අල්කයිඩා ත්‍රස්තවාදී සංවිධානය සමග සබදතා පවත්වන සිරියාවේ ඉඩ්ලිබ් පළාතේ ත්‍රස්ත කණ්ඩායම් ඉලක්ක කර 2020 දෙසැම්බර් 30දා ඇමෙරිකානු ඩ්‍රෝන් ප්‍රහාරයක් එල්ල විය.ප්‍රහාරයේ ඉලක්ක වී තිබුණේ උතුරු ඉඩ්ලිබ් හි සල්කින් සහ ඉස්කට් නගර අතර මාර්ගයේ ධාවනය වෙමින් තිබූ කුඩා ට්‍රක් රථයකි.මෙම නගර දෙක තුර්කි දේශසීමාවේ සිට කිලෝමීටර් කිහිපයක් දුරින් පිහිටා ඇත.
ප්‍රහාරය සිදු වූ ස්ථානයෙන් ලබා ගත් ඡායාරූපවල AGM-114R9X හෙවත් නින්ජා මිසයිලයක කොටස් දැකගත හැකිය.මෙය ඇමෙරිකානු හමුදාව භාවිතා කරන හෙල්ෆයර් මිසයිලයේ නවතම සංස්කරණයකි.නින්ජා මිසයිලයේ විශේෂත්වය වන්නේ එහි පුපුරණ ද්‍රව්‍ය වෙනුවට තියුණු මුවහතක් සහිත ලෝහමය තල අඩංගු වීමයි.මෙම මිසයිලය මුදා හැරි පසු මෙම තල දිග හැරී,දෙන ලද ඉලක්කය මත ඉමහත් වේගයෙන් පතිත වීමෙන් මෝටර් රථයක් තුල සිටින අයෙකුට පවා මරණීය තුවාල සිදු කල හැකිය.
AGM-114R9X මිසයිලය හඳුන්වා දීමට හේතු වූයේ සාම්ප්‍රදායික මිසයිල මගින් ඉලක්ක කරන පුද්ගලයාට පමණක් නොව අවට සිටින අයටද හානි සිදුවීම නිසාය.ඒ අනුව මෙම රහස් අවිය 2017 වර්ෂයේ සිට ඇමෙරිකානුවන් ඝාතන සඳහා භාවිතා කරයි.එවැනි මිසයිලයක් තිබෙන බව මුල් වරට සාක්ෂි සහිතව හෙළි වූයේ 2019 වර්ෂයේදීය.
ලේසර් තාක්ෂණය මගින් ඉලක්කය සොයා ගන්නා මෙම මිසයිලයට මෙවර ඉලක්කය මග හැරී තිබේ.වයිට් හෙල්මට්ස් නම් රාජ්‍ය නොවන සංවිධානයට අනුව ප්‍රහාරයෙන් එක් පුද්ගලයෙක් තුවාල ලැබීය.නමුත් ඔහුගේ අනන්‍යතාවය හෙළි කර නොමැත.
ඇමෙරිකානු ඩ්‍රෝන් යානා කාලයක පටන් ඉඩ්ලිබ් පළාත තුල ඉස්ලාමීය ත්‍රස්තවාදීන් දඩයම් කරති.පසුගිය වර්ෂ දෙක තුලදී,ඉහළ පෙළේ අල්කයිඩා නායකයින් ගණනාවක් ඩ්‍රෝන් ප්‍රහාරවලින් ඝාතනය වූ අතර,එම ප්‍රහාර බොහොමයක් සඳහා භාවිතා කර තිබුණේ AGM-114R9X මිසයිලයයි.
ඉඩ්ලිබ් මුදා නොගත් කලාපයේ පාලනය හොබවන,අල්කයිඩාවට සම්බන්ධ විශාලතම ත්‍රස්ත කණ්ඩායම වන හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායමේ කිසිවෙකුට අත නොතබන්නට එක්සත් ජනපදය වග බලාගනියි.ඔවුන්ගේ ඩ්‍රෝන් ප්‍රහාර වලින් මිය ගිය බහුතරය හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම සහ එහි නායක අබු මොහම්මඩ් අල්-ජුලානිගේ අභ්‍යන්තර සතුරන්ය.
සිරියානු හමුදාව බිම හෙළු සටන්කාමීන්ගේ මරාගෙන මැරෙන ඩ්‍රෝන් යානය
පසුගිය වසරේ අගභාගයේදී වයඹදිග සිරියාවේ ඉඩ්ලිබ් පළාතේදී සිරියානු හමුදාව බිම හෙළු,ගෘහස්ථව නිෂ්පාදනය කල මරාගෙන මැරෙන ඩ්‍රෝන් යානයක ඡායාරූප පෙළක් Reverse Side of the Medal නම් ටෙලිග්‍රෑම් චැනලයේ පළ කර තිබිණි.එම චැනලයේ සඳහන් පරිදි,මෙම යානය ඉඩ්ලිබ් සටන්කාමීන් විසින් ගුවන් ගත කරන ලදුව,ඉලෙක්ට්‍රොනික් සංග්‍රාමික උපක්‍රම හමුවේ සිරියානු හමුදාව යටතට පත් වූ එකකි.
පසුගිය වර්ෂ දෙක තුල මීට සමාන ඩ්‍රෝන් යානා සිරියානු අරාබි හමුදාව සහ එහි මිත්‍ර කණ්ඩායම්වලට එරෙහිව භාවිතා කර තිබේ.මෙම ඩ්‍රෝන් යානය නිර්මාණය කිරීමට භාවිතා කර තිබෙන්නේ වෙළඳපොලේ මිලදී ගැනීමට තිබෙන ඉලෙක්ට්‍රොනික් උපාංගය.අවි ශීර්ෂය සඳහා සෝවියට් දේශයේ නිෂ්පාදනය කල සී-5 නම් ගුවනේ සිට ගොඩබිමට එල්ල කරන රොකට්ටුවක ශීර්ෂය යොදාගෙන ඇත.
සිරියාවේ රුසියානු ගුවන් හමුදාව රැදී සිටින මෙයිමිම් ගුවන් හමුදා කඳවුර සහ ටාර්ටුස් නාවික හමුදා කඳවුර යන මර්මස්ථාන වෙත ප්‍රහාර එල්ල කිරීමට යොදාගෙන තිබුණු විශාල ඩ්‍රෝන් යානා සඳහාද මෙම තාක්ෂණයම භාවිතා කල බව තහවුරු වී ඇත.
මෙම ඩ්‍රෝන් යානා නිෂ්පාදනය සහ මෙහෙය වීම කල බවට වාර්තා වන්නේ ඉඩ්ලිබ් පළාත පාලනය කරන අල්කයිඩාවට සම්බන්ධ හයාට් ටරිර් අල්-ෂාම් ත්‍රස්තවාදී කණ්ඩායමයි.
මෙම ඩ්‍රෝන් යානා නිෂ්පාදනය සහ මෙහෙය වීම කල බවට වාර්තා වන්නේ ඉඩ්ලිබ් පළාත පාලනය කරන අල්කයිඩාවට සම්බන්ධ හයාට් ටරිර් අල්-ෂාම් ත්‍රස්තවාදී කණ්ඩායමයි.
අත්දැකීම් සහ සම්පත් අතින් එම කණ්ඩායමට වඩා ඉදිරියෙන් පසුවන ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානය,මරාගෙන මැරෙන ඩ්‍රෝන් යානා මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීමට අසමත් විය.මින් ගම්‍ය වන්නේ හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායමට තුන්වන පාර්ශ්වයක තාක්ෂණික සහාය ලැබී ඇති බවයි.
පසුගිය වසර දෙක තුල මෙවැනි ඩ්‍රෝන් යානා බහුලව හාවිතා කලද නිවැරදි ඉලක්කයට පහරදීමේදී ඒවා ලගා කර ගෙන තිබෙන්නේ සුළු සාර්ථකත්වයකි.රුසියානු සහ සිරියානු ගුවන් ආරක්ෂක පද්ධති සහ ඉලෙක්ට්‍රොනික් සංග්‍රාමික උපක්‍රම හමුවේ ඩ්‍රෝන් යානාවලින් එල්ල වන තර්ජනය ඵලදායි අයුරින් මැඩපත්වන්නට සමත් ව තිබේ.
source:southfront.org
ඩ්‍රෝන් සංග්‍රාමය - වැරදුණු ඇමෙරිකානු ඩ්‍රෝන් ප්‍රහාරය
Reviewed by HarshaLulzSec
on
January 01, 2021
Rating:
Reviewed by HarshaLulzSec
on
January 01, 2021
Rating:










No comments: