Support Our Blog

Shop on Daraz & help us create more content!

නව ලිබරල්වාදීන්ගේ මැදිහත් වීම

 

තේරී පත් වූ ජෝ බයිඩන්ගේ පාලනතන්ත්‍රය තවමත් බලයට පිවිස නැතත් රජයේ ඉහළ තැන්වල සිටින එහි මිත්‍රයෝ,නව ලිබරල්වාදීන්ගේ සහ ගෝලීයවාදීන්ගේ වටිනාකම්වල සම්පූර්ණ ආධිපත්‍යයක නව ප්‍රවණතාවයට නොගැලපෙන ලාංඡනවලට එරෙහි සටනක් ආරම්භ කර තිබේ.

දැනට වැඩ බලන ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ ආධාරකරුවන්ගේ සමාජ ජාල ගිණුම් මෙන්ම එක්සත් ජනපද හමුදාව තුල ඇති "වැරදි මතවාදවල" මූලාශ්‍ර විමෝචනය කිරීම සිදුවෙමින් ඇත.

අහිතකර විය හැකි ප්‍රතිරූප මුලිනුපුටා දැමීම සඳහා සිය ඒකකවල ආදර්ශ පාඨයන්,අන්වර්ථ නාම,කාසි ආදී හඳුන්වාදීම් විමර්ශනය කරන්න යැයි එක්සත් ජනපද ගුවන් හමුදාවේ ප්‍රධානීන් නියෝග කලහ.
 

 ඇමෙරිකානු දේශපාලනයේ සහ මාධ්‍යවල ආධිපත්‍යය දරන ගෝලීයවාදීන්,නව ලිබරල්වාදීන් සහ විවිධ සුළුතර කණ්ඩායම් වලට අහිතකර යැ‍යි විස්තර කරන ඉතිහාසික චරිත හා සංකේත ඉවත් කිරීම සහ ඇමෙරිකානු ඉතිහාසය නැවත ලිවීම යන ක්‍රියාවලියේ තවත් පියවරයක් වශයෙන් හමුදාවේ සංශෝධන සිදු කෙරේ.ඇමෙරිකානු සිවිල් යුද්ධයේ සටන් වැදුණු දකුණු ජනපදවල එකතුව සංකේතවත් කරන ප්‍රතිමූර්ථි ඇමෙරිකානු හමුදාවේ දේපල සහ නම්වලින් ඉවත් කිරීම ආරම්භ වන්නේ එහි එක් අධියරයක් වශයෙනි.
 

 ගුවන් හමුදාව සහ නාවික හමුදාව ඇතුලු ඇමෙරිකානු සන්නද්ධ හමුදා නව ලිබරල් හමුදාවක් ලෙස පූර්ණ ප්‍රති සංවිධානයට තවත් ටික කාලයක් ගත වේවි.ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමේ ව්‍යාපාරය යටතේ ඇමෙරිකානු පාලනතන්ත්‍රය පසුගිය වසරේදී ඔවුන්ගේ ප්‍රතිපත්තීන් සැපයුයේය.දැන් යුදමය මැදිහත්වීම් සහ ඇමෙරිකානු විදේශ ප්‍රතිපත්තිවල අනෙක් සක්‍රීය ක්‍රියාමාර්ග සාධාරණීකරණය කරන්නට සිදුවන්නේ පීඩකයන්ට එරෙහිව සටන් කිරීම සහ සුළුතරයන්ට මිත්‍රශීලී පරිසරයක් නිර්මාණය කිරීම යන හේතු ඉදිරිපත් කරමින්ය.
 
 
 
 
 
 source:southfront.org
 
 
නව ලිබරල්වාදීන්ගේ මැදිහත් වීම  නව ලිබරල්වාදීන්ගේ මැදිහත් වීම Reviewed by HarshaLulzSec on January 16, 2021 Rating: 5

No comments:

Powered by Blogger.