තුර්කිය උතුරු දිග සිරියාව තුල සිය යුද ශක්තිය වර්ධනය කර ගනිමින් සිටියි.
මීට පෙර අන්කාරා සහ වොෂින්ටන් රජයන් විසින් ඇති කර ගත් ආරක්ෂිත කොරිඩෝර එකඟතාවයට අනුව තුර්කි සහ ඇමෙරිකානු හමුදා නැගෙනහිර යුප්‍රටීස් ප්‍රදේශයේ සිය පළමු ඒකාබද්ධ මුර සංචාරය සැප්තැම්බර් මස 8 වනදා සිදු කරන ලදි.මුර සංචාරය සඳහා අවම වශයෙන් තුර්කි හමුදා රථ හයක් සහ ඒවා හි සහාය පිණිස ඩ්‍රෝන් යානා කිහිපයක්ද සහභාගී විය.මුර සංචාරය ටෙල් අබ්යාඩ් සහ රාස් අල්-අයින් යන ප්‍රදේශ අතර සිදුකෙරිණි.
ඊට ප්‍රථමයෙන්,ඇමෙරිකානු ප්‍රොක්සි හමුදාවක් සහ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා නමින් හඳුන්වන කුර්දි සටන්කාමීන් ආරක්ෂිත කොරිඩෝරයට අදාල ප්‍රදේශයේ සිය ආරක්ෂක පස් බැමි,ඉදි කිරීම් සහ යුදෝපකරණ ඉවත් කර ගත්හ.
මුර සංචාරයට සහභාගී වූ ඇමෙරිකානු සහ තුර්කි හමුදා
ඒකාබද්ධ මුර සංචාර ආරම්භ කිරීම සහ තුර්කි-සිරියා දේශසීමාවෙන් කුර්දි යුදෝපකරණ ඉවත් කර ගැනීම අන්කාරා රජය ලැබූ රාජ්‍යතාන්ත්‍රික ජයග්‍රහණයකි.සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා හි හරය වන කුර්දි සන්නද්ධ කණ්ඩායම් ත්‍රස්තවාදී සංවිධානයක් මෙන්ම සිය රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් යැයි තුර්කිය පවසයි.
ඒ අතරතුර ඉඩ්ලිබ් හි නිරිතදිග කොටසේ සර්මන් නගරය ආසන්නයේ පිහිටුවා ඇති සිය නිරීක්ෂණ මුරපොල,අවම වශයෙන් සන්නාහ සන්නද්ධ රථ හතරක් වත් යොදාගෙන ශක්තිමත් කරන ලදි.මුරපොල අස්තානා සාකච්ඡා යටතේ පසුගිය වර්ෂයේදී පිහිටුවන ලද සර්මන් මුරපොල දොළහෙන් එකකි.දකුණුදිග ඉඩ්ලිබ් හි විශාලතම ජනාවාසය වන මරාට් අල්-නුමන් හි සිට කිලෝමීටර් පහළොවක් නිරිතදිගින් මුරපොල පිහිටුවා ඇත.සිරියානු අරාබි හමුදාව යුද මෙහෙයුම් නැවත ආරම්භ කල හොත් ඔවුන්ගේ ප්‍රධානතම ඉලක්ක වන්නේ මරාට් අල්-නූමන් ප්‍රදේශය යැයි රජයට පක්ෂපාතී මූලාශ්‍ර බොහොමයක් පවසයි.අලුත් සටන් විරාමය වැඩි කාලයක් බලපවත්වනු ඇතැයි අන්කාරා රජය අපේක්ෂා නොකරන නිසා තුර්කිය සිය මුරපොල ශක්තිමත් කිරීමට තීරණය කරන්නට ඇතැයි සිතිය හැකිය.
තුර්කිය විසින් අල්ලාගෙන සිටින උතුරු ඇලපෝ ප්‍රදේශයේ ඉදිරි ආරක්ෂක වළල්ල වෙත ඉරාන ප්‍රොක්සි හමුදා කැඳවා ඇතැයි වාර්තා වේ.වාර්තාවල සඳහන් පරිදි ඉරාන ප්‍රොක්සි හමුදා කණ්ඩායම් මර්නාස් නගරයේ සහ මිනාක් ගුවන් හමුදා කඳවුර ආසන්නයේ ස්ථානගත කර තිබේ.
මර්නාස් නගරය සහ මිනාක් ගුවන් හමුදා කඳවුර සිරියානු හමුදාව සහ කුර්දි මහජන ආරක්ෂක ඒකක විසින් ඒකාබද්ධව පාලනය කරනු ලැබේ.රුසියානු හමුදා පොලිසියේ ඒකක කිහිපයක්ද ඒ ආසන්න ප්‍රදේශයේ යොදවා ඇත.
සිරියානු ගුවන් ආරක්ෂක බලකා උතුරුදිග හමා හිදී ඩ්‍රෝන් යානා කිහිපයක් බිම හෙළයි
වයඹදිග හමා හි සිය කඳවුරු ඉලක්ක කරගෙන පැමිණි සන්නද්ධ ඩ්‍රෝන් යානා තුනක් බිම හෙළන්නට සිරියානු අරාබි හමුදාව සැප්තැම්බර් මස 6 දා සමත් වුයේය.හමුදාවේ නිල නිවේදනයට අනුව සිරියානු අරාබි ගුවන් ආරක්ෂක බලකා ගුවනේදී ඩ්‍රෝන් යානා දෙකක් විනාශ කර අනෙක් යානය බිම හෙළීය.
බිම හෙළු යානයේ ඡායාරූපවලින් පෙනෙන්නේ,රුසියානු මෙයිමිම් ගුවන් හමුදා කඳවුරට පහරදීම සඳහා නිරන්තරයෙන් භාවිතා කරන ඩ්‍රෝන් යානාවලට එය සමාන බවයි.මෙම මාදිලියේ ඩ්‍රෝන් යානා නිපදවීම සහ මෙහෙයවීම සිදු කරන්නේ අල්කයිඩාවට සම්බන්ධ හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායමයි.
ඩෙන්මාර්කයෙන් සිරියාවට හමුදා එවීමේ සූදානමක්
ඊසානදිග සිරියාවේ ඇමෙරිකාව ප්‍රමුඛ සන්ධානයේ මෙහෙයුම් සඳහා සහාය වීමට සිය සෙබලුන් වීමට සූදානම් යැයි ඩෙන්මාර්කය පැවසුවේ විශ්මය දනවන පියවරක් තබමින්ය.
සිරියාවට එවන සෙබලුන් සමග යුද නෞකාවක්,වෛද්‍ය කණ්ඩායමක්,සංග්‍රාමික භට කණ්ඩායමක් සහ ෆයිටර් ජෙට් යානා හතරක් ඇතුලත් බව ඩෙන්මාර්කයේ අගමැති මෙටේ ෆ්‍රෙඩ්රික්සන් පැවසීය.පෙන්ටගනය ඔහුගේ නිවේදනය පිළිගනිමින් කියා සිටියේ ඩෙන්මාර්ක් සෙබලුන් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහි සටන් සඳහා සහභාගී වනු ඇති බවයි.
ඇමෙරිකාව ප්‍රමුඛ සන්ධානය සඳහා සිය දායකත්වය වැඩි කිරීමට වොෂින්ටනය නේටෝ රටවලට බල කරන්නේ යැයි වාර්තා කිහිපයක්ම අනාවරණය කර තිබිණි.
2014 වර්ෂයේදී පිහිටුවන ලද ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානයට එරෙහි සන්ධානයේ සාමාජිකයෙක් ලෙස ඩෙන්මාර්කය කටයුතු කර තිබේ.සිරියාවේ ඩීර් එසෝර් නගරය ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගෙන් ආරක්ෂා කරමින් සිටි සිරියානු සෙබලුන්ට 2016 වර්ෂයේදී එල්ල කල කුප්‍රකට ගුවන් ප්‍රහාරය සඳහා ඩෙන්මාර්ක් යුද ගුවන් යානාද සහභාගි විය.
ඇමෙරිකාව ප්‍රමුඛ සන්ධානය ඊසානදිග සිරියාවේ මෙහෙයුම් සිදු කරන්නේ සිරියාවේ නීත්‍යානුකූල රජයේ හෝ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ කිසිදු අනුමැතියකින් තොරවයි.
සෞදි-සිරියා රාජ්‍යතාන්ත්‍රික සබදතා යළි ඇරඹෙන ලකුණු
සිරියාවේ ඩැමැස්කස් අගනුවර පිහිටි සෞදි තානාපති කාර්යාලය නැවත විවෘත කිරීමට සෞදි ඔටුන්න හිමි කුමරු,මොහමඩ් බින් සල්මාන්ට අවශ්‍ය ඇතැයි නම හෙළි නොකරන සෞදි ක්‍රියාකාරියෙක් සැප්තැම්බර් මස පළමුවෙනිදා අනාවරණය කලේය.
සෞදි අරාබියේ අභ්‍යන්තර සබදතා සම්බන්ධ විශ්වාසනීය තොරතුරු හෙළි කරන්නෙක් ලෙස ප්‍රසිද්ධ මෙම ක්‍රියාකාරියා පවසන පරිදි ඩැමැස්කස් රජය සමග වාණිජ සහ ආර්ථික සබදතා යළි ප්‍රතිස්ථාපනය කරන්න යැයි බින් සල්මාන් සෞදි විදේශ කටයුතු අමාත්‍යාංශයට නියෝග කර තිබේ.
පසුගිය වර්ෂයේදී ඩැමැස්කස් හි සිය තානාපති කාර්යාලය නැවත විවෘත කරමින් සිරියාව සමග සබදතා යළි පිහිටුවාගත් පළමු රාජ්‍යය බවට පත් වන්නට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමත් විය.
මෙම තොරතුර සනාථ කරමින් ඩැමැස්කස් හි නිර්නාමික අරාබි රාජ්‍යතාන්ත්‍රික මූලාශ්‍රයක් අල්-වටන් පුවත්පතට පවසා තිබුණේ සෞදි තානාපති කාර්යාලය විවෘත කිරිම වැඩි ඈතක නොවන බවයි.
2012 වර්ෂයේදී ඩැමැස්කස් හි තානාපති කාර්යාලය වසා දැමූ පළමු අරාබි රාජ්‍යයන් අතර සෞදි අරාබියද සිටියේය.ඉන්පසුව,සිරියාවේ රාජ්‍ය විරෝධී සටන්කාමීන්ට සහාය දුන් ප්‍රධාන රාජ්‍යයන්ගෙන් එකක් ලෙසද සෞදි අරාබිය කැපී පෙනිණි.
source:southfront.org
සිරියානු යුද වාර්තාව - 2019 සැප්තැම්බර් 09
Reviewed by HarshaLulzSec
on
September 11, 2019
Rating:
Reviewed by HarshaLulzSec
on
September 11, 2019
Rating:










No comments: