Support Our Blog

Shop on Daraz & help us create more content!

ඊජිප්තුව:සිනායි අර්ධද්වීපයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයකින් පස්දෙනෙක් මරුට


ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් මැ‍යි 18දා ඊජිප්තුවේ සිනායි අර්ධද්වීපයට එල්ල කල කෲර ප්‍රහාරයකින් පුද්ගලයින් පස්දෙනෙක් මිය ගොස් 13දෙනෙක් තුවාල ලබා ඇත.

රජයේ හමුදාවන්ට සහාය පළ කරන ගෝත්‍රික සන්ධානයක් වන සිනායි ගෝත්‍ර සංගමය නිකුත් කල නිල ප්‍රකාශයේ සඳහන් පරිදි උතුරු සිනායි හි අල්-ෂෙයික් සුවයිඩ් නගරයේ නැගෙනහිර දෙසින් පිහිටා ඇති අල්-අජලින් නගරයට හොඳින් සන්නද්ධ ත්‍රස්තවාදීන් කණ්ඩායමක් පහරදී තිබේ.

නගරයට කඩා වැදීමෙන් පසුව ත්‍රස්තවාදීන් සිවිල් වැසියන්ට දිගට හරහට වෙඩි තැබූහ.අවසානයේදී ප්‍රාදේශීය සටන්කරුවන්ගේ පැමිණීමත් සමග ත්‍රස්තවාදීන් නගරයෙන් පළා ගිය බව සඳහන් වේ.

අල්-අජලින් නගරයේ මූලාශ්‍රවලට අනුව ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් නගරයට පහරදී තිබෙන්නේ සිවිල් වැසියන්ගේ නිවාස කොල්ල කෑම සඳහාය.මේ සඳහා පැමිණි ප්‍රහාරකයන් ගණන අවම වශයෙන් දස දෙනෙකි.

මැයි මස 20දා ත්‍රස්තවාදීන්ගේ අමාක් පුවත් සේවය මෙම ප්‍රහාරයට අදාල ඡායාරූප පෙළක් නිකුත් කර තිබිණි.ප්‍රහාරයේ ඉලක්කය වූයේ අල්-අජලින් නගරයේ සිවිල් වැසියන්ගෙ නිවාස කොල්ලකෑ ඊජිප්තු සන්නද්ධ හමුදාවේ දේශසීමා ආරක්ෂකයන් යැ‍යි වැරදි තොරතුරක් ත්‍රස්ත කණ්ඩායම සිය වාර්තාවේ සඳහන් කර ඇත.



 





මෙම ප්‍රහාරයෙන් පසුව අල්-අජලින් නගරයෙන් පිටත ප්‍රදේශයට ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල විය.

ඊජිප්තු රජයේ හමුදා සිනායි අර්ධද්වීපයේ නිරන්තරයෙන් ත්‍රස්ත විරෝධී මෙහෙයුම් සිදු කරති.




source:southfront.org


ඊජිප්තුව:සිනායි අර්ධද්වීපයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයකින් පස්දෙනෙක් මරුට ඊජිප්තුව:සිනායි අර්ධද්වීපයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයකින් පස්දෙනෙක් මරුට Reviewed by HarshaLulzSec on May 22, 2020 Rating: 5

No comments:

Powered by Blogger.