Support Our Blog

Shop on Daraz & help us create more content!

බෙලිකපන්නන්ගේ දිනපොත:මෝටර් සයිකලයේ පැමිණි මරුවා

 Iraqi-forces-found-an-abandoned-motorcycle-and-try-to-start-it
 
 මර උගුල් නිර්මාණය කිරීම අතින් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත සංවිධානය ඉහළින් සිටින බව අවස්ථා ගණනාවකදී පෙන්වා දී තිබේ.කිසිවෙක් නොසිතන තැනක ඔවුන්ගේ මර උගුලක් තිබිය හැකිය.මෙහි දැක්වෙන්නේ 2020 වර්ෂයේදී ඉරාකය සිදු වූ සිදුවීමකි.

2020 අගෝස්තු මාසයේදී මෙම සිදුවීම වාර්තා වූ අතර මර උගුල අටවා තිබුණේ අතහැර දමා ගිය මෝටර් සයිකලයකයි.ඉරාක සෙබලුන් එරට අන්බාර් පළාතේ සෝදිසි මෙහෙයුමක් සිදු කරමින් සිටියදී ,ඔවුන්ට මෝටර් සයිකලයක් හමුවේ.
 

නමුත් එහි තම මරුවා සැඟව සිටින බව නොදන්නා එක් සෙබලෙක් එය පණගන්වන්නට උත්සාහ කරයි.මෙම සිදුවීම ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් විසින් පටිගත කරන්නට ඇතැයි විශ්වාස කල හැකිය.සෙබලුන් සිව්දෙනෙක් එම ස්ථානයේ රැදී සිටිති.ඔවුන්ගෙන් එක් අයෙක් මෝටර් සයිකලය නැගිට්ටුවා,තම සමග එහි ඡායාරූපයක් ද ලබා ගන්නේ සහෝදර සෙබලෙකු මාර්ගයෙනි.ඉන්පසු ඒ දෙදෙනා මෝටර් සයිකලයට නැගී එය පණ ගන්වනවාත් සමග පිපිරීමක් සිදුවේ.

පිපිරීමෙන් මියගිය සෙබලා(මැද)

 පසුව වාර්තා වූ පරිදි පිපිරීමෙන් අලි ගානිමි නම් සෙබලා මෙහිදී ජීවිතක්ෂයට පත් ව ඇත.ඔහු සමග සිටි අනෙක් සෙබලා බරපතල තුවාල ලබන්නට ඇතැයි විශ්වාස කල හැකිය.
 
 
 
 
 source:R&U videos@youtube
 
 
බෙලිකපන්නන්ගේ දිනපොත:මෝටර් සයිකලයේ පැමිණි මරුවා බෙලිකපන්නන්ගේ දිනපොත:මෝටර් සයිකලයේ පැමිණි මරුවා Reviewed by HarshaLulzSec on January 14, 2021 Rating: 5

No comments:

Powered by Blogger.