Support Our Blog

Shop on Daraz & help us create more content!

ඉරාන අභ්‍යාවකාශ වැඩසටහන අලුත් පරිච්ඡේදයකට පිවිසෙයි:පළමු හමුදා චන්ද්‍රිකාව උඩුගුවනට

new-chapter-in-irans-defence-power-media-offer-insight-into-nations-new-military-satellite

ඉරානය සිය පළමු හමුදා චන්ද්‍රිකාව 2020 අප්‍රේල් 22දා දියත් කලේය.මෙම චන්ද්‍රිකාව එරට ඉස්ලාමීය විප්ලවකාරී ආරක්ෂක හමුදාව විසින් සංවර්ධනය කල අතර එය කක්ෂ ගත කිරීම හරහා ටෙහෙරාන් රජය සිය යුද ශක්තිය සැලකිය යුතු ලෙස පුළුල් කර ගැනීම අපේක්ෂා කලේය.

නූර්-1(පර්සියානු බසින් 'ලයිට්-1') නමින් හඳුන්වන මෙම චන්ද්‍රිකාව ඉරාන අභ්‍යාවකාශ වැඩසටහනෙහි එක් සැතපුම් කණුවක් වෙනවා මෙන්ම කලාපීය බල තුලනය වෙනස්  කිරීමේ තවත් පියවරක් වශයෙන්ද ඉරාන මාධ්‍ය හඳුන්වන්නේ දියත් කිරීම සාර්ථක වීමත් ඊට ලැබුණු ජාත්‍යන්තර ප්‍රතිචාරයත් පදනම් කර ගනිමින්ය.


කක්ෂගත කල චන්ද්‍රිකාවේ ප්‍රධාන ලක්ෂණ

  • ඉරානය කලින් දියත් කල චන්ද්‍රිකා හතර ඉරානීය අභ්‍යාවකාශ කාර්යාංශයේ නිර්මාණයන් වුවද,මෙවර කක්ෂගත කල නූර්-1 චන්ද්‍රිකාව නිෂ්පාදනය කලේ එරට ආරක්ෂාව සම්බන්ධව පෙරමුණ ගෙන කටයුතු කරන ඉස්ලාමීය විප්ලවකාරී ආරක්ෂක හමුදාවයි.එම හමුදාව සතුවද අභ්‍යාවකාශ වැඩසටහනක් තිබෙන බව මීට පෙර විදේශීය නිරීක්ෂකයන්ගේ අවධානයට ලක් ව නොතිබිණි.

  • චන්ද්‍රිකාව දියත් කලේ ,ඉරානය නිෂ්පාදනය කල පළමු සහ අධියර තුනක් සහිත කසෙඩ් නම් රොකට්ටුව භාවිතයෙනි.චන්ද්‍රිකාව ඒ මගින් පෘථිවියේ සිට කිලෝමීටර් 425ක් දුරින් ඇති කක්ෂයක රැඳ වූ අතර එය සමකයට අංශක 59.8ක් ආනතව,මිනිත්තු 90කට වරක් පොළොව වටා භ්‍රමණය වේ.චන්ද්‍රිකාව නිරීක්ෂණය කරන්නේ ටෙහෙරාන්,සහිඩන් සහ ෂබාහර් හි පිහිටුවා ඇති නිරීක්ෂණාගාර හරහාය.

  • කසෙඩ් රොකට්ටුව ද්‍රවිකෘත ඉන්ධනවලින් සමන්විත පළමු අධියරයකින් සහ ඝන ඉන්ධන වලින් යුක්ත ඉහළ අධියරවලින් යුක්ත වීම ඉරානය ලබාගත් ප්‍රධාන තාක්ෂණික ජයග්‍රහණයකි.එක්සත් ජනපද අභ්‍යාවකාශ පාලන බලඝනය,අප්‍රේල් 22දා දියත් කිරීම සාර්ථක වූ බව තහවුරු කලේය.තවද නූර්-1 චන්ද්‍රිකාව ඇතුලුව වස්තූන් දෙකක් තමන් විසින් නිරීක්ෂණය කලේ යැ‍යි එම බලඝනය පැවසීය.මෙම වස්තූන් දෙකක් චන්ද්‍රිකාව සහ රොකට්ටුවේ අවසන් අධියරය යැයි අනුමාන කල හැකිය.

  • නූර්-1 චන්ද්‍රිකාව ඉරානයේ ඊසානදිග ප්‍රදේශයෙහි ෂරාවුඩ් මිසයිල දියත් කිරීමේ භූමියේ සිට ගුවන් ගත කලේය.මීට පෙර චන්ද්‍රිකා දියත් කලේ මධ්‍යම ඉරානයේ කොම් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ සිටය.

  • 2015 වර්ෂයේදී ඉරානය පළමු සිවිල් චන්ද්‍රිකාව සාර්ථකව දියත් කිරීමෙන් පසුව ගෙවි ගිය වසර පහක කාලය ඉරාන අභ්‍යාවකාශ ක්ෂේත්‍රයේ දියත් කිරීම්වලට නරක කාලයක් වූ අතර නූර්-1 චන්ද්‍රිකාව දියත් කිරීමත් සමග අසාර්ථක කාලපරිච්ඡේදය අවසන් විය.



නූර්-1 චන්ද්‍රිකාවේ හැකියාවන් සම්බන්ධව ඉරාන රජය,ඉස්ලාමීය විප්ලවකාරී ආරක්ෂක හමුදාව සහ මාධ්‍ය තොරතුරු අනාවරණය කර නොමැත.කෙසේවෙතත් මෙය විශේෂ භාවිතයන් සහිත බහු කාර්ය චන්ද්‍රිකාවක් වශයෙන් හඳුන්වයි.


චන්ද්‍රිකාව දියත් කිරීමේ ඉස්ලාමීය විප්ලවකාරී ආරක්ෂක හමුදාව එම තාක්ෂණයෙන් පරිණතභාවයට පත්ව ඇති බව පෙන්වන්නේ යැ‍යි ප්‍රෙස් ටීවී පුවත් සේවය පවසයි.දැන් ඔවුන්ට විශ්වාසයෙන් යුතුව බුද්ධි සංග්‍රාමික සහ හමුදා පෙරික්සුම් මෙහෙයුම් අභ්‍යාවකාශයේ සිට සැලසුම් කරමින්,ඉරාන ගුවන් අවකාශය ආරක්ෂා කිරීමට තොරතුරු එක් රැස් කරන්නට අවස්ථාව උදා වී ඇතැයිද පුවත් සේවය සිය විෂ්ලේෂණයේ සඳහන් කරයි.

චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව ගුවන් ගත වන අවස්ථාව

කසෙඩ් රොකට්ටුවේ ඝන ඉන්ධන උඩු අධියර අලුත් දෙයක් බවත්,ඉරානය පළමු වරට ඒ සම්බන්ධව කටයුතු කිරීම තරමක් පුදුමය දනවන දෙයක් යැ‍යි තාරකාභෞතිකවිද්‍යාඥ සහ ආධුනික චන්ද්‍රිකා ලුහුබඳින්නෙක් වන ජෙනතන් මැක්ඩොවෙල් වෙබ් අඩවියට පවසා තිබිණි.



ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රතිචාරය

ටෙහෙරාන් රජය මෙම චන්ද්‍රිකාව දියත් කලේ ප්‍රසිද්ධිය ලබා ගැනීමට යැ‍යි ජනපති ට්‍රම්ප් පැවසුවේය.ඉරානයට වඩා එම චන්ද්‍රිකාව ගැන එක්සත් ජනපද බුද්ධි අංශ දන්නා බවත්,එය ඉහළට නැගුණු බවත්,සමීපව ලුහුබැඳි බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කලේය.

ඉරානය න්‍යෂ්ඨික ගිවිසුමෙන් එකඟවූ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ 2231 අභියෝජනාව උල්ලංඝනය කරමින් මෙම චන්ද්‍රිකාව දියත් කලේ යැ‍යි ඇමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පේයෝ චෝදනා කලේය.ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස එක්සත් ජනපදය විසින් නම් කල ඉස්ලාමීය විප්ලවකාරී ආරක්ෂක හමුදාව ඔවුන්ගේ රහසිගත අභ්‍යාවකාශ වැඩසටහනේ දියුණු තාක්ෂණයන් න්‍යෂ්ඨික අවි විසර්ජන පද්ධති සඳහා භාවිතා කරනු ඇතැයි හෙතෙම අනතුරු ඇඟවීය.

ඝන ඉන්ධන සහිත පළමු අධියරය සහිතව නූර්-2 චන්ද්‍රිකාව දියත් කිරීමට ඉස්ලාමීය විප්ලවකාරී ආරක්ෂක හමුදාව සැලසුම් කර තිබෙන බව එම හමුදාවේ ප්‍රකාශකයෙක් අප්‍රේල් 23දා නිවේදනය කලේය.





source:sputniknews.com


ඉරාන අභ්‍යාවකාශ වැඩසටහන අලුත් පරිච්ඡේදයකට පිවිසෙයි:පළමු හමුදා චන්ද්‍රිකාව උඩුගුවනට ඉරාන අභ්‍යාවකාශ වැඩසටහන අලුත් පරිච්ඡේදයකට පිවිසෙයි:පළමු හමුදා චන්ද්‍රිකාව උඩුගුවනට Reviewed by HarshaLulzSec on May 16, 2020 Rating: 5

No comments:

Powered by Blogger.