Support Our Blog

Shop on Daraz & help us create more content!

ඊජිප්තුව:උතුරු සිනායි හි මෙහෙයුමකින් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් 19 දෙනෙක් මරුට

ඊජිප්තුවේ උතුරු සිනායි ප්‍රදේශයේ එරට ආරක්ෂක අංශ සිදු කල ත්‍රස්ත-විරෝධී මෙහෙයුමකදී ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් 19 දෙනෙක් මරාදමා ඇත.ත්‍රස්තවාදීන් අටවා තිබූ බෝම්බයකට හසුවීමෙන් සෙබලුන් පස්දෙනෙක්ද මිය ගියහ.


ඊජිප්තු සන්නද්ධ හමුදාහි ප්‍රකාශක කර්නල් ටෙමර් රිෆායි මෙම මෙහෙයු සම්බන්ධ සාරාංශයක් ඉදිරිපත් කලේය.

ඊජිප්තු සන්නද්ධ හමුදා උතුරු සිනායි හි රෆාහ්,ෂෙයික්,සුවෙයිඩා සහ බිර් අල්-අබ්ඩ් යන නගරවල විශේෂ මෙහෙයුම් දෙකක් සිදු කලහ.එහිදී ත්‍රස්තවාදීන් තිදෙනෙක් මරා දමා අවි කිහිපයක් සොයා ගෙන තිබේ.

සිනාහි ඊජිප්තු සෙබලුන් ඉලක්ක කර අටවා තිබූ මර උගුල් පහක් සොයාගෙන විනාශ කරන්නට ඊජිප්තු සන්නද්ධ හමුදා හි ඉන්ජිනේරු කණ්ඩායම් සමත් වුහ.

ත්‍රස්තවාදීන් සැඟව සිටි ස්ථාන,අවි ගබඩා ඉලක්ක කර ඊජිප්තු ගුවන් හමුදාව ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කලේය.ගුවන් ප්‍රහාරවලින් මිය ගිය ත්‍රස්තවාදීන් ගණන 16කි.ඔවුන්ට අයත්ව තිබූ වාහන දෙකක් සහ මර උගුල් තොගයක්ද විනාශ විය.

සිනායි හොරබඩු ජාවාරම් ගණනාවක් දේශසීමා ආරක්ෂකයන් විසින් ව්‍යර්ථ කලහ.අවි තොග,මත්ද්‍රව්‍ය සහ විදේශ මුදල් සොයා ගෙන තිබේ.

මෙහෙයුම්වලදී නිලධාරීන් දෙදෙනෙක්,සෙබලුන් දෙදෙනෙක් ඇතුලුව පස්දෙනෙක් මිය ගියහ.මධ්‍යම සිනායි හිදී ඊජිප්තු සෙබලුන් පිරිසක් බෝම්බ ප්‍රහාරයකින් මිය ගිය බවත් ඔවුන්ගේ සන්නද්ධ රථය විනාශ වූ බවත් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් අමාක් පුවත් සේවය ඔස්සේ වාර්තා කරන ලදි.


 මෙහෙයුම්වලදී මරා දැමූ ත්‍රස්තවාදීන්ගේ මල සිරුරු සහ ඔවුන්ගේ යුදෝපකරණ







 source:southfront.org

ඊජිප්තුව:උතුරු සිනායි හි මෙහෙයුමකින් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් 19 දෙනෙක් මරුට ඊජිප්තුව:උතුරු සිනායි හි මෙහෙයුමකින් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් 19 දෙනෙක් මරුට Reviewed by HarshaLulzSec on June 01, 2020 Rating: 5

No comments:

Powered by Blogger.