ඩැමැස්කස් රජයට සහාය පළ කරන අල්-කුඩ්ස් බ්‍රිගේඩය නම් පලස්තීන කණ්ඩායම මැයි 19දා නැගෙනහිර හෝම්ස් හි පිරික්සුම් මෙහෙයුමක් සිදු කලේය.
මෙම මෙහෙයුමේදී හරිබ්ෂි සහ ෆයිඩාට් උම් මුයිනියා අතර විශාල ප්‍රදේශයක් සෝදිසි කරන ලදි.ජල මූලාශ්‍රවලින් පොහොසත් මෙම ප්‍රදේශය ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ තිප්පොලවල බලපෑමට ලක් වූ භූමි භාගයකි.ත්‍රස්තවාදීන් දමා ගිය උපකරණ,වාහන කිහිපයක් මෙහිදී සොයා ගත් අතර ඒවා විනාශ කර දැමීය.
ඊට දිනකට පෙර ජාතික ආරක්ෂක බලකා නිවේදනය කලේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් අතුගා දැමීම සඳහා අතිරේක භට පිරිස් අල්-බඩියා(මධ්‍යම කාන්තර ප්‍රදේශය) වෙත යවන බවයි.
සිරියානු හමුදාව සහ ලිවා අල්-කුඩ්ස්(සිරියානු රජයට පක්ෂපාතී පලස්තීන් සටන්කාමී කණ්ඩායමක්)කණ්ඩායම අමතර් භට පිරිස් රක්කා පළාතේ සිට ඩීර් එසෝර් පළාත වෙත යවා ඇත.ඒ ඉදිරියේ පැවැත්වෙන ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහි මෙහෙයුම්වලට සහභාගී වීම සඳහාය.
හෝම්ස් කාන්තාරයේ ක්‍රියාත්මක ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ කුඩා කණ්ඩායම් පසුගිය සමයේ සිය ප්‍රහාර උත්සන්න කලහ.පසුගිය සතියේදී ත්‍රස්තවාදීන් හෝම්ස්-ඩීර් එසෝර් මාර්ගයේ ව්‍යාජ මුරපොලක් පිහිටුවා ඒ හරහා ගමන් කල සිවිල් වැසියන් සහ සිරියානු සෙබලුන් අල්ලාගෙන ඝාතනය කලහ.
නැගෙනහිර හෝම්ස් හි වර්ධනය වන ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ තර්ජනය මැඩපැවැත්වීමට මෙම ආරක්ෂක මෙහෙයුම් සහ අමතර භට පිරිස් උපකාරී වේවි.එනමුත් මධ්‍ය සිරියාව මුලුමනින්ම ත්‍රස්තවාදීන්ගෙන් තොර භූමියක් කිරීම සඳහා මීට වඩා විශාල ප්‍රයත්නයක් දැරීමට සිදුවේ.
source:southfront.org

සිරියාව:නැගෙනහිර හෝම්ස් හි ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහි මෙහෙයුම්
Reviewed by HarshaLulzSec
on
May 22, 2020
Rating:
Reviewed by HarshaLulzSec
on
May 22, 2020
Rating:

No comments: