Support Our Blog

Shop on Daraz & help us create more content!

සිරියාව:රුසියානු විශේෂ මෙහෙයුම් බලකා,සටන්කාමීන්ට කාලතුවක්කු ප්‍රහාර එල්ල කරන අයුරු

සිරියාවේ ඉඩ්ලිබ් කලාපයේ සටන්කාමීන්ගේ ස්ථානවලට රුසියානු විශේෂ මෙහෙයුම් බලකා විසින් ප්‍රහාර එල්ල කරන අයුරු දැක්වෙන ඡායාරූප පෙළක්,යුද වාර්තාකරුවෙක් ලෙස සිරියාවේ කටයුතු කරන ඔලෙග් බ්ලොකින් විසින් ජූලි මස 16දා ප්‍රසිද්ධියට පත් කර තිබිණි.

සිරියානු අරාබි හමුදාවේ ඩී-30 සහ ඩී-30ඒ වර්ගවල හොවිත්සර යොදාගෙන රුසියානු සෙබලුන් ප්‍රහාර එල්ල කරන අයුරු ඒවාහි දැකගත හැකිය.මි.මී. 122 හොවිත්සර මගින් උපරිමව කිලෝමීටර් 21.9ක් දුරට රොකට්-ආධාරක උණ්ඩ එල්ල කිරීමට පුලුවනි.

russian-sof-shelled-militant-positions-in-syrias-greater-idlib-with-artillery









 

මේ සඳහා රුසියානු සෙබලුන් යොදා ගන්නේ නියාමක කාලතුවක්කු උණ්ඩය.කිටොලොව්-2එම් නමින් හඳුන්වන මෙම මි.මී. 122 කාලතුවක්කු උණ්ඩවලට සිය ඉලක්කය කරා යෑමට මාර්ගෝපදේශනය සපයන්නේ අර්ධ-සක්‍රීය ලේසර් සංඥා ප්‍රතිග්‍රාහක උපාංගයක් මගිනි.එවැනි උණ්ඩයකට උපරිමව කි.මී. 13.5ක දුරක් ගමන් කල හැකිය.

කිටොලොව්-2එම් කාලතුවක්කු උණ්ඩයක්(වම්පස හරස් අතට) සහ ඉලක්කය සලකුණු කරන ලේසර් පද්ධතිය

පසුගියදා තුර්කි-රුසියා මුරසංචාරක රථ පෙළක් ඉලක්ක කර ගෙන එල්ල වූ කාර් බෝම්බ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ජූලි 14,15 දිනවලදී රුසියානු කාලතුවක්කු ප්‍රහාර දියත් කෙරිණි.ඊට අමතරව හඳුනාගත් ත්‍රස්ත ඉලක්ක වෙත රුසියානු ගුවන් ප්‍රහාර එල්ල කලේය.

රුසියානු විශේෂ මෙහෙයුම් බලකා ඉඩ්ලිබ් ඇතුලුව සිරියාවේ ප්‍රදේශ කිහිපයක ස්ථානගත වී සිටිති.ඔත්තු බැලීමේ මෙහෙයුම් සහ ත්‍රස්ත-විරෝධී මෙහෙයුම් සිදු කිරීමට සඳහා මොවුන් හොඳින් පුහුණුව ලබා ඇත.




source:southfront.org


සිරියාව:රුසියානු විශේෂ මෙහෙයුම් බලකා,සටන්කාමීන්ට කාලතුවක්කු ප්‍රහාර එල්ල කරන අයුරු සිරියාව:රුසියානු විශේෂ මෙහෙයුම් බලකා,සටන්කාමීන්ට කාලතුවක්කු ප්‍රහාර එල්ල කරන අයුරු Reviewed by HarshaLulzSec on July 21, 2020 Rating: 5

No comments:

Powered by Blogger.