Support Our Blog

Shop on Daraz & help us create more content!

රුසියානු හමුදා සිරියා-ඉරාක දේශසීමාවට

 russian-forces-establish-presence-on-syrian-iraqi-border
පසුගිය සතිවලදී,සිරියානු හමුදාව සහ එහි මිත්‍ර කණ්ඩායම් හෝම්ස්-ඩීර් එසෝර් කාන්තාරයේ සැඟව සිටින ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහි සිය මෙහෙයුම් තිව්‍ර කලහ.

සිරියානු රජයට පක්ෂපාතී මූලාශ්‍ර වලට අනුව,සිරියානු රජයේ හමුදා සහ ඉරානයේ සහාය හිමි සටන්කාමී කණ්ඩායම් පසුගිය දිනවලදී පැල්මයිරා-ඩීර් එසෝර් මහා මාර්ගයේ දකුණු ප්‍රදේශයේ සහ අල්-මයාඩීන් හි ගිනිකොණදිග ප්‍රදේශයේ මෙහෙයුම් ගණනාවක් සිදු කර තිබේ.එහිදී ඇති වූ සටන්වලදී සිරියානු සෙබලුන් 10කට වැඩි ගණනක් සහ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් 15 දෙනෙක් මරණයට පත් වූ බව සටන්කාමීන්ට පක්ෂපාතී මාධ්‍ය මූලාශ්‍ර සඳහන් කලෝය.

ඉරාකයේ ආරක්ෂක අංශ සිදු කල මෙහෙයුමකින් මරා දමන ලද ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සහ අත්පත් කර ගත් යුදෝපකරණ.මෙම ත්‍රස්තවාදීන් සැඟව සිටි ගුහාවකට ඇමෙරිකාව ප්‍රමුඛ සන්ධාන හමුදාව එල්ල කල ගුවන් ප්‍රහාරයකින් මේ මරණ සිදු වූ බව සමහරක් මූලාශ්‍ර පැවසීය.




කාන්තාර කලාපය තුල ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ඉලක්ක වෙත එල්ල කරන සිය ප්‍රහාර නැවත වරක් ආරම්භ කරන්නට රුසියානු ගුවන් හමුදාව පියවර ගත්තේය.සිරියානු විපක්ෂයට පක්ෂපාතී මූලාශ්‍ර සඳහන් කරන පරිදි රුසියානුවන් එල්ල කල ගුවන් ප්‍රහාර ගණන සියය ඉක්මවයි.සැලකිය යුතු ආරක්ෂක තර්ජනයක් බවට පත් විය හැකි,සිරියානු-ඉරාක දේශසීමාවේ නැවත වරක් ක්‍රියාකාරී වන ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සීමාව ඉක්මවා ගොස් ඇති බව ප්‍රහාර උත්සන්න කිරීමෙන් පැහැදිලිවේ.

රුසියානු ගුවන් ප්‍රහාරවල දර්ශන කිහිපයක්


දින කිහිපයකට මත්තෙන්,සිරියානු හමුදා පොලිසිය ඉරාක දේශසීමාව ආසන්නයේ පිහිටි අල්-බුකමල් නම් සිරියානු නගරයේ ප්‍රාදේශීය මූලස්ථානයක් පිහිටුවා තවත් ස්ථාන කිහිපයක භට පිරිස් රැඳවීය.පසුගිය සමයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහි මෙහෙයුම් නැවත ආරම්භ වීමත්,රුසියානුවන් දේශසීමාවේ ස්ථිරව ස්ථානගත වීමත් අතර සම්බන්ධයක් ඇතැයි ප්‍රාදේශීය මූලාශ්‍ර පවසති.
 

දේශසීමාවේ ඉරාකය පාර්ශ්වයෙන් ආරක්ෂාව බිද වැටීම සැලකිල්ලට ගෙන,සිරියානු,ඉරාක සහ ඉරානයේ සහාය හිමි හමුදා අල්-බුකමල් සහ අල්-කයිම් ආසන්නයේ ස්ථානගත වීම,එම ප්‍රදේශවල ක්‍රියාත්මක ත්‍රස්තවාදීන්ට දැන් තිබෙන ප්‍රධානතම බාධාවයි.ඊට සමගාමීව ඊශ්‍රායලය සහ ප්‍රධාන ධාරාවේ බටහිර මාධ්‍ය ප්‍රචාරණ හරහා පවසන්නේ අල්-බුකමල් හුදෙක් ඉරාන ඉස්ලාමීය විප්ලවකාරී ආරක්ෂක හමුදාවේ කඳවුරක් නිසා එය විනාශ කල යුතු බවයි.

ඉරානයේ සහාය ලබන හමුදා අල්-බුකමල් හි සිටීම තවදුරටත් ලෝකයාට රහසක් නොවුවද,ඔවුන්ට සහ ඔවුන්ගේ මිත්‍ර කණ්ඩායම් වලට ඊශ්‍රායලය සහ ඇමෙරිකාව ප්‍රමුඛ සන්ධානය දිගින් දිගටම පහර දීමෙන් සිදුවන්නේ එහි සිටින ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ න්‍යාය පත්‍රයට වක්‍රාකාරව උදව් කිරීමකි.





source:southfront.org


රුසියානු හමුදා සිරියා-ඉරාක දේශසීමාවට රුසියානු හමුදා සිරියා-ඉරාක දේශසීමාවට Reviewed by HarshaLulzSec on December 17, 2020 Rating: 5

No comments:

Powered by Blogger.