Support Our Blog

Shop on Daraz & help us create more content!

කාන්තාරයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් දඩයම් කරන සිරියානු හමුදාව


පසුගිය සතියේදී සිරියානු හමුදාව,ලීවා අල්-කුඩ්ස් කණ්ඩායම සහ ජාතික ආරක්ෂක බලකා හෝම්ස්-ඩීර් එසෝර් කාන්තාරයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහිව මෙහෙයුම් මාලාවක් සිදු කලහ.

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහි මෙහෙයුම් තීව්‍ර කිරීමට හේතු වූයේ ඩැමැස්කස්-ඩීර් එසෝර් මාර්ගයේ ගබාග් හෙබ් ආසන්නයේ සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයයි.මැයි 17දා ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් එම මාර්ගයේ ව්‍යාජ මුරපොලක් පිහිටුවා ඒ හරහා ගමන් කල සිවිල් වැසියන් සහ සෙබලුන් පිරිසක් ඝාතනය කලහ.මැයි 18දා මැයි 18දා රක්කා පළාතේ අල්-රුසාෆා ආසන්නයේ සිට අමතර භට පිරිස් අල්-සුක්නා ප්‍රදේශයට එවන්නට ලීවා අල්-කුඩ්ස් කණ්ඩායම සහ ජාතික ආරක්ෂක බලකා කටයුතු කරන ලදි.සම්බන්ධීකරණයක් සහිතව ත්‍රස්තවාදීන්ට එරෙහි මෙහෙයුම් ආරම්භ වන්නේ මැ‍යි 19දාය.ඉන්පසු දිනවලදී සුක්නා ආසන්නයේ හරිබ්ෂි සහ ෆයිඩාට් උම් මුයිනියා අතරදී ත්‍රස්තවාදීන් සැඟවී සිටීම භාවිතා කල ස්ථාන කිහිපයක් හමුදාව සහ මිත්‍ර කණ්ඩායම් විසින් විනාශ කලෝය.ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සහ අල්-කුඩ්ස් සටන්කරුවන් අතර බරපතල ගැටුම් සිදුවන්නේ මැයි 21දා පැල්මයිරා නගරය ආසන්නයේදීය.

 රජයේ මූලාශ්‍ර නිකුත් කල ඡායාරූප සහ වීඩියෝපටවලට අනුව,මෙම මෙහෙයුම් මගින් ත්‍රස්තවාදීන් කිහිපදෙනෙක් මරා දමා, වාහන තුනක් අල්ලා ගන්නට හැකි විය.එනමුත් කාන්තාරය තවමත් ත්‍රස්තවාදී තර්ජනයෙන් නිදහස් වී නැත.මැ‍යි 22දා පෙරවරුවේදී අල්-රුසාෆා ආසන්නයේ හමුදාවේ රථයකට ත්‍රස්තවාදීන් රැක සිට ප්‍රහාරයක් එල්ල කලහ.

ඊට අමතරව ඩාරා සහ අල්-කුනීට්‍රා පළාත්වලදී රජයේ හමුදා ඉලක්ක කර ප්‍රහාර 5ක් වත් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් එල්ල කරන ලදි.මැයි 18දා අල්-සහොආ සහ අල්-මුසයිෆර් අතර මාර්ගයේදී සෙබලෙක් වෙඩි තබා ඝාතනය කලහ.එදිනම,හමුදා බුද්ධි අංශය වෙනුවෙන් ඔත්තු බැලුවේ යැයි චෝදනා කරමින් අල්-ජෙසා හිදී ත්‍රස්තවාදීන් විසින් ප්‍රදේශවාසියෙක් මරා දමා තිබේ.මැයි 19දා කැෆ් ර් ෂාම්ස් නගරය ආසන්නයේදී සෙබලුන් දෙදෙනෙක් වෙඩි තබා ඝාතනය කර තිබිණි.එදිනම අල්-හරා නගරය අසලදී ආරක්ෂක නිලධාරියෙක්ද,කාන් අර්නාබේ ආසන්නයේදී සෙබලෙක්ද මරා දමා ඇත.

මෙම සිදුවීම් වලින් පෙනෙන්නේ තුර්කි-සිරියා ගැටුමට ස්තුතිවන්නට ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් දකුණු සහ නැගෙනහිර සිරියාවේ නැවත සංවිධානය වී ඇති බවයි.එලෙස නැවත මතු වූ ත්‍රස්තවාදී ජාලය විනාශ කිරීමට දැන් රජයේ හමුදාවන්ට පුළුල් ප්‍රයත්නයක් දැරීමට සිදුව තිබේ.

මැයි 20දා,දකුණු ඉඩ්ලිබ් හි යුද මුක්ත කලාප ගිවිසුම ක්‍රියාවට නැංවීමේදී කුඩා නමුත් වැදගත් පියවරක් තබන්නට අන්කාරා සහ මොස්කව් හමුදා සමත් විය.රුසියානු හමුදා පොලිසිය සහ තුර්කි හමුදාව සිදු කල ඒකාබද්ධ මුර සංචාරය පළමු වතාවට එම් 4 මාර්ගයේ අරිහා නගරය පසු කර බටහිර ප්‍රදේශයේ කැෆ් ර් ෂලායා ගම්මානයට ලගා වූයේය.මාර්තු මාසයේදී සටන් විරාම ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව දෙපාර්ශ්වය සිදු කල දිගුම මුර සංචාරය මෙයයි.

මැයි මාසයේ මුලදී,එම්4 මාර්ගය අවහිර කරමින් පිහිටුවා තිබූ උද්ඝෝෂකයන්ගේ කඳවුරක් ඉවත් කරන්නට තුර්කි හමුදා සමත් විය.උද්ඝෝෂණ අවසන් වීම සිදුවන්නේ අන්කාරා රජය,අල්කයිඩාවට අනුබද්ධ හයාට් ටරිර් අල්-ෂාම් ත්‍රස්තවාදී කණ්ඩායම සමග ඇති කර ගත් උපාය මාර්ගික එකඟතාවය හරහා යැ‍යි ප්‍රාදේශීය මූලාශ්‍ර සඳහන් කරයි.ඒ හරහා එම් 4 ආරක්ෂිත කොරිඩෝරයේ කොටසක පමණක් වත් සාමය පවත්වා ගැනීමට හේතු වී තිබේ.අනෙක් පසින් ජිසර් අල්-ෂුගුර් නගරය පාලනය කරන අල්කයිඩාවට සම්බන්ධ තුර්කිස්ථාන ඉස්ලාමීය පක්ෂය ප්‍රදේශයේ අස්ථාවරභාවයට වැදගත් මූලාශ්‍රයක් ලෙස පවතියි.

ඊසානදිග සිරියාවේ එක්සත් ජනපදය ප්‍රමුඛ සන්ධානයේ හමුදාව නිදහසේ සැරි සැරීම සිරියානු හමුදාව දිගින් දිගටම වලක්වනු ලබනවා.මැයි 20දා උම් අල්-කයිර් ආසන්නයේදී ඇමෙරිකානු හමුදාවේ රථ පෙළක් අවහිර කිරීමට සිරියානු සෙබලුන් ක්‍රියා කල අතර පසුව ඇමෙරිකානු සෙබලුන් අල්-හසකා නගරය ආසන්නයේ සිය කඳවුරු වෙත පසුබැස ගියහ.ට්‍රම්ප් පරිපාලනයට වඩාත් වැදගත් තෙල් නිධි අසල කොටු වී සිටීමට දැන් ඇමෙරිකානු හමුදා කණ්ඩායම්වලට සිදුවී තිබේ.





source:southfront.org


කාන්තාරයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් දඩයම් කරන සිරියානු හමුදාව කාන්තාරයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් දඩයම් කරන සිරියානු හමුදාව Reviewed by HarshaLulzSec on May 25, 2020 Rating: 5

No comments:

Powered by Blogger.