Support Our Blog

Shop on Daraz & help us create more content!

බෙලිකපන්නන්ගේ දිනපොත:ඉස්ලාමීය ත්‍රස්තවාදයට නතුවන අප්‍රිකාව

ජනවාරි මස 13දා මධ්‍යම අප්‍රිකානු ජනරජයේ කැරලිකරුවන් අගනුවර වන බන්ගුයි නගරයට ඒකාබද්ධ ප්‍රහාරයක් දියත් කලහ.එක්සත් ජාතීන්ගේ හමුදා ඔවුන්ගේ ප්‍රහාරය ව්‍යර්ථ කල බව වාර්තාවේ.

ජනපති ෆවුස්ටන් අර්චේන්ජ් ටුවඩේරා 2020 දෙසැම්බර් 27දා බලයට පත් වීමෙන් පසුව අගනගරය ආසන්නයට කැරලිකරුවන්ගේ ප්‍රහාරයක් එල්ල වූ ප්‍රථම වතාව මෙයයි.
 

ජනවාරි මස 13දා උදෑසන කාලේ මෙම ප්‍රහාරය ආරම්භ විය.බන්ගුයි නගරයේ සිට කි.මී. 9ක් සහ 12ක් දුරින් වූ ස්ථානවල හමුදා බ්‍රිගේඩ දෙකක් කැරලිකරුවන්ගේ ඉලක්කය වූ බව රට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පැසුවේය.
 

අගනුවරට දුරින් පිහිටා ඇති නගර වරින් වර කැරලිකරුවන්ගේ ප්‍රහාරවලට ලක් වන අතර එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා,මධ්‍යම අප්‍රිකානු හමුදාව සමග රුවන්ඩා,රුසියා සෙබලුන් මෙන්ම කුලී හේවයින් එක්ව එම ප්‍රහාර ව්‍යර්ථ කරයි.

 

 බුර්කිනා ෆැසෝ රාජ්‍යයේ ඉස්ලාමීය ත්‍රස්ත ප්‍රහාර

 
 බටහිර අප්‍රිකානු රාජ්‍යයක් වන බුර්කිනා ෆැසෝ හි උතුරු ප්‍රදේශයේ සිදුවු ත්‍රස්ත ප්‍රහාරයකින් අවම වශයෙන් හය දෙනෙක් වත් මිය යන්නට ඇතැයි ප්‍රංශයේ පුවත් සේවය ජනවාරි 5දා වාර්තා කලේය.

ජනවාරි 4දා ලුම්බිලා නම් ගම්මානයට කඩා වැදුණු සියයක් පමණ ත්‍රස්තවාදීන් කණ්ඩායමක් ගම්වාසීන් සමග සටන් වැදුණහ.ත්‍රස්තවාදියෝ වෛද්‍ය මධ්‍යස්ථානයකට සහ ගම්මානයේ වෙළඳපොලට පහර දුන්නෝය.ගම්මානයේ ස්ථාන කිහිපයක් ඔවුහු ගිනි තැබූහ.

මිය ගිය හයදෙනා ගෙන් දෙදෙනෙක් ඩිෆෙන්ස් ඔෆ් ද මදර්ලෑන්ඩ් නම් ජිහාඩ් විරෝධී බලකායේ සාමාජිකයන්ය.

මෝටර් සයිකල් කිහිපයක් සහ ආහාර සොරා ගැනීමෙන් පසුව ත්‍රස්තවාදීන් ගම්මානයෙන් ඉවත්ව ගිය බව වාර්තාවේ.





 මොවුන් අල්කයිඩාවට සම්බන්ධ ජමා නුස්රාට් උල් -ඉස්ලාම් වා අල්-මුස්ලිමින් නම් ත්‍රස්තවාදී කණ්ඩායමට අයත් පිරිසක් යැයි විශ්වාස කෙරේ.මෙම කණ්ඩායම 2017 වර්ෂයේ පටන් උතුරු බුර්කිනා ෆැසෝ ප්‍රදේශයේ ක්‍රියාත්මකය.

මොවුන් මාලි,ඇල්ජීරියාව,ලිබියාව,මුරිටේනියාව,ටියුනීසියාව සහ චැඩ් යන රාජ්‍යයන්ගේ ක්‍රියාත්මකය.ජනවාරියේ මුල් සතියේදී මෙම ත්‍රස්තවාදීන් මාලි රාජ්‍යයේදී ප්‍රංශ සෙබලුන් තිදෙනෙක් මරා දැමීමට සම්බන්ධ යැ‍යි පැවසේ.

මේ දක්වා උතුරු බුර්කිනා ෆැසෝ හි ඉස්ලාමීය ත්‍රස්තවාදී කැරැල්ල හේතුවෙන් මිය ගිය ගණන 1,200ක් යැ‍යි වාර්තාවේ.උන්හිටි තැන් අහිමි වූ පිරිස මිලියනයක් පමණ වේ.මාලි රාජ්‍යය සමග දේශ සීමාවේ පාලනය බුර්කිනා ෆැසෝ රජය අතින් ගිලිහී ඇති බව පෙනෙන්නට තිබේ.

 

 නයිජීරියානු හමුදාවට ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගෙන් ප්‍රබල ප්‍රහාරයක්


මෑතකදී ඊසානදිග නයිජිරියාවේ යොබේ පළාතේදී සිය කණ්ඩායම එල්ල කල ප්‍රහාරයකට අදාල ඡායාරූප පෙළක් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් අමාක් පුවත් සේවය ඔස්සේ ජනවාරි 13දා ප්‍රසිද්ධ කලහ.

ප්‍රහාරය එල්ල වූයේ ජනවාරි 10දා ගුජ්බා නගරය ආසන්නයේ නයිජීරියානු සන්නද්ධ හමුදා රැඳී සිටි ස්ථානයක් ඉලක්ක කරගෙනය.ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයේ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් නයිජීරියානු සෙබලුන් පලා ගියහ.
 





අමාක් පුවත් සේවයට අනුව ප්‍රහාරයෙන් මිය ගිය සෙබලුන් ගණන 5කි.ත්‍රස්තවාදීන් එක පික් අප් රථයක් සිය භාරයට ගත් අතර නයිජීරියානු සෙබලුන් දමා ගිය තවත් පික් අප් රථ තුනක්,ට්‍රක් රථයක් සහ බුල්ඩෝසර් හතක් ගිනි තැබීමට ත්‍රස්තවාදීන් ක්‍රියා කලහ.

අනෙක් පසින් නයිජීරියානු හමුදාව පැවසුවේ ඔවුන් ප්‍රහාරය ව්‍යර්ථ කල බවයි.හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජෙනරල් බර්නා ඔන්යුකෝ සඳහන් කල පරිදි ප්‍රති ප්‍රහාර හමුවේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීහු 28 දෙනෙක් මරණයට පත්ව තිබේ.සටනේදී එක් සෙබලෙක් පමණක් අහිමි වූ බවද් හෙතෙම ප්‍රකාශ කලේය.
 
නයිජීරියානු හමුදාව සොයා ගත් ත්‍රස්තවාදීන්ගේ සුළු අවි සහ මැෂින් තුවක්කු

ත්‍රස්තවාදීන්ට අයත් රථයක් ප්‍රහාර වලින් ගිනි ගෙන දැවෙන අයුරු

මරාදමන ලද ත්‍රස්තවාදීන්ගේ මළ සිරුරු

බටහිර අප්‍රිකාවේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත සංවිධාන ශාඛාව එරට බෝර්නෝ පළාත තුල සිය බලය ව්‍යාප්ත කර ගනිමින් සිටියි.එයට මායිම් වන යොබේ පළාත තුලද ත්‍රස්තවාදී කණ්ඩායම මුල් විහිදුවීමට මත්තෙන් ක්‍රියාමාර්ගයක් ගැනීමට නයිජීරියානු ආරක්ෂක අංශ ක්‍රියා කල යුතුව ඇත.
 
 
 
 
 source:southfront.org
 
 
බෙලිකපන්නන්ගේ දිනපොත:ඉස්ලාමීය ත්‍රස්තවාදයට නතුවන අප්‍රිකාව  බෙලිකපන්නන්ගේ දිනපොත:ඉස්ලාමීය ත්‍රස්තවාදයට නතුවන අප්‍රිකාව Reviewed by HarshaLulzSec on January 15, 2021 Rating: 5

No comments:

Powered by Blogger.