ජූලි මස 20දා පෙරවරුවේ ඉඩ්ලිබ් යුද මුක්ත කලාපයේ දකුණු කොටසේ ෆුරු,බහාසා සහ බෙයිට් හස්නෝ ගම්මානවල සිරියානු හමුදාවේ ස්ථාන ඉලක්ක කර සටන්කාමීන් කාලතුවක්කු ප්‍රහාර එල්ල කලහ.ඊට ප්‍රතිචාර වශයෙන් රජයේ හමුදා කන්සෆ්‍රරා ආසන්නයේ සහ ඒ අවට ප්‍රදේශවල හයාට් ටරිර් අල්-ෂාම් ත්‍රස්තවාදීන්ගේ ස්ථාන වෙත ප්‍රහාර එල්ල කරන ලදි.
දින කිහිපයකට පෙර හයාට් ටරිර් අල්-ෂාම් ත්‍රස්තවාදීන්ගේ මර්මස්ථානයකට එල්ල වූ ඩ්‍රෝන් ප්‍රහාරයක් නිසා ඉඩ්ලිබ් හි නොසන්සුන් බව ඉහළ ගියේය.සරමන්ඩා නගරයේ පිහිටා ඇති වටාඩ් ඛනිජ තෙල් සමාගමේ පහසුකම් ඉලක්ක කර ජූලි 18දා මරාගෙන මැරෙන ඩ්‍රෝන් තුනක් කඩා වැදිණි.මෙම සමාගමේ පාලනය පවතින්නේ කාලයක් සිරියාවේ අල්කයිඩා ශාඛාව ලෙස හැඳින්වු වර්තමානයේ හයාට් ටරිර් අල්-ෂාම් නමින් හඳුන්වන ත්‍රස්තවාදී කණ්ඩායම සතුවයි.ඉඩ්ලිබ් මුදා නොගත් කලාපයේ ඛනිජ තෙල් ඒකාධිකාරය පවතින්නේද මොවුන් සතුවයි.උතුරු ඇලෙපෝ හි තුර්කි පාලන ප්‍රදේශ සමග ඛනිජ තෙල් ජාවාරමේ යෙදීමට තුර්කියෙන් නීතිවිරෝධීව තෙල් ආනයනයට මෙම ත්‍රස්තවාදී කණ්ඩායම ප්‍රබලව සම්බන්ධය.හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායමේ ආදායමෙන් සැලකිය යුතු කොටසක් උපයා දෙන්නේ වටාඩ් සමාගමයි.
ත්‍රස්ත කණ්ඩායමේ ඉබා නම් නිල පුවත් සේවය පවසන පරිදි ඩ්‍රෝන් යානා ඉහත කී සමාගමේ මුලස්ථානය සහ එහි තෙල් වෙළඳපොල ද ඉලක්ක කර කඩා වැදී තිබේ.කෙසේවෙතත්,ප්‍රහාරයෙන් කිසිදු ජීවිත හානියක් හෝ භෞතික හානියක් සිදුව නොමැති යැයි පුවත් සේවය පවසයි.
ප්‍රහාරය එල්ල වීමට මොහොතකට පෙර ලබා ගත් ඡායාරූපයකට අනුව මෙම ඩ්‍රෝන් යානා X-එක්ස් හැඩයක් සහිත පියාපත් වලින් යුක්තය.එවැනි හැඩයක් සහිත මරාගෙන මැරෙන ඩ්‍රෝන් යානා ඊශ්‍රායලයේ UVision නම් සමාගම නිපදවයි(හීරෝ පවුලට අයත් ඩ්‍රෝන් යානා).
![]() |
| ප්‍රහාරය සඳහා භාවිතා කලේ යැයි කියන ඩ්‍රෝන් යානයක ඡායාරූපයක් |
සිරියානු මූලාශ්‍ර සඳහන් කරන පරිදි ඒවා ඊශ්‍රායල නිෂ්පාදනයක රුසියානු,සිරියානු හෝ ඉරාන පිටපතක් යැයි විශ්වාස කල හැකිය.ඊට සමගාමීව,කලාපයේ හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායමේ ආධිපත්‍යය බිද දැමීමට නිසොල්මන්ව කටයුතු කරමින් සිටින තුර්කිය දෙසටද මේ ප්‍රහාරය සම්බන්ධව ඇගිල්ල දිගු වේ.
ජූලි මාසයේ මුල් භාගයේදී එම්4 මාර්ගය ඔස්සේ සිදු කල තුර්කි-රුසියා මුර සංචාරයක් ඉලක්ක කර ඉඩ්ලිබ් ත්‍රස්තවාදීන් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර කලේ මෝටර් රථයක් යොදාගෙනය.මෙම ප්‍රදේශය පාලනය කරන හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම සමග සම්බන්ධීකරණයකින් තොරව එවැනි ප්‍රහාරයක් එල්ල කිරීමට කිසිවෙකුට නොහැකිය.තුර්කි රජයේ මාධ්‍ය "මධ්‍යස්ථ කැරලිකරුවන්" යැයි හඳුන්වන තුර්කි රජයේ අල්-කයිඩා සහකරුවන්ගේ මෙවැනි ක්‍රියාවන්ට සිය අසතුට ප්‍රදර්ශනය කිරීම සඳහා අන්කාරා රජය සමහරක් අමතර ක්‍රියාමාර්ග ගනු ඇත.
මෝටර් රථයක් යොදාගෙන එල්ල කල මරාගෙන මැරෙන ප්‍රහාරය
උතුරු ඇලෙපෝ හි තුර්කි පාලනය යටතේ තිබෙන අෆ්රින් නගරයේ ජූලි 19දා මර උගුලක් පිපිරී ගියේය.ෂාම් බලකාය නම් සටන්කාමී කණ්ඩායමේ රථයක් ඉලක්ක කර සිදු වූ මෙම පිපිරීමෙන් එහි අණදෙන නිලධාරීයෙක් ඇතුලුව සාමාජිකයෝ තිදෙනෙක් තුවාල ලැබූහ.එදිනම,සජෝ නගරය තුල කාර් බෝම්බ ප්‍රහාරයක් එල්ල වීමෙන් පස්දෙනෙක් මිය ගොස් දුසිම් ගණනක් තුවාල ලැබූ බව වාර්තාවේ.සුපුරුදු පරිදි තුර්කි මූලාශ්‍ර චෝදනා කලේ කුර්දි සටන්කාමීන්ටය.කෙසේවෙතත්,සිරියාවේ තුර්කි පාලන ප්‍රදේශවල ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ තිප්පොලද බෙහෙවින් සක්‍රීයය.
ජූලි මස 16දා බෝම්බ වලින් සන්නද්ධ ක්වාඩ්කොප්ටර් වර්ගයේ ඩ්‍රෝන් යානයක්,ඊසානදිග සිරියාවේ අල්-ඩර්බාසියාහ් නගරය අද්දරදී රුසියානු සහ සිරියානු සෙබලුන් ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කලේය.එහිදී රුසියානු හමුදා පොලිසියේ සෙබලුන් තිදෙනෙක් සහ සිරියානු සෙබලුන් තිදෙනෙක් තුවාල ලැබූහ.ඊසානදිග සිරියාවේ ඉදිරි ආරක්ෂක වළල්ල ආශ්‍රිතව තුර්කිය ප්‍රමුඛ හමුදා සිදු කරන සටන් විරාම උල්ලංඝනය කිරීම් ඉහළ යෑම සම්බන්ධව සාකච්ඡා කිරීමට සම්බන්ධීකරණ මුරපොලක සිදු කල හමුවක් ඉලක්ක කර මෙම ප්‍රහාරය එල්ල වු බවට පුවත් වාර්තාවල සඳහන් වේ.
ඩ්‍රෝන් ප්‍රහාරයෙන් තුවාල ලැබූ රුසියානු සහ සිරියානු සෙබලුන්
මෙම ප්‍රහාරය තුර්කි හමුදාව විසින් ආරම්භ කලා හෝ නොකල,තුර්කි ප්‍රොක්සි හමුදා සිදු කරන මෙවැනි ප්‍රහාරවලින් ඊසානදිග සිරියාවේ ස්ථාවරභාවයට කිසිදු දායකත්වයක් ලැබෙන්නේ නැත.ඉදිරි ආරක්ෂක වළල්ලේ නිරන්තරයෙන් සිදු වන සටන් විරාම උල්ලංඝනය කිරීම සහ ප්‍රහාර හේතුවෙන් සිරියානු හමුදාව සහ තුර්කි හමුදාව අතර විවෘත ගැටුමක් නිර්මාණය වීමේ අවධානම තිබේ.සිරියාවේ අස්ථාවරත්වයට ප්‍රධාන හේතූන් ලෙස පවතින්නේ ඇමෙරිකානු පාලනය යටතේ තිබෙන අල්-ටන්ෆ් කලාපය සහ තුර්කි හමුදාව රැඳී සිටින ප්‍රදේශයි.
source:southfront.org
සිරියානු අර්බුදයේ අලුත් අවධියක් විවෘත කරන ඩ්‍රෝන් යුද්ධ
Reviewed by HarshaLulzSec
on
July 21, 2020
Rating:
Reviewed by HarshaLulzSec
on
July 21, 2020
Rating:



No comments: