Support Our Blog

Shop on Daraz & help us create more content!

යේමන යුද්ධය: 2020 වර්ෂයේ හවුති සටන්කාමීන්ගේ ජයග්‍රහණ

 14-minutes-of-torture-new-video-summarizes-houthis-achievements-during-2020
 
අන්සාර් අල්ලාහ් ව්‍යාපාරය/හවුති සටන්කාමීන් 2020 වර්ෂය තුල ලබා ගත් ජයග්‍රහණ සාරාංශ ගත කල කෙටි වාර්තා වැඩසටහනක් ජනවාරි මස 9දා හවුති මාධ්‍ය අංශය විසින් නිකුත් කලේය.

මෙම වීඩියෝ පටයේ ශීර්ෂපාඨය ලෙස යොදා තිබුණේ "මිනිත්තු 14ක වධහිංසාව" යන්නයි.එය ආරම්භ වන්නේ හවුති ගුවන් ආරක්ෂක මෙහෙයුම්වල දර්ශන සමගයි.2020 වර්ෂය තුල ඔවුන් සෞදිය ප්‍රමුඛ මිත්‍ර සන්ධානයේ ඩ්‍රෝන් යානා කිහිපයක් බිම හෙළීමට සමත් වූහ.නමුත් හවුති සටන්කාමීන් එම වසර තුල අත්කර ගත් සැලකිය යුතු ජයග්‍රහණයක් ලෙස පෙන්විය හැක්කේ යුරෝපයේ නිෂ්පාදිත සෞදි ටොනේඩෝ IDS වර්ගයේ ප්‍රහාරක-බෝම්බ හෙළන යානයක් බිම හෙළීමයි.2020 වර්ෂයේ පෙබරවාරි මස 14දා මෙම යානය බිම හෙළු අතර ගුවන් නියමුවා හවුති සටන්කාමීන්ගේ අත් අඩංගුවට පත් විය.
 
සෞදි ටොනේඩෝ IDS ප්‍රහාරක-බෝම්බ හෙළන යානයක්

 සානා හි නහිම් දිස්ත්‍රික්කයේ සිදු කල "සොලිඩ් ස්ට්‍රක්චර්" නම් මෙහෙයුමේ දර්ශනද එහි ඇතුලත්ය.මෙම දැවැන්ත මෙහෙයුම අතරතුර,සෞදිය ප්‍රමුඛ මිත්‍ර සන්ධානයේ පාලනයෙන් වර්ග කිලෝමීටර් 2,500කට වැඩි භූමි ප්‍රමාණයක් මුදා ගන්නට හවුති සටන්කාමීන් සමත් වූහ.ඇති වූ සටන්වලින් සෞදි පාර්ශ්වයේ සටන්කරුවන් දහස් ගණනක් මිය යන්නට,තුවාල ලබන්නට සහ අත් අඩංගුවට පත්  වන්නට ඇත.

උතුරෙහි වු අල්-ජව්ෆ් පළාතේ සෞදිය ප්‍රමුඛ සන්ධාන හමුදාවට එරෙහිව සිදුකල මහා පරිමාණ පාබල හමුදා මෙහෙයුම් මාලාවේ දර්ශනද දැකගත හැකිය.මෙම මෙහෙයුම්වලදීද කඳවුරු කිහිපයක් හවුති සටන්කාමීන් යටතට පත් විය.
 
වාර්තා වැඩසටහන:2020 වර්ෂයේ හවුති ජයග්‍රහණ
 
 
 අල්-ජව්ෆ් හි අල්-කන්ජර් කඳවුර සඳහා වූ සටන අතරතුර ලබා ගත් වීඩියෝපටද මෙහි ඇතුලත්ය.

මීට අමතරව ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට සහ අල්කයිඩා සංවිධානයට එරෙහිව අල්-බෙයිඩා පළාතේ සිදු කල දැවැන්ත මෙහෙයුමද මිනිත්තු 14හි වාර්තා වැඩසටහන මගින් ආවරණය කර තිබේ.ඉහත කී මෙහෙයුමේදී ත්‍රස්තවාදීන් 250කට වැඩි පිරිසක් මියයන්නට,තුවාල ලබන්නට හෝ අත් අඩංගුවට පත් වන්නට ඇතැයි වාර්තාවේ.ඔවුන් වාල් රබි ප්‍රදේශයෙන් වර්ග කිලෝමීටර් 1,000ක භූමියක් මුදා ගත් අතර කඳවුරු සහ ත්‍රස්තවාදීන් රැදී සිටි ස්ථාන 12ක් අල්ලා ගත්හ.

ජිසාන් සහ නජ්රන් යන සෞදියේ දකුණුදිග පළාත් සීමාවන් හි හමුදාව රැදී සිටින ස්ථාන වටලන දර්ශනද වීඩියෝවේ දැකගත හැකිය.

මෙම වාර්තා වැඩසටහන මගින් ඉස්මතු කරන ප්‍රධාන කාරණයක් වන්නේ වර්ධනය වන හවුති ප්‍රහාරක හැකියාවන්ය.2020 වර්ෂයේදී ඔවුන්ගේ මෙහෙයුම් පෙරට වඩා ඉතා සාර්ථක විය.ඔවුන්ගේ ගමන් මග වළක්වන්නට සෞදි සන්ධානයේ ගුවන් ආධිපත්‍යය පවා සමත් ව  තිබේ.2021 වර්ෂයේ තත්ත්වයත් මීට වඩා වෙනසක් නොවනු ඇත.
 
2020 ජූනි මාසයේදී යේමනයේ අල්-ජව්ෆ් පළාතේදී බිම හෙළු චීනයේ නිෂ්පාදිත CH-4 ඩ්‍රෝන් යානයක්

 2020 වර්ෂයේ යේමන යුද්ධයේ සෞදිය ප්‍රමුඛ සන්ධානය සහ අන්සාර් අල්ලාහ් ව්‍යාපාරය(හවුති) ප්‍රයත්නයන්ගේ සංක්ෂිප්තයක් ජනවාරි 4දා ප්‍රසිද්ධ කරන ලද්දේ යේමන හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරල් යහියා සාරි විසින්ය.

  • 2020 වර්ෂයේදී යේමනයේ පළාත් 13ක් ඉලක්ක කර සෞදි සන්ධානයේ යුද ගුවන් යානා ප්‍රහාර 8888ක් වැඩි ගණනක් සහ ඩ්‍රෝන් ප්‍රහාර 410ක් එල්ල කර තිබේ.පිළිවෙලින් මරිබ්,අල්-ජව්ෆ් සහ සාඩා පළාත්වලට ගුවන් ප්‍රහාර 3,621ක්,1,981ක් සහ 726ක් එල්ල කර ඇත.
  • අන්සාර් අල්ලාහ් ව්‍යාපාරය සිදු කල මෙහෙයුම් ගණන 974ක් වැඩිය.
  • සතුරන් 15,366ක් වැඩි පිරිසක් මියයන්නට හෝ තුවාල ලබන්නට ඇත.මිය ගිය පිරිස 6,467කි.
  • සෞදි සන්ධානයේ යුද ටැංකි,සන්නාහ සන්නද්ධ රථ සහ අනෙකුත් යුද රථ 1090 වැඩි ගණනක් විනාශ කරන ලදි.
  • හවුති මිසයිල බලකාය දියත් කල බැලස්ටික මිසයිල සහ කෲස් මිසයිල ගණන 253කි.ඉන් 178ක් යේමනය තුල සතුරු කඳවුරු සහ ස්ථාන වෙත පතිත විය.මිසයිල 75ක ඉලක්කය වූයේ සෞදි අරාබියයි.
  • බඩර්-පී මිසයිල 20කට වැඩි ගණනක්,බඩර්-1 මිසයිල 30ක්,කුඩ්ස් කෲස් මිසයිල 7ක් සහ් සුල්ෆිකර් මිසයිල 6ක් සෞදි අරාබියට එල්ල කරන ලදි.
  • හවුති පාර්ශ්වය සිදු කල ඔත්තු බැලිමේ සහ ඩ්‍රෝන් ප්‍රහාරක මෙහෙයුම් ගණන 5,613කි.ඩ්‍රෝන් ප්‍රහාරක මෙහෙයුම් 267ක් අතුරින් 180ක්ම යේමනය ඇතුලත සතුරු ඉලක්කවලට එරෙහිව සිදු කල ඒවාය.
  • අන්සාර් අල්ලාහ් ව්‍යාපාරයේ ගුවන් ආරක්ෂක බලකා විසින් බිම හෙළු ප්‍රහාරක,ඔත්තු බැලීමේ ඩ්‍රෝන් යානා සහ ෆයිටර් ජෙට් යානා ගණන 67කි.ඒවා අතරින් ටොනේඩෝ ෆයිටර් ජෙට් යානය සහ CH-4 ඩ්‍රෝන් යානා දෙක සුවිශේෂීය.
  • යුද රථ 100කට වැඩි ගණනක් ඉලක්ක කර මෙහෙයුම් 678ක් සිදු කරන ලදි.
  • ඩ්‍රෝන් යානාවල උදව් ඇතිව කාලතුවක්කු ඒකක මෙහෙයුම් 231ක් සිදු කලහ.
 
 
 
 
 source:southfront.org
 
 
යේමන යුද්ධය: 2020 වර්ෂයේ හවුති සටන්කාමීන්ගේ ජයග්‍රහණ යේමන යුද්ධය: 2020 වර්ෂයේ හවුති සටන්කාමීන්ගේ ජයග්‍රහණ Reviewed by HarshaLulzSec on January 11, 2021 Rating: 5

No comments:

Powered by Blogger.