Support Our Blog

Shop on Daraz & help us create more content!

ඔත්තු බැලීමේ ක්ෂුද්‍ර රොබෝවන් මෙහෙයුම් සඳහා භාවිතා කිරීම ඇමෙරිකානු ගුවන් හමුදාව ආරම්භ කරයි


සිය මෙහෙයුම් සඳහා ක්ෂුද්‍ර රොබෝවන් භාවිතා කිරීම ආරම්භ කලේ යැ‍යි එක්සත් ජනපද ගුවන් හමුදාව අගෝස්තු 12දා වාර්තා කලේය.

ත්‍රෝබොට් නමින් හඳුන්වන විසි කල හැකි රොබෝව එලෙස භාවිතා කරන එක් රොබෝවකි.මෙම රොබෝවට ගෘහස්ථ හෝ එළිමහනේ ඔත්තු බලමින් ශ්‍රව්‍ය සහ දෘෂ්‍ය මාධ්‍ය දත්ත සිය මෙහෙයුම්කරුගේ පාලන ඒකකය වෙත සම්ප්‍රේෂණය කල හැකිය.එය දැනට 96 වන ආරක්ෂක බලකා බලඝනයේ යුදෝපකරණ වට්ටෝරුවේ අඩංගුය.ත්‍රෝබොට්ගේ ඉදිරිපස තිබෙන කැමරාව හරහා එය දකින දර්ශනය මෙහෙයුම්කරුවාට දැක ගන්නට අවස්ථාව ලැබේ.ඔහු සතු පාලන ඒකකයේ,ක්ෂුද්‍රරොබෝවා හැසිරවීමට අවශ්‍ය උපාංග,සම්ප්‍රේෂණය කරන වීඩියෝව දැක ගැනීමට දර්ශන පථයක් සහ දත්ත සම්ප්‍රේෂණයට ඇන්ටෙනාවක් අන්තර්ගතය.රොබෝව එවන වීඩියෝව බාහිර දර්ශන පථයක් වෙත යොමු කල හැකිය.
 
ත්‍රෝබොට් රොබෝව සහ පාලන ඒකකය

එග්ලන් ගුවන් හමුදා කඳවුරේ 96 වන ආරක්ෂක බලකා බලඝනය ත්‍රෝබොට් රොබෝව දැනට සිය මෙහෙයුම් සඳහා භාවිතා කරයි.

හදිසි ප්‍රතිචාර කණ්ඩායමකට යම් ස්ථානයකට ආරක්ෂිතව ඇතුල් වීමෙ හැකියාව මේ උපංගය හරහා ලබාදෙයි.එමගින් ස්ථානයේ වාතාවරණය සම්බන්ධව දැනුවත් වීමක් ඇතිව තීරණ ගැනීමටත්,ජීවිත සහ දේපළ රැකගැනීමටත් මඟ විවර කරයි.

ත්‍රෝබොට් රොබෝව සහ පාලන ඒකකය

දැනට මෙම රොබෝව භාවිතා කරන ගුවන් හමුදා බලඝනයේ ලියොන් ග්‍රේ පැවසුවේ,ඔහුට ත්‍රෝබොට් රොබෝව භාවිතා කරන අයුරු මිනිත්තු පහකින් ඉගෙන ගැනීමට හැකි වූ බවයි.

ත්‍රෝබොට් රොබෝව - ඉදිරිපස සහ පසුපස පෙනුම

අඩි 30 උසක සිට පතිත වුවද ත්‍රෝබොට් රොබෝව නොනැසී පවතින අතර විවිධ පරිසරයන්හි එය විසි කිරීමට හැකි අයුරින් නිර්මාණය කර තිබේ.රාත්තල් කිහිපයක් බර උපාංග රැගෙන යාමට සහ ඇදගෙන යෑමට මෙම රොබෝවට හැකිය.




ජූලි පළමුවෙනිදා අයිස්පාක් හමුවකදී ත්‍රෝබොට් රොබෝව ගුවන් හමුදාවේ සේවයට එක් කර ගැනීමේ සැලසුම ඉදිරිපත් කල අතර,ඉන් දින නමයකට පසුව රොබෝවට අනුමැතිය ලබා දී මිල දී ගන්නා ලදි.

ප්‍රාණඇපකරු සිද්ධියකදී ත්‍රෝබොට් වැනි රොබෝවක් ප්‍රයෝජනවත් වේ.ගොඩනැගිල්ලක් ඇතුලත තිබෙන තර්ජන හඳුනා ගැනීම,ප්‍රාණඇපකරුවන්ගේ පැවැත්ම තහවුරු කර ගැනීම සහ කාමරයක සැලැස්ම දැක ගැනීම ආදිය එය භාවිතා කල හැකිය.

වාහන යට පරීක්ෂා වැනි,කඳවුරක පිවිසුම් දොරටුවකදී අනුගමනය කරන ප්‍රති-ත්‍රස්ත ක්‍රියාමාර්ග මැනවින් සිදු කරන්නට මෙවැනි රොබෝවක් අතිශය වැදගත්ය.

ත්‍රෝබොට් රොබෝව Rainbow Six Siege යන වීඩියෝ ක්‍රීඩාවේ දැකගත හැකිය.


සාමාන්‍ය රොබෝවක් භාවිතා කල නොහැකි තත්ත්ව,ස්ථාන වලදී ත්‍රෝබොට් ප්‍රයෝජනවත්ය.උඩුමහලේ කාමරයක් ගැන ඔබේ ඇස යොමු කර සිටීමට අවශ්‍ය නම් ත්‍රෝබොට් රොබෝව තරම් සුදුස්සෙක් නැත.

එක්සත් ජනපදයේ විශේෂ අවි සහ උපායමාර්ග කණ්ඩායම්වල සාමාජිකයන් පවසන පරිදි අලුත් රොබෝව,බරින් වැඩි යුද ටැංකි වැනි රොබෝවන්ට වඩා පහසුවෙන් සහ භයානක වාතාවරණයක් ගැඹුරට ගොස් භාවිතා කල හැකිය.





source:southfront.org


ඔත්තු බැලීමේ ක්ෂුද්‍ර රොබෝවන් මෙහෙයුම් සඳහා භාවිතා කිරීම ඇමෙරිකානු ගුවන් හමුදාව ආරම්භ කරයි ඔත්තු බැලීමේ ක්ෂුද්‍ර රොබෝවන් මෙහෙයුම් සඳහා භාවිතා කිරීම ඇමෙරිකානු ගුවන් හමුදාව ආරම්භ කරයි Reviewed by HarshaLulzSec on August 17, 2020 Rating: 5

No comments:

Powered by Blogger.