අවසානයේදී පර්සියානු බොක්කට ප්‍රජාතන්ත්‍රවාදය පැමිණෙමින් තිබේ.
ඉරානය මෙල්ල කිරීමේ උවමනාවෙන් පසුවන ඊශ්‍රායලයේ මිත්‍ර රාජාණ්ඩු සහ එක්සත් ජනපදය සමග ඒකාබද්ධ ප්‍රයත්නයක කොටසක් වශයෙන් පර්සියානු බොක්ක අවට ඒකාබද්ධ මිසයිල ආරක්ෂණ පද්ධතියක් ස්ථාපනය කිරීමේ සැලැස්මක් ඊශ්‍රායලය විසින් නිවේදනය කලේය.
ඉරානය මෙල්ල කිරීමේ උවමනාවෙන් පසුවන ඊශ්‍රායලයේ මිත්‍ර රාජාණ්ඩු සහ එක්සත් ජනපදය සමග ඒකාබද්ධ ප්‍රයත්නයක කොටසක් වශයෙන් පර්සියානු බොක්ක අවට ඒකාබද්ධ මිසයිල ආරක්ෂණ පද්ධතියක් ස්ථාපනය කිරීමේ සැලැස්මක් ඊශ්‍රායලය විසින් නිවේදනය කලේය.
මෙම අදහස නිල මට්ටමෙන් නිවේදනය කරන්නේ ඊශ්‍රායලයේ ආරක්ෂක අමාත්‍යාංශයේ කොටසක් වන ඊශ්‍රායල මිසයිල ආරක්ෂක සංවිධානයේ ප්‍රධානියා විසිනි.මොෂේ පටෙල් එහිදී පවසා තිබුණේ,අනාගතයේදී තම පද්ධති දියත් කිරීමට සහ,ඒවා ගල්ෆ් රාජාණ්ඩු සතු ඊට සමාන පද්ධති සමග සමමුහුර්තනයට සූදානම් යැයි කියාය.
"ඉන්ජිනේරු දෘෂ්ඨි කෝණයෙන් බැලූ කල,මෙහි ලොකු වාසියක් තිබේ.මේ තොරතුරු බෙදා ගැනීමට පුලුවන්,අපිට සිටින්නේ එකම සතුරන් නිසා දෙපාර්ශ්වයේ රාජ්‍යයන්ගේ එක සමාන සංවේදක යෙදවිය හැකිය." යනුවෙන් පටෙල් ප්‍රකාශ කලේය.
"ඉන්ජිනේරු දෘෂ්ඨි කෝණයෙන් බැලූ කල,මෙහි ලොකු වාසියක් තිබේ.මේ තොරතුරු බෙදා ගැනීමට පුලුවන්,අපිට සිටින්නේ එකම සතුරන් නිසා දෙපාර්ශ්වයේ රාජ්‍යයන්ගේ එක සමාන සංවේදක යෙදවිය හැකිය." යනුවෙන් පටෙල් ප්‍රකාශ කලේය.
එක්සත් ජනපදයේ කලාපීය පාර්ශ්වකරුවන්ට අවසානයේදී ඊශ්‍රායලය සමග සබදතා සාමාන්‍යකරණය කරන්නට බල කිරීම හරහා මෑත කාලීනව ට්‍රම්ප් පරිපාලනය අත් කර ගත් රාජ්‍යතාන්ත්‍රික ජයග්‍රහණවල අඛණ්ඩ පැවැත්මක් වශයෙන් ඉහත නිවේදනය කල සැලැස්ම හැඳින්විය හැකිය.වසර ගණනාවක් තිස්සේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය,සෞදි අරාබිය සහ අනෙකුත් රාජාණ්ඩු රාජ්‍යයන් ආරක්ෂක,බුද්ධි තොරතුර සහ හමුදා ක්ෂේත්‍රවලදී ඊශ්‍රායලය සමග සහයෝගයෙන් ක්‍රියා කරති.දැන් ඉරානය සහ ඇමෙරිකා-ඊශ්‍රායල පක්ෂය අතර ශීතල යුද්ධය උත්සන්න වෙමින් තිබෙන විට,අවසානයේදී යතාර්ථය පිළිගැනීමට සිය මිත්‍ර රාජ්‍යයන්ට බල කරන්නට වොෂින්ටනය ක්‍රියා කලේ,ඉරානීය තර්ජනයට එරෙහිව සටන් කරන මුවාවෙන් පවතින සහයෝගීතාවය තවත් පුළුල් කිරීමේ අරමුණින් යුතුවයි.
ඊශ්‍රායලය නිර්මාණය කල ගුවන් ආරක්ෂක මිසයිල පද්ධති තුනක්
![]() |
| අයන් ඩෝම් මිසයිල පද්ධතිය - කෙටි/මැදි දුර මිසයිල විනාශ කිරීම සඳහා |
![]() |
| ඩේවිඩ්'ස් ස්ලින්ග් මිසයිල පද්ධතිය - මැදි දුර නියාමක මිසයිල විනාශ කිරීම සඳහා |
![]() |
| ඇරෝ මිසයිල පද්ධතිය - මැදි/දිගු දුර බැලස්ටික් මිසයිල විනාශ කිරීම සඳහා |
ඊළඟ මාස, මැදපෙරදිග ආරක්ෂක ප්‍රතිපත්තියේ සහ නූතන රාජ්‍යතාන්ත්‍රිකත්වයේ යථාර්තය සම්බන්ධව තවත් හෙළිදරවු කිරීම්වලට තුඩු දෙනු ඇත.එසේම ගල්ෆ් රාජාණ්ඩුවල ප්‍රතිපත්තියේ ප්‍රමුඛස්ථානය ඊශ්‍රායල නායකත්වයට හිමිවේවි.
සිය ප්‍රධාන අරමුණ වන ඉරානයේ වර්තමාන දේශපාලන අධිකාරය විනාශ කිරීමට,ට්‍රම්ප්ගේ නායකත්වයට යටතේ ඇමෙරිකාව ප්‍රමුඛ ඉරාන විරෝධී සන්ධානයේ වත්මන් ආකෘතියට තිබෙන නොහැකියාව සහ සමහර අවස්ථාවලදී නොකැමැත්ත,ඔහු බලය හැර ගිය පසුව එක්සත් ජනපදය,ඉරානය කෙරෙහි බලපවත්වන ප්‍රතිපත්ති වෙනස් නොකරනු ඇත.ඒ වෙනුවට ඉරානයට එරෙහි ව්‍යාපාරයේ ප්‍රමුඛ කාර්යභාර්යක් ටෙල් අවිව් රජය නැවත වරක් දරනු ඇත.ධවල මන්දිරයට එන ඩිමොක්‍රටික් පාලනතන්ත්‍රය යටතේ ඉරානීය ප්‍රශ්නය සම්බන්ධව එක්සත් ජනපදය මෘදු ප්‍රතිපත්තියක් අනුගමන කිරීම වැළැක්වීම,වර්තමාන තත්ත්වයන් යටතේ ඊශ්‍රායලයේ ක්‍රියාශීලී ස්ථාවරයේ ඉලක්කය වේවි.
තවදුරටත් ඉරානය සමග ගැටීම විනා,වෙනත් විකල්පයක් නොමැති තැනට එක්සත් ජනපදය තල්ලු කිරීමට අවශ්‍ය වාතාවරණයක් කලාපය තුල නිර්මාණය කිරීමට ඊශ්‍රායලය උනන්දුවක් දක්වයි.
source:southfront.org
ගල්ෆ් රාජාණ්ඩුවල ආරක්ෂාවට ඊශ්‍රායලය මැදිහත්වේ
Reviewed by HarshaLulzSec
on
December 18, 2020
Rating:
Reviewed by HarshaLulzSec
on
December 18, 2020
Rating:






No comments: