Support Our Blog

Shop on Daraz & help us create more content!

පර්සියානු බොක්කට ඊශ්‍රායල සබ්මැරීනයක්,ඇමෙරිකා-ඊශ්‍රායල ප්‍රහාර ව්‍යර්ථ කිරීමට ඉරානයේ සූදානම

 israel-sends-submarine-to-persian-gulf
 2020 වර්ෂය තුල හිස්බුල්ලා සංවිධානය සිය මිසයිල සංචිතයේ ප්‍රමාණය දෙගුණ කරගෙන තිබෙන බවත් තමන් සතු නියාමක මිසයිලවල පරාසය ඊශ්‍රායලයේ සම්පූර්ණ භූමියම ආවරණය කර බවත්,එම සංවිධානයේ මහ ලේකම් සෙයිඩ් හසන් නසරල්ලා දෙසැම්බර් මස 27දා අවධාරණය කලේය.

"අල්ලාගෙන තිබෙන පලස්තීනය භූමියේ ඕනෑම ඉලක්කයකට නිවැරදිව පහරදීමට අවශ්‍ය නම්,අපිට පුලුවන් ඒවාට හරිම ඉලක්කයට පහර දෙන්න." නසරල්ලා කීවේය.

ලෙබනන අහසේ ඊශ්‍රායල ඩ්‍රෝන් යානාවල පියාසැරිය ටෙල් අවිව් රජයේ ව්‍යාකූලත්වය පෙන්වන්නේ යැයි හිස්බුල්ලා නායකයා පැවසීය.

"යුදෙව් ඩ්‍රෝන් යානා ලෙබනන අහසේ පියාසර කිරීමෙන්,අපිට ඔවුන් දක්වන දැඩි බිය පෙන්වන්නේය".

"අනාවරණය වීමකින් තොරව,ඔවුන්ගේ ඩ්‍රෝන් යානා වෙත අපි නිවැරදි අවියෙන් පහර දෙන්නේ යැ‍යි ඊශ්‍රායලය දනියි" යැයි ඔහු කීවේය.

"බොහොමයක් අරාබි රාජ්‍යතන්ත්‍රයන් පලස්තීනුවන්ට උදව් කලේ වචනවලින් පමණක්" බැවින් ඊශ්‍රායලය සහ අරාබි රටවල් කිහිපයක් අතර ඇමෙරිකානු සහාය ඇතිව සබදතා සාමාන්‍යකරණ ගිවිසුම් ඇති වීම පුදුමයක් නොවේ යැ‍යිද නසරල්ලා පැවසුවේය.

එම රටවල බක තපස් රැකීමේ කාලපරිච්ඡේදය නිමා කිරීමට මෙම ගිවිසුම් හේතු වූ බවත් ඔවුන්ගේ වෙස් මුහුණු ගැලවී නායකත්වයන්ගේ සැබෑ ස්වභාවය හෙළිදරවු කල බවත් ඔහු කීය.

දෙසැම්බර් මස 25දා ඊශ්‍රායලය ගුවන් හමුදාව සිරියාවේ ඉලක්ක කිහිපයකට පහර දුන්නේ ඒවා ඉරාන සහ හිස්බුල්ලා සටන්කාමීන්ට අයත් ඒවා යැයි පවසමින්ය.සිරියානු මූලාශ්‍රවලට අනුව ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වූයේ මිස්යාෆ් කලාපයේ යුදෝපකරණ කර්මාන්තශාලාය.
 
 
 ඊශ්‍රායලයේ ඉමේජ්සැට් ඉන්ටර්නැෂනල් නම් සමාගම විසින් මුදා හැර තිබූ ප්‍රහාරයට පෙර සහ පසු වාතාවරණය පෙන්වන චන්ද්‍රිකා ඡායාරූප පෙළක්
 



 ඉරානයට අනතුරු ඇඟවීමක් වශයෙන් ඊශ්‍රායලය පර්සියානු බොක්කට සබ්මැරීනයක් යවා ඇතැයි ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කර තිබිණි.එම කරුණ මුල් කරගෙනම,ඊට ප්‍රථමයෙන් ඇමෙරිකානු නාවික හමුදාවද ඉරානය ආසන්න මුහුදු කලාපයට න්‍යෂ්ඨික සබ්මැරීනයක් පිටත් කර හැරීය.

මැදපෙරදිග සිය හමුදා ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමට ඉරානය සූදානම් වන්නේ යැයි ඊශ්‍රායල සහ ඇමෙරිකානු මූලාශ්‍ර පවසන අතර ඊට යුදමය ප්‍රතිචාරයක් දක්වන්නට පසුබට නොවන්නේ යැ‍යිද සඳහන් කරති.
 
 
 
 
 
 source:southfront.org
 
 
පර්සියානු බොක්කට ඊශ්‍රායල සබ්මැරීනයක්,ඇමෙරිකා-ඊශ්‍රායල ප්‍රහාර ව්‍යර්ථ කිරීමට ඉරානයේ සූදානම  පර්සියානු බොක්කට ඊශ්‍රායල සබ්මැරීනයක්,ඇමෙරිකා-ඊශ්‍රායල ප්‍රහාර ව්‍යර්ථ කිරීමට ඉරානයේ සූදානම Reviewed by HarshaLulzSec on December 30, 2020 Rating: 5

No comments:

Powered by Blogger.