ඉරාක කුර්දිස්තානයේ ක්‍රියාත්මක ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් ආරක්ෂක අංශ මුලා කර පහරදීම සඳහා සිය කුප්‍රකට කළු පැහැ ධඡය ඇමක් ලෙස පාවිච්චි කල අවස්ථාව වාර්තා වේ.
ඉරාක මාධ්‍ය වාර්තාවලට අනුව ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සිය ධඡයක්,සුලයිමනියා නගරයට නැගෙනහිරින් වූ කානි ස්පිකා නගරය ආසන්නයේ වූ කදු මුදුනක ඔසවා තිබිණි.මර උගුල පස් යට වළලා ධඡය සවි කල දණ්ඩට සම්බන්ධ කර ඇත.
ජනවාරි 2දා කුර්දි ආරක්ෂක අංශ විසින් මෙම ධඡය ඉවත් කිරීමට උත්සාහ දරද්දී එය පුපුරා ගියේය.පිපිරීමෙන් දෙදෙනෙක් තුවාල ලැබූහ.
ධඡය ඉවත් කිරීමට යාමේදී මර උගුල ක්‍රියාත්මක වන ආකාරය දැක්වෙන වීඩියෝවක් සියාන් පුවත් සේවය විසින් ප්‍රසිද්ධ කර තිබේ.
මීට ඉහතදී ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් සිය සතුරන්ට පහරදීම සඳහා බොහෝ උපක්‍රම භාවිතා කලහ.කෙසේවෙතත්,එවැනි ප්‍රහාරයක් සඳහා තම ධඡය භාවිතා කලේ යැයි වාර්තා වන ප්‍රථම වතාව මෙයයි.
ඉරාක කුර්දිස්ථානය තුල මෙම ත්‍රස්තවාදී සංවිධානය එතරම් ක්‍රියාකාරී නැත.ඔවුහු කලාපය තුල තම මෙහෙයුම් වැඩි කිරීමට සැලසුම් කරමින් සිටිනවාදැයි සැකයක්,මෙම ප්‍රහාරයක් සමග හටගෙන තිබේ.
ගාසා තීරයේ අල්-නසීර් සලාහ් අල්-ඩීන් බ්‍රිගේඩ්ස් නම් සන්නද්ධ කණ්ඩායම 2018 වර්ෂයේදී මීට සමාන ප්‍රහාරයක් ඊශ්‍රායල හමුදාවට එරෙහිව එල්ල කර තිබිණි.ගාසා තීරයේ කාන් යුනිස් නගරය ආසන්නයේ මායිම් වැටක සවි කර තිබූ පලස්තීන ධඡයක් ඔවුන් ඇම ලෙස භාවිතා කරන ලදි.පුපුරණ ද්‍රව්‍ය ඇසුරුම් කර තිබුණේ යැයි අනුමාන කල හැක්කේ දණ්ඩ තුලයි.
ධඡය ගලවා ගෙන යන එක් සෙබලෙක් එය අනෙක් සෙබලුන් අතරට ගෙන ගොස් බිම තබන මොහොතේ පුපුරා යයි.පිපිරීමෙන් සෙබලුන් දෙදෙනෙක් බරපතල තුවාල ලැබූහ.2018 පෙබරවාරි මාසයේදී එල්ල කලේ යැයි කියන මෙම ප්‍රහාරයේ වීඩියෝවක් පසුව මුදා හැර තිබිණි.
source:southfront.org
බෙලිකපන්නන්ගේ දිනපොත:ධඡයක් පිටුපස සැඟවුණු මර උගුල
Reviewed by HarshaLulzSec
on
January 03, 2021
Rating:
Reviewed by HarshaLulzSec
on
January 03, 2021
Rating:


No comments: