අගෝස්තු මස 17 දා ඉඩ්ලිබ් හි එම් 4 මහා මාර්ගය ඔස්සේ තුර්කි සහ රුසියානු හමුදා සිදු කල මුර සංචාරයක් ඉලක්ක කර පිපිරීමක් සිදු විය.එහි ඉලක්කය වූයේ තුර්කි සන්නද්ධ රථයකි.
මුල්ම වාර්තාවලට අනුව එය මර උගුලකි.සමහර විට රොකට් ප්‍රචාලන බෝම්බයක් එසේත් නැත්නම් ප්‍රහාරයක් වන්නටද ඉඩ තිබේ.
තුර්කි සන්නද්ධ රථය ප්‍රහාරයේ ඉලක්ක බවට පත් වන අයුරු
පිපිරීම සිදු වූයේ පසුගිය අරිහා නගරය ආසන්නයේදීය.ජූලි මාසයේදී මුර සංචාරක රථ පෙළක් ඉලක්ක කර කාර් බෝම්බ ප්‍රහාරයක් එල්ල වූයේද මේ ප්‍රදේශය යැයි සඳහන් වේ.
ඉඩ්ලිබ් පළාත තුල සහ ඇලෙපෝ නගරය අවට මෙවැනි මර උගුල් ඉවත් කිරීමේ කිරීමේ කටයුතු සිදු වෙමින් ඇත.අගෝස්තු මාසයේ 17දා දක්වා මර උගුල් ගණනාවක් සොයා ගෙන නිෂ්ක්‍රීය කර තිබේ.
අගෝස්තු 17දා පිපිරීමේ සමීප දර්ශනයක්
වෙළඳ සැලකින් සොයා ගත්තේ යැයි කියන බෝම්බයක්
ඉඩ්ලිබ් සහ උතුරු ඇලපෝ ප්‍රදේශවලින් සොයා ගත් බෝම්බ.ඇණ සහ පොට ඇණ සඳහා යොදා ගන්නා අගුල් මේ බෝම්බ සඳහා විශාල වශයෙන් භාවිතා කරන්නේ ජීවිත හානි සහ තුවාලකරුවන් වැඩි කිරීමටයි.
ඉඩ්ලිබ් හි ප්‍රදේශවල ත්‍රස්තවාදයට එරෙහිව ඵලදායි ක්‍රියාමාර්ග ගැනීමෙන් වැළකී සිටීමට තුර්කිය ආරම්භයේ සිට ක්‍රියා කිරීමේ ඵලවිපාක ලෙස මෙවැනි ප්‍රහාර හැඳින්විය හැකිය.
මෙම ප්‍රදේශවල හයාට් ටරිර් අල්-ෂාම් සහ අනෙකුත් ත්‍රස්තවාදී කණ්ඩායම් රැඳී සිටින තාක් කල් මෙවැනි ප්‍රහාර දිගටම එල්ල වනු ඇත.
ත්‍රස්තවාදීන්ගෙන් ඉඩ්ලිබ් ඇතුලු ප්‍රදේශ මුදා ගන්නා තෙක් දේශපාලන විසඳුමකට යෑම බලාපොරොත්තු විය නොහැකිය.
මධ්‍යස්ථ විපක්ෂය යන මිත්‍යාව මුලුමනින්ම අභාවයට ගොස් ඇති මොහොතක,ඉඩ්ලිබ් අවට සිය බලපෑම තත්ත්ව දුරටත් පවත්වාගෙන යෑම සඳහා තමන් වෙත පහර දෙන ත්‍රස්තවාදීන් යම් තරමකින් හෝ සහාය ලබාදීම හැර වෙනත් විකල්පයක් තුර්කි රජයට නැත.
සිරියාවේ හටායි පළාත තුර්කිය විසින් ඈදා ගත්තා සේ ඉඩ්ලිබ් අවට ප්‍රදේශයද අනියමින් හෝ තුර්කියේ පාලනයට නතු කර ගැනීමේ අවශ්‍යතාවයකින් තුර්කි ජනපති රිසෙප් ටයීප් එර්ඩොගන් පෙළේ.
source:southfront.org
ඉඩ්ලිබ් හි රුසියා-තුර්කි මුර සංචාරක රථ පෙළකට තවත් ප්‍රහාරයක්
Reviewed by HarshaLulzSec
on
August 18, 2020
Rating:
Reviewed by HarshaLulzSec
on
August 18, 2020
Rating:









No comments: