Support Our Blog

Shop on Daraz & help us create more content!

ගෙවුණු වසරේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සිරියානු හමුදාවට එල්ල කල දරුණුම ප්‍රහාරය

 isis-terrorists-ambushed-buses-with-army-troops-civilians-on-homs-deir-ezzor-highway
 2020 දෙසැම්බර් මස 30දා ඩීර් එසෝර් සහ හෝම්ස් නගර සම්බන්ධ කරන මාර්ගයේ ගමන් කරමින් තිබූ බස් රථ පෙළක් කබාජ් ගම්මානය ආසන්නයේදී ඉස්ලාමිය රාජ්‍ය ත්‍රස්තවාදීන් රැක සිට එල්ල කල ප්‍රහාරයක ගොදුරක් බවට පත් විය.වාර්තාවලට අනුව මෙම බස් රථවල ගමන් කර තිබෙන්නේ සිරියානු හමුදාවේ සෙබලුන් සහ සිවිල්වැසියන්ය.අවම වශයෙන් බස් රථ තුනක් වත් ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරවලට ලක්ව තිබේ.
 
 ත්‍රස්තවාදීන්ට පක්ෂපාතී මූලාශ්‍ර පවසන පරිදි සිරියානු හමුදාවේ 4 වන සේනාංකයට අයත් සෙබලුන් 30කට ආසන්න පිරිසක් ප්‍රහාරයෙන් මිය ගොස් තිබේ.මානව හිමිකම් සඳහා සිරියානු නිරීක්ෂණාගාරය නම් රාජ්‍ය නොවන සංවිධානයට අනුව මරණ 39 දක්වා වැඩි වී ඇත.
 

 සිරියානු අරාබි පුවත් සේවය වාර්තා කර තිබුණේ බස් රථයකට එල්ල වූ ප්‍රහාරයකින් සිරියානු වැසියන් 25ක් මිය ගොස් 13දෙනෙක් තුවාල ලැබූ බවයි.
 
 2020 වර්ෂය තුල ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්,රජයේ හමුදාවන්ට එරෙහිව එල්ල කල දරුණුතම සහ විශාලතම ප්‍රහාරය වන්නේ මෙයයි.
 
 ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් රැක සිට එල්ල කල ප්‍රහාරයෙන් විනාශ වූ බස් රථයක්
 



 රක්කා-ඇලෙපෝ-හමා යන නගර සම්බන්ධ කරන ප්‍රදේශය  ඇතුලත සිරියානු හමුදාව,ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ තිප්පොල ඉලක්ක කරගෙන මෙහෙයුමක් ක්‍රියාත්මක කරන අතරතුර මෙම දැවැන්ත ප්‍රහාරය එල්ල විය.රක්කා ප්‍රදේශයේ ක්‍රියාත්මක ත්‍රස්ත මර්ධන මෙහෙයුම අවුල් කිරීම සඳහා ඉදිරි කාලයේදීත් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් හෝම්ස් කාන්තාරය තුල,රජයේ හමුදා ඉලක්ක කර මෙවැනි ප්‍රහාර එල්ල කරනු ඇතැයි අපේක්ෂා කල හැකිය.
 
 මානව හිමිකම් සඳහා වූ සිරියානු නිරීක්ෂණාගරයේ සංඛ්‍යාලේඛනවලට අනුව 2020 වර්ෂය තුල සිරියානු රජය පාර්ශවයේ සෙබලුන් සහ පක්ෂපාතී සටන්කරුවන් 819 දෙනෙක් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරවලින් මරණයට පත් වූහ.
 
 රුසියානු සහ සිරියානු ගුවන් හමුදා ප්‍රහාර හා අනෙකුත් මෙහෙයුම් හරහා මරා දමන ලද ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් ගණන 507කි.
 
 
 
 
 
 source:southfront.org
 
 
ගෙවුණු වසරේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සිරියානු හමුදාවට එල්ල කල දරුණුම ප්‍රහාරය ගෙවුණු වසරේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සිරියානු හමුදාවට එල්ල කල දරුණුම ප්‍රහාරය Reviewed by HarshaLulzSec on January 01, 2021 Rating: 5

No comments:

Powered by Blogger.