ඉතිහාසය තුල ඊශ්‍රායලයට වැඩිම පක්ෂපාතීත්වය දැක්වූ ඇමෙරිකානු ජනාධිපතිවරයා තමන් යැයි වරක් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්ම ප්‍රකාශ කලේය.ධවල මන්දිරයේ මෙතෙක් කාලයකට සිටි ඊශ්‍රායලයේ හොඳම මිතුරා වන්නේ ට්‍රම්ප්ය යනුවෙන් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ගිය වසරේදී පවසා තිබිණි.බොහොමයක් ඊශ්‍රායල නායකයෝ මෙන්ම එරට පුරවැසියන්ද,ට්‍රම්ප් දෙවන වර පත් වෙනවා දැකීමට කැමැත්තෙන් පසුවූහ.
නමුත් අවාසනාවට ඔහුට දැන් ධවල මන්දිරයෙන් පිටව යෑමට කාලය එළඹ තිබේ.ඊට සමගාමීව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුද සිය ට්විටර් ගිණුමේ තිබූ ට්‍රම්ප්ගේ ඡායාරූපයද ඉවත් කරගෙන ඇත්තේ,බලය හුවමාරුව සම්බන්ධව එක්සත් ජනපදය තුල ගැටුම්කාරී තත්ත්වයක් මතුව තිබියදීය.
2009 වර්ෂයේ පටන් ඊශ්‍රායලයේ නායකත්වය හොබවන නෙතන්යාහුටද අලුතෙන් පත්වන ඇමෙරිකානු ජනපතිවරයා සමග කටයුතු කරන්නට සිදුවේ.ඊශ්‍රායලයේ පැවැත්ම වෙනුවෙන් එක්සත් ජනපදය සමග යහපත් සබදතාවයක් තබා ගැනීම අතිශය වැදගත් වේ.
දෙරට අතර තිබෙන්නේ සුවිශේෂී සබදතාවයකි.එක්සත් ජනපදය,ඊශ්‍රායලයේ හොඳම මිත්‍රයා වන මුත් ඇමෙරිකානු ඉතිහාසය තුල සිටි සෑම ජනාධිපතිවරයාම ඊශ්‍රායලය පක්ෂපාතී හෝ එරට සමග මිත්‍රශීලී අය නොවූහ.රොනල්ඩ් රේගන්,බිල් ක්ලින්ටන් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් ආදී ඊශ්‍රායලයට වඩාත්ම පක්ෂපාතී ජනාධිපතිවරුන් ලෙස සැලකේ.ජිමී කටර් සහ බැරැක් ඔබාමා ඊශ්‍රායලය සමග මිත්‍රශීලී නායකයන් නොවීය.

ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලයට වාසි වන පරිදි ආරක්ෂාව,රාජ්‍යතාන්ත්‍රික සහ දේශපාලනික ප්‍රශ්න කෙරෙහි ඇමෙරිකානු ප්‍රතිපත්ති වෙනස් කලේය.ඉරානය සමග න්‍යෂ්ඨික ගිවිසුමෙන් ඉවත් වීම,පලස්තීන ප්‍රශ්නයට විසදුමක් ඉදිරිපත් කිරීම,ජෙරුසලම ඊශ්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීමත්,ගෝලාන් උස්බිම්(සිරියාවෙන් අත්පත් කරගත් භූමි ප්‍රදේශයකි)ඊශ්‍රායල භූමියේ කොටසක් යැයි පිළිගැනීම ඒ අතරින් විශේෂය.
මීට සති කිහිපයකට පෙර නෙතන්යාහු පවසා තිබුණේ,ට්‍රම්ප් තමාගේ හොඳ මිත්‍රයෙක් වූ බවත්,ඊශ්‍රායලයට වැදගත් පුද්ගලයෙක් වූ බවත්ය.කෙසේවෙතත් දැන් මැදපෙරදිග "එකම ප්‍රජාතන්ත්‍රවාදයේ " ඇලුම්කම්වලට අනුග්‍රහය පිණිස තවදුරටත් කැප කිරීම් කරන්නට ට්‍රම්ප්ට අවස්ථාවක් නොමැත.
දැන් ඉතින් ජෝ බයිඩන්ගේ පාලනතන්ත්‍රයට තම ආදරය පෙන්වීමට නෙතන්යාහුට අවස්ථාව උදාවී තිබේ.ඉතින් ආයුබෝවන් ට්‍රම්ප්!

source:southfront.org
ට්‍රම්ප්-නෙතන්යාහු ආදර කතාව නිම වෙයි
Reviewed by HarshaLulzSec
on
January 13, 2021
Rating:
Reviewed by HarshaLulzSec
on
January 13, 2021
Rating:

No comments: