යුප්‍රටීස් නිම්නය ඇතුලුව සිරියාව තුල ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදී සංවිධාන මුළුමනින්ම පරාජය කලේ යැයි ඇමෙරිකානු සහාය හිමි සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා මාර්තු 23දා ප්‍රකාශයක් නිකුත් කරමින් අවධාරණය කරන ලදි.යුප්‍රටීස් නිම්නයේ ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහිව සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා ආරම්භ කල මෙහෙයුම අවසන් කිරීමට මාස 6කට වැඩි කාලයක් ගත විය.සටනේදී දහස් ගණනක් ත්‍රස්තවාදීන් මිය ගිය අතර තවත් පිරිසක් ඇමෙරිකානු සහාය ලබන හමුදාවන්ට යටත් විය.
වසර කිහිපයකට පෙර කුර්දි සටන්කාමීන් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහිව ආරම්භ කල සටන් ව්‍යාපාරයේදී මිය ගිය කුර්දි සටන්කරුවන් ගණන 11,000 පමණ වෙතැයි සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා වාර්තා සඳහන් කරයි.එම කාල සීමාව තුලදී ඔවුන් වර්ග කි.මී. 52,000 භූමි ප්‍රමාණයක් මුදා ගත් අතර බේරා ගත් පුද්ගලයින් ගණන 5,000,000ක් යැයි කියවේ.
යටත් කර ගත් ඊසානදිග සිරියාවේ සිය අධිකාරීත්වය පිළිගන්න යැයි ඇමෙරිකානු ප්‍රොක්සි හමුදා කණ්ඩායම නැවත වරක් ඩැමැස්කස් රජයට බල කර සිටියේය.මෙමගින් පෙනී යන්නේ සිරියානු ප්‍රජාතන්ත්‍රික හමුදා-ඩැමැස්කස් රජය අතර සාකච්ඡාවල මේ දක්වා සැලකිය යුතු ප්‍රගතියක් නොමැති බවයි.
මාර්තු මස 22දා එක්සත් ජනපදය ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහිව පුර්ණ ජයග්‍රහණයක් නිවේදනය කලේය.ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් යටතේ සිරියාවේ කිසිදු බිම්කඩක බල නොමැති බව එක්සත් ජනපදයේ වැඩබලන ආරක්ෂක ලේකම් පැට්‍රික් ෂැනහාන්,ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට පැවසුවේ යැයි ධවල මන්දිරයේ ප්‍රකාශක සාරා සැන්ඩර්ස් පැවසීය.
2018 දෙසැම්බර් මාසයේ පටන් මේ දක්වා එක්සත් ජනපදය ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ට එරෙහිව ජයග්‍රහණය ප්‍රකාශ කල 15 වන අවස්ථාව මෙයයි.කෙසේවෙතත් මෙය අවසන් වතාව යැයි විශ්වාස කල නොහැකිය.නිවේදනයෙන් දිනකට පසු,එනම් මාර්තු 23දා වෙනත් ප්‍රකාශයක් හරහා ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් පරාජය කලේ යැයි ඇමෙරිකානු මධ්‍යම ආඥාවේ අණදෙන නිලධාරී ජෝසෙප් වොටෙල් නිවේදනය කලේය.
"අපගේ සමූහික උත්සාහයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් මිලියන 7ක් සිවිල් වැසියන් ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන්ගේ කෲරත්වයෙන් බේරා ගත් නමුත් සටන් අවසන් නොමැති බව අපි පිළිගන්නවා.කැරලි ගසමින් ජීවත් වන්නට උත්සාහ දරන ඉතිරි ත්‍රස්තවාදීන් විනාශ කිරීම සඳහා අපේ උත්සාහයන් දිගින් දිගම කැප කර සිටිනවා.ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් මුලුමනින්ම පරාජය කිරීම සඳහා අපි නොනවත්වා අපගේ සාමූහික සටන ගෙන යනවා." -ජෝසෙප් වොටෙල්
ඉන් කියවෙන්නේ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම සඳහා ඇමෙරිකානු හමුදාව සිය සෙබලුන් සිරියාව තුල දිගටම තබා ගන්නා බවයි.පසුගිය දෙසැම්බර් 19 දා පළමුවරට නිවේදනය කිරීමෙන් පසුව ඇමෙරිකානු සෙබලුන් ඉවත් කර ගැනීමේ තීරණය විවිධ වෙනස්වීම්වලට භාජනය වූයේ කාලසටහන සහ සෙබලු සංඛ්‍යාව ඇසුරිණි.විශේෂඥයින්ට අනුව එක්සත් ජනපදය මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නය වන්නේ ප්‍රසිද්ධ ප්‍රකාශත්,සැබෑ ක්‍රියාමාර්ගත් අතර සම්බන්ධයක් ඇමුණුමක් අවශ්‍ය වීමයි.නමුත් ඒ දෙක අතර නිතරම පරස්පර විරෝධයක් පවතියි.
අනෙක් අතට,එය එක්සත් ජනපදයේ තරඟකරුවන් ව්‍යාකූල කරනු පිණිස නිර්මාණය කල නවීන අසත්‍ය තොරතුරු ප්‍රචාරණ ව්‍යාපාරයක් විය හැකිය.සියල්ලට පසුව එක්සත් ජනපදය කරමින් සිටින්නේ කුමක්දැයි සතුරාට දැන ගන්නට නොහැකි වේ.
හෝම්ස්,ඩැමැස්කස් සහ ඩාරා යන පළාත්වල සිදු කරන ලද සෝදිසි මෙහෙයුම්වලදී අවි සහ යුදෝපකරණ විශාල ප්‍රමාණයක් සොයා ගන්නට සිරියානු අරාබි හමුදාව සමත් වූ බව සානා පුවත් සේවය මාර්තු 22දා වාර්තා කලේය.
රජයේ පුවත් සේවය මුදා හැරි වීඩියෝවකට අනුව සොයා ගත් අවි අතර හමුදා ගුවන් විදුලි පද්ධති,චන්ද්‍රිකා සන්නිවේදන පද්ධති සහ ඉලෙක්ට්‍රෝ-ප්‍රකාශ ඔත්තු බැලීමේ පද්ධති ආදිය ඇතුලත්ය.මෙම සියලු උපකරණ පද්ධතීන් මෝටෝරොල්ලා වැනි බටහිර සමාගම් විසින් නිපදවා තිබේ.
මැෂින් තුවක්කු,මෝටර් අවි,විවිධාකාරයේ රොකට් ප්‍රචාලන බෝම්බ,රයිෆල් සහ විවිධ ප්‍රමාණවල උණ්ඩ ද එහි දැක ගත හැකිය.
ඊට සමගාමීව,වොෂින්ටනය ගෝලාන් උස්බිම් ඊශ්‍රායලයේ කොටසක් යැයි පිළිගත හොත් නිර්මාණය විය හැකි නොසන්සුන්තාවයට මුහුණදීම සඳහා ඊශ්‍රායල හමුදාව සහ ආරක්ෂක අංශ සූදානම් වෙමින් සිටිති."ගෝලාන් උස්බිම් හි උතුරු කොටසේ ඇති විය හැකි ගැටුම්කාරී තත්ත්වය් සඳහා අපි සූදානම් වෙමින් සිටින්නෙමු" යනුවෙන් ඊශ්‍රායල හමුදාව මාර්තු 23දා ප්‍රකාශකයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ වැඩි දුර තොරතුරු සැපයීමකින් තොරවයි.ඊශ්‍රායලයේ චැනල් 13 පුවත් සේවය සඳහන් කල පරිදි ස්නයිපර්කරුවන් ප්‍රදේශයේ දියත් කර තිබෙන අතර එහි සිටින සෙබලුන්ට කඳුලු ගෑස් සහ රබර් උණ්ඩ ආදිය සපයා ඇත.
ගෝලාන් උස්බිම් හි ඊශ්‍රායලයේ ස්වාධිපත්‍යය පිළිගැනීම සම්බන්ධව අලුත් කෙටුම් පතක් සෙනට් මණ්ඩලය සහ පහළ මන්ත්‍රී මණ්ඩය හරහා සම්මත කරවා ගැනීම සඳහා ලින්ඩ්සෙයි ග්‍රැහැම් සහ ටෙඩ් කෲස් ඇතුලු ඇමෙරිකානු සෙනට් සභිකයන් කිහිපදෙනෙක් දැනටමත් ක්‍රියා කරමින් සිටිති.
මෙම කෙටුම් පත ඔස්සේ "කර්මාන්ත පර්යේෂණ සහ සංවර්ධන" ආදී ඇමෙරිකා-ඊශ්‍රායල ඒකාබද්ධ ව්‍යාපෘති ගෝලාන් උස්බිම්වල ක්‍රියාත්මක කරන්නට අනුග්‍රහය සපයාවි.
මෙම කෙටුම්පත සම්මත වුවහොත් ඊශ්‍රායලයත් කලාපීය අනෙක් රටවලුත් අතර ආතතිය තවත් වර්ධනය වේවි.ටෙල් අවිව් රජය කලාපය තුල අලුත් වටයක ගැටුමක් සඳහා සූදානම් වෙමින් සිටින්නේ ඒ නිසාය.
source:southfront.org
සිරියානු යුද වාර්තාව - 2019 මාර්තු 25
Reviewed by HarshaLulzSec
on
March 26, 2019
Rating:
Reviewed by HarshaLulzSec
on
March 26, 2019
Rating:













No comments: