුම් - The Heavy Gustav Reviewed by HarshaLulzSec on March 13, 2018 Rating: 5

නාසි ජර්මනියේ විශ්මිත අවි - 2

March 12, 2018
දෙවන ලෝක යුද සමයේදී හිට්ලර්ගේ නායකත්වය යටතේ ජර්මනිය පෙරමුණු දෙකකින් සතුරන් සමග ගැටිණි.ඒ අතරවාරයේ ජර්මානුවන් ලොව කිසිම රටකට නොදෙවෙනි අයුරින් සිය යුද තාක්ෂණය සංවර්ධනය කරන්නට පටන් ගත්හ.නූතන හමුදා භාවිතා කරන කෲස් මිසයිල,ස්ටෙල්ත් ගුවන් යානා ආදියේ පුරෝගාමීන් ජර්මානුවන්ය.එක්සත් ජනපදය සහ සෝවියට් දේශය අතර අභ්‍යාවකාශ තරඟය ඇතිවන්නේද ජර්මන් විද්‍යාඥයින් දියුණු කල රොකට් තාක්ෂණය නිසාය.ජර්මනිය යුද්ධයෙන් පරාජය වීමෙන් පසු ජර්මන් විද්‍යාඥයින් රැසක් එක්සත් ජනපදය,සෝවියට් දේශය ආදී රටවලට රැගෙන ගියහ.මීට පෙර ඔබ හමුවේ තැබූ නාසි ජර්මනියේ විශ්මිත අවි යන ලිපියේ දෙවන කොටස මෙලෙස ඉදිරිපත් කෙරේ.


විශ්මිත අවි අංක 06 - දිගු දුර බැලස්ටික් මිසයිලයේ මූලාකෘතිය


V-1 මිසයිලය සාර්ථක වීමත් සමග ජර්මානුවන් එහි ඊළඟ අදියරයට යොමුවිය.එය V-2 මිසයිලයයි.මෙය ලොව ප්‍රථම දිගු දුර බැලස්ටික් මිසයිලය මෙන්ම උප කක්ෂය(කි.මි. 100 සීමාව තරණය කිරීම) වෙත යෑමට සමත්වූ මිනිසා විසින් නිපදවූ ප්‍රථම වස්තුවයි.V-2 මිසයිලයට සැතපුම් 200ක් දුරක් රාත්තල් 2150 බර පුපුරණ ද්‍රව්‍ය ශීර්ෂයක් ගෙන යා හැකිවිය.එය ගමන් කලේ මිනිත්තුවට සැතපුම් 2500ක් වේගයෙන් ගමන් කල නිසා අතරමගදී අන්තර්ඛණ්ඩනය කිරීම අසීරු අතර ශබ්දයේ වේගයෙන් ලබා දී තිබූ ඉලක්කය මත ගැටුණි.මේ නිසාම මිසයිලය යොදාගෙන සිවිල් ජනතාව තුල මහත් භීතියක් ඇති කරන්නට හැකියාව ලැබිණි.මෙම V-2 මිසයිල ජංගම මිසයිල දියත්කරණ යොදාගෙන දියත් කල නිසා ප්‍රහාරයට පෙර සහ පසුව තිබෙන්නේ කොහේ දැයි සොයා ගැනීම අසීරු විය. මිසයිල 3000ක් පමණ මිත්‍ර පාර්ශ්වික හමුදා ඉලක්ක කරගෙන එල්ල කෙරිණි.එම ප්‍රහාරවලින් සිවිල් වැසියන් සෙබලුන් ඇතුලු 7000ක් මරණයට පත් විය.මෙම රොකට් ප්‍රහාරවල තර්ජනය අවසන් වූයේ මිසයිල දියත් කරන සීමාව අතහැර ජර්මන් හමුදාවට පසු බැසීමට සිදුවු පසුවයි.




V-2 මිසයිල නිපදවීම අධික වියදම් සහිත වූවා පමණක් නොව ඒවා ගෙන ගියේද පුපුරණ ද්‍රව්‍ය සහිත කුඩා ශිර්ෂයකි.තවද මිසයිල පතිත වීම නිවැරදි ඉලක්කයට සිදු නොවීය.නමුත් ජර්මානුවන්ට එය දියුණු කරන්න වැඩි කාලයක් ලැබුණේ නම් දෙවන ලෝක යුද්ධයේ ප්‍රතිඵලය බොහෝසෙයින් වෙනස් වෙන්නට ඉඩ තිබිණි.ඔවුන්ට මිසයිල තුලට න්‍යෂ්ඨික ශීර්ෂ ඇතුලු කරන්නට සහ ඔවුන් පර්යේෂණ කරමින් සිටි ජීව විද්‍යාත්මක සහ රසායනික අවි මිසයිල සමග යොදා ගන්නට ඉඩ නොලැබුණේ වාසනාවකටය.යුද්ධයේ අවසන් දිනවල ජර්මනිය සතුව සරීන්,ටබින් සහ සොමන් ආදී රසායනික අවි තිබුණද ඔවුන් කිසිදාක ඒවා පාවිච්චි නොකලහ.


සබ්මැරීනයක පිටුපස සවිකල දියත්කරණයක් යොදාගෙන උතුරු ඇමෙරිකාව ඉලක්ක කරගෙන මිසයිල ප්‍රහාර එල්ල කරන්නට ජර්මානුවන් සැලසුම් සකස් කර තිබිණි.ඔවුන් ඒවා ඉතා සාර්ථකව පරීක්ෂාවට ලක් කල අතර විද්‍යාඥයින් පවා සපථ කර සිටියේ V-2 රොකට් ඔස්සේ එම ඉලක්කය ජය ගත හැකිබවයි.මෙම මිසයිල සංස්කරණයේ සැබවින්ම නියමුවෙක් සිටියේය.අවසන් මිනිත්තුවේදී පැරෂුටයකින් පනින්නට හැකි ලෙස එය සැලසුම් කර තිබුණු අතර ඔහුව සබ්මැරීනයක් මගින් බේරාගනු ලැබේ.V-2 මිසයිලය ටොන් එකක පුපුරණ ද්‍රව්‍ය ශීර්ෂයකින් සමන්විත සේම මිනිත්තු 5කින් යුරෝපයේ සිට ඇමෙරිකාවට ළඟා විය හැකි සේ එය සැලසුම් කර තිබිණි.

දෙවන ලෝක සංග්‍රාමය අවසානයේදී ඇමෙරිකාව,බ්‍රිතාන්‍යය සහ සෝවියට් දේශය විසින් ජර්මනියේ අවි රැසක්,වැඩ අවසන් නොකල ව්‍යාපෘති සහ සැලසුම්වල පිටපත් මෙන්ම ව්‍යාපෘති භාරව සිටි ජර්මන් විද්‍යාඥයන් පවා අත්පත් කරගන්නා ලදි.අභ්‍යාවකාශ තරඟයේදී මෙලෙස අල්වා ගත් රොකට් තාක්ෂණවේදීන් සහ විද්‍යාඥයින් විශාල කාර්‍යභාර්යක් ඉටුකල අතර 1969 වසරේදී එක්සත් ජනපදයට මිනිසෙක් සඳ මතට ගෙනයාමට ඔවුන් විශාල සහයක් ලබා දුනි.



විශ්මිත අවි අංක - 07  Rocket-powered fighter plane රොකට් බලැති ප්‍රහාරක යානය


ජර්මානුවන්ගේ සමහරක් ගුවන් යානා සැලසුම් කඩදාසියකට පමණක් සීමා නොවි සංග්‍රාම සඳහාද යොදාගත්හ.නමුත් ඔවුන්ට යුද්ධය තමන්ට කැමති ලෙස වෙනස් කරන්නට හැකි යානා ප්‍රමාණයක් නිපදවන්නට නොහැකි විය.Messerschmitt Me 163 යනු දෙවන ලෝක යුද සමයේ පාවිච්චි කල රොකට් බලය යොදාගත් එකම ප්‍රහාරක යානයයි.නමුත් සංග්‍රාමයේදී මෙම යානයෙන් බිම හෙළීමට හැකි වුනේ සතුරු යානා සුලු සංඛ්‍යාවකි.

Messerschmitt Me 163

ප්‍රථම ටර්බෝජෙට් ප්‍රහාරක යානය වූයේ Messerschmitt Me 262  යි.එය පළමුවරට යුරෝපා අහසට පිවිසියේ 1944 වසරේදීය.නමුත් එය සංග්‍රාම භුමියට පැමිණියේ බොහෝ ප්‍රමාද වී නිසා යුද්ධයේ වෙනසක් ඇතිකරන්නට නොහැකිවිය.නමුත් මෙම ජර්මන් යානාවට තමන්ගේ යානා 100ක් පමණ බිලි දී සතුරු යානා 500කට වඩා වනසන්නට හැකි විය.

Messerschmitt Me 262

1944 වසරේ Dornier නම් සමාගම විසින් නිපදවූ මෙම යානයේ ඉදිරිපස සහ පිටුපස කෙළවරයන්හි අව අවරපෙති තිබේ.දෙවන ලෝක යුද සමයේ ජර්මනිය සතුව තිබූ වේගවත්ම පිස්ටන් එන්ජින් වලින් බල ගැන්වූ ගුවන් යානය මෙයයි.


Messerschmitt Me 262 යානයේ සාර්ථකත්වය නිසා දෙවන ලෝක සංග්‍රාමයේ අවසන් සමයේ වා උමං තුල පමණක් Focke-Wulf Ta-183 නම් ප්‍රහාරක ජෙට් යානය පරීක්ෂාවට ලක් කරන්නට ජර්මානුවන්ට හැකිවිය.කෙසේවුවත් මෙම යානයේ මූලාකෘතියක් 1945 වසරට පසුව ආර්ජන්ටිනාවේදී දියුණු කරන ලදි.රුසියාවේ MiG-15 යානා මෙම ජර්මන් යානය සහ ඒවාහි සැලසුම් පදනම් කරගෙන නිර්මාණය කල බව කිය වුනද රුසියානු ඉතිහාසඥයින් ඒවා ප්‍රතික්ෂේප කරති.


Focke-Wulf Ta-183

Bachem Ba 349 යනු පරීක්ෂණාත්මක මට්ටමේ තිබූ රොකට් බලැති අතුරුවාරකයකි(rocket-powered interceptor).මේ ඔස්සේ ජර්මානුවන් අදහස් කලේ අන්තරායදායි ගුවන් පථ ඔස්සේ කරන තිරස් ගුවන් ගත වීම වෙනුවට සිරස් සෘජු ගුවන් ගත කිරීමක් සිදු කිරීමටය.ජර්මනියේ අදහස වූයේ මිනිසෙක් රහිතව ගුවන් ගතවන මිසයිලයක් ලෙස මෙය යොදාගන්නටය.Bachem Ba 349 යානය යොදාගෙන සතුරු බෝම්බ හෙළන යානා විනාශ කිරීම අභිප්‍රාය විය.එසේ වුවද ඉලක්කයට ලඟාවූ විට යානයේ තිබෙන රොකට් මුදාහැරීමට නියමුවෙක් අවශ්‍ය විය.නියමුවාද මරණයට පත් පළමු සහ අවසන් පරීක්ෂණ ගුවන් ගමන 1945 මාර්තු මස සිදුවිය.

Bachem Ba 349

DFS 346 නම් වන මෙම අධිවේගී රොකට් බලැති පර්යේෂණ ගුවන් යානයේ මූලාකෘතිය ජර්මනිය යටත්වන තුරු ඔවුන්ට සම්පුර්ණ කරන්නට නොහැකි විය.නමුත් වසර කිහිපයකට පසුව සෝවියට් දේශය මෙම යානය නැවත නිපදවා සාර්ථකව පරික්ෂණ ගුවන් ගත කිරීම් කිහිපයක් සිදුකරන ලදි.


Heinkel He 162 යනු තනි එන්ජිමේ ජෙට් යානයකි.මෙම යානය නිපදවීමට වැඩි වශයෙන්ම දැව යොදාගෙන තිබේ.එම කාලයේදී යනු මුල් කාලීන ජෙට් යානා අතර වේගවත්ම එක විය.Heinkel He 162 යානය interceptor aircraft එකක් මෙන්ම dive-bomber වේ.මෙය කිසිම දිනෙක සංග්‍රාම භූමියට පියාසර කලේ නැත.


Heinkel He 162

Arado 234 යනු ලොව පලමු ජෙට් බලැති බෝම්බ හෙළන යානයි.එම කාල සමයේ එය අතිශය දියුණු යානයකි.Arado 234 යානය ස්වයංක්‍රීය නියමුවෙක්ගෙන්,හදිසි අවස්ථාවක නියමුවා යානයෙන් ඉවත් කරන ආසනයක් සහ ද්විත්ව ජෙට් එන්ජිම්වලින් සමන්විත විය.එය මිත්‍ර පාර්ශ්වික යානාවල ප්‍රහාරවලට ලක්නොවන්න තරම් වේගවත් විය.


Arado 234



විශ්මිත අවි අංක 08 - sub-orbital bomber - උප කක්ෂීය බෝම්බ හෙළන යානය


Silbervogel නමින් හැඳින්වූ මෙම යානයේ ඉංග්‍රීසි නාමය සිල්වර්බර්ඩ්ය.රොකට් බලයෙන් පියාසර කල හැකි උප කක්ෂීය බෝම්බ හෙළන යානයක් වූ මෙය වා උමං තුල පමණක් පරීක්ෂාවට ලක් කල කිසිදාක නිෂ්පාදනය නොකල යානයකි.කෙසේ නමුත් මෙය ස්පේස් ෂටලවල(Space Shuttle) පුර්වගාමියා ලෙස හැඳින්විය හැකිය.




1) Pressurized Cockpit
2) Oxidant Tanks
3) Fuel Tanks
4) High-Pressure Combustion Chamber of 100 Tons Thrust
5) Auxiliary Rocket Chambers
6) Wedge-Shaped Wing
7) Retracted Undercarriage
8) Free-Falling Bomb



1) Captive Rocket Booster of 600 Tons Thrust
2) Sänger Amerika Bomber of 100 Tons Thrust
3) 3 Km (1.9 miles) Long Monorail Track
4) Sled Carriage

මෙම යානයට අත්ලාන්තික් සාගරය හරහා ඇමෙරිකාවට රාත්තල් 8800ක බෝම්බයක් ගෙන ගොස් පැසිෆික් සාගරයේ ඔවුන්ගේ මිත්‍ර රාජ්‍යය වූ ජපානයට ගොඩ බැසිය හැකි යැයි විද්‍යාඥයින් විශ්වාස කරන ලදි.යානයට එතරම් දුර යාමට හැකියාව ලැබෙන්නේ එය සිදුකරන ලබන පැන්නීම් මාලාවක් ඔස්සේය.සැතපුම් 2ක් දිග රේල් පාරක් දිගේ රොකට් බලයේ උපකාරයෙන් පැයට සැතපුම් 1200ක වේගයක් ලබාගැනීමෙන් පසුව අහසට නගින යානය රොකට් එන්ජිම් ක්‍රියාත්මක කිරීමෙන් පැයට සැතපුම් 14,000ක් වේගයක් සැතපුම් නමයක් තුල ලබා ගන්නා අතර ඉන් පසු එය සෙමින් අපරිවර්තී ගෝලයට වැටේ.එහි ඇති ඉහළ වායු ඝනත්වය යානයට තම උස වෙත යළි ලඟාවීමට පොළා පැනීමක් ලබාදෙයි.සෑම අවස්ථාවකම පොලා පැනීමේ ප්‍රමාණය වැඩි වේ.නමුත් ජර්මන් තාක්ෂණවේදීන්ගේ අදහස් වූයේ යානය සැතපුම් 12000-15000ක් අතරදී කඩා වැටීමේ හැකියාව වැඩි බවයි.



විශ්මිත අවි අංක 09 - flying-wing bomber - වල්ග රහිත බෝම්බ හෙළන යානය


Horten Ho-IX යනු වර්ගයේ බෝම්බ හෙළන සහ ප්‍රහාරක යානයකි.මෙහි මූලාකෘති දෙවන ලෝක යුද්ධයේ අවසන් කාලයේ නිර්මාණය කරන ලදි.පහත දක්වා තිබෙන්නේ Gotha සහ Horten ව්‍යාපෘතීන්ය.




මුල් කාලීන හමුදා හෙලිකොප්ටර් ජර්මනිය විසින් නිපදවා මධ්‍යධරණී ප්‍රදේශයේ සේවයේ යොදවන ලදි.තවත් සුලු ප්‍රමාණයක් ඊජියන් සහ බෝල්ටික් මුහුදු ප්‍රදේශවලද පාවිච්චි කරන ලදි.Flettner 282 සහ Focke Achgelis 223(රූපයේ දක්වා ඇත) යන හෙලිකොප්ටර් මහා පරිමාණයෙන් නිපදවීමට අවස්ථාව නොලැබුණේ ඒවා නිෂ්පාදනය කල කර්මාන්තශාලා මිත්‍ර පාර්ශ්වික හමුදා විසින් බෝම්බ දමා විනාශ කල නිසාය.




විශ්මිත අවි 10 - Wind Cannon & Vortex Gun


ජර්මන් විද්‍යාඥයින් විසින් දියුණු කල පුදුමසහගත සංකල්පයන් සහ සොයා ගැනීම් වන්නේ,

-සුර්ය කාලතුවක්කුව(sun cannon)

-සුළි සුළං අවිය( vortex gun)

-අතිධ්වනි කාලතුවක්කුව(sound cannon)

-වා කාලතුවක්කුව (wind cannon)


සුර්ය තුවක්කුව(sun cannon) සතුව විශාල පරාවර්තකයක් තිබේ.එය සතුරු ගුවන් යානා දෙසට එල්ල කර විනාශ කිරීම මෙහි අරමුණයි.දෙවන ලෝක යුද සමයේ ජර්මන් විද්‍යාඥයින් පිරිසක් මෙවැනි අවියක් ගැන පර්යේෂණ සිදු කර තිබේ.ලෝහමය සෝඩියම් වලින් තැනූ වර්ග කි.මී. 9ක් වූ අතිවිශාල පරාවර්තකයක් අභ්‍යාවකාශයේ රැඳවීම ඔවුන්ගේ සැලසුම විය.ඉන් පරාවර්තනය වන සුර්යාලෝකය නගරයක් ගිනි තබා විනාශ කිරීමට තරම් ප්‍රබලබව සඳහන් වේ.යුද්ධය අවසානයේ පරික්ෂණ සඳහා නිපදවූ එම අවියේ ආදර්ශකයක් සොයාගන්නට ඇමෙරිකානුවන් සමත්වේ.එය යොදාගෙන යුද්ධය සමයේ හෝ ඉන් පසුකාලයේ පරීක්ෂණ සිදුකලේද යන්න අනාවරණයවී නැත.



vortex gun යනු වාතය කැළඹීමකට ලක් කර විශාල පරිමාණය ගුවන් යානා බිම හෙළීම සහ ඒවා කැබලි වලට කඩා දැමිමට භාවිතා කල හැකි අවියකි.මෙම අවියේ උණ්ඩයක මධ්‍යයේ ගල් අඟුරු දුහුවිලි සහ මන්දගාමීව දැවෙන පුපුරණ ද්‍රව්‍ය අඩංගුය.එයින් කෘත්‍රීම සුළි සුළඟක් හෝ ටෝර්නේඩෝ තත්ත්වයක් ඇති කිරීම අරමුණ විය.මෙම අවිය අත්හදා බැලීමේදී නියම තත්ත්ව යටතේදී හොඳින් ක්‍රියා කල බව සඳහන් වේ.ඉන් ඇති කරන පීඩනය ගුවන් යානාවල ව්‍යුහාත්මක දෝෂයන් ඇති කරන්නේද යන්න පැහැදිලි නැත.නමුත් යානාවල තටු මත ඉන් ඇති කරන තෙරපුම පෙනෙන හැටියට ඉතාම ඉහළය.එම ප්‍රබල තෙරපුම් බලයම යානයක් බිම හෙළීමට ප්‍රමාණවත්ය.නමුත් මිත්‍ර පාර්ශ්විකයන්ගේ වාසනාවකට නාසීන් මෙම අවිය සංග්‍රාමයේදී භාවිතා නොකලේය.

wind cannon අවිය නිපද වූයේ සම්පීඩිත වායුව යොදාගෙන ජෙට් යානා බිම හෙළීමටය.මෙම අවිය අමුතුම ස්වරූපයක් ගන්නා බව පහත රූපයෙන් පෙනේවි.අවිය පරීක්ෂා කිරීමේදි මි.මී. 25ක් ඝනකම දැවමය ලෑල්ලක් මීටර් 600ක් දුරට විසි කරන්නට සමත් විය.නමුත් ඉන් ගමන් කරන යානයකට කල හැකි හානිය යම් තැනක ස්ථිරව තිබෙන වස්තුවකට කල හැකි හානිය සමග සැසඳීම කල නොහැකිය.මේ නිසා සැලසුම් කල පරිදි එම අවියෙන් ප්‍රයෝජනයක් නොලැබිණි.යුද්ධය අවසන් වන සමයේ මෙම අවිය එල්ලෙන පාලමක අටවා තිබුණද ගුවන් යානා බිම හෙළීමට ඊට නොහැකි විය.



sound cannon අවියෙන් සිදු කිරීමට බලාපොරොත්තු වූයේ ඔක්සිජන් සහ මීතේන් පුපුරවා හැර නිකුත්වන ශබ්දයෙන් යම් අයෙක් මරා දැමීමයි.ඉතා ඉහල විස්තාරයක් සහිත ශබ්ද තරංගයක් මුදා හැරිය විට ඉන් මිලිබාර් 1000ක පීඩනයක් අඩි 150ක් දක්වා ඇතිකල හැකි අතර ඊට නිරාවරණය වීම මාරන්තික වේ.ඉතා දුරින් සිටින සෙබලෙක් තුල පවා මේ හේතුවෙන් විශාල වේදනාවක් ඇතිවන අතර ඔහු අප්‍රාණික ස්වභාවයකට පත් කරයි.මෙම අවිය සංග්‍රාමයේදී යොදා නොගත් අතර මිනිසුන් යොදාගෙන එය පරීක්ෂා කල බවක් හෝ සඳහන්ව නැත.අනෙක් ධ්වනික අවිය වූයේ විශාල කාලතුවක්කුවකින් අති ධ්වනි ශබ්ද තරංග කම්පනයක් ලෙස පාවිච්චි කර විශාල බෝම්බ හෙළන යානා විනාශ කිරීමයි.


මෙම අවි සියල්ල ඉතාම කෙටි කාල සීමාවක් තුල,බරපතල යුද තත්ත්වයක් යටතේ සැලසුම් කල සහ නිපදවූ ඒවාය.ජර්මනියේ විශිෂ්ඨත්වය කොතරම් දැයි සිතා ගන්නට මෙම අවි සහ තාක්ෂණයන්ම ප්‍රමාණවත් යැයි මා සිතමි.කෙසේ නමුත් ජර්මනිය දෙවන ලෝක සංග්‍රාමයේදී සංවර්ධනය කල සැලසුම් කල යානාවලින් ,අවිවලින් සහ තාක්ෂණයන්ගෙන් දියුණු කල බොහෝදෑ වර්තමානයේදී එක්සත් ජනපදය ඇතුලු රටවල් භාවිතා කරයි.



Source:Darkroastedblend.com

නාසි ජර්මනියේ විශ්මිත අවි - 2 නාසි ජර්මනියේ විශ්මිත අවි - 2 Reviewed by HarshaLulzSec on March 12, 2018 Rating: 5
Powered by Blogger.