නැගෙනහිර ඉඩ්ලිබ් හි නයිරාබ් ගම්මානය සිරියානු හමුදාවෙන් මුදා ගැනීමට පෙබරවාරි 20දා,නේටෝවේ දෙවන හමුදාව* සහ එහි ප්‍රොක්සි හමුදා දැරූ උත්සාහය නැවත වරක් අසාර්ථක විය.තුර්කි ප්‍රහාරය සඳහා යුද ටැංකි සහ කාලතුවක්කු ඇතුලුව දුසිම් දෙකක පමණ යුදෝපකරණ යොදාගෙන තිබිණි.ඊට සහභාගී වූ තුර්කි සෙබලුන් ගණන 200 ඉක්මවූ අතර ආසන්න වශයෙන් හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායමේ(කලින් සිරියාවේ අල්කයිඩා ශාඛාව) සහ අනෙක් තුර්කි ප්‍රොක්සි හමුදාවල සාමාජ්කයෝ 300ක් පමණ ඔවුන්ගේ සහායට පැමිණියහ.
තුර්කි ප්‍රහාරය පෙබරවාරි 20දා සිරියානු වේලාවෙන් පස්වරු 1.00 පමණ ආරම්භ වූයේ තුර්කි හමුදාවේ බලවත් ප්‍රහාර හමුවේ සිරියානු ආරක්ෂක සංවිධාන සහ අෂාඩ් රජය බිද වැටීමට ආසන්නයේ ඇතැයි කියමින් ප්‍රධාන ධාරාවේ මාධ්‍ය සිදු කල සමච්චල් කිරීම මධ්‍යයේය.පස්වරු 2.00 වෙද්දී සමහරක් තුර්කි ආධාරකරුවන් ට්විටර් සමාජ ජාලය හරහා ඇලෙපෝ නගරයට ලඟා වූ ඩැමැස්කස් අගනුවර දෙසට ගමන් කිරීමට සූදානම් වෙමින් සිටියහ.
කෙසේවෙතත්,පස්වරු 5.00 වන විට ප්‍රහාරයේ සැර බාල වී ගියේ,දැවැන්ත රොකට් සහ කාලතුවක්කු ප්‍රහාර හා සිරියානුවන්ට එරෙහිව අල්කයිඩාව සමග තුර්කි සෙබලුන් ඒකාබද්ධව සටන් වැදී සිටියදීය.සිරියානු සෙබලුන්ට සමීප ගුවන් ප්‍රහාරක සහාය ලබ දුන් රුසියානු සුකොයි-24 යුද ගුවන් යානයක් ඉලක්ක කරගෙන තුර්කි සෙබලුන් ජංගම ගුවන් යානා නාශක මිසයිල ප්‍රහාර දියත් කලහ.එයින් පසුව තුර්කි ආරක්ෂක අමාත්‍යාංශය වාර්තා කලේ ගුවන් ප්‍රහාරයකින් තුර්කි සෙබලුන් දෙදෙනෙක් මියගොස් තවත් පස්දෙනෙක් තුවාල ලැබූ බවයි.
සුපුරුදු පරිදි සිය හොඳම සම්ප්‍රදායයන් එලෙසම තබා ගනිමින්,තුර්කි ආරක්ෂක අමාත්‍යාංශය විජයග්‍රාහී ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ අෂාඩ්ගේ සෙබලුන් 50ක් මරා දමා,සිරියානු යුද ටැංකි 2ක්,සන්නද්ධ රථ 2ක්,සන්නද්ධ ජිප් රථ 2ක් සහ හොවිත්සරයක්(කාලතුවක්කු වර්ගයක්) විනාශ කල බවයි.කෙසේවෙතත්,මේ සියල්ල තහවුරු කිරීමට තුර්කි පාර්ශ්වය සතුව තිබුණේ නයිරාබ් නගරය ආසන්නයේදී හයාට් ටරිර් අල්-ෂාම් සටන්කාමීන් ලබා ගත් සෙල්ෆි දර්ශන කිහිපයක් පමණි.තුර්කි රජයේ මාධ්‍ය වහාම අවධාරණය කලේ තුර්කි හමුදාවට නයිරාබ් නගරය අල්ලා ගැනීමට උවමනාවක් නොතිබූ බවත්,අවශ්‍ය වූයේ දුෂ්ඨ අෂාඩ් රෙජිමයට පණිවුඩයක් යැවීම පමණක් බවත්ය.
මින් අනතුරුව,ප්‍රබල තුර්කි හමුදාව,එක්සත් ජනපදයෙන් පේට්‍රියට් මිසයිල පද්ධති ඉල්ලා සිටියේ ඉඩ්ලිබ් හි අෂාඩ්ගේ ආක්‍රමණය මැඩපැවැත්වීම සඳහාය.මීට පැහැදිලි කිරීම් දෙකක් තිබේ.
- යේමනයේ හවුති සටන්කාමීන්ගේ මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාර හමුවේ සෞදි අරාබියේ යුදමය මර්මස්ථාන රැක ගැනීමට එරටෙහි ස්ථානගත කර තිබෙන පේට්‍රියට් මිසයිල පද්ධති දිගින් දිගටම අපොහොසත් වීම සම්බන්ධව පුවත් අන්කාරා රජයට මඟ හැරී ගොස් ඇත.
- එක්සත් ජනපදයේ සෙබලුන් ඉඩ්ලිබ් හි තුර්කි ප්‍රොක්සි හමුදා සහ අල්කයිඩා ත්‍රස්තවාදීන් සමග එකට සිටිනවා දැකීමට එර්ඩොගන් රජයට අවශ්‍ය වී තිබේ.
ඉඩ්ලිබ් හි ඉලක්ක වෙත පහර දීමට සිය යුද ගුවන් යානා සිරියානු හමුදාවට සහාය ලබා දුන්නේ යැයි රුසියානු පාර්ශ්වය නිල වශයෙන් තහවුරු කලේය.එහිදී ඔවුන් යුද ටැංකියක්,සන්නද්ධ රථ 6ක් සහ සන්නද්ධ ජිප් රථ 5ක් විනාශ කලහ.තුර්කි කාලතුවක්කු ප්‍රහාරවලින් සිරියානු සෙබලුන් සිව්දෙනෙක් තුවාල ලබා ඇතැයි මොස්කව් පාර්ශ්වය සඳහන් කලේය.
පෙබරවාරි මාසය එහි අවසානයට ලගා වෙමින් ඇති අතර මුදා ගත් ප්‍රදේශවලින් ඉවත් වන්න යැයි තුර්කිය් සිරියානුවන්ට කල අවසන් නිවේදනය ක්‍රමයෙන් කල් ඉකුත්වෙමින් ඇත.එකදු ගම්මානයක් හෝ සිරියානු හමුදාවෙන් මුදා ගැනීමට තුර්කි හමුදාව අසමත් වීම හරහා එර්ඩොගන් රජයේ ප්‍රතිරූපයට බලවත් පහරක් එල්ල විය.ඒ නිසා,තුර්කි හමුදාව දිගටම ඉඩ්ලිබ් වෙත සිය ප්‍රහාර එල්ල කරමින්,එර්ඩොගන්ගේ සහ ඔහුගේ අභ්‍යන්තර කවයේ නව ඔටෝමන් අධිරාජ්‍යයේ සිහිනය වෙනුවෙන් තුර්කි රුධිරයෙන් වන්දි ගෙවනු ඇත.
* නේටෝවේ දෙවන හමුදාව - උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ දෙවන විශාලතම හමුදාව සතු රාජ්‍යය වන්නේ තුර්කියයි.
source:southfront.org
නැගෙනහිර ඉඩ්ලිබ් හිදී තුර්කි හමුදාව සහ සිරියානු හමුදා ගැටෙති
Reviewed by HarshaLulzSec
on
February 22, 2020
Rating:
Reviewed by HarshaLulzSec
on
February 22, 2020
Rating:


No comments: