Seo Services

ඊසානදිග සිරියාවට තවත් රුසියානු සෙබලුන් සහ යුදෝපකරණ


 ඇමෙරිකානු ප්‍රොක්සි හමුදාවක් වන කුර්දි ආධිපත්‍ය සහිත සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා සහ තුර්කි ප්‍රොක්සි හමුදා අතර ගැටුම් ඉහළ යද්දී ඊසානදිග සිරියාවේ යොදවා සිටින රුසියානු සෙබලුන් ප්‍රමාණය ඉහළ දමන්නට ක්‍රියා කරමින් සිටියි.වාර්තාවලට අනුව සෙබලුන් රැගත් ඉලියුෂන්-76 ප්‍රවාහන ගුවන් යානයක් කාමිෂ්ලි ගුවන් තොටුපොලට පැමිණ තිබේ.
 
 කුර්දි ආධිපත්‍යයට නතු සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා දිගින් දිගටම ඩැමැස්කස් රජය සමග සමාදාන වීම ප්‍රතික්ෂේප කරයි.එමගින් ඊසානදිග සිරියාවේ ප්‍රධාන ප්‍රදේශවල සිරියානු හමුදාව ශක්තිය අඩු කරන්නට ඔවුන් උත්සාහ දරයි.ඒ වෙනුවට ඔවුන් කරන්නේ එක්සත් ජනපදය සමග එක්ව සිරියාවේ තෙල් සම්පත් කොල්ලා මුදල් ඉපැයීම සහ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගත් අරාබි බහුතරය සහිත ප්‍රදේශ  එක් කරගෙන ඇමෙරිකානු ආරක්ෂාව යටතේ කුර්දි ආධිපත්‍යය සහිත වෙනම රාජ්‍යයක් බිහි කිරීමට අසාර්ථක උත්සාහයක නිරත වීමයි.මෙහිදී තුර්කියෙන් එල්ල වන ප්‍රහාරවලින් කුර්දි පාර්ශ්වයට බේරා ගන්නට එක්සත් ජනපදය ඉදිරිපත් නොවේ.තුර්කියට අනුව සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා යනු ත්‍රස්තවාදී සංවිධානයක් වශයෙන් නම් කර තිබෙන කුර්දි කම්කරු පක්ෂයට සම්බන්ධ කොටසකි.ඊසානදිග සිරියාවේ කොටසක් තුර්කියට නතු වූයේද මේ හේතුව නිසාය.කෙසේහෝ රුසියාවේ සහ ඩැමැස්කස් රජයේ මැදිහත් වීම නිසා තුර්කි හමුදාවේ සහ ඔවුන්ගේ ප්‍රොක්සි හමුදාවල ගමන එම්4 මහා මාර්ගයෙන් මෙපිට නවතා ගන්නට සමත් විය.නමුත් සිරියානු ආණ්ඩුව,රුසියාව හරහා තුර්කිය සමග ඇති කර ගත් සටන් විරාමය උල්ලංඝනය කරන්නට සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා කටයුතු කරමින් සිටියි.

ඒ අතරතුර එම්4 මාර්ගයේ අයින් ඉසා සහ ටල් ටමර් යන නගර අතර සිවිල් ප්‍රවාහන කටයුතු සඳහා රුසියානු හමුදාව දිගටම ආරක්ෂාව සපයමින් සිටිති.මෙම රථ එවැනි ආරක්ෂාවක් රහිත ගමන් කල හොත් තුර්කි ප්‍රොක්සි හමුදා හෝ වෙනත් සන්නද්ධ කණ්ඩායම්වල ප්‍රහාරවලට ගොදුරු විය හැකිය.නැතිනම් ප්‍රවාහනය කරන භාණ්ඩ කොල්ලකෑමට ලක් වීමට ඉඩ තිබේ.





2021 වර්ෂය ආරම්භයේ සිට මේ දක්වා රුසියානු හමුදා පොලිසිය විසින් එම්4 මාර්ගය ඔස්සේ ගමන් කිරීමට රථ 1,500කට වැඩි ගණනකට සහ 3,500 වැඩි පිරිසකට ආරක්ෂාව සපයන ලදි.
 
 
 
 සිරියාවේ බටහිර ප්‍රදේශයේ රුසියානු-තුර්කි හමුදා ඒකාබද්ධ මුර සංචාර තව දුරටත් සිදු කරමින් ඇත.මේ සඳහා තුර්කි සහ රුසියානු සන්නද්ධ රථ සහ රුසියානු හෙලිකොප්ටර්  යානා සහභාගී වෙයි.
 
 
 
 
 
 source:southfront.org
 
 
ඊසානදිග සිරියාවට තවත් රුසියානු සෙබලුන් සහ යුදෝපකරණ ඊසානදිග සිරියාවට තවත් රුසියානු සෙබලුන් සහ යුදෝපකරණ Reviewed by HarshaLulzSec on January 17, 2021 Rating: 5

No comments:

ads 728x90 B
Powered by Blogger.