ජනවාරි මස 13දා ආරම්භ වූ ඉරානයේ "එග්ටෙඩාර්" - ශක්තිය නම් නාවික යුද අභ්‍යාසය 13 සහ 14 යන දෙදින තුල මක්‍රන් වෙළරාශ්‍රිතව සහ ඉන්දීය සාගරයේ උතුරු කොටසේ පැවැත්විණි.
අභ්‍යාසයේදී කෲස් මිසයිල ප්‍රහාර එල්ල කිරීම,දේශීයව නිෂ්පාදිත සබ්මැරීනවලින් ටෝර්පිඩෝ ප්‍රහාර එල්ල කිරීම,විශේෂ මෙහෙයුම් ඒකකවල පුහුණු වීම්,ඩ්‍රෝන් සහ ඉලෙක්ට්‍රොනික් සංග්‍රාමික මෙහෙයුම් සිදු කලේය.
අභ්‍යාසයේදී කෲස් මිසයිල ප්‍රහාර එල්ල කිරීම,දේශීයව නිෂ්පාදිත සබ්මැරීනවලින් ටෝර්පිඩෝ ප්‍රහාර එල්ල කිරීම,විශේෂ මෙහෙයුම් ඒකකවල පුහුණු වීම්,ඩ්‍රෝන් සහ ඉලෙක්ට්‍රොනික් සංග්‍රාමික මෙහෙයුම් සිදු කලේය.
මෙහිදී විවිධ වර්ගවල දිගු දුර කෲස් මිසයිල අත්හදා බැලූ බව වාර්තාවේ.ෆටෙහ් නමින් හඳුන්වන ඉරාන සබ්මැරීන පන්තියේ සබ්මැරීනයක්ද ඊට සහභාගී විය.එම සබ්මැරීනය සිය පළමු ටෝර්පිඩෝ ප්‍රහාරය එල්ල කලේද මෙම නාවික යුද අභ්‍යාසයේදීය.ටෝර්පිඩෝ ප්‍රහාරය සාර්ථකව ඉලක්කය වෙත ලඟා වූ බව සඳහන්ය.
මෙම යුද අභ්‍යාසයේ සුවිශේෂී සිදුවීම වාර්තා වන්නේ ජනවාරි 14දාය.අභ්‍යාසය පැවැත්වෙමින් තිබූ මුහුදු ප්‍රදේශයට සබ්මැරීනයක් ළඟාවන අයුරු ඉරාන නාවික හමුදාවේ ඇස ගැටිණි.අන්තර්ජාලයට මුදා හැර තිබූ වීඩියෝපටයක දැක්වෙන පරිදි,ඉරාන නාවික හමුදාවේ SH-3 සී කින්ග් වර්ගයේ ප්‍රති-සබ්මැරීන හෙලිකොප්ටර් යානයක් සතුරු සබ්මැරීනය හඹා යයි.
මෙම සබ්මැරීනය ඔහායෝ පන්තියට අයත් යූ එස් එස් ජෝර්ජියා නම් න්‍යෂ්ඨික,නියාමක මිසයිල සබ්මැරීනය යැයි විශේෂඥයෝ පවසති.එක්සත් ජනපදය යූ එස් එස් ජෝර්ජියා සබ්මැරීනය පර්සියානු බොක්කට එවන ලද්දේ 2020 වසරේ දෙසැම්බර් මාසයේදීය.
මෙම යුද අභ්‍යාසය භාරව සිටි රියර් අද්මිරාල් හම්සේ අලි කවියනි පැවසුවේ දෙදින නාවික අභ්‍යාසයේදී භාවිතා කරන සමහරක් අවි සහ පද්ධතීන් රහසිගත ඒවා බවයි.එක්සත් ජනපදය යුද අභ්‍යාසයේ ඔත්තු බැලීමට උත්සාහ දරන්නට ඇත්තේ මේ නිසා යැයි විශ්වාස කල හැකිය.
source:southfront.org
ඉරාන නාවික යුද අභ්‍යාසයේ ඔත්තු බලන්නට පැමිණි ඇමෙරිකානු න්‍යෂ්ඨික සබ්මැරීනය
Reviewed by HarshaLulzSec
on
January 15, 2021
Rating:
Reviewed by HarshaLulzSec
on
January 15, 2021
Rating:



No comments: