ඊජිප්තුව බලා එන ගමනේදී ලබා ගත් ඡායාරූප මත පදනම් වූ මේ වාර්තාවට අනුව රුසියාවෙන් මිලදී ගත් සුකොයි-35 ෆයිටර් ජෙට් යානා තොගයේ මුල් කාණ්ඩය ඊජිප්තුවට ලැබීමට නියමිතය.
සුකොයි-35 ෆ්ලෑන්කර් වර්ගයේ ෆයිටර් ජෙට් යානා පහක් මෙලෙස ඊජිප්තුව බලා එද්දී කැමරාවට හසු විය.ඒවාහි ශ්‍රේණික අංක වන්නේ 9210,9211,9212,9213,9214 ලෙස හඳුනාගෙන ඇත.
2019 වර්ෂයේදී ඊජිප්තුව රුසියාව සමග ඇති කර ගත් ඇමෙරිකානු ඩොලර් බිලියන 2ක් වටිනා වෙළඳ ගනුදෙනුවට අදාලව සුකොයි-35 යානා 20කට වැඩි ගණනක් මිලදී ගෙන තිබේ.
සුපුරුදු පරිදි රුසියානු යුදෝපකරණ මිලදී ගැනීමට එරෙහිව එක්සත් ජනපදය,ඊජිප්තුව විරෝධය පළ කලේය.සාමාන්‍යයෙන් ඇමෙරිකානුවන් තර්ජනය කරන්නේ එම රටවලට සම්බාධක පණවන්නේ යැයි කියමින්ය.
කොම්සොමොල්ස්ක්-ඕන්-අමුර් හි ගගාරින් ගුවන් යානා නිෂ්පාදනාගාරයේ පිටත නවතා තිබූ ඊජිප්තුවට ලබා දීමට නියමිතව තිබුණේ යැයි කියන සුකොයි-35 යානාවල චන්ද්‍රිකා ඡායාරූපයක්
මෙම ගනුදෙනුව 2019 වර්ෂයේදී සිදු කිරීමෙන් පසුව ඇමෙරිකානු බලධාරීන් රුසියානු යුද ගුවන් යානා මිලදී ගැනීමක් සිදු කලහොත් පැවසුවේ ඊජිප්තුව මත සම්බාධක පනවා අනාගතයේ රුසියානු යුදෝපකරණ මිලදී ගැනීම මුළුමනින්ම අවහිර කල හැකි බවයි.
සුකොයි-35 යානා මිලදී ගැනීම සම්බන්ධව ඊජිප්තුවට අනතුරු ඇඟවීම් නිකුත් කල පිරිස අතර ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ සහ ආරක්ෂක ලේකම් මාක් එස්පර් සිටිති.
මිලදී ගත් යානා දැන් ලැබෙමින් තිබෙන අතර සම්බාධක පැනවේ ද යන්නේ ඉදිරි කාලයේදී දැක බලා ගත හැකිය.
මෙහි තිබෙන සිත්ගන්නා සුළු කරුණ වන්නේ ඊශ්‍රායලයෙන් පසුව එක්සත් ජනපදයෙන් ආර්ථික සහ යුදමය ආධාර වැඩිම ප්‍රමාණයක් ලබා ගන්නා ඊජිප්තුව,ඇමෙරිකානු අනතුරු ඇඟවීම් නොසලකා හැරීමයි.
පසුගිය වර්ෂයන් හිදී එෆ්-16 ෆයිටර් ජෙට් යානා ඇතුලුව ඇ.ඩො.බිලියන ගණනක් වටිනා යුදමය සහ ආර්ථික ආධාර ඊජිප්තුවට සපයන්නට ඇමෙරිකා එක්සත් ජනපදය ක්‍රියා කලේය.
අපාචි ප්‍රහාරක හෙලිකොප්ටර් යානා 43ක් ඇතුලුව යුදෝපකරණ ඇතුලත් ඇ.ඩො.බිලියන 2.3ක් වටිනා වෙළඳ ගනුදෙනුවක් ඊජිප්තුව සමග සිදු කිරීමට සිය අනුමැතිය ලබා දුන්නේ යැයි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තුමේන්තුව 2020 මැයි මාසයේදී නිවේදනය කලේය.
ඉන්දියාවේ මග යමින් කයිරෝ රජයත් සිය හමුදාවට අවශ්‍ය සම්පත් ලබා ගැනීමේදී එකම රටක් මත යැපීම නවතා ජර්මනිය,ප්‍රංශය,චීනය සහ ස්පාඤ්ඤය වැනි රටවල් දෙසට යොමුවන්නට බොහෝ කාලයක පටන් උත්සාහ කරයි.ඒ අනුව ඊජිප්තුව සිය යුදමය අවශ්‍යතා සඳහා තවදුරටත් රුසියාව මතම යැපීම ක්‍රමයෙන් අඩු වී යාවි.
source:southfront.org
ඇමෙරිකානු අනතුරු ඇඟවීම් මධ්‍යයේ ඊජිප්තුවට ලැබෙන සුකොයි-35 ෆයිටර් ජෙට් යානා
Reviewed by HarshaLulzSec
on
August 03, 2020
Rating:
Reviewed by HarshaLulzSec
on
August 03, 2020
Rating:











No comments: