ඉරාන ඉස්ලාමීය විප්ලවකාරී ආරක්ෂක හමුදාවේ පයම්බර්-ඊ අසාම් 15(උතුම් ශාස්තෘවරයා 15) යුද අභ්‍යාසයේ අවසන් අධියරය පසුගිය සෙනසුරාදා පැවැත් වුණු අතර එහිදී සතුරු නෞකා ඉලක්ක කරගෙන දිගු දුර බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කලහ.
මෙම අධියරය සඳහා එරට සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් මොහම්මඩ් බගෙරි,ඉරාන ඉස්ලාමීය විප්ලවකාරී ආරක්ෂක හමුදාවේ ප්‍රධාන අණදෙන නිලධාරී හොසෙයින් සලාමි,එම හමුදාවේ ගුවන් අංශයේ අණදෙන නිලධාරී බ්‍රිගේඩියර් ජෙනරල් අමිර් අලි හජිසඩෙ සහ තවත් උසස් හමුදා නිලධාරීන් කණ්ඩායමක් සහභාගී වී සිටියහ.
ඉලක්ක වෙත සාර්ථකව ප්‍රහාර එල්ල කිරීම සඳහා ඔවුන් සුල්ෆිකර්,සිල්සල් සහ ඩෙස්ෆුල් යන පන්තිවල බැලස්ටික් මිසයිල යොදා ගෙන තිබේ.
මෙම යුද අභ්‍යාසයේ පළමු අධියරය පවත්වන ලද්දේ ජනවාරි මස 15දාය.එහිදී අලුත් පරම්පරාවේ බැලස්ටික මිසයිලයක් අත්හදා බැලූ බව වාර්තාවේ.ඊට අමතරව ප්‍රහාරක,ඔත්තු බැලීමේ සහ මරාගෙන මැරෙන ඩ්‍රෝන් යානාද භාවිතා කලහ.
පහත දැක්වෙන්නේ මරාගෙන මැරෙන ඩ්‍රෝන් යානයක් ගුවන් ආරක්ෂක පද්ධතියක් විනාශ කරන අයුරුය.
ඉරාන ජෙනරල් හජිසඩෙ පවසන පරිදි කලින් අභ්‍යාසවලට වඩා මෙහිදී ඩ්‍රෝන් යානා සඳහා කෘත්‍රීම බුද්ධිය වැඩි වශයෙන් භාවිතා කර තිබේ.මෙහි දැකගන්නට ලැබෙන්නේ ෂහෙඩ්-161 ඩ්‍රෝන් යානා පෙළක් යුද අභ්‍යාසයේදී පියාසර කල අයුරුය.
ඉරාන බැලස්ටික් මිසයිල,සලකුණු කල ඉලක්ක මත නිවැරදිව පතිත වන ආකාරය පෙන්වන වීඩියෝ පටයක්
යුද අභ්‍යාසයේ අවසන් අධියරයේදී එමාඩ්,සෙජිල් සහ ගඩර් යන මැදි දුර බැලස්ටික් මිසයිල යොදාගෙන ඉන්දියානු සාගරයේ උතුරු කොටසේ මනඃකල්පිත සතුරු නෞකා ඉලක්ක කර ප්‍රහාර එල්ල කල අතර ඒවා ගමන් කල දුර කි.මී. 1800ක් යැයි වාර්තාවේ.
එමාඩ් සහ ගඩර් මිසයිල දෙක පැරණි ෂහාබ්-3 මිසයිලයේ ව්‍යුත්පන්නයන්ය.ෂහාබ්-3 මිසයිලයක මෙහෙයුම් පරාසය කි.මී. 2,000කි.සෙජිල් මිසයිලවල සංස්කරණය අනුව මෙහෙයුම් පරාසය කි.මී. 2000-2500 අතර වේ.
යුද අභ්‍යාසයේදී සෙජිල්-2 ඝන ඉන්ධන,මැදි දුර බැලස්ටික් මිසයිල දියත් කිරීමක් සිදු කෙරිණි.එය නිර්මාණය කරන්නේ ෂහාබ් පවුලේ ද්‍රව ඉන්ධන බැලස්ටික් මිසයිල වෙනුවටය.සෙජිල් මිසයිලයක් ටොන් 23ක් පමණ බරය.
![]() |
| සෙජිල් බැලස්ටික් මිසයිල දියත් කිරීමක් - පයම්බර්-ඊ අසාම් 15 යුද අභ්‍යාසය,2021 ජනවාරි 15. |
නාවික ඉලක්ක වෙත ජනවාරි 16දා එල්ල කල මෙම බැලස්ටික් මිසයිල ඉන්දීය සාගරයේ තිබූ වාණිජ නෞකාවකට සහ ඇමෙරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවකට අනතුරුදායක සීමාවේ පතිත වූයේ යැයි ඇමෙරිකානු ෆොක්ස් නිවුස් පුවත් සේවය වාර්තා කර තිබිණි.
එක් ඇමෙරිකානු නිලධාරියෙක් එම පුවත් සේවයට පවසා තිබූ පරිදි,අවම වශයෙන් එක් මිසයිලයක් වාණිජ නෞකාවකට කි.මී. 32ක් ඈතින් පතිත විය.ඔහු නෞකාව කුමක්දැයි සඳහන් නොකල අතර වැඩි දුර තොරතුරුද අනාවරණය නොකලේය.
තවත් ඉරාන මිසයිල දෙකක් යූ එස් එස් නිමිට්ස් ගුවන් යානා ප්‍රවාහන නෞකාවේ සිට කි.මී. 180ක් ඈතින් පතිත විය.
ඉරානය මට්ටු කිරීමට තවදුරටත් පර්සියානු බොක්ක ආශ්‍රිතව රැඳී සිටින්න යැයි මෙම යුද නෞකාව ප්‍රමුඛ නාවික ප්‍රහාරක කණ්ඩායමට ජනපති ට්‍රම්ප් නියෝග කර තිබේ.
ෆොක්ස් නිවුස් පුවත් සේවය පවසන පරිදි ඉරාන ඉස්ලාමීය විප්ලවකාරී ආරක්ෂක හමුදාව දියත් කල බැලස්ටික් මිසයිල වල ගමන් මග හඳුනා ගන්නට ඇමෙරිකානු ඔත්තු බැලීමේ චන්ද්‍රිකාවලට හැකියාව ලැබිණි.විශේෂඥයින් පවසන පරිදි එමාඩ්,සෙජිල් සහ ගඩර් යන ඉරාන මිසයිල නිර්මාණය කර තිබෙන්නේ ගොඩබිම් ඉලක්කවලට පහරදීම සඳහාය.නමුත් මෙවර ඔවුන් ඒවා නාවික ඉලක්ක වලට එරෙහිව භාවිතා කලහ.
source:southfront.org
ඉරාන මිසයිල සහ ඩ්‍රෝන් යුද අභ්‍යාසයේ අවසන් අධියරය
Reviewed by HarshaLulzSec
on
January 17, 2021
Rating:
Reviewed by HarshaLulzSec
on
January 17, 2021
Rating:

























No comments: