Support Our Blog

Shop on Daraz & help us create more content!

දකුණු සිරියාව ආක්‍රමණය කිරීමට හේතු සොයන ඊශ්‍රායලය

 growing-threat-prospects-of-israeli-invasion-of-syrias-unstable-southern-region
 රුසියානු හමුදාව සහ රුසියාවේ සහාය හිමි සිරියානු හමුදා සිරියා-ඉරාක දේශසීමාවේ සිය බලය වැඩි කරමින් සිටිති.

සතියකට අඩු කාලයක් තුලදී,රුසියානු හමුදා පොලිසිය අල්-බුකමල් හි ප්‍රාදේශීය මූලස්ථානයක් පිහිටුවන ලදි.රුසියානු හමුදාවට සම්බන්ධ සිරියානු හමුදාවේ 5 වන බලකාය මෑතකදී එම ප්‍රදේශයේ දේශසීමා මුරපොල ජාලයක් නිර්මාණය කලේය.මෙම පියවර ගනු ලැබුවේ,දේශසීමාවේ දැනට රැඳී සිටින ඉරානීය ප්‍රොක්සි හමුදා සහ ඉරාකයේ PMU නම් සන්නද්ධ කණ්ඩායම්වල සන්ධානය සමග සහයෝගයෙන් යුතුවයි.

අල්-බුකමල් නගරය පිහිටා ඇත්තේ,PMU ඒකකවල බලකොටුව වන අල්-කයිම් නගරයේ සිට කිලෝමීටර් 30 නොඅඩු දුරකින්ය.

දකුණු ඩීර් එසෝර් සහ දේශසීමාවේ රුසියානු හමුදාවල බලය වැඩි වීමෙන් පෙනී යන්නේ එම කලාපයේ ඉරාන ප්‍රොක්සි හමුදාවන්ගේ ඉවත්ව යෑම ආරම්භ වීමේ සලකුණක් යැ‍යි ඊශ්‍රායලයට පක්ෂපාතී මූලාශ්‍ර පවසති. එනමුත්,එතරම් ඉක්මණින් ඉරාන ප්‍රොක්සි හමුදා අල්-බුකමල් ප්‍රදේශයෙන් ඉවත් යනු ඇතැයි අනුමාන කල නොහැකිය.

ඉරාක-සිරියා දේශසීමාවේ රුසියානුවන් සිටීම අලුත් දෙයක් නොවේ.මන්ද මීට ඉහතදී ඩීර් එසෝර්,අල්-මයාඩීන් සහ අල්-බුකමල් නගර මුදා ගැනීමේ මෙහෙයුම්වලදී ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහි සටන් සඳහා රුසියානු හමුදාව වැදගත් භූමිකාවක් නිරූපණය කලේය.දැනට ක්‍රියාත්මක මධ්‍යම සිරියානු කාන්තාරයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහි මෙහෙයුම් සහ රුසියානු හමුදාව මෙම ප්‍රදේශයේ සිය ශක්තිය වර්ධනය කර ගැනීම අතර සම්බන්ධයක් තිබේ යන්න වඩාත් නිවැරදි අනුමානයකි.

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ අමාක් පුවත් සේවය මෑතකදී වාර්තා කර තිබුණේ,හමා පළාතේ සිය තිප්පොල වෙත සිරියානු රජයේ හමුදා එල්ල කල ප්‍රහාරයක් තමන් සාර්ථකව ව්‍යර්ථ කල බවයි.එහිදී සෙබලුන් තිදෙනෙක් මරා දමා,දසදෙනෙකුට තුවාල සිදු කර වාහනයක්ද විනාශ කලේ යැ‍යි එම පුවත් සේවය වාර්තා කර තිබිණි.මෙම කලාපය තුල ත්‍රස්ත ඉලක්ක වෙත එල්ල වන රුසියානු ගුවන් ප්‍රහාරද ඉහළ යමින් ඇතැයි සටන්කාමීන්ට පක්ෂපාතී මූලාශ්‍ර සඳහන් කරති.
 

 රටේ මැද කොටසේ ඉතිරිව තිබෙන ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ තර්ජනය දකුණු කොටසේ වාතාවරණයටත් ඝෘණාත්මක ලෙස බලපා තිබේ.කුනීට්‍රා සහ ඩාරා පළාත් ඊශ්‍රායලය සහ එහි ඔත්තු සේවාවල විනාශකාරී බලපෑම නිසා ක්‍රමයෙන් සිරියානු රජයේ පාලනයෙන් ගිලිහී යමින් තිබෙන බව පෙනේ.දකුණු සිරියාව යාබදව පිහිටා ඇති ඊශ්‍රායලය සිරියානු සිවිල් යුද්ධයේදී එම ප්‍රදේශයේ ක්‍රියාත්මක ත්‍රස්තවාදීන්ට ලබා දුන් ද්‍රව්‍යමය ආධාර සම්බන්ධ සාක්ෂි පවා පසුකාලීනව සොයා ගන්නා ලදි.සටන් විරාම ගිවිසුමක් හරහා දකුණු සිරියාවේ පාලනය සියතට ගැනීමට සිරියානු රජය සමත් වුවද එතැන් පටන් නොකඩවා රජයේ හමුදාව සහ නිලධාරීන් ඉලක්ක කර බෝම්බ පිපිරවීම් වාර්තා විය.සුන්නි බහුතරයක් සහිත දකුණු සිරියාව ෂියා සුලුතර සිරියානු රජයට එරෙහිව භාවිතා කිරීම ඊශ්‍රායලයට පහසු කාරණයකි.
 
 කලාපය තුල සාමය සහ සෞභාග්‍යය නැවත පිහිටුවීම යන්නට මුවා වී "අස්ථාවර" දකුණු සිරියාවට ඊශ්‍රායලයේ මැදිහත්වීමක් අවශ්‍ය යැ‍යි ඊශ්‍රායල මාධ්‍ය සහ ප්‍රතිපත්ති සම්පාදක ආයතන මෑත කාලීනව අදහසක් උලුප්පා දක්වමින් තිබීම මෙහි අලුත්ම ප්‍රවණතාවයකි.කාලයක් තිස්සේ මෙම කලාපය තුල සිදුවන රැක සිට පහරදීම්,මර උගුල්,බෝම්බ ප්‍රහාර,හමුදා නිලධාරීන් ඝාතන පිටුපස සිටින්නේ කවරෙක් දැයි දැන් සාධාරණ සැකයක් මතුවේ.ඉදිරි කාලයේදීද මෙම කලාපය තුල ඊශ්‍රායලය හමුදා සහ රහස් මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිරියාව අස්ථාවර කරනු අයුරු අපේක්ෂා කල හැකිය.
 
 
 
 
 
 source:southfront.org
 
 
දකුණු සිරියාව ආක්‍රමණය කිරීමට හේතු සොයන ඊශ්‍රායලය දකුණු සිරියාව ආක්‍රමණය කිරීමට හේතු සොයන ඊශ්‍රායලය Reviewed by HarshaLulzSec on December 19, 2020 Rating: 5

No comments:

Powered by Blogger.