Support Our Blog

Shop on Daraz & help us create more content!

සිරියානු යුද වාර්තාව - 2018 සැප්තැම්බර් 24

තුර්කිය සහ රුසියාව අලුතින් ඇති කර ගත් ඉඩ්ලිබ් යුද මුක්ත කලාප එකඟතාවය සම්බන්ධව ඉඩ්ලිබ් හි සටන්කාමී කණ්ඩායම් අතර පොදු එකඟතාවයක් නැති වීම නිසා භේදයක් හටගෙන තිබේ.

විමුක්තිය සඳහා වූ ජාතික පෙරමුණ නම් සටන්කාමී කණ්ඩායම්වල එකමුතුව සැප්තැම්බර් මස 22දා නිකුත් කල නිල ප්‍රකාශනයකට අනුව ඔවුහු මෙම එකඟතාවයට කැමැත්ත ප්‍රකාශ කර ඇත.එකඟතාවය හරහා 'අසාධාරණ යුද්ධය' වැළකී ගිය බවත් තුර්කිය තම මිත්‍රයෙක් බවත් ඔවුහු පවසති.තමන් රුසියාව,සිරියානු රජය සහ ඉරානය විශ්වාස නොකරන බවත් එම පාර්ශ්වයන් අවස්ථා රැසකදී සටන්විරාම ගිවිසුම උල්ලංඝනය කල බවත් සටන්කාමීන් කියයි.

විමුක්තිය සඳහා වූ ජාතික පෙරමුණ යනු උතුරුදිග සිරියාවේ ක්‍රියාත්මක තුර්කියේ සහාය ලබන සටන්කාමී කණ්ඩායම්වල විශාලතම මිත්‍ර සන්ධානයයි.එය පිහිටුවා ගන්නා ලද්දේ 2018 මැයි 28 දාය.ඒ ඉඩ්ලිබ් පළාත තුල තුර්කි බලපෑම තවත් ශක්තිමත් කිරීමේ අරමුණින් යුතුව,සටන්කාමී කණ්ඩායම් ගණනාවක එකතුවෙනි.එතැන් පටන් මෙම පෙරමුණ තුර්කි ප්‍රතිපත්තිය ප්‍රදේශය තුල ක්‍රියාත්මක කරන බව ප්‍රදර්ශනය කරමින් සිටියි.

ඉඩ්ලිබ් යුද මුක්ත කලාප එකඟතාවයට කැමැත්ත ප්‍රකාශ කල දෙවන සටන්කාමී කණ්ඩායම වන්නේ විමුක්තිය සඳහා වූ ජාතික පෙරමුණයි.සැප්තැම්බර් මස 20දා ජයිස් අල්-ඊසා කණ්ඩායමත් එකඟතාවයට සිය කැමැත්ත ප්‍රකාශ කරන ලදි.

ඔක්තෝම්බර් 15දා බලාත්මක කිරීමට සැලසුම් කර තිබෙන සටන්කාමීන්ට සහ රජයේ හමුදාවන්ට අයත් ප්‍රදේශ ඡේදනය වන සේ නිර්මාණය කෙරෙන කිලෝ මීටර් 15-20 අතර පළලක් සහිත යුද මුක්ත කලාපය පිළි ගැනීමට ඉඩ්ලිබ් හි අනෙකුත් සටන්කාමී කණ්ඩායම් වලට තවමත් කඩිමුඩියක් නොමැති බව පෙනේ.අල්කයිඩාවට අනුබද්ධ හොරාස් අල්-ඩීන් කණ්ඩායම නිකුත් කල නිල නිවේදනයකින් මෙම එකඟතාවය ප්‍රතික්ෂේප කර තිබූ අතර එය "කුමන්ත්‍රණයක්" යැ‍යිද පවසති.

හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම සමග ක්‍රියාත්මක වන ඉඩ්ලිබ් හි වැඩි බලයක් හිමි,අල්කයිඩාවට අනුබද්ධ කණ්ඩායමක් වන්නේ 2018 පෙබරවාරි 27දා ස්ථාපිත කරන ලද හොරස් අල්-ඩීන් කණ්ඩායමයි.

හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායමට පක්ෂපාතී මාධ්‍ය ක්‍රියාකාරීන් සහ මාධ්‍ය,මෙම යුද මුක්ත කලාප එකඟතාවය විවේචනය කරන ලදි.තවද එම කණ්ඩායම ඒ සම්බන්ධව නිල ප්‍රකාශනයක්ද නිකුත් කර නොමැත.මීට හේතුව යැයි විශ්වාස කල හැක්කේ තිරය පිටුපස,තුර්කි බුද්ධි අංශත් හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායමත් අතර සාකච්ඡා සිදුවෙමින් පැවතීමයි.

තම නිරීක්ෂණ මුර පොළවල් ශක්තිමත් කිරීම සඳහා සැප්තැම්බර් මස 22දා තුර්කි හමුදාව කොමාන්ඩෝ බ්‍රිගේඩයක් ඉඩ්ලිබ් පළාතට කැදවන ලදි.පසුගිය සති කිහිපය තුලදී තුර්කි හමුදාව අමතර යුද ටැංකි සහ සන්නද්ධ රථද මෙම ප්‍රදේශවලට යවන ලදි.

මෙම ක්‍රියාමාර්ග වලින් ඇඟවෙන්නේ ඉඩ්ලිබ් සටන්කාමීන් යුද මුක්ත කලාප එකඟතාවයට කීකරු කර ගන්නට තුර්කි රජය සිය බලය ප්‍රදර්ශනය කරමින් සිටින බවයි.

එක්සත් ජනපදයේ සහාය ලබන සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා විසින් පාලනය කරන උතුරුදිග සිරියාවේ දේශසීමාව ආසන්න නගරයක් වන ටෙල් අබියාඩ් අසලට තුර්කි හමුදාව සන්නාහ සන්නද්ධ රථ,යුද ටැංකි සහ ට්‍රක් රථ සිය ගණනක් යවා ඇතැයි කුර්දි  'හවාර්' නම් පුවත් සේවය සැප්තැම්බර් මස 20දා වාර්තා කර තිබිණි.

සිරියානු මූලාශ්‍රවලට අනුව අන්කාරා රජය සූදානම් වන්නේ මැන්බිජ් වලින් කුර්දි හමුදා පසුබැස්ස වූ ආකාරයෙන් මෙම නගරයෙන්ද කුර්දි ඒකක ඉවත් කිරීමටයි.

ඒ අතරතුර සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා යුප්‍රටීස් නිම්නයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ හජින් පොකට්ටුව අල්ලා ගැනීමේ මෙහෙයුමේ නිරතව සිටිති.එම හමුදා ,එක්සත් ජනපදය ප්‍රමුඛ සන්ධානයේ ගුවන් සහ කාලතුවක්කු ප්‍රහාරක සහාය ඇතුව  සුසාහ් සහ ෂජ්ලාහ් දෙසට ඇදිමින් සිටියි.

සැප්තැම්බර් මස 23දා පවත්වන ලද මාධ්‍ය හමුවකදී,සැප්තැම්බර් 17 දා රුසියානු ඉලියුෂන්-20 යානය බිම හෙළීම සම්බන්ධව අමතර තොරතුරු රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් හෙළිදරවු කරන ලදි.මෙම ඛේදවාචකයට වගකියුතු පාර්ශ්වය ලෙස මොස්කව් රජය දකින්නේ ඊශ්‍රායලය යැ‍යි ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රකාශක මේජර් ජෙනරල් ඉගෝර් කොනෂෙව්කොව් නැවත වරක් අවධාරණය කලේය.

ඊට හේතුවූයේ සිරියානු ගුවන් ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක වෙද්දී ඊශ්‍රායල එෆ්-16 යානා රුසියානු ඉලියුෂන්-20 යානය ආවරණයක් ලෙස භාවිතා කිරීමත්,ප්‍රහාරය සම්බන්ධව ඊශ්‍රායලය සාවද්‍ය තොරතුරු සැපයීම සහ රුසියා-ඊශ්‍රායල ගැටුමක් ඇතිවීම වැළැක්වීමට පිහිටුවන ලද ගිවිසුම ඊශ්‍රායලය අවස්ථා ගණනාවකදී උල්ලංඝනය කිරීමයි.

ඊශ්‍රායල ගුවන් හමුදාව ගත් රුසියානු ඉලියුෂන්-20 යානය කෙරෙහි ගත් ක්‍රියාමාර්ග හරහා ශිෂ්ඨ සම්පන්න සබදතාවල සීමාව ඉක්මවා ගිය බව මේජර් ජෙනරල් කොනෂෙන්කොව් කීය.

සැප්තැම්බර් 17දා සිදුවීමට සිරියාව,ඉරානය සහ හිස්බුල්ලා සංවිධානය වගකිව යුතු බව පවසන ඊශ්‍රායලය,රුසියානු හමුදාව අනතුර සම්බන්ධව සපයන තොරතුරු ප්‍රතික්ෂේප කලේය.

පසුගිය සතියේදී ඊශ්‍රායල හමුදාවේ ඉහළ පෙළේ නිලධාරීන් මොස්කව් හි සිදු කල සංචාරය හරහා රුසියාව සමග ඇතිවූ අර්බුදයේ තීව්‍රතාවය අවම කරන්නට හැකිව නැති බව පෙනෙන්නට තිබේ.තත්ත්වය මෙලෙස ම පැවතුන හොත් සිරියානු අර්බුදය සම්බන්ධව ගැනීමට නියමිත රාජ්‍යතාන්ත්‍රික විසඳුම ඊශ්‍රායලයට ඝෘණාත්මක අයුරින් බලපෑම් කරනු ඇත.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2018 සැප්තැම්බර් 24 සිරියානු යුද වාර්තාව - 2018 සැප්තැම්බර් 24 Reviewed by HarshaLulzSec on September 25, 2018 Rating: 5

No comments:

Powered by Blogger.