ඔහායෝ පන්තියේ න්‍යෂ්ඨික සබ්මැරීනයක් වන යූඑස්එස් ජෝර්ජියා සහ යූඑස්එස් පෝර්ට් රෝයල් ,යූඑස්එස් පිලිපීන් සී යන නියාමක මිසයිල කෲසර් වර්ගයේ යුද නෞකා දෙක හෝර්මූස් සමුද්‍ර සන්ධිය පසුකරමින් පර්සියානු බොක්කට පිවිසි බව ඇමෙරිකානු නාවික හමුදාව දෙසැම්බර් මස 21දා නිවේදනය කලේය.
යූ එස් එස් ජෝර්ජියා නම් නියාමක මිසයිල සබ්මැරීනයට "ටොමහොක්" ගොඩබිම් ප්‍රහාරක කෲස් මිසයිල 154ක් රැගෙන යා හැකිය.මෙම සබ්මැරීනය,විශේෂ මෙහෙයුම් බලකා සෙබලුන් 66 දෙනෙක් දක්වා රැගෙන අවශ්‍ය පරිදි හැඩගැස්විය හැකිය.එවැනි මෙහෙයුම් සඳහා ඇමෙරිකානු නායකත්වයේ අවසරය ලැබේ නම්,ඉරාන වෙරළේ ඉලක්ක වලට හෝ ඉරාන නෞකාවලට පහරදීම සඳහා කඩාකප්පල්කාරීන්ගේ කණ්ඩායම් දියත් කිරීමේ හැකියාව මෙම සබ්මැරීනය සතුය.
පර්සියානු බොක්කට පිවිසි න්‍යෂ්ඨික සබ්මැරීනය ඇතුලු යුද නෞකාවල ඡායාරූප පෙළක් ඇමෙරිකානු නාවික හමුදාව මුදාහැර තිබේ
පර්සියානු බොක්ක ආශ්‍රිතව ඇමෙරිකානු යුද ශක්තිය මෙලෙස වර්ධනය වන්නට පටන් ගැනෙන්නේ මෑතකදී,ඉරානයේ ඉහළ පෙළේ න්‍යෂ්ඨික විද්‍යාඥයෙක් ටෙහෙරාන් අගනුවර ආසන්නයේදී ඝාතනයට ලක් වීමෙන් පසුවයි.දෙසැම්බර් මස 20දා ඉරාකයේ බැග්ඩෑඩ් නගරයේ හරිත කලාපය නම් අධි ආරක්ෂිත භූමි ප්‍රදේශයේ පිහිටා ඇති ඇමෙරිකානු තානාපති කාර්යාලයට රොකට් ප්‍රහාර 8ක් එල්ල විය.මෙම ප්‍රහාරයෙන් තානාපති කාර්යාලය ආසන්නයේ ගොඩනැගිලි සහ මෝටර් රථවලට හානි සිදු වී තිබිණි.මෙම ප්‍රහාරය ව්‍යර්ථ කිරීමට ඇමෙරිකානු හමුදාව සී-රැම් නම් ගුවන් ආරක්ෂක අවි පද්ධතිය භාවිතා කලේය.පේට්‍රියට් මිසයිල පද්ධතියට සමාගමීව සී-රැම් ගුවන් ආරක්ෂක පද්ධතිය 2020 වර්ෂයේ මුල් භාගයේ පටන් ඉරාකයේ ස්ථානගත කර තිබේ.
රොකට් පතිත වීමෙන් ගොඩනැගිලි සහ මෝටර් රථවලට හානි සිදු වී ඇති අයුරු
බලාපොරොත්තු වූ පරිදිම,මෙම ප්‍රහාරය පිටුපස ඉරාන ප්‍රොක්සි හමුදා සිටින්නේ යැයි ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ දොස් පැවරීය.ජෙනරල් කසෙම් සොලෙයිමානි ඝාතනයේ පළමු සංවත්සරය මුල් කරගෙන ඉරානය,කලාපයේ ඇමෙරිකානු ඇලුම්කම්වලට සංකේතාත්මක ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සහ නිර්නාමික මුලාශ්‍ර අදහස් පළ කරති.ඉරානයට එරෙහිව අලුත් වටයක සක්‍රීය ක්‍රියාමාර්ග ගැනීම සඳහා,ට්‍රම්ප් පරිපාලනය එවැනි ආකාරයේ ප්‍රහාරයක් හෝ එවැනි ප්‍රහාරයක් එල්ල වීමේ "හැකියාව" හේතුවක් වශයෙන් භාවිතා කල හැකිය.
source:southfront.org
ඉරාන-ඇමෙරිකා සීතල යුද්ධය:පර්සියානු බොක්කට ඇමෙරිකානු න්‍යෂ්ඨික සබ්මැරීනයක්
Reviewed by HarshaLulzSec
on
December 23, 2020
Rating:
Reviewed by HarshaLulzSec
on
December 23, 2020
Rating:












No comments: