Support Our Blog

Shop on Daraz & help us create more content!

ජෝ බයිඩන්ගේ දිවුරුම් දීමට සැරසෙන වොෂින්ටන් අගනුවර


 ජෝ බයිඩන් එක්සත් ජනපදයේ ඊළඟ ජනපතිවරයා ලෙස දිවුරුම් දීමත් සමග ඇති විය හැකි විරෝධතා චණ්ඩ ලෙස මර්ධනය කිරීම සඳහා වොෂින්ටන් හි නව-ලිබරල් රෙජිමය සූදානම් වෙමින් සිටියි.
 
 පසුගිය සතියේදී රිපබ්ලිකන්  සහ ඩිමොක්‍රටික් ජාතික කමිටු මූලස්ථාන ආසන්නයේ තිබී පයිප්ප බෝම්බ හමුවීමත්, ජනවාරි 20දා ජෝ බයිඩන්ගේ දිවුරුම් දීමත් සමග සන්නද්ධ අන්තවාදීන් අගනුවර පහරදීමේ තර්ජනයක් මතු වීමත් නිසා ජාතික ආරක්ෂක බලකා ඒකක ඒ සඳහා සූදානම් වෙමින් සිටිති.
 
හමුවූ බව කියන පයිප්ප බෝම්බයක්

 එක්සත් ජනපද මන්ත්‍රණ සභා ශාලා සංකීර්ණයේ ජාතික ආරක්ෂක බලකා සෙබලුන් විශාල ප්‍රමාණයක් රැදී සිටින ආකාරය දැක්වෙන ඡායාරූප සමාජ ජාල වෙබ් අඩවි තුල සංසරණය වේ.
 






 මොවුන්ගෙන් වැඩි පිරිසක් එම්4 කැබින් රයිෆල් සහ කැරලිකරුවන්ට එරෙහිව භාවිතා කරන සන්නාහයන්ගෙන් සන්නද්ධය.
 


 උද්ඝෝෂකයන් මන්ත්‍රණසභා ශාලා සංකීර්ණයෙන් ඈත් කර තැබීම සඳහා ආරක්ෂක වැටවල් ඉදි කරමින් තිබෙන අයුරු පහත වීඩියෝ පටයෙන් දැකගත හැකිය.
 
 
 



අගනුවර ජනාකීර්ණ කොටස් සහ මන්ත්‍රණ සභා ශාලා සංකිර්ණය වෙත දිවෙන මාර්ග අවහිර කරමින් හමුදාවේ ට්‍රක් රථ නවතා තිබෙන්නේ,ආරක්ෂාව වෙනුවෙන් දහස් ගණනක් සෙබලුන්ද යොදවා තිබියදීය.
 

 
 බාධක යොදා මාර්ග අවහිර කර තිබෙන අයුරු
 



 ඊට අමතරව තවත් සෙබලුන් බස් රථ මාර්ගයෙන් අගනුවර හෝටල් වලට රැගෙන එන අයුරුද දැකගත හැකිය.
 
 
දිවුරුම් දීම සිදු කෙරෙන ශාලා සංකීර්ණය ආශ්‍රිතව සිටින සෙබලුන් ගණන 3,000කට ආසන්නය.
 
 
 



 වැඩබලන මෙට්‍රොපොලිටන් පොලිස් ප්‍රධානී රොබර්ට් කොන්ටී පවසන පරිදි ජාතික ආරක්ෂක බලකා මන්ත්‍රණ සභා ශාලා පරිශ්‍රය අවට ප්‍රදේශයේ සිය පිරිස් බලය 20,000 ටත් වඩා වැඩි කරනු ඇත.
 







ජාතික ආරක්ෂක බලකා රථවලින් රැගෙන එන රයිෆල් සහ පිස්තෝල සහිත ඇසුරුම් ඉවත් කරගන්නා අයුරු මෙම වීඩියෝ පටයේ දැකගත හැකිය.
 
 
 
 මන්ත්‍රණ සභා ගර්භයේ සිටින සෙබලුන් එම්-4 රයිෆල් වලින් සන්නද්ධය.
 

 තම අවි පසෙකින් තබා සභා ගර්භයේ නිදා සිටින සෙබලුන් අතරින් ගමන් කරන නීති සම්පාදකයෝ
 



මේ සිදුවීම් දාමයෙන් පැහැදිලි වන්නේ තේරී පත් වූ ජනපති ජෝ බයිඩන්ගේ ජනවාරි 20දා දිවුරුම් දීමේ උළෙල කොතරම් අවුල් ජාලයක් බවට පත් වේවිද කියාය.ඒ අතරතුර ඊළඟ සතියේදී සටන් වදින්නට සූදානම් වෙමින් ඇතැයි සැක කරන අන්තගාමී කෝලාහලකරුවන් සොයා අත් අඩංගුවට ගැනීම සඳහා ෆෙඩරල් විමර්ශන කාර්යාංශය කටයුතු කරමින් සිටින බවත් වාර්තාවේ.
 
 
 
 
 southfront.org
 
 
ජෝ බයිඩන්ගේ දිවුරුම් දීමට සැරසෙන වොෂින්ටන් අගනුවර ජෝ බයිඩන්ගේ දිවුරුම් දීමට සැරසෙන වොෂින්ටන් අගනුවර Reviewed by HarshaLulzSec on January 16, 2021 Rating: 5

No comments:

Powered by Blogger.