අගෝස්තු මස 18දා එක්සත් ජනපදයට අයත් MQ-9 රීපර් වර්ගයේ සංග්‍රාමික ඩ්‍රෝන් යානයක් සිරියාවේ ඉඩ්ලිබ් පළාතට කඩා වැටිණි.මුලදී සටන්කාමීන්ට පක්ෂපාතී මුලාශ්‍ර පැවසුවේ ඔවුන් රුසියානු ගුවන් හමුදාවට අයත් ඩ්‍රෝන් යානයක් බිම හෙළු බවයි.එනමුත් බිම් මට්ටමින් ලැබෙන වීඩියෝ සහ ඡායාරූපවලින් පැහැදිලිව පෙනෙන කරුණ වන්නේ ඔවුන් බිම හෙළා තිබෙන්නේ MQ-9 රීපර් වර්ගයේ ඩ්‍රෝන් යානයක් බවයි.
ඩ්‍රෝන් යානය කඩා වැටෙන අයුරු
පෙනෙන හැටියට තුර්කිය හෝ තුර්කියට පක්ෂපාතී සටන්කාමීන් විසින් සිය නේටෝ සාමාජික රාජ්‍යයකගේ සංග්‍රාමික ඩ්‍රෝන් යානයක් බිම හෙළා තිබේ.වයඹදිග සහ උතුරු සිරියාවේ සිටින සිය ආදරණීය අල්කයිඩා ප්‍රොක්සි හමුදාවන් ඉලක්ක කර එක්සත් ජනපදය නිතරම ඩ්‍රෝන් ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධව අන්කාරා රජය කෝපයෙන් පසුවන බවට සැකයක් නොමැත.
![]() |
| ඩ්‍රෝන් යානය කඩා වැටෙන අයුරු |
මෙහිදී විශේෂයෙන් සඳහන් කල යුත්තේ පසුගිය දිනෙක දකුණු ඉඩ්ලිබ් හි තුර්කි-රුසියා ඒකාබද්ධ මුර සංචාරයක් ඉලක්ක කර බෝම්බයක් පුපුරවා හැරීමට ප්‍රතිචාර ලෙස රුසියානු ගුවන් හමුදාව ප්‍රහාර එල්ල කල ප්‍රදේශයේදීම මෙම ඩ්‍රෝන් යානයත් කඩා වැටීමයි.
බිම ඇද වැටුණු ඩ්‍රෝන් යානය ගිනි ගෙන දැවෙන අයුරු
ඩ්‍රෝන් යානයේ සුන්බුන් විසිරී තිබෙන අයුරු
දෙවන ඩ්‍රෝන් යානයකුත් ඉඩ්ලිබ් හි තවත් ප්‍රදේශයකට කඩා වැටුණු බවට වාර්තා පළවේ.කඩා වැටුණු තවත් ඩ්‍රෝන් යානයක යැයි සැලකෙන සුන්බුන් පෙන්වන වීඩියෝවක්.
සමහරක් මූලාශ්‍ර පවසන පරිදි බොහෝවිට රුසියානු සෑම් මිසයිල ප්‍රහාරයක් නිසා ඩ්‍රෝන් යානය කඩා වැටුණු බවයි.මෙම අනුමානය තහවුරු වුවහොත්,රීපර් ඩ්‍රෝන් යානය බිම හෙළා තිබෙන්නේ රුසියානු හමුදාව හෝ ඔවුන්ගේ සිරියානු මිත්‍රයන් යැයි කිය හැකිය.
![]() |
| කඩා වැටුණු ඩ්‍රෝන් යානයේ සහ MQ-9 ඩ්‍රෝන් යානයක අවරපෙති සංසන්දනය |
යාවත්කාලීන කිරීම
ඇමෙරිකානු ආරක්ෂක අංශ බලධාරීන් උපුටා දක්වමින් මිලිටරි ටයිම්ස් වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ එක්සත් ජනපදයට අයත් ඩ්‍රෝන් යානා දෙකක් සිරියාවට ඉහළ අහසේදී එකිනෙක ගැටුණු බවයි.
ප්‍රහාර එල්ල කිරීම හැරුණු කොට,ඔත්තු බැලීම සහ බුද්ධි තොරතුරු රැස් කිරීම් ආදී කටයුතු සඳහාද ඊපර් යානා භාවිතා කෙරේ.කෙසේවෙතත් අනතුරට පත් ව තිබෙන්නේ කිනම් වර්ගයක ඩ්‍රෝන් යානයක්ද යන්න ඇමෙරිකානු බලධාරීන් පවසා නොමැත.
source:southfront.org
ඇමෙරිකානු ප්‍රහාරක ඩ්‍රෝන් යානයක් සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රදේශයට කඩා වැටෙයි
Reviewed by HarshaLulzSec
on
August 19, 2020
Rating:
Reviewed by HarshaLulzSec
on
August 19, 2020
Rating:











No comments: