ඉස්ලාම් ආගම තුල සමලිංගිකයන්ට හිමි දඬුවම මරණය බව පසුගිය සමයේ ඉස්මතු වූ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානය සාක්ෂි සහිතව පෙන්වා දුන්නේ සමලිංගික පිරිමින්ට මරණ දඩුවම ලබා දෙමින්ය.කෙසේවෙතත් සිරියාවේ ඉඩ්ලිබ් පළාතේ සිටින ත්‍රස්තවාදීන් දෙදෙනෙක් සමලිංගික ක්‍රියාකාරකම්වල නිරත වන අයුරු දැක්වෙන වීඩියෝ පටයක් පසුගිය දා නිකුත් කර තිබිණි.
නම් ෆේස්බුක් පිටුවේ අගෝස්තු මස පළමුවෙනිදා පළ කර තිබූ මෙම වීඩියෝව,අධෝරක්ත සංවේදී කැමරාවක් භාවිතායෙන් පටිගත කර ඇත.එහි දැක්වෙන්නේ සිරියානු අරාබි හමුදාව රැදී සිටින ඉදිරි ආරක්ෂක වළල්ලක් ආසන්නයේ තිබෙන ගොඩනැගිල්ලක වහලයේ සිටින ත්‍රස්තවාදීන් දෙදෙනෙක් ලිංගික ක්‍රියාකාරකම නිරත වන ආකාරයයි.
එක් මුලාශ්‍රයක් පවසන පරිදි මෙම සිදුවීම පටිගත කර තිබෙන්නේ දකුණු ඉඩ්ලිබ් හි අන්කාවි නගරය ආසන්නයේදීය.ඒ නගරය පාලනය කරන්නේ හයාට් ටරිර් අල්-ෂාම් සහ විමුක්තිය සඳහා වූ ජාතික පෙරමුණ නම් ත්‍රස්ත කණ්ඩායම් දෙක විසින්ය.
ඉඩ්ලිබ් හි සිටින රාජ්‍ය විරෝධී අන්තවාදී සටන්කාමීන් පවසන්නේ ඔවුන් ඉස්ලාමීය සහ ගතානුගතික අදහස්වලින් යුක්ත පිරිසක් බවයි.නමුත් ඔවුන්ගේ ක්‍රියාවලින් ප්‍රදර්ශනය වන්නේ වෙනත් දෙයකි.ත්‍රස්තවාදීන්ගේ පාලනය යටතේ තිබෙන ප්‍රදේශවලින් නිතරම මෙවැනි ලිංගික අපකීර්තිමත් සිදුවීම් වාර්තාවේ.අල්කයිඩාව වෙනුවෙන් මතවාදී ප්‍රචාරණ සිදු කල බිලාල් අබ්දුල් කරීම් නැමැත්තාගේ අපකීර්තිමත් ඡායාරූප රැසක් පසුගිය මාසයේදී අන්තර්ජාලයට එක් කර තිබිණි.ඡායාරූප මුදා හැරීම සිදු කලේ යැයි චෝදනා එල්ල වූයේ හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායමටයි.
මෙවැනි හෙළිදරවු වීම් හරහා,ඉස්ලාමීය ෂරියා නීතිය බලපැවැත්වෙන රාජ්‍යයක් බිහි කිරීමට ඩැමැස්කස් පාලනයට එරෙහි සටන් වදිනවා යැයි කියන සිරියානු විපක්ෂයේ කණ්ඩායම්වල සැබෑ මුහුණුවර ලෝකය හමුවේ නිරාවරණය වේ.
source:southfront.org
ඉඩ්ලිබ් ත්‍රස්තවාදීන්ගේ සමලිංගික හැසිරීම් හෙළිදරව් කෙරේ
Reviewed by HarshaLulzSec
on
August 04, 2020
Rating:
Reviewed by HarshaLulzSec
on
August 04, 2020
Rating:


No comments: