දකුණුදිග සිරියාවේ වාතාවරණය නරක අතට හැරෙමින් තිබේ.ගෙවීගිය පැය 24ක කාලය තුල අල්-මුසයිෆර් සහ සයිඩ් අල්-ටයිබා හිදී තුවක්කුකරුවන්ගේ ප්‍රහාරවලින් රජයට පක්ෂපාතී සටන්කරුවන් තිදෙනෙක් සහ සිවිල් වැසියක් මරණයට පත් විය.මෙම ප්‍රහාර එල්ල වූයේ මැයි 13 සහ 14 දිනවල ටෆස් නගරයේ සහ ඩාරා නගරයේ ඩාරා අල්-බලාඩ් ප්‍රදේශවල උද්ඝෝෂණ ආරම්භ වීමත් සමගයි.
මීට ඉහත දකුණු සිරියාවේදී පරාජය වූ සටන්කාමී කණ්ඩායම් සමග සම්බන්ධ ප්‍රදේශවාසීන්ගෙන් කොටසක් විසින් සිදු කරන මෙම උද්ඝෝෂණවලට හේතු වූයේ,සිරියානු හමුදාව ඩාරා පළාතට අමතර භට පිරිස් රැගෙන ඒමයි.පළාත තුල නීතිය සහ සාමය ප්‍රතිස්ථාපනයට සිරියානු හමුදාව සහ ආරක්ෂක අංශ දරන උත්සාහය අවබෝධ කරගන්නට අන්තවාදීන්ගේ ආධාරකරුවන්ට නොහැකිව තිබේ.
ඊට සමගාමීව,පසුගිය කාලේ ඩාරා පළාතේ සිරියානු හමුදාව සහ ආරක්ෂක අංශ ඉලක්ක කර සිදුවූ ප්‍රහාර සහ ඝාතන මාලාවේ කිසිදු වරදක් මෙම සටන්කාමී කණ්ඩායම්වල පිරිස් නොදකියි.මැයි මාසය තුල පමණක් මෙම ප්‍රහාරවලින් මිය ගිය ගණන 14කි.මෙවැනි වාතාවරණයක් යටතේ පළාත තුල සැඟව සිටින ත්‍රස්තවාදීන් සොයා විනාශ කිරීමට මෙහෙයුම් දියත් කිරීම විනා වෙනත් විකල්පයක් සිරියානු හමුදාවට නොමැත.
ඉබ්ටා,කිර්බෙට් ගසාලෙ යන ගම්මාන සහ ඩාරා නගරයට අලුතින් එවූ හමුදා කණ්ඩ දැක්වෙන වීඩියෝපට පෙළක් සමාජ ජාල වෙබ් අඩවි තුල සංසරණය වේ.ඒ අතරේ ටී-72 යුධ ටැංකි ඇතුලුව බර අවිද දැකගත හැකිය.
මැයි 14දා දකුණු ඉඩ්ලිබ් හි සර්මින් නගරය ආසන්නයේදී හයාට් ටරිර් අල්-ෂාම් ත්‍රස්තවාදීන් ගමන් කල වාහනයකට එල්ල වූ ඩ්‍රෝන් ප්‍රහාරයකින් සිව්දෙනෙක් තුවාල ලබා වාහනය විනාශ විය.ප්‍රහාරය එල්ල වූයේ සරාකිබ් සහ අරිහා නගර අතර එම්4 මාර්ගයේ තුර්කි-රුසියා මුර සංචාරය සිදු කර පැය කිහිපයකට පසුවයි.
සටන් විරාම ගිවිසුමට අදාලව සිදු කල 11 වන ඒකාබද්ධ මුර සංචාරය මෙයයි.නයිරාබ් හි උතුරු කොටසේ හයාට් ටරිර් අල්-ෂාම් ත්‍රස්තවාදීන්ගේ ආධාරකරුවන් ඉදි කර තිබූ කඳවුර ඉවත් කිරීමෙන් පසුව පුළුල් ව සිදු කල තුන්වන මුර සංචාරය වූ මෙය අන්තවාදීන්ගේ අවහිර කිරීම්වලට බදුන් නොවූවද,ඔවුන්ගේ ආධාරකරුවන්ගේ ගල් ප්‍රහාරවලට රුසියානු රථ ගොදුරු වනු වීඩියෝපටයක දැකගත හැකිය.
මීට ඉහතදී මැයි 12දා සිදු කල මුර සංචාරය ඉලක්ක කර බෝම්බ පිපිරීමක් සිදුවූ අතර ඒ නිසා මුර සංචාරය අරිහා නගරයේ නැගෙනහිර පිවිසුම දක්වා සීමා කෙරිණි.
ප්‍රහාරයෙන් තුර්කි හෝ රුසියා සෙබලුන්ට හානියක් සිදු නොවීය.කෙසේවෙතත් මැයි 14 දා සිදුවීමෙන් පැහැදිලිවන්නේ ප්‍රහාරයට ප්‍රතිචාර නොලැබී නොතිබෙන බවයි.
ඉඩ්ලිබ් පළාතේ සටන්කාමීන් සහ අණදෙන නිලධාරීන් දුසිමකට වැඩි ගණනකට දිවි අහිමි කල අභිරහස් ඩ්‍රෝන් ප්‍රහාර ආරම්භ වන්නේ අප්‍රේල් මාසයේ මුල් භාගයේදීය.එලෙස අවසන් ගමන් යැවූ සටන්කාමීන් අතරේ ඇමෙරිකානු ටොව් යුද ටැංකි නාශක මිසයිල ප්‍රහාරකයෙක් ලෙස කටයුතු කරමින් ප්‍රහාර 150ක් පමණ සිදු කල මහෙර් කොජැක් නැමැත්තාද සිටියි.
විපක්ෂ මූලාශ්‍ර නිතරම පවසන්නේ මෙම ප්‍රහාර ඉරානය හෝ රුසියාව සිදු කරන බවයි.කෙසේවෙතත්,ඉලක්ක කිරීමේ රටාව සහ ප්‍රහාර එල්ල වන කාල සීමා ගෙන බලද්දී පෙනී යන්නේ මේවා තුර්කිය විසින් සිදු කරන ප්‍රහාර බවයි.මොස්කව් රජය සමග සිය ගනුදෙනු වලට අකමැති සහ තුර්කි-රුසියා සටන් විරාම ගිවිසුම කඩාකප්පල් කිරීමට උත්සාහ කරන තම ප්‍රොක්සි හමුදාවල කොටස් සෙමින් මුලිනුපුටා දැමීමට අන්කාරා රජය කටයුතු කරමින් සිටින බව පැහැදිලිය.
ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ සන්ධාන හමුදාව සහ සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා නැගෙනහිර යුප්‍රටීස් ඉවුරේ සිදු කරන ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහි මෙහෙයුම් මාලාව තවදුරටත් ක්‍රියාත්මකය.නැගෙනහිර ඩීර් එසෝර් හි නොබෝදා ක්‍රියාත්මක කල වටලෑමකදී ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් දෙදෙනෙක් බෝම්බ පුපුරවාගෙන මරණයට පත් වූ බව කුර්දි මුලාශ්‍ර පවසති.මේ සියලු ප්‍රයත්නයන් නොසලකා හරිමින් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ තිප්පොල සැලකිය යුතු ප්‍රමාණයක් මෙම ප්‍රදේශයේ,විශේෂයෙන් ඇමෙරිකානු පාලනය යටතේ තිබෙන ඔමාර් තෙල් නිධි ආශ්‍රිතව සක්‍රීයය.
යූටියුබ් වීඩියෝව මෙතනින් නරඹන්න >>>ඩාරා හිදී සිරියානු හමුදාවට හානි,රුසියා-තුර්කි මුර සංචාරවලට ප්‍රහාර එල්ලවේ
source:southfront.org
සිරියානු යුද වාර්තාව:ඩාරා හිදී සිරියානු හමුදාවට හානි,රුසියා-තුර්කි මුර සංචාරවලට ප්‍රහාර එල්ලවේ
Reviewed by HarshaLulzSec
on
May 16, 2020
Rating:
Reviewed by HarshaLulzSec
on
May 16, 2020
Rating:


No comments: