Support Our Blog

Shop on Daraz & help us create more content!

සිරියානු යුද වාර්තාව - 2019 පෙබරවාරි 01

syrian-war-report-feb-1-2019-hayat-tahrir-al-sham-gets-control-of-key-roads-in-northwestern-syria

මෙම සතියේදී හයාට් ටරිර් අල්-ෂාම්(කලින් ජබාත් අල්-නුස්රා)කණ්ඩායම තුර්කිය යටතේ තිබෙන අෆ් රින් ප්‍රදේශයද ඇතුලුව උතුරුදිග ඇලපෝ පළාතේ සිට ඉඩ්ලිබ් යුද මුක්ත කලාපයට දිවෙන සියලු මාර්ග වසා දමන ලදි.එලෙස වසා දැමූ ප්‍රධාන මාර්ග දෙක වන්නේ ඇට්මෙ-ඩිර්-බාලට් සහ ඩීර් සමන්-අල්-ගාසවියාය.මේ නිසා ද්‍රව්‍ය ප්‍රවාහනය සහ අනෙකුත් ප්‍රවාහන කටයුතු දැන් එම සටන්කාමී කණ්ඩායමේ පාලනය යටතේ තිබෙන අතර ඔවුන්ගේ මුර පොළවල් හරහා සිදුවන ගමනාගමනය සඳහා මුදල් අය කෙරේ.

හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායම කලින් මෙම ක්‍රියාමාර්ගය සාධාරණීකරණය කලේ තම පාලන ප්‍රදේශයට ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් රිංගා ගැනීම වැළැක්වීමට ගත් පියවරක් බව කියමින්ය.අනෙක් පසින් ඔවුන්ගේ ක්‍රියාමාර්ගය නිසා යුද මුක්ත කලාප ගිවිසුම අනතුරට ලක් වේ.මන්ද ගිවිසුමට අනුව හමා සහ ඇලපෝ නගරත්,ලටාකියා සහ ඇලපෝ නගර අතරත් මාර්ග නැවත විවෘත කිරීමට එකඟ විය.

ජනවාරි මස 31දා තුර්කි විදේශ අමාත්‍යවරයා ඇමෙරිකාව ප්‍රමුඛ සන්ධානයේ සාමාජික රාජ්‍යයන් වෙත චෝදනා එල්ල කලේ ඔවුන් රුසියා-තුර්කි ඉඩ්ලිබ් යුද මුක්ත කලාප ගිවිසුම කඩාකප්පල් කිරීමට හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායමට සහාය ලබා දුන් බව කියමින්ය.යුද මුක්ත කලාප ගිවිසුම උල්ලංඝනය කිරීම වෙනුවෙන් මිත්‍ර සන්ධානයේ සමහර සාමාජිකයෝ හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායමට ගෙවීම් සිදු කරමින් සිටින බව තුර්කි අමාත්‍යවරයා පැවසීය.සටන්කාමීන් විසින් ගිවිසුම උල්ලංඝනය කරන බව තුර්කියේ ඉහළ පෙළේ නිලධාරියෙක් ප්‍රසිද්ධියේ පිළිගත් පළමු අවස්ථාව මෙයයි.

කි.මී. 15-20 පළල යුද මුක්ත කලාපය පිහිටුවනු ලැබුවේ සටන්කාමීන්ගේ පාලනය යටතේ තිබෙන ප්‍රදේශයත් රජයේ පාලන ප්‍රදේශයත් වෙන් කෙරෙන සීමාවේ සිට දෙපසට සමාන භූමි ප්‍රමාණයක් අයත් වන පරිදි පටියක් වශයෙන්ය.තුර්කි නිරීක්ෂණ මුරපොලවල් පිහිටුවීමත්,කලාපයෙන් බර අවි ඉවත් කර ගැනීමත් හරහා සුවිශේෂී ප්‍රගතියක් මේ දක්වා අත් කර ගෙන නොමැත.හයාට් ටරිර් අල්-ෂාම් සටන්කාමීන් ඉවත් කිරීම සඳහා ඒකාබද්ධ යුද මෙහෙයුමක් සිදු කිරීමේ යෝජනාවක් දැනටමත් රුසියාව විසින් ඉදිරිපත් කර ඇතැයි තුර්කි විදේශ අමාත්‍යවරයා පැවසීය.

ඊට සමගාමීව සමහරක් විපක්ෂ කණ්ඩායම් හයාට් ටරිර් අල්-ෂාම් කණ්ඩායමේ ස්ථාවරය වඩාත් මධ්‍යස්ථ එකක් යැයි දකියි.අල්කයිඩා සංවිධානයට සම්බන්ධ හොරස් අල්-ඩීන් කණ්ඩායම් ජනවාරි මස 30දා හයාර් ටරිර් අල්-ෂාම් කණ්ඩායමට චෝදනා කලේ යුද මුක්ත කලාප ගිවිසුමට වක්‍රාකාරයෙන් සහාය ලබා දුන් බව කියමින්ය.හොරස් අල්-ඩීන් සටන්කාමීන් වයඹදිග හමා සහ උතුරුදිග ලටාකියා හි ස්ථාන ගණනාවක් පාලනය කරන අතර රජයේ හමුදා සහ මිත්‍ර කණ්ඩායම් එම ප්‍රදේශවලින් පලවා හරින්නට එක් වන්න යැ‍යි ඇරයුම් කර සිටියි.

යුප්‍රටීස් නිම්නයේ අවසන් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී පොකට්ටුවේ සැග වී සිටින ත්‍රස්තවාදීන්ගේ ඉරණම බේරුම් කර ගැනීමට සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා,ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානය සමග කතිකා කරමින් සිටින්නේ යැයි මානව හිමිකම් සඳහා වූ සිරියානු නිරීක්ෂණාගාරය ජනවාරි මස 31දා වාර්තා කලේය.එක්සත් රාජධානිය පදනම් කර ගත් සිරියානු විපක්ෂයට පක්ෂපාතී මෙම නිරීක්ෂණ කණ්ඩායමට අනුව ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධානය උත්සාහ කරන්නේ සිය සටන්කරුවන්ට ආරක්ෂිත ක්ෂේම භූමියක් සොයා ගැනීමටයි.කෙසේවෙතත් සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා සහ එක්සත් ජනපදය ප්‍රමුඛ මිත්‍ර සන්ධානය,ත්‍රස්තවාදීන්ගේ සියලු යෝජනා ඉවත දමන බව සඳහන් වේ.

සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදාහි ප්‍රකාශක,මුස්ටාෆා බාලි රොජාවා පුවත් ජාලයට පවසා තිබුණේ යුප්‍රටීස් නිම්නයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහි සටන තවත් දින කිහිපයකින් අවසන් වන බවයි.තම කණ්ඩායමට ත්‍රස්තවාදී සාමාජිකයෝ විශාල වශයෙන් යටත් වෙමින් සිටින බව ඔහු පැවසීය.

මානව හිමිකම් සඳහා වූ සිරියානු නිරීක්ෂණාගාරයට අනුව ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ පාලන ප්‍රදේශයේ සිට කුර්දි හමුදා වෙත පලා පිරිස 36,000ක් පමණ වේ.ඔවුන්ගෙන් 23,200ක් ඉරාක පුර වැසියන් මෙන්ම බොහොමයක් ත්‍රස්තවාදීන්ගේ ඥාතීන්ය.ඔවුන් ගිනිකොණදිග අල්-හසාකා හි අල්-හවුල් කඳවුරේ රඳවා තබා ඇතැයි වාර්තා වේ.




source:southfront.org


සිරියානු යුද වාර්තාව - 2019 පෙබරවාරි 01 සිරියානු යුද වාර්තාව - 2019 පෙබරවාරි 01 Reviewed by HarshaLulzSec on February 02, 2019 Rating: 5

No comments:

Powered by Blogger.