Support Our Blog

Shop on Daraz & help us create more content!

තුර්කි ප්‍රහාරක ඩ්‍රෝන් යානාවල දඩබිම බවට පත් වූ ලිබියාව

ලිබියානු ජාතික හමුදාවට අයත් ව තිබූ පැන්ට්සියර් -එස්1 ගුවන් ආරක්ෂක පද්ධති හතරක් තම ප්‍රහාරක ඩ්‍රෝන් යානාවල ඉලක්ක බවට පත් වූ බව ජාතික සම්මුති රජයේ ඇන්ගර් වොල්කැනො නම් මෙහෙයුම් මැදිරිය මැයි 20දා නිවේදනය කලේය.

මෙහෙයුම මැදිරියේ ප්‍රකාශක කර්නල් මොහමඩ් කුනූනු පැවසූ පරිදි ගුවන් ආරක්ෂක පද්ධති තුනක් ටර්හුනා නගරය ආසන්නයේදී ද සිව් වැන්න අල්-විෂ්කා නගරය අසලදීද ප්‍රහාරවලට ලක්ව තිබේ.

ටර්හුනා නගරය ආසන්නයේදී පැන්ට්සියර්-එස්1 පද්ධති දෙකක් විනාශ කරන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් ලිබියාවේ අල්-අරර් රූපවාහිනී නාලිකාව විකාශනය කලේය.තුර්කිය පක්ෂපාතී Clash Report නම් ට්විටර් ගිණුම ඔස්සේ තුන්වන පැන්ට්සියර්-එස්1 පද්ධතිය නගරය ආසන්නයේ මාර්ගයකදී විනාශ කරන ආකාරය පෙන්වන වීඩියෝ පටයක් ප්‍රසිද්ධ කර තිබිණි.



හතරවන පැන්ට්සියර් එස්1 පද්ධතිය අල්-විෂ්කා නගරය ආසන්නයේ ගබඩාවක තිබියදී ඩ්‍රෝන් ප්‍රහාරයකට ගොදුරු අයුරු දැක්වෙන වීඩියෝ පටයක් තුර්කි මූලාශ්‍ර තවත් වීඩියෝ පටයකින් අනාවරණය කලහ.


මෙම ප්‍රහාර එල්ල කරන්නේ තුර්කි නිෂ්පාදිත බයිරක්ටර්  ටීබී2 මාදිලියේ ප්‍රහාරක ඩ්‍රෝන් යානාවලිනි.ජාතික සම්මුති රජයේ හමුදා පවසන පරිදි මෙම ඩ්‍රෝන් යානා ඔවුන් විසින් මෙහෙයවනු ලැබේ.නමුත් ප්‍රාදේශීය මූලාශ්‍රවලට අනුව තුර්කි හමුදාව මෙම යානා මෙහෙයවයි.

බයිරක්ටර්  ටීබී2 ඩ්‍රෝන් යානා

තුර්කි ඩ්‍රෝන් යානාවලින් එල්ල වන තර්ජනය මැඩපැවැත්වීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඔවුන්ගේ පැන්ට්සියර්-එස්1 පද්ධති කිහිපයක් ලිබියාවට එවීය.කෙසේවෙතත් මේවා එමිරේට්ස් හමුදාවේ හෝ ලිබියානු ජාතික හමුදාවේ සාමාජිකයින් මෙහෙයවන්නේද යන්න පැහැදිලි නැත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලිබියාවට එවූ පැන්ට්සියර්-එස්1 පද්ධතියක්

මැයි 18දා තුර්කියේ සහාය ඇතිව ජාතික සම්මුති රජයේ හමුදා අල් වටියා ගුවන් හමුදා කඳවුරේ බලය අල්ලා ගත්හ.කඳවුර තුල තිබී පැන්ට්සියර්-එස්1 පද්ධති දෙකක් හමු වූ අතර ඉන් එකක් තරමක හානියකට පත් වූ එකක් විය.අනෙක මුලුමනින්ම විනාශ වී තිබිණි.

මෙම පසුබැසීමෙන් පසුව ට්‍රිපොලි නගරය අල්ලා ගැනීමේ ලිබියානු ජාතික හමුදාවේ ප්‍රයත්නයට දැඩි බලපෑමක් එල්ල විය.මේ වෙද්දී ඔවුන් ටර්හුනා නගරයෙන් පවා පසුබසිමින් සිටින බවට වාර්තා පළවේ.




source:southfront.org

 
තුර්කි ප්‍රහාරක ඩ්‍රෝන් යානාවල දඩබිම බවට පත් වූ ලිබියාව තුර්කි ප්‍රහාරක ඩ්‍රෝන් යානාවල දඩබිම බවට පත් වූ ලිබියාව Reviewed by HarshaLulzSec on May 25, 2020 Rating: 5

No comments:

Powered by Blogger.