ජනවාරි 8දා ඉරාකයේ ඇමෙරිකානු හමුදා කඳවුරු වලට එල්ල කල ප්‍රහාරය වනාහි කලාපය පුරා පිහිටි එක්සත් ජනපදයේ වත්කම් වලට එරෙහිව සිදු කරන දැවැන්ත මෙහෙයුමක ආරම්භය පමණක් යැයි ඉරානයේ ඉස්ලාමීය විප්ලවකාරී ආරක්ෂක හමුදාවේ ගුවන් හමුදාවෙහි ප්‍රධානී බ්‍රිගේඩියර් ජෙනරල් අමීර්-අලි හජිසඩේ ජනවාරි 9දා මාධ්‍ය හමුවකදී සඳහන් කලේය.
මෙම ක්‍රියාමාර්ගය "Operation Martyr Soleimani" යන කේත නාමයෙන් හඳුන්වනු ලැබීය.
ප්‍රහාරයේ අරමුණ ජීවිත හානි නොව සතුරාගේ යුද යන්ත්‍රණයට පහරක් එල්ල කිරීම යැයි බ්‍රිගේඩියර් ජෙනරල්වරයා පැවසුවේය.
ඔහු පවසන පරිදි ඉරාකයේ ඇමෙරිකානු කඳවුරු වෙත එල්ල කල මිසයිල ගණන 13කි.එනමුත් ඔවුන් සැබැවින්ම මිසයිල සිය ගණනක් දියත් කිරීමට සූදානම් වී සිටියහ.
තම අරමුණ වූයේ ජීවිත හානි නම්,ඉරානය ඇමෙරිකානු හමුදා නවාතැන් ගෙන සිටින ස්ථාන හෝ ඔවුන්ගේ යෙදවුම් මධ්‍යස්ථාන ඉලක්ක කරන බව ඔවුන් පැවසීය.
"පළමු අධියරයේදී අපිට ඇමෙරිකානු හමුදාවේ 500ක් මරා දමන්නට මෙහෙයුම සැලසුම් කල හැකිව තිබිණි.ඔවුන් අපේ ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වූයේ නම් ඔවුන්ගේ සෙබලුන් 4,000-5,000ක් පමණ දෙවන සහ තුන්වන අධියරයන්හිදී අවසන් කරන්නට අවශ්‍ය හැකියාව අප සතුය." - අමීර්-අලි හජිසඩේ
සිය මිසයිල ප්‍රහාරවලට කිසිදු ප්‍රතිචාරයක් දක්වන්නට එක්සත් ජනපද හමුදාව අසමත් වූ බව බ්‍රිගේඩියර් ජෙනරල් අමීර්-අලි හජිසඩේ කියා සිටියේය.ඒ වෙද්දීත් ඉරානයේ ඉලක්කය වූ අයින් අල්-අෂාඩ් කඳවුරට ඉහළ අහසේ ඇමෙරිකානු ඩ්‍රෝන් යානා 12ක් සහ නියමුවන් සහිත යානා ගණනාවක් ඔත්තු බැලීමේ මෙහෙයුමක නිරත සිටි බව ඔහු පැවසුවේය.
පහත දැක්වෙන්නේ ඉරාන ප්‍රහාරයෙන් පසුව ඉරානයේ අයින් අල්-අෂාඩ් කඳවුර දිස් වූ අයුරුය
source:southfront.org
කසෙම් සුලෙයිමානි ඝාතනයේ පළිය:ඉරාන මිසයිල ප්‍රහාරයේ ඉලක්කය සෙබලුන් නොව යුද යන්ත්‍රණයයි
Reviewed by HarshaLulzSec
on
February 22, 2020
Rating:
Reviewed by HarshaLulzSec
on
February 22, 2020
Rating:








No comments: