Support Our Blog

Shop on Daraz & help us create more content!

අලුත් යුද්ධයකට මගක් සෙවීම:අල්කයිඩාවේ නව මව් කඳවුර ඉරානයයි

 

 ඊශ්‍රායලයෙන් ලැබෙන ආදරය අඩුවෙමින් තිබියදීත්,බලය අත්හැරීමට සිටින ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනතන්ත්‍රය,අවසන් මොහොතේත් ටෙල් අවිව් හි ඇලුම්කම් වෙනුවෙන් ඇමෙරිකානු රුධිරය හෙළිය හැකි සෑම දෙයක්ම දිගටම කරගෙන යන බව පෙනේ.
 
 තවමත් ආරක්ෂක ලේකම් ධූරයේ සිටින මයික් පොම්පේයෝ ජනවාරි 12දා චෝදනා කලේ,ඉරානය ඇෆ්ගනිස්තානයටත් වඩා නරක ලෙස අල්කයිඩාවේ අලුත් මවු කඳවුර බවට පත්ව ඇතැයි කියමින්ය.ගිය වර්ෂයේ ටෙහෙරාන් නගරයේදී අල්කයිඩාවේ දෙවැනියා ඝාතනය කිරීමේ පුවතට සහාය දක්වමින් ඔහු අදහස් දැක්වුවද,එම ඝාතනය ඊශ්‍රායලයේ වැඩක් යැයි පැවසුවේ නැත.
 
 "අල්කයිඩාවට අලුත් මවු කඳවුරක් ඇත.එය ඉරාන ඉස්ලාමීය ජනරජයයි.අල්කයිඩාවට ප්‍රධාන භූගෝලීය කේන්ද්‍රස්ථානයක් ලෙස ඉරානය සැබවින්ම නව ඇෆ්ගනිස්තානයයි.නමුත් එය හුඟක් නරකයි

අල්කයිඩාව කඳුකරයන්හි සැඟව සිටි ඇෆ්ගනිස්තානය මෙන් නොව,අද අල්කයිඩාව ක්‍රියාත්මක වන්නේ ඉරාන රෙජිමයේ ආරක්ෂාව නම් දැඩි කවචය ඇතුලත සිටයි."
 
-  මයික් පොම්පේයෝ
 
 ලොව පුරා නපුර සඳහා වූ බලවේගයට එරෙහිව තවත් ජාත්‍යන්තර පීඩනය අවශ්‍ය යැ‍යි පොම්පේයෝ අවධාරණය කලේය්.ඒ රට තුල පැලපදියම් වී සිටින මේ කණ්ඩායමට එරෙහිව එක්සත් ජනපදයට ගත හැකි පියවර අල්පයක් යැයිද හෙතෙම පැවසුවේය.

ඒ අතරතුර ෆේස්බුක් සමාගම,ඉරාන රජයේ ප්‍රෙස් ටීවී නම් පුවත් සේවයේ ෆේස්බුක් ගිණුම අවහිර කරන්නට කටයුතු කලේය.නමුත් එම පුවත් සේවයේ අභියාචනයකින් පසුව නැවතත් ගිණුම සක්‍රීය කර දෙන්නට සමාගම පසුව පියවර ගෙන තිබිණි.ඊළඟට පත්වන ඇමෙරිකානු රජය ට්‍රම්ප්ගේ ඉරාන විරෝධය ඉදිරියට ගෙන ගියහොත් මෙවැනි වාරණය කිරීම් රැසකට මුහුණ දීමට ඉරාන මාධ්‍යවලට සිදුවේවි.කෙසේවෙතත්,ප්‍රධාන පෙළේ තොරතුරු තාක්ෂණික දැවැන්තයන් ට්‍රම්ප් සහ ඔහුගේ ආධාරකරුවන්ට,ඉරානයට වඩා වෛර කරන බව මෑත කාලයේදී දැකගන්නට ලැබිණි.
 
 සෞදි ආක්‍රමණයට එරෙහිව යේමනයේ සටන් වදින ඉරානයේ සහාය හිමි අන්සාර් අල්ලාහ් ව්‍යාපාරය (හවුති),ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කිරීම සහ එක්සත් ජනපදයේ සහ ඊශ්‍රායලයේ අනෙකුත් ආක්‍රමණශීලී ක්‍රියාමාර්ග(ඉරානයේ ප්‍රධාන පෙළේ න්‍යෂ්ඨික විද්‍යාඥයින් ඝාතනය ආදිය),ඉරානය සහ අල්කයිඩාව අතර සම්බන්ධය යනාදිය ට්‍රම්ප් පරිපාලනයේ ප්‍රතිපත්තියෙහි ප්‍රයෝගික පියවරයන් ලෙස හැඳින්විය හැකිය.ඉරානයට එරෙහි සිය ආක්‍රමණශීලී ප්‍රවේශය සාධාරණීකරණයට ධවල මන්දිරය කල හැකි සියලු දේ කරයි.
 
 
 ෂියා මුස්ලිම් රාජ්‍යයක් වන ඉරානය,මතවාදීව අල්කයිඩාවට සහ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත සංවිධානයට විරුද්ධය.ඉරාන හමුදා මෙම ත්‍රස්ත සංවිධානවලට එරෙහිව සිරියාවේ සහ ඉරාකයේ සටන් වදින්නේ,එක්සත් ජනපදය සහ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත සංවිධානයට එරෙහි ජාත්‍යන්තර සන්ධානය තම මෙහෙයුම් ආරම්භ කිරීමටත් පෙර සිටය.මේ සටනේදී,එක්සත් ජනපදය සහ එහි මිත්‍රයන්ගේ සෘජු සහාය හිමි වූ ත්‍රස්තවාදීන්ට එරෙහිව ඉරාන සහ ඉරාන ප්‍රොක්සි හමුදා සටන් වැදී සිටිති.සිරියාවේ සහ ඉරාකයේ ත්‍රස්තවාදී රාජ්‍යයක් පිහිටුවීමේ අල්කයිඩා සහ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානවල බලාපොරොත්තු බිඳ වැටී වසර ගණනකට පසුවත් වොෂින්ටනය තවමත් අවධාරණය කරන්නේ,ඉරාන හමුදා "විපක්ෂයට එරෙහි කුරිරු යුද්ධයේදී" ඉරාන හමුදාව අසාද් පාලන තන්ත්‍රයට සහාය දුන් බවයි.සිරියාවේ සිටින මෙම විපක්ෂයේ බහුතරය හුදෙක් අල්කයිඩාවට සම්බන්ධ ත්‍රස්තවාදීන්ගෙන් සැදුම්ලත් එකක්ය යන කාරණය අද දක්වාම ධවල මන්දිරය විසින් ප්‍රතික්ෂේප කරයි.
 

1.2020 ජූනි 26දා පාර්චින් හි අවි ගබඩාවක පිපිරීමක් සිදු විය.

2. ජූනි මස 30දා මධ්‍යම ටෙහෙරාන් හි වෛද්‍ය සායනයක පිපිරීමකින් 19 දෙනෙක් මිය ගියහ.ඉරාන මාධ්‍යවලට අනුව එය ගෑස් කාන්දුවකි.

3.2020 ජූලි 2දා නටාන්ස් න්‍යෂ්ඨික ඉන්ධන බලගැන්වීමේ මධ්‍යස්ථානයේ ගින්නක් ඇති විය.

4.2020 ජූලි 3දා ෂිරාස් නගරයේ ගින්නක් ඇති විය.දින කිහිපයකට පෙර නගරයේ විදුලිය බිද වැටිණි.
 
5.2020 ජූලි 4දා අවාස් නගරයේ විදුලි බලාගාරයක ගින්නක් ඇති විය.

6.2020 ජූලි 7දා ටෙහෙරාන් ආසනන්යේ බකේෂාර් නගරයේ සෙපහාන් බොරෙෂ් කර්මාන්තශාලාවේ පිපිරීමකින් දෙදෙනෙක් මිය ගොස් තිදෙනෙක් තුවාල ලැබූහ
 
 
2021 ජනවාරි 12 දා ඇමෙරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා ප්‍රහාරක කණ්ඩායම්වල පිහිටීම

එසේ වුවත්,ඉරානයට එරෙහි සිය යුදමය සහ ආර්ථික ආක්‍රමණශීලීත්වය සාධාරණීකරණයට ට්‍රම්ප් පරිපාලනය බොරු හේතු සෙවීම මේ කිසිවකින් වැළැක්විය නොහැකිය.
 
 
 
 
 source:southfront.org
 
 
අලුත් යුද්ධයකට මගක් සෙවීම:අල්කයිඩාවේ නව මව් කඳවුර ඉරානයයි අලුත් යුද්ධයකට මගක් සෙවීම:අල්කයිඩාවේ නව මව් කඳවුර ඉරානයයි Reviewed by HarshaLulzSec on January 14, 2021 Rating: 5

No comments:

Powered by Blogger.